MCU Phase 3 – Sneak peek on future films Part 03

අපි මේ දක්වා මාවල් සිනෙමැටික් යුනිවර්ස් එකට අදාලව ෆිල්ම් 4ක් ගැන කතා කෙරුවා. ඒ මතකය අලුත් කරගන්න කලින් ලිපි දෙක කියවල හිටියා නම් හරි.
කලින් ලිපි වල දී Possible Movie Plots කියලා නම් කරපු මේ ලිපි Sneak peek on future films කියලා නම් කරන්න හිතුවා. මොකද මේ සමහරක් ෆිල්ම් ගැන ලොකු විස්තරයක් දැනට එලි දක්වලා නෑ. අපි අද තවත් ෆිල්ම් දෙකක් ගැන කතා කරනවා.

5. May 5, 2017 – Guardians of the Galaxy 2
පලවෙනි ෆිල්ම් එකේ ලැබුණු අධික ජනප්‍රියතාවය හින්දාම 2017 නිකුත් වෙන්න නියමිත මේ ෆිල්ම් එක ගැන දැන්ම ඉදන් ගොඩක් අය අවධානයෙන් බලාගෙන ඉන්නවා. MCU එකට සම්බන්ධ උණාට මේ කතා මාලාව විශ්වයේ ඈතම කොනක සිද්ද වෙන කතාවක්. අඩු තරමේ ඒ කතාවේ පෘතුවියට සම්බන්ධ එකම දේ ස්ටාර්-ලෝඩ් ගේ කැසට් පටිය විතරයි. මේ තත්ත්වය GotG 2 දීත් වෙනස් වෙයි කියන්න අමාරුයි. මොකද අධ්‍යක්ෂක James Gunn සඳහන් කරපු විදිහට දෙවෙනි ෆිල්ම් එකේ දී ත් පෘථිවියට සම්බන්ද අලුත් කෙනෙක් ගැන කතා කරන්නේ නැහැලු. මේ හින්දා විශ්වයට මුදා හරින ලබන හල්ක් GotG කණ්ඩායම එක්ක එකතු වෙයි කියන පුංචි බලාපොරොත්තුව පවා නැති වෙනවා. මොකද සිවිල් වෝර් එකේ දී හල්ක් පෘථිවියේ පිටමන් කරන්න ඕනේ හින්දා අපිට තියන විකල්පය තමයි ප්ලැනට් හල්ක් හරි හල්ක් සහ GotG කණ්ඩායම එකතු වෙන එක හරි. හැබයි පලවෙනි එක සිද්ද වෙන්නේ නෑ වගේම දෙවෙනි එක සිද්ද වෙන්න තියන හැකියාවත් අඩුයි.හැබයි දෙවෙනි ෆිල්ම් එකට දුෂ්ටයන්ගෙන් නම් අඩුවක් වෙන එකක් නෑ. දැනට ආරංචි විදිහට අලුත් චරිත කිහිපයක්ම මේ ෆිල්ම් එකත් එක්ක MCU එකට එකතු වෙන්න නියමිතයි. මේ ෆිල්ම් එක ගැන අහපුවාම James Gunn කියලා තියනවා ගොඩක් දුරට මේ ෆිල්ම් එකේ දී තාත්තලා සහ දරුවෝ අතර කතාවක් වෙනවා කියලා. කොමික් වල දී ස්ටාර් ලෝඩ් ගේ තාත්තා විශේෂ කෙනෙක් නේ. ඒ ගැන කියන්න යන්නේ නෑ, මොකද ෆිල්ම් එකට අසාධාරනයක් වෙයි. දෙවෙනි ෆිල්ම් එකේ දී කතා කරන ප්‍රධානම මාතෘකාවක් වෙනවා ඒක. ඊට අමතරව අපි අමතක නොකළ යුතු කාරණය තමයි ගැමොරා සහ නෙබියුලා කියන්නේ තානොස් හදා ගත්ත දරුවෝ දෙන්නෙක්. James Gunn මෙතන දී තාත්තා කියන්නේ නැතුව තාත්තලා කියපු එක හින්දා තානොස් මේ ෆිල්ම් එකේ දී ලොකු කාර්යයක් කරන්න ඉඩ තියනවා. ඒ වගේම ඉන්ෆිනිටි ස්ටෝන් හොයා ගෙන යන ගමනේ දී එක ස්ටෝන් එකක් තැම්පත් කරලා තියන නෝවා කොර්ප්ස් ලාගේ ග්‍රහලෝකයට තානොස් ගේ බලපෑම එල්ල වෙන එක මේ ෆිල්ම් එකේ දී දකින්න පුලුවන් වෙන්නත් ඉඩ තියනවා.

අනිත් වැදගත්ම කාරනය තමයි ඇඩම් වෝර්ලොක් තවම MCU එකට හරියට හඳුන්වලා දීලා නෑ. අපි තෝර් 2 ෆිල්ම් එකේ දී දැක්කා ඇඩම් වෝර්ලොක් ඉපදෙන කොකුන් එක පෙන්නුවා. ඒ කියන්නේ සිනේමැටික් යුනිවර්ස් එකට ඇඩම් වෝර්ලොක් හඳුන්වා දෙන්න ඕනේ. ඒ වගේම තානොස් එක්ක සටනේ දී මෙයා ලොකු වැඩ කොටසක් කරනවා කොමික් වල හැටියට නම්. ඒ හින්දා මේ චරිතය එලියට එන්න ඉඩ තියනවා මේ ෆිල්ම් එක හරහා. වැදගත්ම කාරනය තමයි ඇඩම් වොර්ලොක් එක්ක අපිට තවත් ඉන්ෆිනිටි ස්ටෝන් එකක් සම්බන්ධ වෙන්න තියන ඉඩ කඩ වැඩියි. ඒ තමයි සෝල් ස්ටෝන් එක. ඩොක්ටර් ස්ට්‍රෙන්ජ් ෆිල්ම් එකේ දී සෝල් ස්ටෝන් එක ගැන දැන ගන්න බැරි උනොත් වැඩි සම්භාවිතාවයක් තියනවා මේ ෆිල්ම් එකේ දී දැක ගන්න.

6. July 28, 2017 – Untitled Spider-Man

මෙහෙම නම දැම්මාට දැනට පැතිරෙන කට කතා වලට අනුව නම් මේකට නමක් තියනවා. ඒ තමයි Spider-Man: The New Avenger කියන එක. ඇත්තම කියනවා නම් මේ ෆිල්ම් එක MCU එකේ ලොකු සංධිස්ථානයක්. මොකද මාවල් කොමික් කතා පුරාම ස්පයිඩර් මෑන් කියන්නේ ලොකු භූමිකාවක් රඟපානවා. අල්ටෝන්. සිවිල් වෝර් වගේ කතා වල දී ස්පයිඩර් මෑන් ලොකු බරක් කරට ගන්නවා. ඒත් අල්ට්‍රෝන් ෆිල්ම් එක රූ ගත කරලා ඉවර වෙනකල්ම වගේ සෝනි සමාගම මාවල් ස්ටුඩියෝ වලට ස්පයිඩර් මෑන් ලබා දීලා තිබ්බේ නෑ. ඒ හින්දා අල්ට්‍රෝන් ෆිල්ම් එකේ දී ස්පයිඩර් මෑන් හිටියේ නැති උණාට සිවිල් වෝර් එකේ දී පොඩි දර්ශනයකට හරි දැක ගන්න ලොකු ඉඩ කඩක් තියනවා.
දැනට ආරංචි තොරතුරු අනුව මේ චරිතය කරන්න Asa Butterfield තෝරා ගෙන තිබ්බා උණාට තවම නිල වශයෙන් ස්ථිර තොරතුරක් නිකුත් කරලා නෑ ඒ ගැන. රඟපාන නළුවා ගැන අදහසක් වත් හරියට නැති එකේ අපිට ෆිල්ම් එක ගැන කතා කරන්න වැඩිය විස්තරයකුත් නෑ. දැනට ආරංචි හැටියට නම් ස්පයිඩර් මෑන් ගේ තනි ෆිල්ම් එකක් වෙන අතර යම් තාක් දුරකට ඔරිජින් එකක් තියනවා කියලා කියන්නේ. ඉස්සරහට අපිට පුළුවන් වෙයි මේ ගැන වැඩි විස්තර ඔයාලට අරගෙන එන්න.

#Amadeus_chO

Comic Script (144 Posts)


2 thoughts on “MCU Phase 3 – Sneak peek on future films Part 03

  • June 5, 2015 at 11:42 PM
    Permalink

    මේ වගේ ලස්සන කතා අරගෙන එනවට ගොඩක් ස්තූතියි. දිගටම මේ වගේ ඒව අරගෙන එන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *