මිස්ටර් හෝම්ස් (2015)

බෙනඩිකට් කම්බර්බැච්,ජොනී ලී මිලර්,රොබට් ඩව්නි ජූනියර් වැනි නළුවො ගණනාවක් පහුගිය කාලෙ ෂර්ලොක් හෝම්ස් වුනා.ඒත් කව්ද හිතුවෙ සර් ඉයන් මැක්කෙලන් වගේ වයසක නළුවෙක් ෂර්ලොක් හෝම්ස් විදිහට රඟපායි කියලා..

අවුරුදු 93 ක් වයස වුනත් හෝම්ස් උන්නැහැගෙ හපන්කම් කොහොමද කියලා මේ මාසෙ 17 වෙනිදයින් පස්සෙ ඔයාලටම බලාගන්න පුළුවන්.

මම ඔය කිව්වෙ මේ මාසෙ 17 වෙනිදා තිරගත වෙන්ඩ නියමිත මිස්ටර් හෝම්ස් චිත්‍රපටිය ගැන.ඔයාලා කවුරුත් දන්නවනෙ හෝම්ස්ට ලොකු ආසාවක් තිබුනනෙ රහස් පරීක්ෂක වැඩ වලින් සමු ඇරගෙන සසෙක්ස් ප්‍රාන්තයට ගිහිල්ලා මීමැසි පාලනය කරන්ඩ.ඉතිං ඒක ඒ විදිහටම වුනා.ඒත් හෝම්ස්ට රහස් පරීක්ෂක වැඩවලින් මිදිලා නිදහසේ ඉන්ඩ පුළුවන් වුනාද කියලා දැනගන්ඩ නම් ඔයාලට මේ චිත්‍රපටිය බලන්ඩම වෙනවා..

maxresdefault

ද ලෝඩ් ඔෆ් ද රිංග් වගේම හොබිට් චිත්‍රපට මාලාවෙත් ඔයාලගෙ ප්‍රියතම චරිතයක් වුනු ගැන්ඩල්ෆ්ගෙ චරිතෙ රඟ දක්වපු සර් ඉයන් මැක්කෙලන් තමයි වයසක ෂර්ලොක් හෝම්ස් මහත්තය විදිහට රඟපාන්නෙ.ට්විලයිට් චිත්‍රපට මාලාවෙ අවසන් කොටස් දෙක වුනු ට්විලයිට් සාගා බ්‍රේකින් ඩෝන් 1 සහ 2 නිර්මාණය කරපු බිල් කොන්ඩන් තමයි මිස්ටර් හෝම්ස් චිත්‍රපටයෙ නිර්මාණකරුවා වෙලා තියෙන්නෙ.

පහුගිය පෙබරවාරි 8 වෙනිදා ,ඒ කියන්නෙ බර්ලින් ජාත්‍යන්තර සිනමා උළෙලෙදි මිස්ටර් හෝම්ස් සීමිත ප්‍රදර්ශනයක් සිදු වුනා.එතනදි ලැබිලා තියන ප්‍රතිචාර වලට අනුව විචාරක පිළිගැනීමත් හොඳ මට්ටමක තියන බවයි ආරංචිය

Nirosh Gunasekara (2 Posts)


11 thoughts on “මිස්ටර් හෝම්ස් (2015)

  • July 16, 2015 at 8:01 PM
    Permalink

    ස්තුතියි හෂාන් ! 🙂

  • July 16, 2015 at 4:29 PM
    Permalink

    Super…! Welcome…

  • July 11, 2015 at 8:59 PM
    Permalink

    යාළුවා,පෝස්ට් එක හරියට කියවල හිටියනම් නේද හොඳ ? :p

  • July 11, 2015 at 8:57 PM
    Permalink

    ස්තුතියි තිසර සහෝ!

  • July 11, 2015 at 8:56 PM
    Permalink

    ස්තුතියි සිරාජ් මල්ලී 🙂

  • July 11, 2015 at 4:17 PM
    Permalink

    බොරු කියන්න එපා බං. වයස 93 ක් නෑ. තාම 76 යි. සර්, ඉයන් මැක්ලේන් ට.

  • July 11, 2015 at 4:10 PM
    Permalink

    කතාව නම් සුපිරියට ඇති.
    ආතර් කොනන්ඩොයිල් ටත් වදයක් වෙලා බාගයක් දුර යද්දී ශර්ලොක් හෝම්ස් මරලා දැම්මා. (ආපහු උත්පත්තිය දෙන්නත් සිද්ධ වුනා)
    ඒත් සිනමාවේ හෝම්ස් වයසට ගිහිල්ලා පෙන්නන එක නම් අලුත්ම පැතිකඩක් වේවි කියලා හිතනවා.
    බොහෝම ස්තුතියි මේ ගැන ලිපියකින් දැනුවත් කලාට.

    චිත්‍රපටයෙන් හමුවෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

    ආයු -බෝ -වේවා !!!

  • July 11, 2015 at 1:41 PM
    Permalink

    ස්තූතියි නිරෝෂ් සහෝ දැනුවත් කිරීම වෙනුවෙන්.
    පලවෙනි ලිපියට සුබ පැතුම්
    ජයවේවා..
    තවත් ලිපියකින් හමුවෙමු…

  • July 11, 2015 at 11:39 AM
    Permalink

    maxxxa digatama liyanna

  • July 11, 2015 at 8:42 AM
    Permalink

    අප්පට මේ නිරෝෂ් අයියා නේ.
    මේක සුපිරි ඇති අනිවා .
    දැනුවත් කලාට ගොඩාක් ස්තූතියි !!!
    ජයෙන් ජයම වේවා !!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *