Arrow – 03×23 – My Name Is Oliver Queen

ඇරෝ කතා මාලවේ සීසන් 3 අවසානය. මුලින්ම කියන්න ඕනේ අපි බලාපොරොත්තු උණු තරමට නම් සීසන් 3 අවසානය සාර්ථක උනේ නැ. මේක ගැන කට්ටිය කොච්චර අවධානයෙන් හිටියාද කියනවා නම් ඇරෝ කතාව විකාශය වෙන්න කලින් ට්විටර් සමාජ ජාලයේ වර්ල්ඩ් වයිඩ් ට්‍රෙන්ඩ් වල මුල් 10 ඇතුලත තිබ්බා ඇරෝ සීසන් 3 ෆිනාලේ කියන වචනය. හැබයි ගිය සතියේ දැක ගන්න හම්බුනු ගෝතම් කතාවේ අවසානය, මේ සතියේ දකින්න හම්බුනු ශිල්ඩ් කතාවේ අවසානය ගත්තාම ඇරෝ කතාවේ අවසානය ගොඩක් පිටිපස්සෙන් තිබ්බේ. මේකට ප්‍රධානම හේතුව උනේ පහුගිය කොටස් වලින් ඇරෝ කතාව ගොඩක් දුර දිග ගෙනිච්චා. ඒ හින්දාම තමයි ෆ්ලෑෂ් මේ යුනිවර්ස් එක ආපස්සට හරවනවා කියලා කතාවක් පවා ඇති උනේ. මොකද සීසන් 3 තුල දී ඇති කරපු තත්තවය හරි ගස්සන්න ලේසි නැති හින්දා. ඒ සාධක යටතේ බලපුවාම නම් හැබයි මේ වගේ අවසානයක් කියන්නේ ඇත්තටම වටිනවා. අපි බලමු අද දවසේ කතාවේ මොකද සිද්ධ උන විශේෂ දේවල් කියලා,

1. ටීම් ඇරෝ කණ්ඩායම ගිය සතියේ ඇල්ෆා – ඔමේගා වලට නිරාවරනය උණා. හැබයි මේ සතියේ දී දැන ගන්න හම්බුනා ඒකත් ඔලිවර් ගේ මාස්ටර් සැලසුමේ කොටසක් කියලා. කොහොමත් මේ කාරණය අපි අපේක්ෂාවෙන් හිටපු එකක් නේ

2. ඇරෝ කතාවේ මේ සතියේ විශේෂම කාරණය තමයි ෆ්ලෑෂ් ඇවිත් උදව් කරන එක. ඒ වගේම ෆ්ලෑෂ් එකතු වුන එකෙන් කතාවට විනෝද ජනක ස්වභාවයක් ඇති උනා. මෙතන තියන ගැටලුව තමයි මේ කතා දෙකේ කාල රාමුව පොඩ්ඩක් පැටලිලි සහගතයි. ෆ්ලෑෂ් කතාවට ඔලිවර් සහභාගී උනේ කවද්ද කියන කාරණය ඇත්තටම ලොකු ගැටලුවක්. ඊයේ ෆ්ලෑෂ් කතාව මතක ඇතිනේ. ෆ්ලෑෂ් ඔලිවර් සම්බන්ධ කරගන්න හැදුවාට හරි ගියේ නෑ. ඔලිවර් ඉන්නේ Nanda Parbhat වල නේ. ඒ කියන්නේ ඔලිවර් තියා සනීප කරගන්න ගිය ගමන වෙන්න ඕනේ. එතකොට ඊයේ ෆ්ලෑෂ් එකට ඔලිවර් එන්නේ ලයිලා පැහැරගෙන ගිය කාල වකවානුවක දී කියන එක තමයි තර්කානු කුල. එතකොට අද ෆ්ලෑෂ් එන්නේ ඊයේ කතාව ඉවර උණු ගමන් වගේ හිතුනට තර්කානු කුලව ගත්තාම ටික දවසකට පස්සේ. මොකද අපේ නිගමන වල හැටියට ඒ අතර වාරයේ දී ඔලිවර් ගේ විවාහය එහෙමත් සිද්ද වෙන්න ඕන නේ. කාල සිමා ගැටලුව පැත්තකට දැම්මොත් මේ ක්‍රොස් ඕවර් එක ඇත්තටම කතා දෙකටම ලොකු අගයක් එකතු කළා.

3. වයිරස් එක ස්ටාර්ලින් සිටි වලට ගෙනියන ගුවන් යානය විනාශ කරන්න ඔලිවර් උත්සාහ කරනවා. මේකට නිසා ගේ සහයත් හම්බෙනවා. පස්සේ හෙළිවෙන විදිහට මෙතනින් පණ බේරාගන්න උවමනාවක් ඔලිවර්ට තිබිලා නෑ. තමන් ගේ මරණය නියතයි කියලා දැන දැන උනත් රාජකාරිය අකුරට ඉටු කරන්න ඔලිවර් උත්සාහ දරනවා. මට මෙතන දී මතක් වෙන්නේ ඉන්ජස්ටිස් කතා වේ දී ඔලිවර් ක්වින් මැරෙන විදිහ. තමන්ගේ ජීවිතය අවසානයි කියලා දැන දැනම උනත් කරන්න ඕන දේ කරනවා.

4. සතුරු මිතුරු කණ්ඩායම, අලුත් පරන යාලුවෝ සේරම එකට එකතු වෙනවා. ඒ පොදු හතුරා පරදවන්න. හැබැයි කතාව පුරා ගෙන ගියපු අඳුරු තේමාව මෙතන දී හොඳටම දැනෙනවා. ඔලිවර් ගේ ළඟම අයට පවා ඔලිවර් ගැන විශ්වාස කරන්න බෑ දැන්. (නිසා සහ ඔලිවර් දෙන්නා ඇත්තමට බැඳලා වගේ නේ හැබයි මෙතන දී)

5. ඇරෝ සීසන් 4 මොන වගේ ද කියන එකට පිළිතුරක් දෙන තැනක් විදිහට ඩේමියන් ඩාර්ක් හොයා ගෙන යන අවස්තාව හදුන්වන්න පුළුවන්. අපි කලින් ලිපියක විස්තර කෙරුවා වගේ ඩේමියන් ඩාර්ක් ඇරෝ වලට එන්නේ H.I.V.E. එකත් එක්ක. ගොඩක් දුරට සීසන් 4 ප්‍රධාන දුෂ්ටයා වෙන්නේ ඩේමියන් කියලයි කතාව යන්නේ.

6. අද කතාවේ දැකපු වටිනාම අවස්තාව තමයි තියා, ස්පීඩි බවට නිල වශයෙන් වැඩ භාර ගත්ත එක. ඊළඟ සීසන් එකේ දී මෙයාට ලොකු වැඩක් කරන්න තියනවා වගේ. ඇල්පා – ඔමේගා වයිරස් එකෙන් නගරය බේරා ගන්න තියා ගේ උදව්වත් වැදගත් උනා.

7. ඇල්පා-ඔමේගා ගැන කියද්දී අතීත කතාව ගැන සඳහනක් නොකරම බෑ. ඔලිවර්, මෙසයෝ, තට්සු තුන්දෙනා මාර්ග තුනක යනවා. හැබයි ඔලිවර් සිත් පිත් නැති ඝාතකයෙක් (සීසන් 1 වල හිටපු විදිහේ චරිතයක් ) බවට පත් උනේ කොහොමද කියලා පෙන්වනවා.

8. වෙනස් තත්ත්ව යටතේ දී ඔලිවර් සහ Ra’s අතර සටන ආපහු පැවැත්වෙනවා. කතාවේ උද්වේගකාරිම අවස්තාව. කලින් සටනේ ප්‍රතිපලයට වඩා වෙනස් ප්‍රතිපලයක් තමයි මේ පාර හම්බෙන්නේ. සිද්දිය සරලව කියනවා නම් ඔලිවර්, Ras මරලා ඒ තනතුරට පත් වෙනවා.

9. ඔලිවර් ජලාශයෙන් වැටෙද්දී ඇවිත් බේරා ගන්නේ ෆෙලිසිටි. ඒ රේ ගේ කිට් එක භාවිතා කරලා. හැබයි කොමික් වල නම් රේ ගේ කිට් එක භාවිතා කරපු අය යහපතක් නම් කරලා නෑ. හැම වෙලේම ලොකු ප්‍රශ්නයක් ඇති කෙරුවා මිසක්.

10. රේ පාමර් එයාගේ කිට් එක අත්හදා බලද්දී සිද්ද වෙන පිපිරිම ගොඩක් අයගේ අවධානය දිනා ගත්තා වෙනවා. කොහොමත් මේ පිපිරීමෙන් රේ පාමර් මිය යන්නේ නෑ. මොකද අලුත් කතා මාලාවේ රේ පාමර් ඉන්න හින්දා. හැබයි එයාගේ කුඩා කිරීමේ යාන්ත්‍රනය මෙතනින් ආරම්භ වෙන්න පුළුවන්.

11. කතාවේ හරය විනාශ කරපු ප්‍රධානම අවස්තාවක් තමයි ඔලිවර් තමන්ගේ Ra’s තනතුර මර්ලින් ට ලබා දෙන එක. නිසා ගේ සැකය හරිනම් මර්ලින් ගේ මුල ඉදන්ම තිබුණු සැලසුම තමයි මේ. හැබයි සීසන් එක පුරා දේවල් අවධානයෙන් බැලුවොත් මේක මහා පැටලිලි සහගත සැලසුමක්. ඒ මොනවා උනත් දැන් ලිග් එකේ නායකයා Ra’s වෙන්නේ මර්ලින්. අපිට තියන සහනය තමයි ඒ පැත්තෙන් අනතුරක් ආයේ මතු වෙන්නේ නැතිවෙයි කියන කාරණය. හැබයි සුළු කාලයක් ඇතුලත Ra’s තුන් දෙනෙක් දකින්න හම්බෙනවා කියන්නේ නම් ලේසි වැඩක් නෙවේ.

12. ඔලිවර් සහ ෆෙලිසිටි යන නගරය ගැන හිතෙන්නේ මොකක්ද. මේ සීසන් එක පුරාම සැරින් සැරේ කතා කරපු කෝස්ට් සිටි එහෙමත් නැතිනම් ග්‍රීන් ලන්ටර්න් වරුන් ගේ නගරය. හැබයි මේකෙන් කියන්න බෑ අපිට ඊලඟ සිරිස් එකේ හැල් දකින්න හම්බෙයි කියලා. මොකද ෆ්ලෑෂ් එකේ සඳහන් කරපු කරනු අනුව මේ වෙද්දී හැල් පෘතුවියේ නෑ කියන නිගමනයට තමයි එන්න වෙන්නේ. කොහොමත් ග්‍රීන් ලැන්ටර්න් වගේ චරිතයක් cw එකට ලබා දෙන්න තියන ඉඩ කඩ ගොඩක් අඩුයි. හැබයි අපිට කැරොල් ෆෙරිස් එහෙමත් නැතිනම් හැල් ගේ පෙම්වතියවත් දකින්න හම්බුනොත් ඒක ලොකු දෙයක්.
මෙතනින් සීසන් 3 ඉවර උනාට සීසන් 4 තව මාස 5කින් වගේ පටන් ගන්නවා. හැබැයි සීසන් 3 ඉවර වෙන්නේ ගැටළු කිහිපයක්ම ඉතිරි කරලා. එකක් තමයි රේ පාමර් ට ඇත්තටම මොකද වෙන්නේ කියන එක. අනිත් කාරණය තමයි ස්ටාලින් සිටි වල ඇරෝ කියන චරිතයක් දැන් ඉන්න විදිහක් නෑ. ආයෙත් සැරයක් ඇරෝ සංකල්පය ගේන්නේ කොහොමද කියන ගැටලුව තියනවා. ඒ වගේම ඔලිවර් ගේ අතීත කාලයේ සිද්දියෙන් තව අවුරුදු 2ක් ඉතිරි වෙලා තියනවා. මේ කාල සීමාව ගැන පැහැදිලි කිරීමක් කරන්න වෙනවා. මේ සේරටම පිළිතුරු හොයා ගන්න නම් අපිට සීසන් 4 එනකල්ම ඉන්න වෙනවා. එහෙනම් සීසන් 4 වලින් කට්ටිය ආපහු හම්බෙමු.

#attila_THE_hun

https://www.facebook.com/slcomicscript

2

Comic Script (144 Posts)


One thought on “Arrow – 03×23 – My Name Is Oliver Queen

  • May 23, 2015 at 4:51 PM
    Permalink

    injustice film ekak thiynwda?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *