MCU Phase 3 – Sneak peek on future films Part 06

මාවල් සිනෙමැටික් යුනිවර්ස් එකේ ඉදිරියට එන ෆිල්ම් ගැන කතා කරන ලිපි මාලාවේ අවසාන කොටසට අපි ඇවිත් ඉන්නේ. මේ දක්වා අපි ලිපි 5 ක් ගෙනවා. සම්පුර්ණ අදහස ගන්න නම් ඒ සේරම ටික කියවලා ඉන්න එක ගොඩක් වැදගත්.පලවෙනි ලිපිය – Ant-Man, Captain America: Civil War
https://www.facebook.com/slcomicscript/photos/a.1519017541714586.1073741827.1519015728381434/1591793721103634/?type=1&permPage=1

දෙවෙනි ලිපිය – Doctor Strange, Sinister Six
https://www.facebook.com/slcomicscript/photos/a.1519017541714586.1073741827.1519015728381434/1593750504241289/?type=1&permPage=1

තුන්වෙනි ලිපිය – Guardians of the Galaxy 2, Untitled Spider-Man
https://www.facebook.com/slcomicscript/photos/a.1519017541714586.1073741827.1519015728381434/1599287973687542/?type=1&permPage=1

හතර වෙනි ලිපිය – Thor: Ragnarok, Avengers: Infinity War Part 1
https://www.facebook.com/slcomicscript/photos/a.1519017541714586.1073741827.1519015728381434/1603582943258045/?type=1

පස් වෙනි ලිපිය – Black Panther, Captain Marvel
https://www.facebook.com/slcomicscript/photos/a.1519017541714586.1073741827.1519015728381434/1609726732643666/?type=1

අද අපිට කතා කරන්න තියෙන්නේ අවසාන ෆිල්ම් දෙක ගැන.

11. Avengers: Infinity War – Part 2 – May 3rd, 2019

මීට කලින් ඕන තරම් අවස්තාවල දී ෆිල්ම් එකක් කොටස් දෙකකින් නිකුත් වෙලා තියනවා. ඒත් මෙතන දී විශේෂත්වය වෙන්නේ Avengers: Infinity War එක අතරට තවත් වෙන ෆිල්ම් දෙකක් ඇවිත් තියන එක. ඒ Black Panther සහ Captain Marvel ෆිල්ම් දෙක. ස්පයිඩර් මෑන් ෆිල්ම් එකට කාලය ලබා ගන්න ඕනේ හින්දා සමහර ෆිල්ම් පස්සට කල් ගියානේ. එහෙම නැතිනම් Captain Marvel සහ Inhumans ෆිල්ම් දෙක තමයි මේ අතරට එන්න තිබුනේ. මේකෙන් අපිට ගන්න පුළුවන් දේ තමයි Captain Marvel ෆිල්ම් එක එන්නේ Avengers: Infinity War – Part 1 එකෙන් පස්සේ. ඒ කියන්නේ Captain Marvel ෆිල්ම් එකට මුලික පසුබිම හැදෙන්නේ පලවෙනි කොටසින්. ඒ වගේම මේ චරිත වල තනි තනි ෆිල්ම් එක බලපෑමක් ඇති කරන්නේ නෑ Avengers ෆිල්ම් එකට. හරියට Avengers පලවෙනි ෆිල්ම් එක තෝර් ෆිල්ම් දෙකේ කතාවට ලොකු බලපෑමක් එල්ල කෙරුවේ නෑ වගේ.
ඊලඟට වැදගත්ම කාරණය තමයි Avengers: Infinity War – Part 2 එකේ කතාව මොන වගේ වෙයිද කියන එක. අපි Avengers: Infinity War – Part 1 ගැන කතා කරද්දී කිව්වා නේ ගොඩක් දුරට තානොස් ඉන්ෆිනිටි ස්ටෝන් එකතු කර ගන්නේ ඒ ෆිල්ම් වෙන්න පුළුවන් කියලා. එතකොට මේ ෆිල්ම් එකේ දී අවසාන ජවනිකාව ඉදිරිපත් වෙනවා. එතකොට මේ ෆිල්ම් එකට ඉනිෆිනිටි කොමික් කතා මාලාවන් අන්තර් ගත වෙයිද කියන ගැටලුව තියන. ගොඩක් දුරට නැති වෙන්න තමයි ඉඩ තියෙන්නේ. මොකද අල්ට්‍රෝන් ෆිල්ම් එක කොමික් කතාවට වඩා හාත් පසින්ම වෙනස් උනා. ඒ වගේම සිවිල් වෝර් ෆිල්ම් එකේ කතාවත් කොමික් එකේ කතාවට වඩා ගොඩක් වෙනස් වෙනවා. ඉතින් මේ ෆිල්ම් එකත් කොමික් කතාවට වඩා වෙනස් වෙයි. ගොඩක් විට ඉන්ෆිනිටි කොමික් කතාවල කොටස් අරගෙන නිර්මාණය වෙන්න ඉඩ තියනවා. කොමික් කතාව ගැන පොඩි අදහසක් ගන්න අපි මිට කලින් ඔයලාට ගෙනාපු තානොස් ගැන ලිපි මාලාව කියෙව්වා නම් හරි.

පලවෙනි කොටස

https://www.facebook.com/1519015728381434/photos/a.1519017541714586.1073741827.1519015728381434/1541133542836319/?type=1

දෙවෙනි කොටස
https://www.facebook.com/1519015728381434/photos/a.1519017541714586.1073741827.1519015728381434/1542693459346994/?type=1

තුන්වෙනි කොටස
https://www.facebook.com/1519015728381434/photos/a.1519017541714586.1073741827.1519015728381434/1545193455763661/?type=1

හතරවෙනි කොටස
https://www.facebook.com/1519015728381434/photos/a.1519017541714586.1073741827.1519015728381434/1549002822049391/?type=1

පස්වෙනි කොටස
https://www.facebook.com/1519015728381434/photos/a.1519017541714586.1073741827.1519015728381434/1552656651684008/?type=1

ඔයලා මේ ලිපි ටික කියෙව්වා නම් මේ වෙද්දී තේරෙන්න ඇති මේ චරිත යාන්තමින් කල එලි බැහලා තියනවා කියලා. කලින් ලිපියක සඳහන් කෙරුවා වගේ ඇඩම් වෝර්ලොක් චරිතය විතරයි අපිට අඩුවකට තියෙන්නේ. හැබයි මෙහෙම පෙරලි කාර මතකයකුත් තියනවා. ඒ තමයි සිනෙමැටික් යුනිවර්ස් එකේ විෂන් ඇඩම් වෝර්ලොක් ගේ චරිතය නිරුපනය කරයි කියන එක. අල්ට්‍රෝන් ෆිල්ම් එකේ දී විෂන් ගේ චරිතය කැපී පෙනෙන විදිහට ඉස්මතු වුන එකෙන් ඒ මතයට ලොකු වටිනාකමක් එනවා. ඒත් ඇඩම් වොර්ලොක් කියන චරිතයේ සුවිශේෂී හැකියාවන් ගත්තාම විෂන් කියන්නේ ඒ ආසන්නයටවත් තියන්න බැරි කෙනෙක් කියන එක මේ මතයට විරුද්ධ කාරණයක්. අනිත් එහා තමයි විෂන් ගේ නළලේ තමයි දැනට මයින්ඩ් ස්ටෝන් එක තියෙන්නේ. එතකොට තානොස් ඉන්ෆිනිටි ස්ටෝන් 6 එකතු කරනවා නම් විෂන් ගෙන් ඒක ගන්න වෙනවා. විෂන් ට මයින්ඩ් ස්ටෝන් එක නැතුව පැවැත්මක් තියනවා ද කියන කාරණය බරපතල ගැටලුවක්.
ඇඩම් වොර්ලොක් වගේම අපිට අවශ්‍ය තවත් වැදගත් චරිත දෙකක් තමයි මිස්ට්‍රස් ඩෙත් සහ මෙපිස්ටෝ. මේ අතරින් පලවෙනි එක්කෙනා හින්දා තමයි තානොස් මේ හැම දෙයක්ම කරන්නේ. මේ දක්වා අපිට මේ චරිතය ගැන ඉඟියක් හම්බෙලා නෑ. හැබයි මෙපිස්ටෝ ගැන නම් වෙනම කතාවක් යනවා. ඒ තමයි ඉන්ෆිනිටි කොමික් වල දී වැඩි කතා බහක් නැති ලෝකි සිනෙමැටික් යුනිවර්ස් එකේ ප්‍රබල තැනක් හිමි කරගෙන තියනවා. ගොඩක් අයගේ අදහස මෙපිස්ටෝ ගේ චරිතය ලෝකි විසින් ඉදිරිපත් කරන්න ඉඩ තියනවා කියන එක.
අනිත් වැදගත් කාරණය තමයි ඉනිෆිනිටි සාගා කොමික් වල දී පෘථිවියේ වීරයෝ ලොකු දෙයක් කෙරුවේ නැති එක. විශේෂයෙන්ම ඉන්ෆිනිටි ගන්ට්ලට් එකේ දී මේ කට්ටිය කරපු කොටස හරියට විහිළුවක් වගේ. හැබයි සිනෙමැටික් යුනිවර්ස් එක ඇතුලේ දී නම් ඒ තත්ත්වය වෙනස් වෙන්න ඉඩ තියනවා. අපේ ආසම වීරයෝ ලොකු වැඩක් කරයි කියන බලා පොරොත්තුව තියා ගන්න පුළුවන්.

12. Inhumans – July 12th, 2019

මාවල් සිනෙමැටික් යුනිවර්ස් එකේ ෆේස් 3 යටතේ එන අවසාන ෆිල්ම් එක තමයි Inhumans කියන්නේ. මේ පිරිස කියන්නේ මොන වගේ කණ්ඩායමක් ද කියන එක අපි පොඩි හඳුන්වා දීමක් කෙරුවා.

https://www.facebook.com/slcomicscript/photos/a.1519017541714586.1073741827.1519015728381434/1556061084676898/?type=1&permPage=1

මේ අයගෙන් වැදගත් අය ගැන අපි ඉදිරියට කතා කරන්න හිතා ගෙන ඉන්නවා. අපිට දැනටමත් මේ අය ගැන අදහසක් ඇවිත් තියනවා ශිල්ඩ් කතා මාලාව හරහා. හැබයි ශිල්ඩ් එකේ දී දකින්න ලැබුණු පිරිස මේ ෆිල්ම් එකට කෙලින්ම සහභාගී වෙයි කියලා නම් හිතන්න අමාරුයි. ගොඩක් වෙලාවට කොමික් වල දී හම්බෙන ඉන්හියුමන්ස් වරුන් ගැන අවබෝධයක් නැතුව හුදකලා උණු පිරිසක් වෙන්න ඉඩ තියනවා. හැබයි මේ අය ගැන මුලික අවබෝධය අපිට තියන හින්දා ලොකු ගැටලුවක් වෙන්නේ නැති වෙයි.
මේ ෆිල්ම් එක ගැන දැනට ඇවිත් තියන වැදගත්ම තොරතුර තමයි අපි හැමෝම ආදරය කරන Vin Diesel ඉන්හියුමන්ස් වරුන්ගේ ප්‍රධානියා බ්ලැක් බෝල්ට් ගේ චරිතයට රඟපානවා කියන මතය. මේක ගොඩ කාලෙක ඉදන් අහන්න ලැබුන එකක් උනත් තවම තහවුරු වෙලා නම් නෑ. කොමික් වල දී මියුටන්ට් ලා කරන වැඩ කොටසට සමාන කොටසක් කරන්න භාර වෙන්නේ කොහොමත් මේ අයට. මොකද මියුටන්ට් ලා වගේම විවිධ විවිධ හැකියාවන් මේ අයට ගන්න පුළුවන් කම තියනවා. ඒ වගේම ෆේස් 3 වලින් පස්සේ මාවල් සිනෙමැටික් යුනිවර්ස් එක මොන පැත්තට හැරෙයිද කියන කාරණය තීරණය කරන ෆිල්ම් එකක් විදිහටත් මේක හදුන්වනවා.

ඔන්න මේ ලිපියත් එක්ක අපි ඉදිරියට නිකුත් වෙන්න නියමිත සියලුම මාවල් ෆිල්ම් ගැන දැනට අපි දන්න තොරතුරු කතා කෙරුවා. හැබයි නැවත නැවතත් කියන්න ඕනේ මේ සියලුම තොරතුරු වෙනස් වෙන්න ඉඩ කඩ තියනවා අන්තිම මොහොතේ.

#Amadeus_chO

 

https://www.facebook.com/slcomicscript

10511476_1610166495933023_5326595793224648807_o

Comic Script (144 Posts)


Leave a Reply

Your email address will not be published. Required fields are marked *