Baahubali (2015)

ඔන්න යාලුවනේ මම අද අරගෙන එන්නේ මේ අවුරුද්දේ ජූලි මාසේ විතර නිකුත් වෙන්න තියෙන සුපිරි බයිස්කෝප් එකක් ගැන පොඩි ඉඟියක් දෙන්න. කවුරුත් දන්නවා ඇතිනේ සුපිරි තෙලුගු චිත්‍රපටි රැසක් සිනමාවට දායාද කල S.S.Rajamouli කියන අධ්‍යක්ෂකවරයා. දන්නේ නැති අය ඉන්නවනම් එයා කරපු චිත්‍රපටි ගැන කිව්වම මෙයා කොහොම පොරක්ද කියලා ඉබේම තේරුම් යාවි.

unnamed

මතකද Magadheera(2009) චිත්‍රපටිය. මෙයා තමා ඒක අධ්‍යක්ෂණය කලේ. මේ අධ්‍යක්ෂකවරයා තාක්ෂනය උපරිම වශයෙන් භාවිතා කරන කෙනෙක්. මගධීරා චිත්‍රපටිය බලපු අය ඉන්නවනම් සිහියට එනවා ඇති ඒකෙ තිබුන රාජධානිය. ඉතින් ඒ වගේ දර්ශන ඉතාමත් සූක්ෂම අන්දමින් ඒවායේ තාත්වික බවට හානියක් නොවෙන්න ඒ චිත්‍රපටිය කරලා තිබුන නිසා තමයි ඒක අදටත් අපි අතර ජනප්‍රිය වෙලා තියෙන්නේ.

මෙයාගේ තවත් චිත්‍රපටියක් ගැන කියනවනම්, ඔයාලට මතක ඇති නේද Eega(2012) ෆිල්ම් එක. ඒකෙ තමා අර මැස්සෙක් ඉන්න කතන්දරය තියෙන්නේ. ඒකෙ අර මැස්සව නිර්මාණය කරලා තිබුන විදිහ මතකයට එනවා ඇති නේද ඔයාලට?

ඉතින් ඒ වගේ පට්ටම චිත්‍රපටි ගොඩක් අධ්‍යක්ෂණය කරපු S.S.Rajamouliගේ අලුත්ම සුපිරි චිත්‍රපටිය ගැන පොඩි විස්තර ටිකක් තමයි මම අද කියන්න ආවේ. මේකට ප්‍රධාන නළුවාගේ චරිතයට රංගනයෙන් දායක වෙන්නේ තෙලුගු සිනමාවේ අපි කවුරුත් දන්න Prabhas විසින්.

unnamedප්‍රධාන නිළිය ලෙස කටයුතු කරන්නේ සුරූපී Anushka Shetty විසින්.

abcd-2-movie-wallpaper111එයාලට අමතරව Rana Daggubati සහ Tamannah Bhatia ද ප්‍රධාන චරිත නිරූපණය කරනවා.

unnamed (1)unnamed (2)Nassar, Adivi Sesh, Tanikella, Bharani, Sudeep සහ Sathyaraj මේ සඳහා සෙසු චරිත වලින් දායක වනවා. කතාව ගැන කියනවනම් සහෝදරයෝ දෙන්නෙක් එක් රාජ්‍යයක් සඳහා ගැටෙන කතන්දරයක් කියලා තමයි ආරංචිය තියෙන්නේ. මේ බයිස්කෝප් එක නිෂ්පාදනය කරන්නේ  Shobu Yarlagadda,
Kovelamudi Raghavendra Rao, Prasad Devineni යන අය විසින් (මෙච්චර සෙට් එකක් බැස්සා කියන්නේ මේකට කොච්චර වියදම් කරන්න ඇතිද කියලා හිතාගන්න පුළුවන් නේ). දෙබස්  Ajay සහ Vijay විසින් සහ කතාව K. V. Vijayendra Prasad විසින් නිර්මාණය කර තියෙනවා.

unnamed (3)ඉතින් ඔන්න අරගෙන අවා පූර්ව ප්‍රචාරක පටය සිංහල උපසිරැසි සමගින්. චිත්‍රපටිය ජූලි දහය නිකුත් වෙනවා කියලා තමා ආරංචිය තියෙන්නේ. මම එහෙනම් අදට යනවා. තවත් මොනවහරි අයිටම් එකක් ආරගෙන අයෙත් එන්නම්.

ඔබටත් අප සමග එකතු වෙන්න අවශ්‍ය නම්  එක් වන්න අප සමග [email protected]

තාරක නුවන් දිල්හාර (71 Posts)


2 thoughts on “Baahubali (2015)

  • June 5, 2015 at 8:54 AM
    Permalink

    නියමයි නියමයි තාරක සහෝ.
    අනුෂ්කා, තමන්නා යන අයව මේ ලගදී ආපූ චිත්‍රපට තුලින් දකින්න ලැබුනාට ප්‍රභාෂ්ව ගොඩ කාලෙකින් දකින්න ලැබුණේ නෑ.
    ඒ හින්දා මේක ගොඩ දෙනෙක් බලන්න ආශාවෙන් සිටින ෆිලුමක් කිව්වොත් නිවැරැදි කියලා හිතනවා.
    මාත් බලන්න ආශාවෙන් සිටින ෆිලුමක්.
    ලිපියට ස්තූතියි!
    ජයෙන් ජයම වේවා!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *