The flash episode 23- Fast enough ( Season finale )‪ #‎Spoiler_Warning‬

මුලින්ම කියන්න ඕනා මේවෙනකන් ආපු හැම episode එකටම වඩා මේ episode එක තමයි මගේ ආසම එක කියලා. මොකද මේකෙදි හැම දෙයක්ම Barryට විතරක් සීමා උනේ නැති නිසා. ඒවගේම හැම දෙයක් වගේ අනිත් episodes වලට වඩා හොදින් කරලා තියෙන නිසා.

#1- ( පින්තූරය මේ episode එකෙන් ගත්ත එකක් නෙවේ)
මේකෙදි අපිත් හැම කෙනෙක්ගෙම වගේ පොඩි හරි සම්බන්ධතාවයක් දකින්න ලැබෙනව. අපිට Barry සහ eobard අතර කතාව,eobard සහ cisco අතර කතාව විතරක් නෙවේ Eddie සහ martin,Barry සහ iris,Caitlin සහ ronnie වගේ හැම කෙනාගෙම අතර පොඩි හරි සම්බන්ධතාවයක් දකින්න ලැබෙනවා. මේක තමයි කතාවක තියෙන්න ඕන.

#2- Ronnie සහ Caitlinගෙ කසාදය ඉස්සරහට Firestorm සහ killer frost කියන්න චරිත දෙකට ගොඩක් දුරට බලපානව මොකද killer frost කියන්නෙ Firestormගෙ හතුරෙක්. ඒවගේම Caitlin කොහොමද firestormගෙ හතුරෙක් වෙන්නෙ කියන එක ගැන මේක නිසා පොඩි ප්‍රශ්නයක් ඇති වෙනවා. ඒවගේම අපිට දකින්න ලැබෙනවනෙ caitlin killer frost විදිහට Flash අතීතෙට යන කොට. ඒකනිසා ගොඩක් දුරට season 2 එකේදි අපිට killer frostව දකින්න ලැබෙයි හැබැයි එයා villain කෙනෙක් වෙයිද එහෙමත් නැත්තන් දැන් වගේම team flash එක්ක දිගටම වැඩ කරයිද කියන එක ගැටලුවක් වෙනවා. හැබැයි ගොඩක් අය කියන්නෙ caitlin දිගටම ඒවිදිහටම team flash එක්ක ඉන්නවා කියලා. ඒවගේම අපිට වෙන සමාන්තර ලෝකෙන් එන killer frost කෙනෙක් තමයි දැකගන්න ලැබෙන්නේ කියල. මේ කතාව ඇත්ත වෙන්න පුලුවන්ද කියලා ඔයගොල්ලොම තීරණය කරන්න.

#3/4/5- Eobard thawne මුල ඉදන්ම හැම දේම කරේ මේ මොහොත එනකන්. ඒ තමයි ආපහු එයාගෙ කාලයට යන එක. හැම දේම plan කරෙ මේ දේට. Barryව එයාගෙ අම්මව බේරගන්න යැව්වෙත් හේතුවක් ඇතිව. ඒතමයි barryව මරන්න. Flash එක්ක සටනකින් කවදාවත් එයාට දිනන්න බැරි නිසා තමයි පොඩි barryව මරන්න ගියේ. Eobard කියන්නෙ බුද්ධිමත් කෙනෙක්. එයා දන්නව barry මැරුනොත් එයා reverse flash වෙන්නෙ නෑ කියලා. ඒකනිසා තමයි barryගෙ අම්මව මැරුවෙ.( අනාගතෙන් ආපු flash barryව එතනින් අරන් ගිය එකත් වෙන හේතුවක් )
ඒවගේම පස්සෙ eobardගෙ plan එක උනේ Flashව ආපහු එයාගෙ අම්මව බේරගන්න යවලා ඒ අතර තුර එයා කාලය හරහා ගමන් කරන්න. මෙතනදි ගොඩක් දුරට සිද්ද උනේ flashpoint storyline එකේ වගේ සිද්දියක්. ලොකුම වෙනස තමයි flash එයාගෙ අම්මව බේර නොගත්ත එක. Barry Flash වෙන්න එක හේතුවක් තමයි එයාගෙ අම්මගෙ මරණය. Barry එයාගෙ අම්මව බේරගත්තනම් එයා Flash වෙන්නෙ නෑ හරියට flashpoint එකේ වගේ. ඒවගේම මෙතනදි Eobard කාලය හරහා ගමන් කරන නිසා barry එයාගෙ අම්මව බේරගන්න කොට timeline එක වෙනස්වෙන එක එයාට බලපාන්නෙ නෑ. මේක නිසා Barry flash වෙන එක නොවන එක එයාට බලපාන්නෙ නෑ. ඒකනිසා eobardට පුලුවන් ලේසියෙන්ම barryව මරන්න මොකද barry flash නොවන නිසා මේ timeline එකෙ. ඒත් eobardගෙ මේ හැම plan එකක්ම සුන් වෙනවා flash එයාගෙ අම්මව බේරගන්නෙ නැති එකෙන්. ඒකත් අනාගත flash කියපු නිසා. ඒවගේම eobardව මේ timeline එකෙන් මැකෙනවා eddie එයාට වෙඩි තියාගත්ත නිසා. මේක නිසා ඉස්සරහට ගොඩක් දේවල් වෙන්න පුලුවන් මොකද Eddie මැරුන කියන්නෙ අනාගතේ eobard ඉපදෙන්නෙ නැති නිසා. මේක නිසා මේ timeline එකත් වෙනස් වෙන්න පුලුවන්. සමහර විට barryගෙ අම්මා ආපහු ජීවත් වෙයි අලුත් timeline එකේ. හැබැයි ඉතින් එහෙම උනොත් flash show එකක් නැති වෙයි මොකද එහෙම උනොත් barry flash නොවන නිසා.

#6- මේ Barry සහ norraගෙ මොහොත තමයි මටනම් මුලු season එකේම දුකම හිතුන මොහොත.

#7/8- මේ black hole නිසා තමයි ගොඩක් දුරට season 2 එකේ villainsල වගේම වෙනත් චරිතත් එන්නෙ. කතාව ලියන අය කියලා තියෙනව ඉස්සරහට earth 1 සහ earth 2 දැකබලාගන්න පුලුවන් කියලා. ඒකට හොදම උදාහරණයක් තමයි jayගෙ helmet එක. ඒවගේම කලින් කිව්වා වගේ killer frost එන්නෙ මේ ලෝක දෙකෙන් එකකින් වෙන්න පුලුවන්. එහෙමත් නැත්තන් පටන් ගද්දිම flashව මේ black hole එක හරහා ගිහින් ඒ වෙන දේවල් වලින් season 2 පටන් ගන්නත් පුලුවන්.
——————–
Easter eggs

#1- So Long, and Thanks for All the Fish- මේක ඇත්තටම Douglas Adams විසින් ලියපු පොතක්.

#2- මෙතනදි අපිට ඉස්සරහට legends of tomorrow show එකේ බලාගන්න පුලුවන් hawkgirlව බලාගන්න පුලුවන්.

#3- මෙතනදි eobard rip hunterව නම් කරා. මෙයාවත් legends of tomorrow එකේ බලාගන්න පුලුවන්.

#4- flash අතීතෙට යද්දි පෙන්න්පු දේවල් වලින් එකක්. මෙතනදි අපිට දකින්න පුලුවන් barry හිරගෙදර ඉන්නවා. මේකත් සමාන්තර ලෝකෙකට සම්බන්ධ වෙන්න පුලුවන්.

#5- Cisco eobard එක්ක කතාකරන කොට එයා පැහැදිලි කරන ciscoටත් powers ලැබුන කියලා particle accelerator එක පිපුරුන දවසෙ. එයාගෙ vibration powers නිසා තමයි එයාට පුලුවන් උනේ කලින් timeline එකේ එයා මැරුන හැටි දකින්න හීනයක් විදිහට. මේක පාවිච්චි කරලා ඉස්සරහට වෙන ලෝක වලින් ආපු අයව හදුන ගන්න ciscoට පුලුවන් වෙයි.

#6- මෙතනදි අපිට killer frost දැකබලාගන්න පුලුවන්.

#7- jay garrick(golden age flash )ගෙ helmet එක.

#8- Flash museum එක සහ flash statue එක

#9- legends of tomorrow එකේ scene එකක්

#10- May the “speed” force be with you- star wars එකේ කොටසක්

#11- Excelsior- මෙතනදි stan lee ගැන විතරක් නෙවේ star trek එකේ එකේ එන starship ( USS Excelsior (NCC-2000)එකක් ගැනත් අදහස් වෙනවා. ඒවගේම marvel වල Runawaysවල එන support group එකක් තමයි excelsior කියන්නෙ.

‪#‎Kyle_Rayner‬

https://www.facebook.com/slcomicscript

11350864_1595659950717011_860267940624419261_n

Comic Script (144 Posts)


One thought on “The flash episode 23- Fast enough ( Season finale )‪ #‎Spoiler_Warning‬

  • May 22, 2015 at 4:10 PM
    Permalink

    සුපිරි.. මට Killer Frost ගැනනම් ටිකක් අපැහැදිලි. මන් එයා ගැන දන්නේ නැහැ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *