The flash episode 22- Rogue air #Spoiler_warning

1- eobardගෙ කාලෙට ආපහු යන්න ලැබුන බස් ටිකට් එක තමයි particle accelerator එක. බස් එකෙන් අනාගතේට යන්න පුලුවන්ද confused emoticon කෝහෝමහරි මේක පාවිච්චි කරලා අනාගතේට යන්නෙ කොහොමද කියන එක දැනගන්නනන් ලබන සතිය වෙනකන් ඉන්න වෙනවා. ඒත් බයවෙන්න එපා හැමදාම වගේ ඉස්සරහට සිද්ද වෙන දේවල් ගැන කතා කරන එක මගෙ පුරුද්දක්නෙ ඒක නිසා මේක ගැනත් කතා නොකර බෑ. ඒවගේම කියන්න ඕනා සමහර වෙලාවට මේ කියන දේවල් හරියනවා වගේම සමහර වෙලාවට වැරදිඒක නිසා ගොඩක් බලාපොරොත්තු තියාගන්න එපා ඈ. තව දෙයක් මේක ඇත්තටම මගෙ අදහසක් නෙවේ ඒකනිසා වැරදිනම් මට බයින්න එපා හරිය. මට හිතන්නෙ මේ අදහස වැරදිමත් නෑ ඒක නිසයි අපි හිතුවෙ මේක ගැන කතා කරන්න.(මෙතන සමහර කොටස් මන් දාපුවා ඒක නිසා බනිනවනම් මටත් සුට්ටක් විතර බනින්න ඈ නැත්තන් හරි නෑනෙpacman emoticon ) Speedstersලත් හරියටම superman වගේ ජීවත් වෙන බැටරියක්. Supermanට එයාගෙ powers එන්නෙ සූර්යාලෝකයෙන් වගේම speedstersලට එන්නෙ speed force එකෙන්. ඒවගේම එයාලාගෙ powers පාවිච්චි කරන කොට ටිකෙන් ටික මේ powers බහිනවා. උදාහරණයකට superman එයාගෙ heat vision එක පාවිච්චි කරද්දි එහෙමත් නැත්තන් හොදම උදාහරණය තමයි supermanගෙ අලුත්ම power එක පාවිච්චි කරාට පස්සෙ එයාට ආපහු recharge කරගන්න ටික වෙලාක් යනවා ( දවසක් විතර ) ඒවගේම speedstersලටත් විශේෂයෙන්ම කාලය හරහා ගමන් කරද්දි ගොඩක් speed force energy වැය වෙනවා ඒවගේම ඒවගේම අවුරුදු 500ක් ඉස්සරහට යනවට වඩා දවසක් ඉස්සරහට යන්න වැය වෙන sp energy ප්‍රමාණය අඩුයි. ඒවගේම කාලය හරහා ගමන් කරන කොට වේගය ඉතාමත් වැදගත් මොකද තමන්ගෙ වේගය අනුව තමයි අවුරුදු කීයක් ඉස්සරහට හෝ පස්සට ගමන් කරන එක තීරණය වෙන්නෙ. Barryට තාම අවුරුදු ගනන් ඉස්සරහට හෝ පස්සට යන්න බෑ මොකද barryගෙ වේගය තාමත් අඩුයි. ඒවගේම eobard barryව මරන්න ආපු දවසෙ එයාගෙ speed force energy ගොඩක් නැති උනා. ඒවගේම මතක හැටියට gideon කිව්වා eobardව speed force එකෙන් වෙන් උනා කියලා ඒක නිසා තමයි eobardට tachyon device එක ඕන උනේ ගොඩක් දුරට ආපහු speed force එකත් එක්ක සම්බන්ධ වෙන්න. ඒ අතර තුර එයාගෙ රෝද පුටුවේ තිබුන device එකෙන් තාවකාලික speed force energy ලැබුන. ඒකයි එයාත් පුලුවන් උනේ tachyon prototype එක ලැබෙන්නත් කලින් ඉදන් වේගෙන් දුවන්න පුලුවන් උනේ. ඒවගේම particle accelerator එක එයාගෙ රෝද පුටුවෙ තිබුන device එකේ වගේ ලොකු device එකක් වෙන්න පුලුවන්. මේකෙන් මෙයාට ගොඩක් speed force energy ලැබුනොත් මෙයාට පුලුවන් ආපහු එයාගෙ කාලෙට යන්න.
2/3- cold, captain cold. මේක තමයි cold හිටපු හොදම episode එක වෙන මුකුත් කියන්නෙ නෑමයි. මේකෙදි Flashට සිද්ද වෙනවා එයාගෙ ලොකුම හතුරන්ගෙන් එක්කෙනෙක් වෙන captain cold එක්ක වැඩ කරන්න. ඒවගේම flashට ගොඩක් හොද පාඩමක් ඉගෙන ගන්න ලැබෙනවා. ” කවදාවත් අපරාධ කාරයෙක්ව ඕනාවට වඩා විශ්වාස කරන්න එපා ” ඒවගේම ටිකෙන් ටික rogues team එක ගොඩනැගෙනවා. ඒත් දැම්ම rogues team up එකක් බලාගන්න වෙන්නෙ නෑ මොකද captain cold සහ heat wave දෙන්න අලුතෙන් එන spin off show එකට( legends of tomorrow ) යන හින්දා. ඒකියන්නෙ ආපහු මේ දෙන්න flash එකට එන්නෙ නෑ කියන එක නෙවෙයි ඒත් මෙයාලව දකින්න ලැබෙන අවස්ථාවන් අඩු වෙන එක.
4- Flash ring එක හහ්. තාම flashට ring එකක් ලැබුනෙ නැති එක ගැනනම් එච්චරටම සතුටක් නෑ. eobardට ring එක suit එක වගේ හැම දෙයක්ම හම්බෙන්නෙ time capsule එකකින්. ඒත් show එකේ ලැබුන විදිහනම් තාම දන්නෙ නෑ. කොහොමහරි eobard බුද්ධිමතා ඒක නිසා එයාම නිර්මාණය කරා වෙන්නත් පුලුවන්.
5- oliver මන් හිතුවට වඩා හොද fight එකක් දුන්න eobardට. ඒවගේම eobard oliver කොච්චර කල් ජීවත් වෙනවද කියනවා. ඒක පොඩි ඉඟියක් oliver, ras වෙන්නෙ නෑ කියලා පෙන්නන්න.
6- epic team up grin emoticon වෙන මොනවා කියන්නද සුපිරි ඇරෙන්න. Firestorm, ආපහු ආපු එක ගැන ගොඩක් සන්තෝසයි.
7- Green lantern ඕ යෙස්. test pilot කෙනෙක් නැති උනා කිව්වම කාටද කියමු බලන්න Halව මතක් උනේ. Green lantern cw universe එකේ ඉන්නවා කියන එක මේකෙන් ඔප්පු වෙනවා වගේම මේ වෙනකොට hal oa වල kilowog එක්ක පුහුණුව පටන් අරන් හෝ ඉවර කරලා ඇති. හැබැයි දැන්ම green lanternව දකින්න බලාපොරොත්තු තියාගන්න බෑ මොකද විශේෂයෙන්ම jla සහ green lantern movie එකක් එන්න තියෙද්දි hal වගේ ලොකු චරිතයක් tv universe එකට දෙයි කියලා හිතන්න අමාරුයි.
#Kyle_Rayner

 

123

Comic Script (144 Posts)


Leave a Reply

Your email address will not be published. Required fields are marked *