ඩිජිටල් යුගයේ ජුරාසිකයෝ ලෝකයම හොල්ලති! මීළඟ චිත්‍රපටයටත් ගිවිසුම්!

1993 දී මුල්ම වරට වසර දහස් ගණනක අතීතයකට පණපිටින් ගියා මතක ද? ලෝක පුදුමයන් අතරට අලුතින් එක් වූ, “ජෝන් හැමන්ඩ්”ගේ ‘ජුරාසික් උද්‍යානය’ පුරා ආචාර්‍ය ඇලන් ග්‍රාන්ට්/ ආචාර්‍ය මැල්කම් සමගින් ගිය; නිමක් නැති ත්‍රාසයන්ගෙන් පිරි සවාරිය මතකද? ඒ තියුණු දත් පිරුණු ශක්තිමත් හනුවකට හසු නොවී යන්තමින් පණ බේරා ගෙන සිනමාහලෙන් එළියට බැස්සා මතක ද? සිහිනයෙන් පවා ඒ අතීත මෘගයන් අතර සැරිසැරුවා මතක ද? ඔබට මට විතරක් නොවෙයි, මුළු ලෝකයටම ඒ උන්මාදය අමතක වී නැහැ. ඒ බවට ඉස්තරම් සාක්ෂියක් තියෙද්දී, තව වෙන කතා මොකටද? අපි ඒ ගැන කතා කරමු!logo

එදා මේ ‘ජුරාසික උයන’ මිහිපිට මැවූ සැබෑ ඉන්ද්‍රජාලිකයා වුණේ මහා සිනමාකරු “Steven Spielberg!” එහෙම කීවට ඔහු පමණක් නොවෙයි; ඔහුගේ මගපෙන්වීමෙන්, මෙහෙයවීමෙන් යුතුව ඒ සඳහා වෙහෙසුණ තවත් දහස් ගණනක පිරිසක් මීට දායක වුණා. Spielberg ජුරාසික උයන ලෝකයට විවෘත කර දුන්නට පස්සේ, තවත් දෙවතාවක්ම අපි ඒ දැවැන්තයන් අතරට ගියා. නමුත් ඒ බඩ-ගා-නොයන යෝධ උරගයන් අතරට මැදි වුණ ඓතිහාසික ත්‍රාසය විඳගැනීමේ ආශාව එතෙකින් අපෙන් ගිළිහුණේ නෑ.getty-images

පළමු වැන්නෙන් ලොව මවිත කළ තරමටම නොවූවත්; ඒවා අමුතුම රසවින්දනයකට අප රැගෙන ගිය බව සිනමාලෝලීන්ට අමතක වන්නට ඉඩක් නෑ. බයිස්කෝප්වාසීන්ට නම් කොහොමටවත්ම අමතක වෙන්න බෑ. ත්‍රාසය/ භීතිය/ අවිනිශ්චිත බව පිරි ඒ ඩයිනසෝරයන් අතරට යන සිව්වැනි ගමනට ලෝකය පුළ පුළා බලා සිටි බව රහසක් නොවූවත් ඔවුන් ඒ ගමනට මෙතරම් ආශාවකින් පසු වන බවට අදහසක්වත් කාටවත්ම තිබුණේ නෑ.

මේ වෙනකොට මේ අලුත්ම චිත්‍රපටය, එහෙමත් නැතිනම් “Jurassic Park” සිනමා පෙළේ අලුත්ම එකතුව වන “Jurassic World” ලෝකයේ තිර ගත වෙන්නට පටන් අරන් දින තුනයි (ඇමරිකාවේ නම් දින දෙකයි). නමුත් ඒ දින තුනට පමණක් මේ චිත්‍රපටය උපයා ඇති සමස්ත ආදායම ඩොලර් මිලියන 212 ක්.640_jurassic_world_embed1

පසුගිය බදාදා ලෝකයේ රටවල් 8ක මුල්ම වරට තිරගත වීම අරඹපු “Jurassic World”; එක් රැයක් තුළ ඒ රටවල් අටේදීම ඩොලර් මිලියන 24.5ක් උපයන්නට සමත් වුණා (ඒ අතරින් මිලියන 17ක්ම චීනයෙන්). මේ වෙද්දී ඒ විදියට විදේශයන්ගෙන් පමණක් ඩොලර් මිලියන 130ක් දින 3ක් ඇතුළත උපයන්න මේ චිත්‍රපටය සමත් වෙලා. ඒ වගේම මුලින්ම බ්‍රහස්පතින්දා රාත්‍රී දර්ශනයෙන් ඇමරිකාවේ දී වැඩ අල්ලපු සිව්වැන්න, එදින රාත්‍රියේදී පමණක් මිලියන 18.5ක් උපයා තිබෙනවා. එහි නිෂ්පාදන ආයතන වන “Universal Pictures” සමාගම බ්‍රහස්පතින්දා දිනක යෙදුණ, පළමු දර්ශන වාරයේ දී ලැබූ ඉහළතම ආදායමත් එයයි.

ඒ හැරුණාම සිකුරාදා දවස ඉවර වෙනකොට, “Jurassic World” ඇමරිකාව තුළ විතරක් ඩොලර් මිලියන 82.3කට වග කියලා තිබුණා. ඒ කියන්නේ මේ තාක් කාලයකට ඔනෑම චිත්‍රපටයක් වාර්තා කර තිබෙන, තුන්වැනි හොඳම ආදායම. ඊට කලින් ඉන්න දෙන්නා Avengers: Age of Ultron – (84 යි) සහ Harry Potter & The Dethly Hallows Part 2 – (91 යි) විතරයි.Jurassic_World_01

ඊට අමතරව, වාර්තා වෙන විදියට සිකුරාදා දින පමණක් ලැබූ ආදායම වන ඩොලර් මිලියන 64.1ක මුදල මේ තාක් කාලයකට ඇමරිකාව තුළ, ඕනෑම චිත්‍රපටයක් එක් දිනක දී වාර්තා කර තිබෙන ඉහළතම ආදායම බවටත් පත් වී තිබෙනවා. මීට කලින් තිබෙන හොඳම අගයන් වුණේ; Avengers – (63 යි)/ Avengers: Age of Ultron – (57 යි) සහ Furious 7 – (52 යි) කියන ටිකයි. ඒ වගේම; සිකුරාදා දින තුළ විදෙස් රටවල් 66ක දී ඩොලර් මිලියන 60ක් උපයලා, වාර්තාගත ආදායමක් සටහන් කරලා.

“Universal Pictures” සමාගම මේ චිත්‍රපටයේ ආරම්භක දින තුනක ආදායම ලෙස බලාපොරොත්තු වුණේ, ඩොලර් මිලියන 100ක මුදලක් බවට පුරෝකථනය කළත්, මේ වෙද්දී ඒ අගය ඩොලර් මිලියන 180 සහ 200+ අතර අගයක් ලෙස සඳහන් වෙනවා. 180ට වැඩි අගයකින් නතර වුණත්, සිනමාපටයක් ආරම්භක දින තුන තුළ ඉපයූ තුන්වැනි වැඩිම ආදායම බවට වාර්තාගත වෙන්නට නියමිතයි. ඒ Avengers: Age of Ultron ($191.2 යි) සහ The Avengers ($207.4 යි) දෙකට පමණක් මුල් තැන දෙමින්. (නමුත් මෙය 200+ ඉක්මවා ගියොත් ඇතැම් විට ජුරාසික යුගයේ දැවැන්තයන් සුපිරිවීරයන්වත් අභිබවලා අංක 01 වෙන්නත් බැරි නෑ කියලා කියනවා…)maxresdefault

ඒ හැරුණාම 2012 වසරේ තිරගත වූ, Man of Steel ($ 116.6M) සතු වූ ජුනි මාසයේ නිකුත් වූ, ඉහළතම ආරම්භක ඉපයීම සනිටුහන් කළ සිනමා පටයට හිමි වාර්තාව උදුරා ගන්නා ලකුණු දැනටමත් තහවුරු කර අවසන්. ඒ අනුව මාසය අනුව සලකා බලද්දී ඉහළතම ආරම්භක ආදායමක් සහිත චිත්‍රපට ලැයිස්තුවේ පෙළගැස්මත් අලුතින් ලියන්නට Jurassic World සමත් වෙන බවට සැකයක් නැහැ. දැනට ඒ ලැයිස්තුව මේ විදියයි.

6th place June — Top film: Man of Steel ($ 116.6M)
5th place April — Top film: Furious 7 ($ 147.1M)
4th place March — Top film: The Hunger Games ($ 152.5M)
3rd place November — Top film: Catching Fire ($ 158M)
2nd place July — Top film: Deathly Hallows 2 ($ 169M)
1st place May — Top film: Marvel’s The Avengers ($ 207M)

ඉතින් එහෙම වුණොත්, මේ මාසය අනුව ඉහළතම ඉපයීම වාර්තා කළ චිත්‍රපට පිළිබඳ සටහන් වන ලැයිස්තුවේ දැනට 6 වැනි තැන තියෙන ජුනි මාසය අඩුම වශයෙන් 2 වැනි තැනටවත් පත් වෙනවා (අවිනිශ්චිත වුණත්, 01 වැනි තැන වෙන්නත් සුළු වශයෙන් හෝ ඉඩ තියෙනවා තවමත්)jurassic-world-super-bowl-10

මේ වන විට IMDB වෙබ් අඩවියේ, 7.7ක අගයකුත් Rotten Tomato වෙබ් අඩවියේ 70% ක ප්‍රසාදයකුත් හිමි කර ගෙන ඇති මේ චිත්‍රපටය, ඉරිදා දිනය(අද) අවසාන වන විට ඩොලර් මිලියන 350ක සමස්ත ආදායමක් උපයා ගනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා. චිත්‍රපටය නිෂ්පාදනය කිරීමට වැය වී ඇත්තේ $ 150m බව සඳහන්.

“Universal Pictures” සමාගමට මේ වසර අති සාර්ථක වසරක් බවට පත් කරමින් ඔවුන්ගේ, Furious 7, Fifty Shades of Grey, Pitch Perfect 2 සහ Jurassic World ඉතා ඉහළ ආදායමක් හිමි කර දීම නිසා මේ වන විට එම සමාගම ලොවපුරා $ 2b ආදායම් කඩඉම පසුකර යන්නටත් සමත්ව තිබෙනවා. සිනමා ඉතිහාසයේ වැඩිම වේගයකින් එම ඉලක්කයට පැමිණි සමාගම වන්නටත් ඔවුන් මේ වසරේ දී සමත් වී තිබෙනවා. එම සමාගම ඇමරිකාව තුළ $ 1b අදායම් කඩඉම ද ඉතා කෙටි කලකින් පසු කර යන්නට නියමිතයි.

මේ ලද සාර්ථකත්වයත් සමග Jurassic Park 5 වැන්නක් නිර්මාණය කිරීමට ද චිත්‍රාගාරය දැනටමත් සූදානම් වෙන බවක් පෙනෙන්නට තිබෙනවා. ප්‍රධාන නළුවා ලෙස එක් වූ Chris Pratt ඉදිරි නිර්මාණ සඳහා මේ වනවිටත් ගිවිසුම් අත්සන් කර අවසන්. අධ්‍යක්ෂක Collin Trevorrow තමන් ඉදිරි නිර්මාණ අධ්‍යක්ෂණයෙන් එක් නූණත් සිය දායකත්වය අනිවාර්යයෙන්ම සපයන බව ද හහවුරු කර තිබෙනවා.JW2CustomLogo-Snow

කෙසේ වුවත් මේ චිත්‍රපටයේ පුදුම එළවන සාර්ථකත්වය පසුපස සැඟවුණ තවත් පුදුමාකාර කරුණු දෙකක්ම තිබෙන අතර, ඒ කරුණු දෙක මේ පුදුමය තවත් වැඩි කරවනවා.

1. ප්‍රථම Jurassic Park චිත්‍රපටයෙන් වසර 22කට පසුව සහ අවසන් චිත්‍රපටයෙන් වසර 14කට පසුව මෙම චිත්‍රපටය නිකුත් වීම.

2. Jurassic World’හි අධ්‍යක්ෂක Collin Trevorrow මින් පෙර අධ්‍යක්ෂණය කර ඇත්තේ එකම එක වෘත්තාන්ත චිත්‍රපටයක් (Safety Not Guaranteed – 2012) පමණක් වීම.

ඒ කරුණු දෙකයි.

 

Update:

ඉරිදා දිනය අවසන් වෙද්දී, -ඒ කියන්නෙ මම මේ අවසාන සටහන එක් කරන මොහොත වෙද්දී- Jurassic World චිත්‍රපටයේ ආරම්භක දින තුනේ දළ ආදායම ඇමරිකාව තුළ පමණක් $ 204.6m ලෙස සටහන් වෙනවා. ඒ කියන්නේ මේ වසරේ පැමිණි සිනමාපට අතරින් ඉහළතම ආරම්භක ආදායම වාර්තා කරන්නේ මේ චිත්‍රපටයයි. Avengers: Age of Ultron ($ 191.2m) හෙවත් සුපිරි වීරයන්ගේ දෙවැනි සාමූහික ක්‍රියාන්විතයත් පරදවාලන්නට එසේනම් ජුරාසික උරග උයනකට හැකිව තිබෙනවා. Jurassic World දින තුනක සමස්ත ආදායම $ 511m බවට පත්වෙන්නේ ඇමරිකාව හැර සෙසු ලෝකයෙන් මේ දින තුන තුළ උපයා ගත් $ 307.2m එකතුවත් එක්කයි. ඒත් එක්කම තවත් අලුත් වාර්තාවකට හිමිකම් කියන්නේ; සති-අන්තයක් තුළ  ලොව වටා ඉපයූ  සමස්ත ආරම්භක ආදායමේ එකතුව $ 500m සීමාව තරණය කළ පළමුවැන්නා බවට පත්වෙමින්.

එතකොට මේ තාක් ඇමරිකානු සිනමා ඉතිහාසයේ වාර්තා වන එක් දිනක් තුළ වැඩිම ආදායම වන $ 64.1m සහ ජුනි මාසයේ තිරගත වීම ඇරඹූ ඉහළතම ආදායම් වාර්තාව සහිත සිනමා පටය (කලින් Man of Steel – $ 116.6M දැන් Jurassic World –  $ 204.6m) යන වාර්තාවන්ට අමතරව වේගයෙන්ම $ 100m සහ $ 150m පසුකර ගිය සිනමාපටය බවටත් (මීට කලින් Avengers 1 සහ 2) වේගයෙන්ම $ 200m (මීට කලින් Avengers 1 – දින තුනයි $ 207m) පසුකළ දෙවැන්න  බවටත් පත්ව තිබෙනවා. ඒ කියන්නේ ඉතින්, Jurassic World සතුයි ඇමරිකානු සිනමා ඉතිහාසයේ වාර්තා වන දෙවැනි හොඳම ආරම්භක ආදායම. ඒ හැරුණාම, සිනමාහල් ප්‍රමාණය සමග සසඳද්දී ඇමරිකාව තුළ වාර්තා වන හොඳම සාමාන්‍ය අගයත් Avengers 1 අභිබවා තමන් සතු කරගෙන තිබෙනවා. (Avengers 1 – $ 47.7k/ Jurassic World $ 47.8k) එතකොට ජුනි මාසය අර කලින් කිවූ මාස පෙළගැස් වූ ලැයිස්තුවේ දැන් 2 වැනි තැනටත් පත් වෙලා.

ඔන්න ඉතින් පේනව නේද මේ යෝධ සත්තුන්ගේ හැබෑම තරම…

උදා (217 Posts)


7 thoughts on “ඩිජිටල් යුගයේ ජුරාසිකයෝ ලෝකයම හොල්ලති! මීළඟ චිත්‍රපටයටත් ගිවිසුම්!

  • June 18, 2015 at 9:53 PM
    Permalink

    බොහෝම ස්තුතියි ලිපියට.

  • June 18, 2015 at 1:36 PM
    Permalink

    මේක එනකං ඉවසිල්ලක් තිබුණෙ නෑ දැන්නම් කොහෙත්ම නෑ…
    ස්තූතියි උදා සහෝ ලිපියට….
    ජය..

  • June 16, 2015 at 9:23 PM
    Permalink

    පට්ටයි මචෝ.
    දැන් ඉතින් බලනකම් ඉවසිල්ලක් නෑ.
    බොහෝම ස්තුතියි ලිපියට.

  • June 15, 2015 at 11:07 PM
    Permalink

    මට මේකේ සිංහල උපසිරැසි එක්ක හොඳ quality video එකක් බලනක් ඉවසිල්ලක් නෑ.
    දිගටම යමු මචං එල

  • June 15, 2015 at 7:33 PM
    Permalink

    Fatta.. E unata BvS Dawn of justice awama owa okkoma kadanawa..

  • June 15, 2015 at 3:21 PM
    Permalink

    ගොඩක් ස්තූතියි. දිගටම මේ වගේ ඒව අරගෙන එන්න. දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!

  • June 15, 2015 at 11:59 AM
    Permalink

    නියමයි..මේක සිංහල උපසිරස එක්ක බලනකම් ඉවසිල්ලක් නැහැ…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *