ABCD 2 — Any Body Can Dance 2 | පූර්ව ප්‍රචාරක පටය සිංහල උපසිරසි සමඟ

ඔන්න මම අද අරගෙන එන්නේ කවුරුත් දන්නා චිත්‍රපටියක් ගැන කියන්න. ABCD කිව්වම දන්නවා ඇති නේ. ප්‍රභූ දෙවා අයියගේ වැඩ කෑලි සපිරි සුපිරි ෆිල්ම් එකක් කියලා. පලවෙනි එක වගේම දෙවැනි එක අධ්‍යක්ෂණය කරන්නේ Remo D’Souza විසින්.  නිෂ්පාදනයත් පෙර පරිදිම Siddharth Roy Kapoor විසින්. මේ සැරේ නිෂ්පාදනය සඳහා Disney Pictures කස්ටියත් එක් වෙලා තියෙනවා. දන්න අය දන්නවා ඉතින් ඩිස්නිලාගේ වැඩක් නම් ඉතින් බලන් ඉන්න ආසයි කියලා. මේකේ යන්නේ නර්තනය සම්බන්ධ කතාවක්.
unnamed (2)
පලවෙනි එකේ වගේම මේකෙත් ප්‍රභූ දෙවා රංගනයෙන් එකතු වෙනවා. ඊට අමතරව ප්‍රධාන චරිත සඳහා වරුන් ධවාන් සමගින් සුරූපී ශ්‍රද්ධා කපූර් එකතු වෙනවා.

දෙන්නම දක්ෂ නර්ථන ශිල්පීන් කියලා ඔයාලාට දැකගන්න පුළුවන් වෙන්න ඇති පසුගිය දවස් වල තිබුන ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙල බැලුවනම්. වරුන් ධවාන් එතැනදී මේකට ඇඩ් එකක් එහෙම දැම්මා මතක ඇතිනේ. ඊට අමතරව Lauren Gottlieb, Raghav Juyal සහ Dharmesh Yelande මේකට තමන්ගේ රංගනය මුසු කරලා තියෙනවා. මේකේ ලස්සන සිංදු කිහිපයක් එහෙම තියෙනව කියලත් ආරංචියි මට.
unnamed (3)
චිත්‍රපටිය ජුනි 19 නිකුත් වෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ..

ඉතින් ඔන්න සිංහල උපසිරසි එක්ක පූර්ව ප්‍රචාරක පටය මම ඔයාලට උස්සගෙන ඇවිත් තියෙනවා. ඒකත් බලාගෙන පරිස්සමට යන්න කියන ගමන් මමත් ඔන්න යනවා. හැමෝටම ජයෙන් ජය..!!

unnamed (4)

තාරක නුවන් දිල්හාර (71 Posts)


Leave a Reply

Your email address will not be published. Required fields are marked *