Villain (දුෂ්ටයා) 09 – වෝල්ටර් වයිට් (Part 03)

Villain (දුෂ්ඨයෝ) 09 – වෝල්ටර් වයිට් (Part 01)

Villain (දුෂ්ඨයෝ) 09 – වෝල්ටර් වයිට් (Part 02)

කොහොමද කට්ටියට?????? ඔන්න අදත් මන් ආව “දුෂ්‍ඨයා” “villain” article සෙට් එක අරන්. ඒ වගේම මගේ මගේ කලින් කතාව කියවපු & අදහස් දක්වපු හැමෝටම ස්තුති. අද මන් ගෙනාවේ (Breaking Bad 3) article එක.
breaking-bad-all-characters
මන් කට්ටියට මුලින්ම කියනවා, කතාව බලපු නැති අය මෙම article එක කියවීමෙන් කතාවේ ඇති කුතුහලය අඩුවිය හැක.

w.w.ට තවත් වධදෙන කාරණයක් වෙන්නේ එයාගේ මස්සිනා DEA එකේ නිසා. මොකද මෙයාගේ මස්සිනා තමයි METH කියන මත්ද්‍රව්‍ය වැටලීමේ මධ්‍යාස්ථානයේ ලොක්කා. w.w. මෙයට හොරෙන් කොච්චර වැඩේ කරගෙන ගියත් අවසානයේදී වැඩේ මාට්ටු වෙනව. මෙතනදී HANK විසින් w.w. ව අත්අඩංගුවට ගන්නවා. මේකෙදි w.w. විරුද්ධ වෙන්නේ නැ. නමුත් w.w. ගේ සහචරයෝ ටික ඇවිත් w.w. එපා කියද්දීම HANKව මරල දානව. මේක දැන ගන්න w.w.ගේ බිරිද එයාගේ සහෝදරිගේ මනුස්සයව මරපු නිසා w.w එක්ක තියන සම්බන්ධය නවත්තනව. මෙතනදී w.w. කොහොම හරි පොලිසියෙන් බේරෙනව.
බිරීද හා ළමයි w.w. එක්ක තියෙන සම්බන්දෙ නවත්තපු නිසා කලකිරුන w.w. METH නිපදවන එක නවත්තනව…
අද එතැන් සිට…
BB_Social_Facebook_Huell
HANKව මැරුවට w.w.ගේ පස්සෙන් පොලිසිය එන එක නවතින්නේ නෑ. මේක නිසා w.w. තීරණය කරනවා රහස් ජිවිතයක් ගත කරන්න. මේකෙදි මෙයාට උදවූ වෙන්නේ මෙයාගේ නීති උපදේශක SAUL GOODMAN.
BB_Social-Content_Facebook_7.24.13_saul-quote
මෙයාගේ උදවුවෙන් සැගවී ජීවිතය ගතකරන w.w.ට නිතරම මතක් වෙන්නේ මෙයාගේ පවුල.
මේක නිසා මෙයා තීරණය කරනවා තමන් හම්බ කරපු සල්ලි කොහොම හරි පවුලට ලබා දෙන්න. නමුත් මුදල් ලබා ගැනීම පුතා වන w.j. විසින් ප්‍රතික්ෂේප කරනවා. මේ හේතුව නිසා w.w. උපක්‍රමයක් මගින් ඒ මුදල් පවුලට ලබාදෙන්න කටයුතු කරනවා. ඒකට තමන්ගේ පරණ යාලුවෙක්ගෙ උදවූ ලබා ගන්න w.w. අවසාන වශයෙන් තමන්ගේ පවුල බලන්න යනවා. මෙතැනදී w.w. හා බිරිද අතර සියුම් මත ගැටුමක් ඇතිවෙනවා. මේ අවස්ථාවේදී මෙච්චරකල් තමන්ගේ පවුල වෙනුවෙන් මෙම ක්‍රියාව සිදුකල බව පැවසුවත් අවසාන වශයෙන් w.w. පවසන්නේ මෙම ක්‍රියාව තමන් වෙනුවෙන් කල බවයි. “I DID IT FOR ME”.
Screenshot_2015-03-07-18-26-05
මෙසේ පවසා නිවසින් පිටව යන w.w.ට බිරිදට කියා සිටින්නේ අදින් සියල්ල අවසන් වන බවයි. මෙහිදී w.w විසින් තමන්ගේ මුදල් හොරකම් කරපු, Hank ව මරපු පලිය ගන්න ටොඩ් කියන පුද්ගලයාගේ මාමාව සොයා යනවා. මෙහිදී ඔහුට දැන ගන්න ලැබෙනවා J.P ටොඩ්ගේ මාමගේ ග්‍රහණයට හසුවි ඇති බවයි. තමන්ගේ පරණ ගෝලයා, මත්දව්‍ය නිපදවීමේ සහකාරයා කරදරෙන් බේරගන්න w.w. කටයුතු කරනවා. මෙම ගලවා ගැනීමේ මෙහෙයුමේදී සිදුවන වෙඩි හුවමාරුවේදී w.w.ට වෙඩි වදිනවා. ඒ වගේම සියලුම හතුරෝ විනාශ වෙනව. සතුරන්ගේ ග්‍රහණයෙන් මිදුනු J.P වාහනයක් අරන් පැනලා යනවා. නමුත් වෙඩි වැදිලා අසාධ්‍ය වෙලා ඉන්න w.w. යන්නේ J.P සතුරු ග්‍රහනේ සිටිද්දී METH නිපදවපු lab 1 ගාවට . මෙතැනදී තමන් ආසාවෙන් කරපු METH නිපදවන බහාලුමකට අත තියාගෙන සිටිද්දී තුවාලයෙන් සිදුවන දැඩි ලේ ගැලීම නිසා w.w. බිම වැටෙනවා. ඒ සමගම එතනට පොලිසිය එනවා.

breaking bad කතාවේ w.w.ගේ ජිවිත කතා සාරාංශය ඕකයි. ඒ වගේම මේ කතාව නොබලපු හැමෝටම මන් කියනව කතාව බලන්න කියලා.

(අන්තර්ජාලය ඇසුරිණි)

මන් හිතනවා ඕගොල්ලෝ විනෝදයක් වගේම දැනුමක් ලබා ගන්න ඇති කියලා
මගේ කතා වල එකතු වෙන්න ඕන දේවල්, අයින් කරන්න ඕන දේවල් හා මගේ කතා ගැන තියෙන අදහස් උදහස් ගල් මුල් ඔක්කොම පහලින් ප්‍රකාශ කරන්න.
තවත් දවසක හමුවෙමු “දුෂ්‍ඨයා’ “villain” කතාවක් සමග.

[යන්න කලින් පොඩි ඉඟියක් දීලා යන්නම් ඊලඟ පාර එන දුෂ්‍ඨයා කවුද කියලා, එයා සරාගී කාන්තාවක්. හැබැයි මෙයා යන්ත්‍රයක්. අනාගතේ ඉඳලා තමයි මෙයා එන්නේ. සරාගී වගේම තමයි මෙයාගේ දුෂ්‍ඨ වැඩකෑලිත් ගින්දර.]

එතෙක් ඕගොල්ලොන්ට ජය වේවා !!!
මම Shereef Perera.

මා සමග සම්බන්ද වෙන්න
Shereef Perera (18 Posts)

මා සමග සම්බන්ද වෙන්න


Shereef Perera

මා සමග සම්බන්ද වෙන්න

shereef-perera has 18 posts and counting.See all posts by shereef-perera

4 thoughts on “Villain (දුෂ්ටයා) 09 – වෝල්ටර් වයිට් (Part 03)

  • July 27, 2015 at 7:08 PM
    Permalink

    thanks machoo. mn issarahata liyala dnnm.

  • July 25, 2015 at 2:52 PM
    Permalink

    It’s one of my favorite TV series. If you have more time, please write about other villains in BB.

  • July 25, 2015 at 7:22 AM
    Permalink

    Thanks නියෝ අයියා.

  • July 24, 2015 at 9:05 PM
    Permalink

    ස්තූතියි ෂෙරිෆ් සහෝ ලිපිය වෙනුවෙන්…
    ඉදිරියටත් දුෂ්ඨයා ලිපිපෙළ කරගෙන යමු…
    ජයවේවා….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *