හැදෙන හැටි…XIX : Baahubali හැදුන හැටි

4

ඔන්න මම අද මංසලට ගොඩ වෙන්නේ ලොව පුරා ජනප්‍රිය වුන බාහුබලි චිත්‍රපටිය හැදුන හැටි ගැන පොඩ්ඩක් කියන්න.
කියන්න නම් දෙයක් නෑ පෙන්වන්න දෙයක් තමා මම ළඟ තියෙන්නේ.
මොකද කියන්න ඕන දේවල් ඔක්කෝම බාහුබලි චිත්‍රපටිය සඳහා අප මව් අඩවියේ ඇති මෙන්න මේ ලිපියේ අපි සඳහන් කරලා තියෙනවා.
ඉතින් ඒවා අයෙත් කොපි පේස්ට් කරන්න යන්නේ නෑ මම.
5චිත්‍රපටියේ කතාවේ හැටියට  ශිව්ඩු නම් ළමයා කුඩා කල් ඉඳන්ම හැදෙන්නේ වැඩෙන්නේ දිය ඇල්ලක් ආශ්‍රිතවයි.
ඉතින් එයාගේ ආසාව තමයි ඒ දිය ඇල්ල උඩට වෙනකන් නැගලා එතනින් එහා පැත්තේ වෙන දේවල් මොනවද බලන එක.

6

කතාව ඔය විදිහට ගලාගෙන ගියාට මේ දර්ශනය සලරුවකට නගන එක කොතරම් අමාරුද කියලා අපිට හිතාගන්නවත් බෑ.
මොකද රාජමෞලි අධ්‍යක්ෂකයාට අවශ්‍ය වෙන්නේ VFX භාවිතය අවම කරලා චිත්‍රපටියේ තාත්වික බව වැඩි කරන්න.
ඉතින් මෙයාලගේ පසුතල නිර්මාණ කණ්ඩායම කේරල වල තියෙන ඇත්තම දිය ඇල්ලක් මේකට තෝරාගන්නවා.
ඒ දිය අල්ලට VFX එකතු කරලා චිත්‍රපටිය සඳහා ලස්සන දිය ඇල්ලක් මෙයාලා නිර්මාණය කරනවා.
නමුත් ඒක තරණය කිරීමේ කටයුත්ත සැබෑවටම කරන්න අපේ නළුවා වෙච්ච ප්‍රභාස්ට සිද්ද වෙනවා.

7

එයා සඳහන් කරන විදිහට රූගත කිරීම් වලට කලින් එයා දවස් තුන හතරක්ම එතනට ගිහින් කඳු තරණයට පෙර පුහුණුවීම් කරලා ඊට පස්සේ තමයි රූගත කිරීම් ආරම්භ කරලා තියෙන්නේ.
දිය ඇලි ආශ්‍රිත දර්ශන රූගත කිරීම් කටයුතු විතරක් මෙයාලට දින පහළොවක් විස්සක් විතර කරන්න වෙලා.
0ඉතින් මම ඔයාලට අරගෙන ආපු වීඩියෝ එකේ එයාගේ දිය ඇලි තරණය කොහොමද සැලසුම් කරේ.
මොන විදිහටද ඒක කෙරුනේ කියලා හැමදේම අධ්‍යක්ෂකවරයා, ප්‍රබාස්(ප්‍රධාන නළුවා), පසුතල නිර්මාණය කල කෙනා,
හැමදෙයක්ම පැහැදිලි කරනවා.
1වැඩි වෙලාවක් තියෙන වීඩියෝ එකක් නෙවෙයි. වැඩිය ඩේටා කැපෙන එකක් නෑ,
සිංහල උපසිරැසි ගන්වලාම මම ඔයාලට අරගෙන ආවේ.
චිත්‍රපටිය බලපු හෝ බලන්න ඉන්න කෙනෙක් මේක බලන්නම ඕන වීඩියෝ එකක්.
2චිත්‍රපටයේ වැඩ කටයුතු අතරතුර ලබාගත් ජයාරූප කීපයක්ද මම ඔයාලට අරගෙන ආවා
ඒකත් බලාගෙන, වීඩියෝ එක සහ ලිපිය ගැන ඔයාලගේ අදහස් මොනවද කියලත්
කමෙන්ට් එකකින් දාලා යන ලෙසත් ඉල්ලා සිටිමින් මම අදට සමුගන්නවා
තවත් ලිපියකින් හමුවෙමු…!!!!!

3

 

තාරක නුවන් දිල්හාර (70 Posts)


2 thoughts on “හැදෙන හැටි…XIX : Baahubali හැදුන හැටි

  • July 27, 2015 at 10:32 PM
    Permalink

    නියමයි නියමයි තාරක සහෝ
    ෆිලුම බලපු නිසා මේ වීඩියෝවත් අනිවා බලන්න ඕනේ
    සිංහල උපසිරැසි ගන්වා ගෙනාවට ගොඩාක් ස්තූතියි
    දැනුවත් කිරිමටත් ගොඩාක් ස්තූතියි
    ජයෙන් ජයම වේවා !!

  • July 26, 2015 at 12:44 AM
    Permalink

    ස්තූතියි තාරක සහෝ දැනුවත් කිරීම වෙනුවෙන්….
    කදිම ලිපියක්….
    ජයවේවා..
    ඉක්මනටම ඊළඟ ලිපියෙන් හමුවෙමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *