MCU Phase 3 – Possible Movie Plots Part 02

ඉදිරියට එන්න නියමිත මාවල් සිනෙමැටික් යුනිවර්ස් එකේ ෆිල්ම් ගැන කතා කරන ලිපි මාලාවේ දෙවෙනි ලිපිය තමයි මේ. පලවෙනි ලිපියෙන් අපි Ant-Man සහ Captain America: Civil War ෆිල්ම් දෙක ගැන කතා කෙරුවා.

පලවෙනි ලිපිය බලලා හිටියා නම් හරි මේ ලිපියට කලින්

https://www.facebook.com/slcomicscript/photos/a.1519017541714586.1073741827.1519015728381434/1591793721103634/?type=1

MCU එකේ අපිට ඊලඟට හම්බෙන ෆිල්ම් ගැන තමයි අපි දැන් කතා කරන්න යන්නේ. කලින් ලිපියේ සඳහන් කරපු විදිහටම මේ දේවල් ඉස්සරහට වෙන්න පුළුවන් වගේම සම්පුර්ණයෙන් ම වෙනස් විදිහකට වෙන්නත් ඉඩ තියනවා. මොකද අපි මෙතන දී කතා කරන්නේ දැනට අපි දන්න කරුණු වලින්.

3. November 4th, 2016, Doctor Strange

මේ දක්වා ඇවිත් තියන MCU වලට වඩා සම්පුර්ණයෙන්ම වෙනස් විදිහේ කතාවක් දකින්න හම්බෙන ෆිල්ම් එකක් තමයි Doctor Strange කියන්නේ. Scott Derrickson අධ්‍යක්ෂනය කරන මේ ෆිල්ම් එකේ Doctor Strange ට රඟ පාන්නේ අපි කවුරුත් ආදරය කරන Benedict Cumberbatch. ඒ හින්දාම මේ ෆිල්ම් එක ගැන ගොඩක් අයගේ අවධානය යොමු උනාට ෆිල්ම් එකේ අන්තර් ගතය ගැන නම් වැඩි විස්තරයක් ඇවිත් නෑ. මේ අවුරුද්දේ නොවැම්බර් වල නිෂ්පාදන කටයුතු ආරම්භ කරන්න සුදානම් වෙන මේ ෆිල්ම් එක “Horror” කාණ්ඩය යටතට අයිති වෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. ඒ හින්දා අපිට අඳුරු මායා කර්ම (නැතිනම් ක්වොන්ටම් ෆිසික්ස්) වලින් පිරුණු සුපුරුදු Doctor Strange චරිතයම දකින්න පුළුවන් වෙයි.

Scott Derrickson ළඟදි නිකුත් කරපු “Every story is an origin story” ට්විටර් පණිවිඩය හින්දා මේ ෆිල්ම් එකේ දී Doctor Strange ගේ ඔරිජින් එක දකින්න ලැබෙන්නේ නැති වෙන්න ඉඩ තියනවා. තිබුණත් ෆ්ලෑෂ් බෑක් සිදුවීම් වලින් විස්තර කරන්න පුළුවන්. (Doctor Strange ගැන ලිපියක් ඉක්මනටම අපි ගේන්න බලා පොරොත්තු වෙනවා. එතකල් අඩු තරමේ මාවල් ඇනිමේෂන් ෆිල්ම් එකක් වෙන Doctor Strange: The Sorcerer Supreme බලලා ඉන්න කියලා අපේ යාළුවන්ගෙන් ඉල්ලනවා)

ඔරිජින් ස්ටෝරි එකක් නෑ කියන මතය තහවුරු කරන හොඳම සාධකය තමයි Captain America: The Winter Soldier ෆිල්ම් එකේ දී Agent Sitwell, Doctor Strange ගැන කරන සඳහන. එතන දී අනාගතයේ දවසක HYDRA එකට හානියක් වෙන්න පුළුවන් චරිත අතර Doctor Strange එහෙමත් නැතිනම් Stephen Strange කියන නමත් තියනවා. එයා තර්ජනයක් කියලා හඳුනාගෙන ඉවර නම් ඒ වෙද්දී Stephen Strange කියන චරිතය Doctor Strange වෙන මාර්ගයට ඇවිත් තියනවා කියන නිගමනයට එන්න පුළුවන් අපිට. හැබයි මාවල් සිනෙමැටික් යුනිවර්ස් එකේ මහා මොලකරු Kevin Feige ට අනුව නම් මේක Stephen Strange ෆෑන්ස් ලා බලාපොරොත්තු වෙන විදිහේ එකක්ම වෙයි කියලා කියන්නේ. ඒ හින්දා ඔරිජින් එකක් නැති උණත් බලාපොරොත්තු අතහැර ගන්න නම් වෙන්නේ නැති වෙයි.

මේ ෆිල්ම් එකත් එක්ක ගොඩ නැගිලා තියන ලොකුම කතාවක් තමයි Marvel Infinity War කතාව දක්වා යන ගමනේ වැදගත් ම සාධකය වෙන Infinity Stone 6 න් එකක් වෙන Soul Stone එක මේ ෆිල්ම් එක ඇතුලේ දී දකින්න ලැබෙයි කියන මතය. හැබයි අන්තිම මොහොත වෙනකල් අපිට මේ ගැන සහතික වෙන්න බෑ. අනිත් කාරණය තමයි Netflix ආයතනය මඟින් එළිදක්වන Iron Fist සහ Doctor Strange අතර සම්බන්ධය. දැනට Iron Fist කතාවට දින නියම කරලා නැති හින්දා, කලින් නිකුත් වන කතාවේ දී අනිත් චරිතය ගැන සඳහනක් තිබීමේ ඉඩකඩ ගොඩක් වැඩියි.

4. Sinister Six

දැනට ලොකුම පැටලිලි සහගත තත්ත්වයකට මුහුණ දීලා තියන ෆිල්ම් එකක් තමයි Sinister Six කියන්නේ. මුලින්ම සෝනි සමගාම විසින් The Amazing Spider-Man ෆිල්ම් සිරිස් එකට අනුබද්ධිතව එළිදක්වන්න හිටපු මේ ෆිල්ම් එක 2016 නොවැම්බර් 9 දා තමයි එළිදක්වන්න නියමිතව තිබ්බේ. කතා තේමාව වෙන්නේ ස්පයිඩර් මෑන් ගේ ප්‍රධාන සතුරෝ 6 දෙනෙක් එකතු වෙලා කරන විනාශය නවත්වන්න ස්පයිඩර් මෑන් තවත් කෙනෙක් එක්ක එකතු වෙන එක. මීට පෙර හෙළිදරව් වුණු රහසිගත තොරතුරු වලට අනුව Green Goblin, Doctor Octopus, Sandman, Vulture, Kraven The Hunter, Mysterio, Rhino, Scorpia , Venom යන අයගෙන් 6 දෙනෙක් තමයි තෝරා ගන්න ඉදලා තිබ්බේ. ස්පයිඩර් මෑන් එක්ක එකතු වෙන අනිත් කෙනා Venom හරි Carnage හරි (සතුරු කණ්ඩායමට Venom අයිති උනේ නැතිනම්) කියලා තමයි තිබ්බේ.

හැබයි MCU එකට ස්පයිඩර් මෑන් එකතු කරගැනීමේ එකඟතාවය හින්දා මේ ෆිල්ම් එකේ අනාගතය ගැන තීරණයක් නැති මට්ටමටම ආවා. මුලින් ම ඉදිරිපත් උණ මතය තමයි මේ ෆිල්ම් එකෙන් ස්පයිඩර් මෑන් MCU එකට හඳුන්වා දෙන්න. ස්පයිඩර් මෑන් එක්ක ඇවෙන්ජර් කෙනෙක් එකතු වෙලා Sinister Six එක පරදවනවා කියන්නේ හැමෝම ආස කරන කතාවක්. ගොඩක් දුරට මේ චරිතය හල්ක් වෙන්න ඉඩ තිබ්බා. මොකද හල්ක් සහ ස්පයිඩර් මෑන් කියන්නේ කොමික් වල දී නිතරම එකට වැඩ කරපු දෙන්නෙක්.
ඒත් දැනට MCU එකට වෙනම ස්පයිඩර් මෑන් ෆිල්ම් එකක් සෝනි සහ මාවල් සමාගම් දෙකම එකතු වෙලා නිෂ්පාදනය කරන්න සැලසුම් කරලා තියෙන්නේ. ඒ තත්ත්වයත් එක්ක මේ ෆිල්ම් එක නිෂ්පාදනය කරන්නේ නැති වෙයි කියන තැනටම ආවා. කාලය මදි වීම, ස්පයිඩර් මෑන් ට රඟපාන්නේ කවුද කියන එක විතරක් නෙවේ මේ ෆිල්ම් එක MCU එකේ ෆිල්ම් එකක් විදිහට නිෂ්පාදනය කරයිද කියන ගැටලුවත් මේ අර්බුධ කාරී තත්ත්වයට හේතු උනා. හැබැයි ජනවාරි මාසයේ සෝනි සමාගම නිකුත් කරපු temos planos pra voce (we have plans for you) කියන පණිවිඩයත් එක්ක මේ ෆිල්ම් එක ගැන බලාපොරොත්තු තියා ගන්නත් ඉඩක් තියනවා. අඩු ගානේ මාවල් Phase 3 ඉවර උනාට පස්සේ හරි මේ ෆිල්ම් එක එලියට එනවා නම් ඒක ඇත්තටම වටිනවා.

මාවල් සිනෙමැටික් යුනිවර්ස් එකේ ඉදිරියට නිකුත් වෙන්න නියමිත ෆිල්ම් ගැන කතා කරන ගමනේ අපිට තව ගොඩක් දුර යන්න තියනවා. අපි ඉතුරු විස්තර ඉදිරි ලිපි වලින් කතා කරමු.

#Amadeus_chO

https://www.facebook.com/slcomicscript

11233563_1593306100952396_7820701316037419544_n

Comic Script (144 Posts)


Leave a Reply

Your email address will not be published. Required fields are marked *