DC’s Legends of Tomorrow | First Look Trailer | The CW

අනේ මන්දන්නෑ මේ කොමික් කාරයො හින්දා මටනම් පිස්සු හැදෙන්නෙ නැතුව විතරයි..!
මෙච්චරකල් Furious 7 & Avengers 2 වගේ ෆිල්ම් ටිකක් එනකම් ඉවසගෙන හිටියා. ඒ අස්සේ ලබන අවුරුද්දේ එන Batman v Superman Dawn of Justice වගේ සුපිරි එවුවා ටිකක් ගැනත් ඔලුවෙ තියනව.ඒ මදිවට මෙන්න බොලේ තවත් පට්ට පතුරු, සුපිරිම සුපිරි TV Series එකක් එන්න මග බලාගෙන ඉන්නවා කියලා දැනගන්න ලැබුණා. දැන් ඉතින් ඒක එනකනුත් ඉවසං ඉන්න එපායැ…!!
unnamed (1)
මාතෘකාවෙ මුල දැක්ක ගමන්ම අදහසක් එන්න ඇතිනෙ? ඔව්, මේක DC ලගෙ Arrow, Flash,The ATOM, Firestorm වගේ ෆ්ලෑශ් ටෙලි කතා මාලාවේ ඉන්න වීරයො සෙට් එක එහෙම ඉන්න තවත් අළුත් එකක් (spinoff). හැබැයි ඉතින් මේකෙත් ඒකෙ ඉන්න Captain Cold, Heatwave වගේ සුපිරි දුෂ්ටයොත් ඉන්නවා. නමුත් මේකෙදි ඔවුන් එකතුවෙලා කණ්ඩායමක් විදියට සටන් කරනවා.ම්..,ඒ මොකද? ඒ මොකද කිවුවොත් කාලතරණය ගැන අපි දන්නවනේ. මේ අනාගතයෙන් ආපු කාලතරණය කරන තක්කඩියෙක් සුපිරි වීරයින්ගෙයි දුෂ්ටයින්ගෙයි දෙගොල්ලගෙම තනි කණ්ඩායමක් හදනවා.ඒ මේ ග්‍රහලෝකයට අනාගතයෙදි  වෙන නොවැළැක්විය හැකි තර්ජනයකට මුහුණ දෙන්න.
unnamed
පසුගිය 14 වැනිදා නිල වශයෙන් නිකුත් වුණ පූර්ව ප්‍රචාරක පටය බලලා ඉන්නකෝ…
ඉතින් ඔය විදියට මොකද වෙන්නෙ කියල දැනගන්න නම් 2016 වසර පමණ වනවිට CW නාලිකාවෙ තිරගත වෙන DC’s Legends of Tomorrow කියන ටෙලි කතා මාලාව බලන්න එනකම් ඉවසගෙන ඉන්න වෙයි…
                            
                    ජයෙන් ජය..! නැවත හමුවෙමු..!! 
Hashan Maduwantha (20 Posts)


8 thoughts on “DC’s Legends of Tomorrow | First Look Trailer | The CW

  • May 22, 2015 at 3:49 PM
    Permalink

    අදහස්වලට හැමෝටම ස්තූතියි..!
    තමන් දන්න වැදගත් දේවල් අනිත් අයටත් කියන්න දෙපාරක් හිතන්න එපා….

  • May 22, 2015 at 3:47 PM
    Permalink

    සමහරවිට ඔක්තෝබර් විතර වෙයි…
    දිගටම බයිස්කෝප් අඩවියත් එක්කම ඉන්න…

  • May 22, 2015 at 7:06 AM
    Permalink

    thawama dinayak deela naha

  • May 21, 2015 at 1:27 PM
    Permalink

    ARROW season 4 enne kavada………………….

  • May 20, 2015 at 11:45 PM
    Permalink

    මචන් ඔය image එක DC’s Legends of Tomorrow එකේ එකක් නෙමෙයි. එක ඇරෝ ෆ්ලෑෂ් දෙකේ වීරයෝ හතුරෝ කට්ටිය එකතු කරලා හදපු වීඩියෝ එකක එකක්. මෙන්න වීඩියෝ එක.
    https://www.youtube.com/watch?v=8XE_jH2eQl4

    කොහොම උනත් ලිපියට තුති. මේක එනකන් ඉවසිල්ලක් නැහැ. මන් මේ මග බලාගෙන ඉන්නේ ඇරෝ ෆ්ලෑෂ් දෙක දැන් ඉවරනේ ඊළගට එන කතාව මොකක්ද කියල. SuperGirl කියල Superman (Clark Kent)ගේ සහෝදරියකගේ කතාවක් එනවලු. එක එයිද දන්නේ නැහැ ඊලගට. ඇත්ත තමයි මේ ෆිල්ම් හදන උනුයි කොමික් කාරයොයි නිසා අපිට පිස්සු හිල නවතින්නේ.. :p

  • May 20, 2015 at 6:14 AM
    Permalink

    අර ඈත කෙලවරේ රාස් අල් ගුල් මොකෝ කරන්නේ?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *