Arrow – 03×22 – This is Your Sword **Spoilers**

ඇරෝ කතා මාලාවේ මේ දක්වා විකාශය වුණු කතා තේමාවත් එක්ක මේ සතියේ කොටස පොඩි පසු බෑමක් තියනවා කිව්වොත් අපේ යාලුවෝ එකඟ වෙයිද දන්නේ නෑ. ආපහු පරණ පුරුදු ඔලිවර් යම් තාක් දුරකට හරි දකින්න ලැබුණු එක (ඒක එහෙම වෙන්න ඕන නේ) සතුටට කරුණක් උණාට ඒ සඳහා යොදා ගත්ත ක්‍රමය පොඩ්ඩක් හොඳ මදි වගේ. මොකද ඒකෙන් උනේ පහුගිය සති කිහිපය පුරාම ගොඩ නගාගෙන ආපු කතා තේමාවේ ප්‍රබලත්වය අඩු උණ එක. හැබයි ඒ කාරනාව අමතක කෙරුවොත් මේ සතියේ කොටස ඇත්තටම හොඳ කොටසක්. ඒ වගේම කතාවට විශාල වැදගත් කමක් ලබා දුන්න එකක්. අපි බලමු මේ සතියේ කතාවේ වැදගත් දේවල් මොනවාද කියලා

1. ගිය සතියේ පැහැදිලි කරපු විදිහට Wareeth ට සිද්ද වෙනවා එයා ගේ නගරය විනාශ කරන්න. Ra’s ඒකට යොදා ගන්නේ අතීත කතා මාලාවේ දී අපිට හම්බෙන Alpha & Omega වයිරස් එක. මෙතන දී සිද්ද වුණු බලාපොරොත්තු නැති සිදුවීම තමයි මේ වයිරස් එක Ra’s ගෙනත් දෙන්නේ මෙසායෝ කියන කාරණය.

2. කතාවේ හැරවුම් ලක්ෂය උනේ මේ සිදුවීම කියන්න පුළුවන්. ඒ තමයි මර්ලින් සහ Wareeth ගේ මුණ ගැසීම. මේ සිදුවීම ඇත්තටම හිතට සහනයක් උනාට මුලින් විස්තර කරපු අන්දමට මේ දක්වා කතාවේ ගොඩ නගා ගෙන ආපු ආකෘතිය වෙනස් උනා. මෙතන කියන විදිහට නම් ඔලිවර්, wareeth විදිහට හැසිරෙන්නේ රහසිගත සැලසුමක් තියාගෙන. එයා මේ හැම දෙයක් ම කරලා තියෙන්නේ Ra’s ගේ සැලසුම විනාශ කරන්න.

3. රේ පාමර්, ෆෙලිසිටි ට කියලා අත්සන් කර ගත්ත ලිපිය අයිතිය වෙනස් කිරීමක් ගැන සඳහනක්. උවමනාවෙන් බැලුවොත් එක පටන් ගන්නේ I, Ray Palmer as CEO of Palmer Technology ….. විදිහට. ඒකේ තේරුම මේක පාමර් ටෙක්නොලොජි වල දෙපලක් ගැන. ගොඩක් වෙලාවට සම්පුර්ණ සමාගම වෙන්නත් පුළුවන්. හිතෙන විදිහට නම් ෆෙලිසිටි ට තමයි මේක පවරන්නේ. ගැටලුව තියෙන්නේ ඇයි එහෙම කරන්නේ කියන එක. ඒකට දෙන්න තියන පැහැදිලි කිරීම තමයි CW ලගේ අලුත් ටීවී සිරිස් එකට රේ ඇතුලත්. ඒ වගේම කතාව ස්ටාර්ලින් සිටි පාදක කරගන්නේ නැති වෙයි. ඒ හින්දා රේ අයින් කරන්න සිද්ද වෙනවා.

4. මර්ලින් සහ ඔලිවර් ගේ සැලසුමට උදව් ගන්න ටීම් ඇරෝ එක සම්බන්ද කර ගැනීමේ වගකීම තියෙන්නේ මර්ලින් ට. මේක ලේසි වැඩක් නෙවේ පහුගිය කාලේ දේවල් එක්ක බලන කොට. Tatsu ගේ මැදිහත් වීම වැදගත් වුනේ මෙතන දී.

5. Tatsu Yamashiro (නිව් 52 වලට අනුව Tatsu Toro කියලාත් කියනවා) එහෙමත් නැතිනම් Katana කියන්නේ මෙසායෝ ගේ බිරිඳ. එයා අති දක්ෂ සටන් ශිල්පිනියක්. මේ දෙන්නාට නිවුන් දරුවෝ දෙන්නෙක් ඉන්නවා. (ඇරෝ එකේ ඉන්න අකියෝ ගැන සඳහනක් නම් නෑ හැබයි) දරුවෝ දෙන්නාගේ සහ ස්වාමියා ගේ මරණයෙන් පස්සේ මෙයා Outsiders කියන කණ්ඩායමට එකතු වෙනවා. පස්සේ කාලෙක Birds of Prey,Suicide Squad වගේ කණ්ඩායම් වලත් ඉන්නවා. අපිට ඇරෝ කතා වේ දකින්න හම්බුනේ නිව් 52 එකේ දී කටානා ගේ කොස්ටියුම් එක. කෙලින්ම කටානා කියලා හැදින්වීමක් තිබ්බේ නැති උනාට එයා කඩුව හැදින්වුවේ කටානා එකක් කියලා.

6. මේ කඩුව ත් ඇත්තටම ගොඩක් විශේෂයි. මේකට කියන්නේ Soultaker කියලා. මේකෙන් පහරක් වැදිලා මිය යන කෙනෙක් ගේ ආත්මය ඒ කඩුව ඇතුලේ හිර වෙනවා. කඩුව අතේ තියාගෙන ඉන්න කෙනාට මේ ආත්ම එක්ක සම්බන්ද වෙන්න හැකියවක් තියනවා.

7. Ra’s , නිසාට එයාගේ අම්මා ගැන කියන වෙලාවේ හදුන්වා දෙන්නේ Ameena Raatko කියලා. ඇත්තටම නිසා ගේ නම කොමික් වල විදිහට නම් Nyssa Raatko. Ra’s ගේ ආදර සම්බන්ධයක් හින්දා තමයි මෙයා උපදින්නේ. පොඩි කාලේ තාත්තා ගැන දන්නේ නැතුව අම්මාත් එක්ක තමයි හැදෙන්නේ. පස්සේ ඇත්ත දැන ගත්තට පස්සේ මෙයා එනවා තාත්තා හොයා ගෙන. Nyssa al Ghul කියන නම භාවිතා කරන්නේ ඊට පස්සේ. මෙතන දී නම් මේ දක්වා නම් නිසා ගේ අතීත කතාව ගැන වැඩි දෙයක් කිය වෙන්නේ නෑ. මේ තමයි පලවෙනි වතාව.

8. පැත්තක ඉදලා රේ පාමර් සටනට එකතු වෙනවා. තවමත් මාවල් අයන් මෑන් ගේ චරිතය රඟ පානවා මිසක් රේ ගෙන් ලොකු වැඩක් ගන්නේ නෑ. හදිස්සියකට භාවිතා කරන්න තියා ගෙන ඉන්න කෙනෙක් විතරයි. හැබයි ඉස්සරහට එන අලුත් කතාවත් එක්ක මේ තත්ත්වය වෙනස් වෙයි

9. Tatsu අතින් එයාගේ ස්වාමියා මෙසායෝ මැරෙන එක නම් අද කතාවේ තිබ්බ ප්‍රබලම අවස්තාවක්. කොමික් වල දී මෙසායෝ මැරෙන්නේ tatsu අතින් නොවුනත් එයාගේ Soultaker කඩුවෙන්. ඒ වගේම බ්ලැකස්ට් නයිට් එකේ දී මෙසයෝ මරණයෙන් ආපහු ගෙන්වපු අවස්තා වේ දී tatsu, Soultaker එකෙන් පහර දෙනවා. එතන දී අරමුණ වෙන්නේ මෙසයෝ නිදහස් කරන එක. එක අතකින් බලන කොට ඇරෝ කතා මාලවේ මෙසායෝ පත් වෙලා ඉන්නේත් මිට සමාන තත්ත්වයකට.

10. රෝයි ගේ චරිතය පොඩි දර්ශනයකට ආපහු ගෙන්වනවා. ඒ ඇරෝ කතාවේ ඉස්සරහට තියා ගේ චරිතය වෙනස් වෙන්න ඕනේ කොහොමද කියලා පැහැදිලි කරන්න. ගිය සතියේ තියා ගේ කොස්ටියුම් එක කොළ පාට උණු එක ගැටලුවක් උනානේ. හැබයි මේ සතියෙන් ඒක විසදුනා. ඒ රෝයි ගේ ඇදුම තියා ට භාර දුන්න හින්දා. ඒ කියන්නේ තියා ඉස්සරහට අපිට දකින්න පුළුවන් Speedy විදිහට. හැබයි රෝයි, රතු පාට කියන්නේ තියාගේ පාට කිව්වත් ඒක රෝයි ගේත් පාට. මොකද රෙඩ්ඇරෝ, ආසනල් චරිත දෙකම අපිට දකින්න පුළුවන් රතු පාට ඇදගෙන ඉන්නවා.

11. ටීම් ඇරෝ එකේ සේරම දෙනා සිර කරලා වයිරස් එකට නිරාවරනය කරනවා. දැනට නම් මේ වයිරස් එකට ප්‍රතිනාශකයක් නෑ. ඒ පැත්තෙන් බලපු වාම නම් මේක ලොකු ගැටලුවක්. ලබන සතියේ දී තමයි මේකට පිළිතුර බලාගන්න වෙන්නේ

12. අතීත කතාවේ දී අකියෝ මැරෙනවා. මේක අපි ගොඩක් කල් ඉදන්ම දැන ගෙන හිටියා හින්දා ලොකුවට දැනුනේ නෑ. එහෙම නැති උනා නම් මේක ගොඩක් ම සංවේදී අවස්ථාවක් කතාවේ තියන

13. ඔන්න ඒකත් ජය ශ්‍රී මංගලම් කිව්වා ලු. මේ කසාදේට වැඩි ආයුෂ තියෙන්නේ නැති උනත් මේ දෙන්නා දැන් නීතියෙන් (අරාබි නීතිය ඇමරිකාවට වලංගු ද දන්නේ නෑ) විවාහකයි. ඒත් එක්කම wareeth ගේ නමත් වෙනස් වෙනවා Ibn Al Ghul කියලා. මේ නමත් එක්ක මතක් වෙන්නේ ඩේමියන් වේන් ට ලීග් එකේ දී කියන නම. ඒ තමයි Ibn al Xu’ffasch හෙවත් Son of the Bat කියන එක

ලබන සතිය කියන්නේ ඇරෝ කතා මාලාවේ 3 වෙනි සීසන් එකේ අවසාන කොටස. ඒ වගේම මාස 5ක් විතර යනකල් ඇරෝ දකින්න වෙන්නෙත් නෑ.
#attila_THE_hun

https://www.facebook.com/slcomicscript

11206108_1591146444501695_7644452195512571553_n

Comic Script (144 Posts)


Leave a Reply

Your email address will not be published. Required fields are marked *