Comic Based TV Series 004 – Agents of S.H.I.E.L.D.

කොමික් චරිත පදනම් කරගෙන ගොඩ නැගුනු කතා මාලා අතර ට ශිල්ඩ් කතාවට හම්බෙන්නේ ගොඩක් වැදගත් ස්ථානයක්. ඒකට හේතුව තමයි මේ කතාව මාවල් සිනෙමැටික් යුනිවර්ස් එකට සමගාමිව ගලා ගෙන යන කතාවක්. උදාහරණයක් විදිහට,

ශිල්ඩ් කතාවේ පලවෙනි සීසන් එකේ 7 සහ 8 කොටස් දෙක අතර තමයි Thor: The Dark World ෆිල්ම් එකේ සිදුවීම් සිද්ද වෙන්නේ. ඒ වගේම 16 සහ 17 කොටස් දෙක අතර දී Captain America: The Winter Soldier ෆිල්ම් එකේ සිදුවීම් සිද්ද වෙනවා. දෙවෙනි සීසන් එක ගත්තොත් 19 සහ 20 කොටස් දෙක අතර දී තමයි Avengers: Age of Ultron ෆිල්ම් එකට අදාළ සිදුවීම් පෙළ සිදුවෙන්නේ. මේ වගේම දෙයක් අපිට Captain America: Civil War සම්බන්ද වත් දැක ගන්න පුළුවන්. කතා මාලාවේ කොටස් දෙකක් අතරට ෆිල්ම් එකක් වැටුනාම ඊලඟ කොටස බලන්න කලින් අදාළ ෆිල්ම් එක බලලා ඉන්නවා නම් ඒක ගොඩක් වැදගත් වෙනවා. ෆිල්ම් එකට ලොකු බලපෑමක් නැති උනත් සමහර පුංචි පුංචි දේවල් අතර සම්බන්දය ගලපා ගන්න ශිල්ඩ් එක බලලා ඉන්න එක ගොඩක් වැදගත් වෙනවා. කෙටියෙන් කියනවා නම් ශිල්ඩ් කතා මාලාව මාවල් සිනෙමැටික් යුනිවර්ස් එකේ අන්තර් සම්බන්දය ගොඩ නගන්න ලොකු සේවයක් කරනවා.

ගොඩක් අයගේ චෝදනාවක් තිබ්බා ශිල්ඩ් පලවෙනි කතා මාලාව ගැන. ඇත්තටම පලවෙනි කතා මාලාවේ අඩු පාඩු කිහිපයක් තිබ්බා. විශාල සම්පත් ප්‍රමාණයක් තිබ්බත් හරි විදිහට භාවිතා කෙරුවේ නෑ කියන එක ප්‍රධාන චෝදනාවක් උණා. ඒ වගේම ශිල්ඩ් කතාවට හැම වෙලේම සිනෙමැටික් යුනිවර්ස් එකේ බලපෑම මත තමයි කතාව ගෙනියන්න සිද්ද උනේ. මේ කාරනා හින්දා පලවෙනි සීසන් එකේ දී යම්කිසි අඩු පාඩු ප්‍රමානයක් තිබ්බා. හැබයි ගොඩක් අය පලවෙනි සීසන් එක මත පමණක් පදනම් කරගෙන දෙවෙනි සීසන් එක බලන්නේ නැතුව ඒ ගැන විවේචනය කරන්න යොමු වෙලා ඉන්න එක ගොඩක් කනගාටු දායකයි. මේකට විරුද්ධ අයගේ ප්‍රධාන තර්කයක් තමයි ෆ්ලෑෂ්, ඩෙයා ඩෙවිල්, ඇරෝ කතා වගේ වික්‍රාමාන්විත දකින්න අඩුයි කියන එක. ඇත්තමට ශිල්ඩ් එක කියන්නේ සුපිරි බලය තියන කට්ටිය ගැන කතාවක් නෙවේ. සුපිරි බලය තියන අය ගැන හොයලා බලලා කටයුතු කරන අය ගැන කතාවක්. ඒ හින්දා ගොඩක් අය ගේ බලා පොරොත්තු බිඳ වැටිලා තියනවා. තව දෙයක් තමයි ශිල්ඩ් එක පවතින්නේ සිනෙමැටික් යුනිවර්ස් එකේ ම හින්දා නික් ෆියුරි, ඇවෙන්ජර්ස් වගේ චරිත ගැන කතා කරන්න වෙනවා උනාට ඒ අයව කතාවට සම්බන්ද කරගන්න හැකියාවක් නැති කම. මේ හින්දාම බලා පොරොත්තු බිඳ වැටුණු පිරිසකුත් ඉන්නවා.

ඒ මොනවා උනත් දෙවෙනි සීසන් එක තුලින් ශිල්ඩ් කතාව පුදුමාකාර විදිහට නැවත නැගී හිටියා. කොමික් පදනම් කරගත්ත කතා වල ෆිනාලේ බලපුවාම ෆ්ලෑෂ් කතාවේ ෆිනාලේ එකට පවා අබියෝගයක් එල්ල කරන්න පුළුවන් මට්ටමට එන්න තරම් ශිල්ඩ් කතාව සමත් උනා. ඒ හින්දා තුන් වෙනි සීසන් එක කියන්නේ අපිට බලා පොරොත්තු තියා ගන්න පුළුවන් එකක්.

දෙවෙනි සීසන් එක ඉවර වෙද්දී අපිට දකින්න පුළුවන් උනා ස්කයි, ඉන්හියුමන් වරුන් ගේ නායකයා වෙනවා. මාවල් සිනෙමැටික් යුනිවර්ස් එකේ තුන් වෙනි අදියරේ අවසාන ෆිල්ම් එකට අවශ්‍ය පසුබිම දැන්මම නිර්මාණය කිරීමක් මෙතන තියනවා. ඒත් එකක්ම ස්කයි විසින් පිහිටුවාගන්න කණ්ඩායමක් ගැන ඉඟියක් අපිට සීසන් එක අවසානයේ දී හම්බුනා. ගොඩක් දුරට කොමික් වල Secret Warriors කියලා හදුන්වන කණ්ඩායම ගැන ඉඟියක් දුන්නා වෙන්න ඉඩ තියනවා. දැනට ආරංචි හැටියට මේ පිහිටුවන කණ්ඩායමට Caterpillars කියන නම භාවිතා කරනවා කියලා තමයි කියන්නේ. කොමික් වල දී මේ නම් දෙකම එකම කණ්ඩායමක් හදුන්වන්න තමයි භාවිතා කෙරුවේ.

කෝල්සන් ගේ අත අහිමි උන එකත් සීසන් 2 අවසානයේ දී සිද්ද උණු වැදගත් කරුණක්. සීසන් 3 දී මේකට විසදුමක් ලබා දෙයි කියලා විශ්වාස කරන්න පුළුවන්. ඒ වගේම හැමෝටම ලොකුම ගැටලුවක් උනේ සිමන්ස් ට මොකද උනේ කියන කාරණය. එයා ක්‍රී වරුන් ගේ ආයුධයක් උණු ජෙලටිනමය වස්තුවක් ඇතුලට ඇදිලා ගියා. ඇත්තමට මේ ගැන ලොකු අදහසක් නැති උනත් සීසන් 3 වලට සිමන්ස් ඉන්නවා කියලා තියන හින්දා ලොකුවට හිතන්න නම් දෙයක් නෙවේ ඒක. ඒ වගේම ඉවත් වුනු ඒජන්ට් මේ ආපහු කණ්ඩායමට එකතු වෙනවා කියලා බලා පොරොත්තු තියා ගන්න පුළුවන්.

මුලින් කියපු විදිහට ශිල්ඩ් කතාව කැප්ටන් ඇමරිකා සිවිල් වෝර් එකට ලොකු සම්බන්දයක් තියනවා. වෙන විදිහකින් කියනවා නම් ශිල්ඩ් එකේ කොටස් දෙකක් අතරට සිවිල් වෝර් ෆිල්ම් එක වැටෙනවා. සැප්තැම්බර් 29 වෙනිදා ආරම්භ වෙන හින්දා ශිල්ඩ් එකේ මිඩ් සීසන් ෆිනාලේ එක ගොඩක් දුරට පැය දෙකක කොටසක් විදිහට දෙසම්බර් 01 දා වගේ තියෙන්න ඉඩ තියනවා. ඊට පස්සේ කොටස් 10 කින් සමන්විත කාටර් කතාව විකාශනය වෙන්න පටන් ගන්නවා. නත්තල් වෙනුවෙන් සතියක් වෙන් කරපුවාම ඒක ඉවර වෙන්න ඉඩ තියෙන්නේ පෙබරවාරි 16 වෙනිදට. එතන ඉදලා සිවිල් වෝර් ෆිල්ම් එක දක්වා තියෙන්නේ සති තුනක කාලයක්. පැය දෙක බැගින් විකාශනය උනේ නැතිනම් 13 සහ 14 වෙනි කොටස් අතරට සිවිල් වෝර් ෆිල්ම් එක දාන්න පුළුවන් වෙයි. හැබයි මේ ගණනය කිරීම් වෙනස් වෙන්න ඕන තරම් ඉඩ තියනවා.

අවසාන වශයෙන් අපි මේ කතා මාලාව ගැන අතිරේක තොරතුරු ටිකක් බලමු.
• Marvel කොමික් වල S.H.I.E.L.D. නමැති ආයතනය වටා කතාව ගොඩ නැගී ඇත
• නිෂ්පාදන සමාගම – ABC Studios, Marvel Television, Mutant Enemy Productions
• බෙදා හැරීමේ අයිතිය – Disney–ABC Domestic Television
• විකාශය වෙන නාලිකාව – ABC
• විකාශය ආරම්භ වූ දිනය – 2013 සැප්තැම්බර් 23
• නිර්මාණකරණය – Joss Whedon, Jed Whedon, Maurissa Tancharoen
• විකාශය වී ඇති සීසන් ගණන – 2
• විකාශය වී ඇති කොටස් ගණන – 44
• කොටස් 22 කින් සමන්විත සීසන් 3, 2015 සැප්තැම්බර් 29 දින විකාශය වීමට නියමිතයි
• ප්‍රතිචාර – IMDB 7.5 සහ TV.com 8.1 බැගින්
අපි ශිල්ඩ් කතාව ගැන විචාරයක් ගේන්න කටයුතු ලැස්ති කරලා තිබ්බත් හදිස්සියේම ඒක ටික දවසකට නැවතුනා. ඒත් ඉක්මනින්ම මේ ගැන විස්තර ඔයාලට ගේන්න කටයුතු කරනවා.

‪#‎attila_THE_hun‬

https://www.facebook.com/slcomicscript

Comic Script (144 Posts)


6 thoughts on “Comic Based TV Series 004 – Agents of S.H.I.E.L.D.

  • October 22, 2016 at 8:08 PM
    Permalink

    season 04 1 – 2 parts walata log wenna ba.
    season 04 chart ekata watilath na

  • October 22, 2016 at 8:06 PM
    Permalink

    season 04 1 – 2 parts walata log wenna ba.
    season 04 eka chart ekata watilath na

  • July 3, 2015 at 10:37 AM
    Permalink

    පට්ට විස්තරයක් දීල තියෙනවා.කතාවේ සීසන් 3 එක ඉකමනට එනවනම් කියල හිතෙනවා මේ විස්තරය දැක්කම. කොහොම උනත් දිගටම මේ වගේ විස්තරාත්මක ලිපි ලියන්න කියල ඉල්ලා සිටිනවා. තැන්ක්ස්.

  • June 26, 2015 at 11:24 AM
    Permalink

    බොහෝමත්ම ස්තූතියි

  • June 26, 2015 at 11:14 AM
    Permalink

    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
    මේක AVENGERS කථාව එක්ක සමගාමීව දැන් මේක යන නිසා කථාවේ රසය තවත් වැඩි වෙලා මම දැන් හිතාගෙන ඉන්නේ AVENGERS ෆ්ල්ම් එකේ කැමරා කොපියක් හරි බලන්න. Marvel’s Agents of S.H.I.E.L.D. කථාව දැන් නම් AVENGERS වගේම
    සුපිරියටම තියෙනවා.
    බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන සහො . අනේ මේ වගේම SMALLVILLE එක ගැනත් ලිපියක්‌ ලියන්න

  • June 26, 2015 at 11:11 AM
    Permalink

    ගොඩක් ස්තූතියි. දිගටම මේ වගේ ඒව අරගෙන එන්න. දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *