Arrow – 03×21 – Al Sah-Him *** Spoilers***

“My name is Oliver Queen. For the last five years බ්ලා බ්ලා බ්ලා…..”

ඇරෝ කතාව පටන් ගන්න කලින් මේ ටික අපි කොච්චර නම් අහන්න ඇද්ද. සීසන් එකෙන් සීසන් එකට ඒක ටිකක් වෙනස් උනත් My name is Oliver Queen කියන කොටස වෙනස් උනේ නෑ. මේ සම්බන්ධයෙන් කට්ටිය ගොඩක් කතාන්දර කිව්වා. පුද්ගලිකව මට පවා ඒ හැගීම තිබ්බා. ඒත් පලවෙනි වතාවට is වෙනුවට was ඇහෙද්දී දැනුන හැගීම ගොඩක් අවුල්. එතකොට තමයි තේරුනේ අපි ඔලිවර් කියන චරිතයට කොච්චර ආදරේද කියන කාරණය. අපි මුලින්ම වෙනස් උණු වාක්‍ය අහලා ඉමු.

“My name was Oliver Queen. For three years, I worked to save my city. To save my sister, I had to become someone else. I have become… something else.

1. ඔව් ඇත්තටම ඔලිවර් වෙන කෙනෙක් උනා. ඒ කවුරුවත් අපේක්ෂා නොකරපු විදිහට. ඔලිවර් ලීග් එකේ නායකයා උණාට පස්සේ (අඩු ගානේ වෙන්න ඉන්න නායකයා) උනත් පරණ පුරුදු ඔලිවර් දකින්න හම්බෙයි කියන විශ්වාසය තිබ්බා. දැනට ඇරෝ හෙවත් Al Sah-him විදිහට සහ Hair to the Demon හෙවත් Warith Al Ghul විදිහට තමයි හදුන්වන්නේ. ඒත් තවම මෙයාට Head of the Demon හෙවත් Ra’s al Ghul වෙන්න නම් තව දුරක් යන්න තියනවා. ඒ සඳහා අසීරු පුහුණුවක් තමයි ඔලිවර් ට (වැරදුනා වාරීත් ට) කරන්න වෙන්නේ. සටන් ඉගෙන ගන්න උත්සාහ කරන ගොඩක් වීරයෝ මුහුණ දෙනවා වගේම පුහුණුවක් වාරීත්ට හම්බෙනවා. නෝලන් ට්‍රයෝලොජි එකේ දී බ්රුස් වේන් Ra’s ගෙන් පුහුණු වෙන ආකාරයටම වාරීත් පුහුණු වෙනවා. ඇරෝ කියන්නේ බැට් මෑන් මද කියන හැඟීම අපිට වැඩිපුර දැනෙන්නේ ඒකයි. හැබයි ඔලිවර් සම්පුර්ණයෙන්ම වාරීත් උනා කියන කාරණය නම් පිළිගන්න අමාරුයි. නැතිනම් පිළිගන්න අපි සුදානම් නෑ. කතාව අවසානේ දී උනත් අපි තවම බලාපොරොත්තු අත හැරලා නැත්තේ ඒ හින්දා.

2. ඔලිවර් අතින් ඩිගල් මැරෙනවා කියලා ලොකු කතාවක් ඇති උනා. හැබයි ඒ අමතර ආකර්ශනයක් ගන්න ඇතුල් කරපු කොටසක්. අත්‍යාවශ්‍යම කොටසක් නොවුනත් ඔලිවර් කියන චරිතය නැතිවෙලා වාරීත් විතරයි ඉන්නේ කියන කාරනය පැහැදිලි වෙනවා මේකෙන්.

3. නිසා කියන චරිතය ඇරෝ කතා මාලාව පුරාම සැරින් සැරේ හම්බුනාට අපිට වැඩි දෙයක් කතා කරන්න හම්බුනේ නෑ. Ra’s al Ghul ගේ දුව විදිහට එයා ගත කරපු ජිවිතේට එයා එච්චර කැමැත්තක් නෑ කියන එක එයා ම කිව්වා. හැබයි ලෝරල් එක්ක ගත කරන කාලයට නම් මෙයා ගොඩක් කැමති වගේ. (මම කිව්වේ හොඳ යාලුවෝ දෙන්නෙක් විදිහට. සාරාව කොමික් වල විස්තර කෙරුවේ නැති උණාට ලෝරල් කොමික් වල ඉන්නවා. එයා මේ වර්ගයේ කෙනෙක් කරන්න බෑ ඒ හින්දා. මේ දෙන්නා අතරේ යාළුකමට වඩා දෙයක් තියෙන්න බෑ. මොනවා උනත් මේ වගේ දේවල් කෙලින්ම කියන්නේ නැති එක නම් ලොකු දෙයක්. බැරි වෙලාවත් සමලිංගික විවාහයක් සැලසුම් කිරීමක් ගැන කියන්න උනා නම් දැක්කේ නෑ වගේ ඉන්න තමයි වෙන්නේ). ඒ මොනවා උනත් නිසා කියන චරිතය Ra’s al Ghul ගේ දුව කියන රාමුවෙන් මිදිලා බලන්න හම්බුන එක ලොකු දෙයක්.

4. ඇරෝ කියන චරිතය ස්ටාලින් වල නැති උනත් අනිත් කණ්ඩායමට සැලකිය යුතු දෙයක් කරන්න පුළුවන්. ඒ කාරණය මීට කලින් මේ අය ඔප්පු කෙරුවා. ඒත් ඒ අයට සටන් කරන්න වෙන්නේ ඔලිවර් එක්ක නම් එතන දී සටන පටන් ගන්නත් කලින් කණ්ඩායම පරාද වෙලා ඉවරයි. කොච්චර පිළිගන්න කැමති නැති උනත් මේ අයට අන්තිමේ දී පිළිගන්න වෙනවා ඔලිවර් වෙනස් වෙලා කියන කාරණය. ෆෙලිසිටි කතාව අවසාන හරියේ දී කියනවා “Darth Oliver” කියලා. මේ කියන්නේ අඳුරු ඔලිවර් වගේ එකක්. (Starwars වල ඩාර්ත් වේඩාර් වගේ)

5. මීට කලින් සතියක සිස්කෝ ස්ටාලින් සිටි වලට ආපු එකේ ප්‍රතිපලයක් විදිහට ලෝරල් ට කොමික් වල එයාගේ ආවේනික හැකියාව වෙන කැනරි ක්‍රයි එක හම්බෙනවා. කොමික් වල දී නම් මේක භාහිර උපකාරණයක් නැතුව ඇතිකරවන දෙයක්. ඒත් මේ පැහැදිලි කිරීම හොදටම ප්‍රමානවත්. බ්ලැක් කැනරි කියන්නේ dc යුනිවර්ස් එකේ වැදගත් චරිතයක්. එක්තරා විදිහක විප්ලව වාදිනියක්. මෙයා ටම කියලා කොමික් කතා මාලාවක් ළඟ දීම නිකුත් වෙන්න නියමිතයි. ඇරෝ කතාව ඇතුලේ ලෝරල් කියන චරිතයට අකමැත්තක් තිබ්බත් බ්ලැක් කැනරි චරිතය ට අපි හැමෝම ආදරෙයි.

6. ගොඩක් සුපිරි වීරයෝ තමන් ගේ ක්‍රියා වන්ට ස්වයං වාරණයක් තියා ගන්නවා. උදාහරනයක් බැට්සි නෝ කිලින් පොලිසි එකක් තියාගෙන ඉන්නේ. එයා කවදාවත් ඒ සීමාව පනින්නේ නෑ. ඔලිවර් ගේ අතින් මීට කලින් කට්ටිය මැරිලා තියන හින්දා එයාට මේ නෝ කිලින් පොලිසි එක අදාළ නෑ (මෑත කාලීනව වැලකිලා හිටියා උනත්). ඒත් අද ලයිලා පැහැරගෙන ආවා එකෙන් ඔලිවර් තමන්ගේ සීමාව පැහැදිලිවම ඉක්මවා ගියා.

7. පලවෙනි වතාවට අපි තියා ක්වින් ගේ කොස්ටියුම් එක දැක්කා. අවසානාවකට ඒක රතු පාට නෙවේ. කළු පැහැයට හුරු තද කොළ පාටක්. ඇරෝ කතා මාලාවේ තියා ක්වින් කියන්නේ කවුද කියන ගැටලුව මේ දර්ශණයෙන් විසදෙන්න තිබ්බා එයා ඇදගෙන හිටියේ රතු උනා නම්. ඒත් කොළ පාට කොස්ටියුම් එකත් එක්ක අපිට තවමත් විකල්ප 3 ක් තියනවා. මීට කලින් මේ ගැන පැහැදිලිව කතා කරන්න හම්බුනේ නැති හින්දා අපි බලමු පොඩ්ඩක් මේ ගැන අවධානය යොමු කරලා.

7.1 Artemis – Young Justice වල ඉන්න Artemis Crock. තියාට දුනු ශිල්පය හොදට පුළුවන්. මර්ලින් එකක් පුහුණුවට කලින්ම එයාට දුන්නෙන් විදීම පුළුවන් (සීසන් 01 එකේ පලවෙනි කොටසේ තියා ට දුනු විදීමෙන් හම්බුනු කුසලාන පෙන්නවා. මේක තහවුරු කරන්න තියන සාධක තමයි මෙයාගේ දුන්නෙන් විදීමේ හැකියාව සහ ඇඳගෙන හිටියේ කොලපාට ඇදුමක් කියන එක.

7.2 Cheshire – රෝයි ඇරෝ කතාවෙන් සමුගත්තේ අලුත් ජිවිතයක් පටන් ගන්න නේ. ඒ ගැන දැනටමත් ඉඟි පලවෙලා තියනවා. ඒ තමයි Teen Titans කතා මාලාව. මේ කතාවට රෝයි හාපර් එකතු වෙයි කියන මතය තියනවා. රෝයි එහෙම එකතු උනොත් තියා එතනට එකතු වීමේ හැකියාව වැඩියි, මොකද ෆෙලිසිටි කියන විදිහට රෝයි ගේ අලුත් ජිවිතයේ තියාටත් ඉඩක් තියනවා. Cheshire කියන්නේ නම් මුලින් රෝයි එක්ක ආදරෙන් හිටියාට පස්සේ විලන් කෙනෙක් වෙන කෙනෙක්. එයාට කඩු ශිල්පය තමයි හොදටම පුළුවන්. අපි දන්නවා නේ තියාට කඩු ශිල්පය හොදටම පුළුවන් කියලා. ඔයලා අවධානයෙන් අහගෙන හිටියා නම් ෆෙලිසිටි සහ තියා හම්බුනු වෙලාවේ එයා තමන් විලන් කෙනෙක් ගෙන් පැවතගෙන එන කෙනෙක් කියලා අවධානය කරනවා. මේ සාධක හින්දා කොළ පාට ඇදුමත් එක්ක යන්න තියන අනිත් නිගමනය තමයි මේ.

7.3 Speedy – අද කතාවේ දී තියා රතු පාට කොස්ටියුම් එකක් ඇදගෙන ආවා නම් මේ කිසිම ගැටලුවක් නෑ. මොකද තියා ගේ චරිතයට ගැලපෙන්නේ හැම අතින්ම speedy චරිතය. මොකද ඔලිවර් හැම වෙලේම මේ නම කියනවා. ඒ වගේම කතාවේ දී තියා ගේ නම Thea Dearden Queen. කොමික් වල දී අපිට හම්බෙන නම තමයි Mia Dearden. හැබයි ඒ නමත් අන්වර්ථ නාමයක් විදිහට තියා භාවිතා කරනවා. අඩු ගානේ පස්සේ කොටසක හරි රතු පාට කොස්ටියුම් එකක් දැක ගන්න හම්බුනොත් නම් මේ ගැටලුව විසදෙනවා.

8. අතීතයේ ඉදලා Ra’s ගේ තිබ්බේ එකම එක ආසාවක් විතරයි. ඒ තමයි තමන්ගේ දුවලා හොඳ කෙනෙක් ට බන්දලා දෙන එක. එක කාලයක් බැට් මෑන් අල්ලා ගෙන ලොකු වදයක් දුන්නා. පස්සේ කාලේක තාලියා ම බේන් ට දෙන්න හැදුවා. මේ වතාවේ නිසා ව වාරීත් දෙන්න යනවා. මෙතන ගැටලුව තියන්නේ එකම එක දෙයයි. අපිට කතාව පුරාම ඔලිවර් ලෝරල්, සාරා, shado, ෆෙලිසිටි, හෙලේනා වගේ කට්ටියත් එක්ක දැකලා හුරු නිසා ඒ ගොඩට නිසා එකතු උනා කියලා වෙනසක් නෑ. ඒ නැතත් වාරීත් ඕනෑම නියෝගයක් පිළිපදිනවා. ගැටලුව තියන්නේ නිසා ගැන. ඒ මොකද කියලා අමුතුවෙන් කියන්න ඕන නෑනේ.

9. Ra’s කියන විදිහට පහුගිය කාල සිමාවේ දී ඔලිවර් මුහුණ දෙන ගොඩක් ගැටළු වලට හේතුව H.I.V.E. කියන ආයතනය සහ එකේ ප්‍රධානියා Damien Darhk. කොමික් වල දී නම් ඩේමියන් කියන්නේ H.I.V.E. වලට සම්බන්ධ සුළු චරිතයක් විතරයි. ගොඩක් දුරට සීසන් 4 වල ප්‍රධාන සතුරා වෙන්න ඉඩ තියනවා මේ චරිතය

10. Warith Al Ghul, Ra’s Al Ghul වෙන්න කලින් තව එක දෙයක් කරන්න වෙනවා. ඒ තමයි තමන් ගේ ම නගරය විනාශ කරන එක. මෙතන තියෙන්නේ මට හිතන විදිහට නම් සියලුම බැදීම් ඉවත් කිරීමක් වගේ දෙයක්. මෙතැන දී තමයි අපිට අතීත කතාව පොඩි සම්බන්ධයක් ඇති කරන්නේ. Ra’s ස්ටාලින් සිටි විනාශ කරන්නේ අතීත සිද්දි වල පෙන්නන Alpha and Omega භාවිතා කරලා. මේ වයිරස් එකට කරන්න පුළුවන් විනාශය අපි දැක්කා. ඒ වගේම අතීත කතාවේ දී අකියෝ මේ වයිරස් එකට ආසාදනය වෙනවා. ගොඩක් දුරට ලබන සතියේ දී අපිට අකියෝ ගේ මරණය දකින්න පුළුවන් වෙයි.
තවත් කොටස් දෙකක් විතරයි ඇරෝ කතාවේ දකින්න පුළුවන්. හැබැයි තවම විසදන්න තියන ගැටළු ගොඩක් තියනවා. අපි බලමු මොකද වෙන්නේ කියල මේ කොටස් දෙකේ දී.

මීට පෙර ලිපිය
https://www.facebook.com/slcomicscript/photos/a.1519017541714586.1073741827.1519015728381434/1585599945056345/?type=1&permPage=1

#attila_THE_hun

https://www.facebook.com/slcomicscript

10404437_1588311751451831_7011334995797442631_n

Comic Script (144 Posts)


Leave a Reply

Your email address will not be published. Required fields are marked *