Comic Based TV Series 002 – The Flash (2014)

කොමික් තේමාවක් තියන ටීවී සිරිස් ගැන කතා කරද්දී අපි දෙවෙනියට කතා කරන්න තෝරා ගත්තේ අපි කවුරුත් වැඩිපුරම ආස කරන කතාව. ඒ තමයි The Flash කතාව. 1992 තිර ගත වුනු The Flash කතාවත් එක්ක පැටලෙන හින්දා තමයි මේ කතාව The Flash (2014) කියලා හඳුන්වන්නේ. ඇරෝ කතා මාලාව වගේම මේ කතාව ගැනත් අපේ යාලුවෝ හොදටම විස්තර දන්න හින්දා විශේෂයෙන් කියන්න දෙයක් ඉතිරි වෙලා නෑ. ඒත් ලිපි පෙළ සම්පුර්ණ වෙන්න ඕනේ හින්දා මේ ගැන ලියන්න වෙනවා. මූලික තොරතුරු ගැන බැලුවොත්,

• DC කොමික් වල එන ෆ්ලෑෂ් කෙනෙක් වෙන බැරී ඇලන් චරිතය ආශ්‍රයෙන් නිපදවා ඇත
• නිෂ්පාදන සමාගම – Bonanza Productions, Berlanti Productions, DC Entertainment, Warner Bros. Television
• බෙදා හැරීමේ අයිතිය – Warner Bros. Television Distribution
• විකාශය වෙන නාලිකාව – The CW
• විකාශය ආරම්භ වූ දිනය – 2014 ඔක්තෝබර් 07
• නිර්මාණකරණය – Greg Berlanti, Andrew Kreisberg, Geoff Johns
• විකාශය වී ඇති සීසන් ගණන – 1
• විකාශය වී ඇති කොටස් ගණන – 23
• සීසන් 2 නිකුත් කිරීම තහවුරු වී ඇත (දිනය ප්‍රකාශයට පත් කර නොමැත)
• ප්‍රතිචාර – IMDB සහ TV.com 8.3 බැගින්

පලවෙනි කතාවෙන් බැරි ඇලන් ෆ්ලෑෂ් කියන චරිතය බවට පත් වීම සහ රිවර්ස් ෆ්ලෑෂ් අතර ගැටුම විස්තර උණා. ඒ කතාව නැවතුනේ විශාල ගැටළු ප්‍රමානයක් අපිට ඉතුරු කරලා. සෙන්ට්‍රල් සිටි වල ඇතිවන සුවිශේෂ තත්ත්වය මොකක්ද?, බැරි ට මොකද වෙන්නේ, එඩී සහ ඩොක්ටර් වෙල්ස් ඇත්තටම මැරිලා ද වගේ ප්‍රශ්න ගොඩාක් මතු උණා. හැබයි මේ සේරටම හරි විස්තර ලබා ගන්න නම් දෙවෙනි සීසන් එක එනකල් ඉන්න වෙනවා. මේ ලිපිය ලියන්න තවත් එක හේතුවක් උනේ ෆ්ලෑෂ් ගැන අපි ලියපු ලිපි ටික සේරම ආපහු පලකරන්න කියලා අපේ සමහරක් යාලුවෝ කරපු ඉල්ලීම හින්දා.
ලිපිය අවසාන කරන්න කලින් අපිට තව එක දෙයක් කතා කරන්න තියනවා. ඒ තමයි දෙවැනි සීසන් එක ගැන අපිට අනුමාන කරන්න පුළුවන් දේවල් ගැන. මේ සම්බන්ධයෙන් අපිට ඉඟි කිහිපයක්ම ලැබුනා. එකක් තමයි ජේ ගැරික් ගේ හෙල්මට් එක. මේ එක්කම කතාවේ නිෂ්පාදක වරු කියපු දෙයක් තමයි දෙවෙනි සීසන් එකේ දී අමතර speedster ලා කතාවට එකතු වෙනවා කියන එක. ඒ හින්දා පැහැදිලිවම මීට වඩා රසවත් වෙන්න පුළුවන්. ඒ වගේම ඩොක්ටර් වෙල්ස් ට රඟපාන Tom Cavanagh දෙවෙනි සීසන් එකේ දී අපිට දකින්න ලැබෙනවා කියන්නේ අපි නොහිතන දේවල් වෙන්න පුළුවන් කියන එක. ගොඩක් අපේ යාළුවන්ට හිතෙන්න පුළුවන් අපි මේ සේරම දන්න දේවල් නේ කියලා. මොකද මේ තොරතුරු වලින් ගොඩක් අපි මීට කලින් ඔයලා ට ගෙනත් තියන හින්දා. එත් කලින් කිව්වා වගේ කොමික් පදනම් කරගෙන නිපදවන කතා මාලා ගැන කතා කරද්දී අපි මේ කතාව අමතක කරන්න බෑ. ඒ හින්දා තමයි ආපහු සැරයක් මතකය අලුත් කරන්න බැලුවේ. ඇරෝ කතාව වගේම ෆ්ලෑෂ් කතාව පදනම් කරගෙන The Flash – Season Zero කියන කොමික් කතාවත් තවම එනවා. ඒ කතාවත් කියවන්න කියලා අපේ යාළුවන්ට මතක් කරන්න කැමතියි.

#attila_THE_hun

https://www.facebook.com/slcomicscript

10731106_1600221893594150_5699545335118523909_n

Comic Script (144 Posts)


Leave a Reply

Your email address will not be published. Required fields are marked *