ලිපි දහස සමරන බයිස්කෝප් මංසල

BK Mansala 1000 for Mansala~මේ අඩවිය පටන් අරන් මුල්ම ලිපිය පළ කරලා මාස 03කුත් ගත වුණා. එදා සිට අද දවස වෙනකොට, අපි මෙහි ලිපි 200ක් පළ කර තිබෙන බව සතුටින් මතක් කරන ගමන් ඒ වෙනුවෙන් අපට හයියක් වූ හැමකෙනෙකුටම ස්තුතියි කියන එක මේ ලිපිය පටන් ගන්ඩ ඉස්සරවෙලා කියල හිටියොත් හොදයි කියලා හිතුණා! ලිපියට අදාල නැති වුණත් ඒක අපේ යුතුකමක් ලෙස සලකන නිසා නොසලකා හරින්නෙ කොහොමද? නේද? එහෙමනම් දැන් හැරෙමුකෝ ලිපිය දිහාට ~

වරදවාගන්නත් එපා! පටළවාගන්නත් එපා! මේ කිව්වේ පරණ කතාවක්. මේ කතාව කිව්වේ 2013/ 01/ 30 දින පළ කළ ලිපියේ. එදා ලිපි 200ක් බවට පත්වුණේ; අපි කවුරුත් දන්න බයිස්කෝප් සිංහලෙන් කියන පුංචි හාදයට, වයස අවුරුදු 3ක් විතර වෙනකොට උපන්; බාල සොහොයුරාගෙ ප්‍රකාශිත ලිපි සංඛ්‍යාව…

[divide style=”3″]

~බලමුකො ඒකෙත් හැටි! 2012/ 11/ 06 වැනිදා උපන් මේ බාල සොහොයුරාත් හරියට එයාගෙ අයියා වගේමයි මේ පහුවුණු කාලය ගෙවා දැම්මේ. මාස 03ක් වයස් වෙනකොට ලිපි 200ක් දෙන්න තරම් ශක්තියකින් යුක්ත වුණ මේ හාදයට ලිපි 500ක් වෙන්නෙ අදනෙ. ලිපි 200ක් මාස තුනෙන් දුන්නත්, මේ ඉතුරු ලිපි 300 දෙන්න එයාට ගිය කාලය මාස 7ක් විතර වෙනවා. ~

ඔය විදියට තමයි අපි ලිපි 500ක් වෙච්චි වෙලේ කිව්වේ…

ඉතින් කිව්වා වගේම ලිපි 500ක් අවුරුද්දක් ඇතුලත දෙන්න අපිට පුළුවන් උනා. අද 2015 ජූනි 17. මංසල පටන් අරන් අවුරුදු දෙකයි මාස හතක් වගේ තමයි ගතවෙලා තියෙන්නේ. අවුරුද්දක් ඇතුලත ලිපි 500ක් දුන්නත් 500 ඉඳන් 1000 වෙනකල් තවත් ලිපි 500ක් දෙන්න අපිට අවුරුද්දයි මාස 07ක් ගතවුනා. පේනවනේ? පුංචි කාලෙ නොයෙක් නොයෙක් ලෙඩරෝග, දෝෂ, ඇස්වහ-කටවහ අහනව ටිකක් වැඩිනෙ කොහොමටත්. උපන් ගමන් හින්දා හොඳ හයියට උන්නට කල් යනකොට ඉතින් එක එක නුහුරු නුපුරුදු දේත් එක්ක ගැටෙනවා වැඩි නෙව. ඒ හින්දා වෙන්ට ඇති…

හරි එහෙනං! මුලින්ම මතක් කොරන්නම්කො අපේ චේතිය ප්‍රසංග මලයාව. මලයා තමා මංසල අඩවියේ පළවුණ අධ්‍යාපනික වටිනාකමක් ඇති ලිපිවලින් 90% ක්ම ලියා දුන්නේ. දැනුමට කියලා අපෙ අඩවියේ තියෙන කොටහට ගොහින් බැලුවානම් ඒ බව පෙනෙයි. තව ඉන්නවා ලාංකික චිත්‍රපටයක් ගැන මුල්ම ලිපිය ලබාදුන් උදයන්ති ප්‍රියංගා අලුත්වල සොයුරිය. අපේ විචාරකවරිය වන නෙරංජි. අපට කොමික් ගැන ලිපි දෙන සමීර(බුවා). අපි ඉල්ලන ඉල්ලන ලිපි සකසලා දෙන දක්ෂිණ. අනේ මන්දා නම් කියන්ට ගියොත්නම් මහා-ගොඩක් තියෙනවා. ඒ වුණත් මේ ලිපි 500ට අඩංගු ලිපි ලබා දුන් හැමෝටම, එක ලිපියකින් හරි දුන් සහයට ස්තුතිවන්ත වෙන්නට අවස්ථාවක් මේ… (විශේෂයෙන් වෙන් වෙන් අංශ ලෙස දායකත්වය ලබා දෙන කිහිප දෙනෙකුගෙ නම් විතරක් කිව්වා කියල අමනාප වෙන්න එපා. ඒ අය වෙසෙසින්ම සිහිපත් කළ යුතුයි කියන කාරණය අපි බොහොම සැලකිල්ලට ගත් නිසයි එහෙම නම් වශයෙන් සඳහන් කළේ. අනෙක් අය අමතක කළා නොවෙයි. ලිපිය ඕනෑවට වඩා දිගු වෙන්නට ඉඩ ඇති නිසා ඉතුරු සියල්ලන්වම පොදුවේ සිහිපත් කරනවා ඉමහත් සෙනෙහසින් වගේම, ගෞරවයෙන්.)

(ලිපි 500 ලිපියෙන්)

[divide style=”2″]

අපිත් එක්ක මුල ඉඳන් රැඳී ඉඳලා මංසල ගොඩ නැගුමට ඒ වගේ ගොඩක් අය උදවු දුන්නත් පසුකාලීනව මංසල බොහෝ මන්දගාමී ගමනක යෙදුනේ බොහෝ දෙනෙකුගේ කාර්යබහුලත්වය නිසාමයි. පසුගිය වසර මැද සිට නැවත මුල් කාලීනව් තිබූ පරිදිම මංසල ආරම්බ කල ගමන අද මෙසේ ලිපි 1000ක් බවට පත්ව තියෙනවා. ඉහලි දැම්මා වගේ ලිපි 500 ලිපියෙන්  ඒ කාලය වෙනකොට උදවු කරපු අයව මතක් කරපු නිසා මේ ලිපියෙන් 500-1000 අතර උදවු කරපු අය ගැන මතක් කරන්නම්.  මුලින්ම මතක් කරන්නම් තරිඳු විශ්වනාත් සොයුරාව. එයා තමයි අතිශය ජනප්‍රියම ගේම් ඔෆ් ත්‍රෝන් විචාර වීඩියෝටික අපිට ලබා දෙන්නේ. රොයිලි අයියගේ ලිපි ටිකත් එක්ක තරිඳුගේ වීඩියෝ ටික බලපු අය දන්නවා ඇති ඒවගේ වටිනාකම. ඊට පස්සේ මතක් කරන්න ඕනි සිරාජ් ප්‍රියන්ත සහ තාරක නුවන් මල්ලිලා දෙන්නව. දමිල සහ හින්දි සිනමාපට ගැන ඒ දෙන්නා තමයි මේ වෙනකොට සෑමවිටම මංසලට ලිපි සපයන්නේ. ඒ වගේම බොහොමයක්ම  දමිල සහ හින්දි ට්‍රේලර් සහ ගීත වලට මංසලට උපසිරසි ලබාදීම ඒ දෙන්නා සිදු කරනවා. ඊට පස්සේ මතක් කරන්න ඕනි මංසලේ කොමික් ගැන කියවන විට මේ වෙනකොට සෑම විටම හමුවෙන මුහුණු පොතේ Comic Script කණ්ඩායම. මේ වෙනකොට මංසලේ 80% විතර කොමික් ලිපි ඒ කණ්ඩායමට අයත් ඒවා. සිනමා වීරයෝ ගැන කතා කරන කාලෙක සිනමා දුෂ්ඨයෝ ගැන අපිට ලිපි ලබාදුන්නු ෂෙරීෆ් පෙරේරා මලයව මතක් කරන්නම ඕනි. ඒ වගේම නලින් පෙරේරා අයියව මතක් කරන්නම ඕනි. ඉක්මනින්ම අපිට මංසලේ ලිපි වලට පින්තූර හදලා ඕනි උනාම හදලා දෙන්නේ නලින් අයියා තමයි. අනේ මන්දා නම් කියන්ට ගියොත්නම් තවත් මහා-ගොඩක් තියෙනවා. ඒ වුණත් මේ ලිපි 1000ට අඩංගු ලිපි ලබා දුන් හැමෝටම, එක ලිපියකින් හරි දුන් සහයට ස්තුතිවන්ත වෙන්නට අවස්ථාවක් මේ… (විශේෂයෙන් වෙන් වෙන් අංශ ලෙස දායකත්වය ලබා දෙන කිහිප දෙනෙකුගෙ නම් විතරක් කිව්වා කියල අමනාප වෙන්න එපා. ඒ අය වෙසෙසින්ම සිහිපත් කළ යුතුයි කියන කාරණය අපි බොහොම සැලකිල්ලට ගත් නිසයි එහෙම නම් වශයෙන් සඳහන් කළේ. අනෙක් අය අමතක කළා නොවෙයි. ලිපිය ඕනෑවට වඩා දිගු වෙන්නට ඉඩ ඇති නිසා ඉතුරු සියල්ලන්වම පොදුවේ සිහිපත් කරනවා ඉමහත් සෙනෙහසින් වගේම, ගෞරවයෙන්.)Capture

ඉතින් ඊගාවට කියන්නට ඇත්තේ එදා මෙදාතුර අපි ඇරඹූ ජනප්‍රිය වැඩ ගැනයි. විචාර ගැන අමුතුවෙන් කියන්නට දෙයක් නෑ, ඒවා කට්ටිය පිස්සු වට්ටන තරම් ආකර්ෂණීයයි. ඒ වගේම සාරවත්. එතකොට අපේ අධ්‍යාපනික ලිපිනම් දැන් ඇණහිටලා වගේ තිබුණත් ඒකත් බොහොම වටිනා කියන එකක්. ඒ හැරුණහම හැදෙන හැටි ආකර්ෂණය දිනාගන්නා ලිපි පෙළක්. ඒකටම ගැලපෙන බයිස්කෝප් ලොව නොදුටු වැඩකිඩ තමන්ගේම ගමනක් යනවා. වැරදුණු තැන් ඉල්ලන අයත් ඒ වටේ රොක්වෙලා. සේරටම වඩා පුදුමාකාර විදිහට ප්‍රසාදය දිනපු සිංහලෙන් ට්‍රේලර්දෙන වැඩෙත් නැගලම යනවා. ඒකටම අපි සිංහලෙන් ගීත ලබාදෙන්නත් පටන් ගත්තා සිනමාවේ ගීත ලොවින් හරහා. එතකොට චිත්‍රපටි ගැන විස්තරාත්මක ලිපි පළ කිරීම ඇරඹූ Bond චිත්‍රපටවල විශේෂතා ගැන කියන ලිපි පෙළ Bond අතහැරිය පසුවත්, දිගු ගමනක් යන්නට අරඅඳිනවා ටික ටික. සේරටම වඩා ඇල්මැරිච්ච ඉදිරි දිගහැරුමත් ඔහේ යනවා තාමත්. ඒ වගේම හොලිවුඩ් කැලැන්ඩරය වගේම බොලිවුඩ් කැලැන්ඩරය බොහෝ දෙනා මාසය මුල මංසලෙන් බලාපොරොත්තුවෙන් ඉන්න ලිපි පෙළක්. ඒ වගේම බයිස්කෝප් සිංහලෙන් හරහා අපේ මවු අඩවියේ සුවිශේෂී ලිපි මංසලේ නැවත පලකරනවා. වීරයා වෙනුවට දුෂ්ඨයා ගැන කතා කරන දුෂ්ඨයෝ ලිපිපෙලත් නොසිතු ජනප්‍රියත්වයක් ලබලා තියෙනවා.

මේ සේරම පිටිපස්සෙ ඉන්නෙ අපේ පරණ පුරුදු කට්ටියමයි. අලුතින් එකතු වුණ ටික දෙනෙක් හිටියත් ඒ අයත් දන්නා හඳුනන උදවිය. ලොකුම ලොක්කා ගුරා. ඔහු නැතිනම් මේ දේවල් නෑ… ඊගාවට මංසලේ භාරකාරයා වාසල. සම්බන්ධීකාරක විකියා. දැනමුත්තා රොයිලි ඉන්නවා. දැන්නම් ඉඳලා හිටලා ඇවිත් යන මංසලේ තවමත් වැඩිම ලිපි ගණනක් ලබාදුන් උදා ඉන්නවා, හසන්ත අයියත් ඉන්නවා, මංසල හා බැඳුණු සිංහල ට්‍රේලර් වැඩේ හසුරුවන අපේ YouTube චැනලයේ කෙරුම්කාරයා විදියට සමීර චතුරංග අයියා ඉන්නවා. දැන්නම් පේන්නවත් එන්නේ නැති සමීර කරුණාරත්න ඉන්නවා. ඒ හැමෝම අතරේ තිසර නියෝ කොලුවත් ඉන්නවා.

ඔය කිව්ව මංසල අදියුරු පිරිස හැරුණුකොට තවත් අපේ සබ්කරුවෝ බොහොම දෙනෙකුත් විවිධාකාරයෙන් සහය දෙනවා මේ වැඩේ මග නොනැවතී දිගටම ඉදිරියට ‍රැගෙන යන්නට. වෙනදා වගේම කමෙන්ට් එකකින්, ලිපියකින් ට්‍රේලර් උපසි‍රැසියකින් සහය පළකරමින් අපත් සමග ‍රැඳී ඉන්න කියන ආරාධනය කරනවා. ඔබේ පැමිණීම වගේම ඔබ දෙන දහිරියත් අපට ශක්තියක්. එනිසා වෙනදා වගේම සහෝදර සෙනෙහසින්, පියවරෙන් පියවර ඉදිරියට ඇදෙන අපේ මේ මාවතේ හැම සටහනක් සටහනක් පාසාම; හැම සැමරුමක් සැමරුමක් පාසාම අපට රුකුල් දෙන ඔබේ ශක්තිය දිගටම අපට දෙන්න. මුළු හිතින්ම අපේ අපේක්ෂාව එයයි.

ඔබටත් අපිත් එක්ක අලුත් ලිපි නැවුම් තොරතුරු  ලියන්නට එකතු වෙන්න පුළුවන් බවත් මේ වෙලාවේදී මතක් කරන්න කැමති,එහෙම කැමැත්තක් තිබෙන අය  [email protected] මේ ලිපිනයෙන් අපව අමතන්න , ඉදිරියේදීත් නැවුම් තොරතුරු සහ විවිධ විශේෂාංග සමගින් හමුවෙමු…හැමටම ආයුබෝවන්! චිරන් ජයතු !

එහෙනම්  මංසලට ගොඩ උන එකේ  සුභපැතුමක් එක් කරලම යමු නේ

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.
තිසර නියෝ (397 Posts)

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.


තිසර නියෝ

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.

tisaran has 397 posts and counting.See all posts by tisaran

13 thoughts on “ලිපි දහස සමරන බයිස්කෝප් මංසල

  • June 23, 2015 at 1:09 PM
    Permalink

    සුභ පැතුම්!!!!!!!!!!!!!!!!!!!!!!!

  • June 20, 2015 at 4:29 PM
    Permalink

    මං මේ සයිට් එක දැන ගත්තේ sub download කරන්න හොයද්දි. කවද්ද කියල නම් මතක නැ. බට් එදා ඉදන් අද වෙනකන් මං මේ site එකේ එල්ලිලා ඉන්නේ. එහෙම ඉන්න අතරේ තමයි හිතුනෙ “villain,දුෂ්ඨයා” නමින් article සෙට් එකක් දාන්න ඕනා කියලා. උඩ කතාවෙදි මාවත් මතක් කරපු එකට බොහෝම ස්තූතියි. ඒ වගේම මං සුභ පතනව හැමෝටම.

  • June 18, 2015 at 11:54 PM
    Permalink

    ලිපි 1000ට මුලු හදවතින්ම සුභ පතනවා දිගටම කරගෙන යන්න

  • June 18, 2015 at 8:18 PM
    Permalink

    patta mahan digatama karamu

  • June 18, 2015 at 7:02 PM
    Permalink

    නියමයි ඈ..
    ඔන්නමමත් හදවතින්ම සුභ පතනවා..
    දිගටම කරගෙන යමු..
    ජයවේවා!!

  • June 18, 2015 at 4:02 PM
    Permalink

    all the best

  • June 17, 2015 at 7:34 PM
    Permalink

    ජය වේවා බයිස්කෝප්…!!!!!
    ඇත්තටම මේක ලොකු කඩඉමක්…,ලොකු ජයග්‍රහනයක්…,ඒ වගේම ලොකු ආඩම්බරයක්..!
    මටත් ගොඩක් සතුටුයි..! ඒ මටත් ඒකට ලිපි කිහිපයකින් හරි දායක වෙන්න ලැබුණු නිසා…
    බයිස්කෝප් අඩවිය කියන්නෙ හැම කෙනෙක්ම එකිනෙකාව සියැසින්ම දැක නොතිබුණත්
    අපි කාගෙත් විශ්වාසවන්ත මිතුරා…!
    මේ විදියට දිගටම අඩවිය පවත්වාගෙන යන්න හැකියාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

    අපි ඔබ සමගයි.., අපේ සහයෝගය ඔබටයි..,
    ~___~% ***ඉදිරි ගමන සාර්ථක වේවා…!!!*** %~___~

  • June 17, 2015 at 6:02 PM
    Permalink

    superb keep it up

  • June 17, 2015 at 11:23 AM
    Permalink

    ඇත්තටම කියනවනම් කියන්න තියෙන දේත් හිතාගන්න අමාරුයි…
    මුලින්ම බයිස්කෝප් මංසලේ ලිපි 1000ට සුභ පතනවා…වර්ථමානයේ මංසලේ බර අදින තිසර නියෝ සහෝටත් තිරෙන් පිටුපස වැඩේ දෙන (ගුරා, වාසල, විකී රොයිලි, සමීර) සහෝලා කස්ටියටත් ගොඩක්ම ස්තූතියි වගේම ඔවුන්ටත් සුභ පතනවා… ඒ වගේම ලිපි ලබාදෙන සැමටත් ස්තූතියි. බයිස්කෝප් මංසලට දිගින් දිගටම ලිපි දෙන්න අවැසි ශක්තිය පතනවා. ඒ වගේම මටත් ලිපියකින් දෙකකින් මේ ලිපි 1000ට සහය දැක්වීමට ලැබීම ගැන මට කිබෙන්නේ ලොකු සතුටක් වගේම නිහතමානී ආඩම්බරයක්.
    ජයෙන් ජය වේවා බයිස්කෝප් මංසලට!!!
    එහෙනම් තවත් කඩයිමකින් හමුවෙමු!

  • June 17, 2015 at 11:01 AM
    Permalink

    එදා Comic Script පටන් ගත්ත මුල්ම කාලේ දී අපිට කවුරුවත් හිටියේ නෑ උදව් කරන්න. බයිස් කෝප් මංසලේ තිසර සහෝදරයා තමයි අපිට කතා කරලා කිව්වේ පේජ් එකේ ලිපි මේ සයිට් එකේ දාන්න පුළුවන් කියලා. ඒ වෙලාවේ අපිට ඒක ලොකු ශක්තියක් උණා. එදා පටන් ගත්ත මිතුදම මේ වෙනකල්ම පවත්වා ගෙන එන්න ලැබුණු එකට ඇත්තටම සතුටුයි. සුභ පතනවා Comic Script පේජ් එකේ ඇඩ්මින් වරු සියලු දෙනාම, මේ වෙලාවේ දී.

  • June 17, 2015 at 10:47 AM
    Permalink

    නියමයි නියමයි සහෝලා සෙට් එක.
    කොහොම හරි ලිපි 1000කුත් ආවා.
    මන්සල වෙනුවෙන් ලිපි සපයා දායක වන සියලු දෙනාට මේ අවස්ථාවේ ගොඩාක් ස්තූතිය පුද කරනවා.
    ඒ සියලු දෙනාට මේ කාර්යය තව තවත් ඉදිරියට කරන් යන්න අවැසි ශක්තිය ධෛර්ය හා කාලය ලැබේවා!!!!!
    ඒ වගේම මේ අඩවිය පවත්වාගෙන යන සියලු දෙනාට තුති වේවා!!
    මුල් කාලයේ උදා අයියා, පසුව සමීර කරුණාරත්න අයියා, ඒ කාලෙම යූ ටියුබ් චැනල් එකේ කටයුතු කල හසන්ත අයියා, එයින් පසුව වර්තමානයේ කටයුතු කරන තිසර අයියා, දැන් යූ ටියුබ් චැනල් එක කරගෙන යන සමීර චතුරංග අයියා හා පික් වැඩ කටයුතු කරන නලින් අයියා, ඉදලා හිටලා අඩවිය කරන් යන්න උදව් කරන තරිදු දර්ශන අයියා ඇතුලු සියලු කාර්යමණ්ඩලයට ගොඩාක් ස්තූතියි!!!

    ඒ වගේම මාව ලිපි ලියන්න එක්කරගත් සමීර කරුණාරත්න අයියාව මේ මොහොතේ ස්තූති පූර්වකව මතක් කරනවා. ඒ වගේම සහය දැක්වු තිසර, උදා, සමීර ඩබල යන අයියලාට ස්තූතිය පුද කරමි….

    මන්සල අඩවිය තවත් චිරාත් කාලයක් තම කාර්යය කරන් යන්න අවැසි ශක්තිය හා ධෛර්යය ලැබේවා!!!!
    මන්සලට ජයෙන් ජයෙන් වේවා!!!!

  • June 17, 2015 at 8:57 AM
    Permalink

    චිරං ජයතු බයිස්කෝප් මංසල!

    තවත් දිගු ගමනකට ආසිරි පතනවා! 

    ජය වේවා!

  • June 17, 2015 at 8:52 AM
    Permalink

    පොඩි එකාට මගේ හදවතින්ම සුභ පතනවා….
    ඔය දාහ අතරේ මගෙත් දෙක තුනක් තියෙන එක ගැන ඇත්තටම ආඩම්බරයි..
    මේකට වගේම මෙයාගේ ලොක්කාගේ සයිට් එකට ආවට පස්සේ ජීවිතේ ගොඩක් වෙනස් වුනා..
    සහෝදරයින් මෙන් ගොඩක් හොඳ යාළුවො පිරිසක් දැන හඳුනාගන්න ලැබුනා..
    බයිස්කෝප් සෙට් එක එක්ක වැඩ කරන්න ලැබුන එක ගැන මම අද වනවිට හදවතින්ම ආඩම්බර වෙනවා..
    ඒ වගේම අපි මේවට බහින්න කලින් මේක මේ තත්ත්වයට ගේන්න කටු කාපු වගේම..
    අපි එන්න කලින් මේවා රන් කරපු ”උදා” එහෙමත් මතක් කරන්න ඕනා…
    මංසලට එන යන කාලේ ඉඳන් මගේ මතකයේ රැඳුන නමකට තියෙන්නේ ”’උදා” තමයි..
    ඉතින් තිසර ඇතුළු මංසලේ සාමාජිකයින්ට තව තවත් ලිපි ගෙනල්ලා 1000ට තවත් බින්දු එකතු කරන්න ශක්තිය ලැබෙන්න කියලා මම ප්‍රර්ථනා කරනවා
    ඒ වගේම ඉසිර, රොයිලි, විකී, හසන්ත, සමීර ඇතුළු බයිස්කෝප් සිංහලෙන් කණ්ඩායමට තව තවත් බයිස්කෝප් උන්මත්තකයන්ගේ හිත තුටින් බර කරන්න අවැසි ශක්තිය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා..
    ජයෙන් ජය..!!!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *