Gotham – 01×21 – The Anvil or the Hammer **Spoilers**

ගෝතම් කතා මාලාවේ ප්‍රභලම කතාවක් අපිට ගිය සතියේ දැක ගන්න පුළුවන් උනා. ඒ වගේම ගිය සතියෙන් මේ සතියට එනකොට අපිට චරිත වල උපරිම අවස්ථාව ලඟා කරලා දීලා තිබ්බේ. ඒ හින්දා මේ සතිය කතාව තුල ඒ තත්ත්වය තවත් වැඩි දියුණු කරයි කියන බලා පොරොත්තුව තිබ්බත් ඒ කාරණය හරියටම ඉෂ්ට උනා ද කියන ගැටලුව තියනවා. මම ඒ විදිහට කියන්නේ ඇයි කියන කාරණය ඉස්සරහට කතා කරමු. එහෙනම් අපි “කිණිහිරය හෝ මිටිය” එහෙමත් නැතිනම් තැලෙන කෙනා ද තලන කෙනා ද කියන කතාව ගැන අවධානය යොමු කරමු.

1. ගිය සතියේ කතාව නතර උනේ Ogre ගේ රහස් ගබඩාව බාබරා දැකපු තැන ඉදලා. එතන දී බාබරා බය වෙනවා වෙනුවට ඒ ගැන කැමැත්තක් දක්වනවා වගේ පෙනුනේ. මේ සතියේ කතාවේ උදේ දෙන්නා කතා කරන විදිහට කලින් දවසේ රාත්‍රිය ගොඩක් විනෝද මත් වෙලා වගේ. ඒ කියන්නේ ගිය සතියේ අපි හිතපු විදිහටම බාබරා කියන්නේ BDSM වලට රුචිකත්වය දක්වන කෙනෙක්. කොහොමත් Ogre කියන්නේ විකෘති කාම ආශාව තියන කෙනෙක් කියලා අපි දන්නවා නේ. එයත් එක්ක බාබරා එකතු උනාට පස්සේ දෙන්නා ට ලොකු ගමනක් යන්න පුළුවන් කියලා හිතුනත් මේ සතියේ කතාව තුල දී බාබරා කියන්නේ Ogre ගේ සාමන්‍ය ගොදුරක් මට්ටමට වැටුනා. වෙනස් විදිහේ සිදුවීමක් උනා නම් මේ තත්ත්වය වෙනස් වෙන්න තිබුනා උනත් ගෝතම් නිෂ්පාදක යින්ගේ අරමුණ ඊට වඩා වෙනස් එකක්. කතාව පුරාම දකින්න හම්බුනු මේ සම්බන්ධයෙ කනගාටු දායකම අවස්තාව උනේ බාබරා ගේ දෙමව්පියෝ දෙන්නා ඝාතනයට බාබරා උදව් කරන එක. බෞද්ධ ආගමේ වගේ ආනන්තරීය පාප කර්ම නොදන්නා රටක උනත් දෙමව්පියන් ඝාතනය කියන කාරණය තදින්ම පිළිකුල් කරනවා. අපිට ෆිල්ම් එකක උනත් ඒ කාරනය ගැන වැඩිය දකින්න ලැබෙන්නේ නෑ. හැබයි බාබරා මේ දේ කරන්නේ අවබෝධයෙන් මද කියන සැකය තියනවා. මොකද කතාව අවසානයේ එයා හැසිරුණු විදිහ ටිකක් ඒ වගේ.

2. ගෝර්ඩන් සහ ලෙස්ලි අතර සම්බන්ධයේ පොඩි දුරස්ථ භාවයක් පලවෙනි වතාවට ඇති වෙනවා. ඒ ගෝර්ඩන් බාබරා බේරා ගන්න වෙහෙසෙන හින්දා. ඇත්තටම කොමික් වල අනුව කතාව යනවා නම් මේ සම්බන්ධ තාවය නැති වෙන්න ඕනේ. ගෝර්ඩන්, බාබරා බේරා ගැනීමත් එක්ක ඒ පැත්තට කතාව යොමු කරන්න තිබ්බත් ගෝර්ඩන් සහ ලෙස්ලි අතර සම්බන්ධය එතරම් දෙදරා කෑමකට ලක්වෙලා නෑ.

3. ගියපාර කතාව ඇතුලේ නිග්මා ලොකු පියවරක් තිබ්බා. නිග්මා නම් අපේ බලාපොරොත්තු කඩ කෙරුවේ නෑ ඇත්තටම. තමන් අතින් මැරුණු කෙනා කෑලි කරලා පොලිස් ස්ථානයටම ගේනවා කියන්නේ ඇත්තටම පිස්සු වැඩක් උනත් ඒක ඇත්තටම සාර්ථක පියවරක්. නිග්මා සහ මියගිය අය කොච්චර සමීප ද කියනවා නම් මිස් ක්‍රින්ගල් සිරුරු අවයව දැක්කාම සමාන්‍ය පුරුද්දට වගේ කලබල උනත් එතනින් එහාට හිතන්නේ නෑ. සාමාන්‍යයෙන් නිග්මා ගේ පුරුද්දක් තමයි එයා පොඩි හෝඩුවාවක් ඉතුරු කරලා යනවා. ඒ දේ කරන්නේ හිතලමයි. අපිට ඒ පුරුද්ද පටන් ගන්න විදිහ දැක ගන්න පුළුවන් උනා.

4. ගෝතම් කියන්නේ TV-14 වර්ගීකරණයට වැටෙන එකක්. ඒ කියන්නේ වයස 14 ට අඩු අයට දෙමව්පියන් ගේ අනුමැතිය අනුව බලන්න පුළුවන්. ඒත් මේ 14 වයස් සීමාව මේ සතියේ කොටසත් එක්ක පොඩි ගැටලුකාරී වෙනවා. ඒ බුලොක් Ogre ගැන හොයන්න යන ස්ථානය හින්දා. අසම්මත ලිංගික ක්‍රියා සිදුවෙන මේ ස්ථානය කොච්චර දරුණු ද කියන්නේ බුලොක් පවා කලබල වෙනවා. ඒකට හේතු වුනු සිදුවීම පැහදිලි නැතත් ලොකු අසාමාන්‍ය දෙයක් වෙන්න ඕනේ. (කසයක සද්දේ එක්ක ඇහුනේ චේන් සෝ එකක සද්දයක් ද?)

5. මේ සතියේ පෙන්ගුවින් ලොකු පියවරක් තිබ්බා. ඒ තමයි කතාව පුරාම අපි බලාගෙන හිටපු සටන පටන් ගන්න කටයුතු කරපු එක. කතාවේ මුල් කොටස් මතක නම් පෙන්ගුවින් හැම වෙලේම කිව්ව දෙයක් තමයි ලොකු සටනක් ඇති වෙනවා කියලා. ඒත් මේ දක්වා හැම දේම සාමකාමිව වෙන්නේ. අන්තිමේ දේ පෙන්ගුවින් ම ඒ වැඩේට අත ගැහුවා. මැරෝනී මැරුණා නම් තත්ත්වය වෙනසක් වෙන්න තිබ්බත් මේ විදිහ ඊට වඩා ආකර්ශනි යයි. තව දෙයක් තමයි පෙන්ගුවින් කියන්නේ ගෝතම් වල අපරාද වල මහා මොළ කාරයා බවට පත්වෙන්න පටන් අරගෙන තියනවා. ඒ කියන්නේ හැම දෙයකම පාලනයක් හෝ දැනුවත් වීමක් හෝ එයා තියාගන්නවා.

6. බ්රුස් සහ ඇල්ෆ්‍රඩ් කියන්නේ කිසිම රහසක් තියා ගන්නේ නැති දෙන්නෙක්. බ්රුස් වටේ ඉන්න අයට නිශ්කාෂණ සීමාවන් තියනවා. හැබැයි ඇල්ෆ්‍රඩ් ට එහෙම සීමාවක් නෑ. ඒකට හේතුව බ්රුස් හැම වෙලාවෙම ඇල්ෆ්‍රඩ් එක්ක විවෘත හින්දා. ඒ හින්දා බ්රුස් මෙතන දී අවංක වීම පුදුම වෙන්න දෙයක් නෙවේ.

7. Ogre අවසානේ දී මිය යනවා. ඒත් මම අවංකවම විශ්වාස කෙරුවා කතාවේ අවසානයට මේ චරිතය තියා ගනී කියලා. හැබැයි Ogre ඉවත් උනා කියන්නේ ලබන සතියේ අවසාන කොටසට ඉන්නේ අපි දන්න කියන පරණ අයමයි.

8. මේ සතියේ විශේෂම සිදුවීම තමයි Lucius Fox කතාවට එකතු වීම. බ්රුස් විශ්වාසකරන කිහිප දෙනා අතරින් ෆොක්ස් ඉස්සරහින්ම ඉන්නවා. නෝලන් ට්‍රයෝ ලොජිය හින්දා මේ චරිතය ගොඩක් ජනප්‍රිය උනා. ඒකට හේතුව උනේ Morgan Freeman ඒ චරිතයට නිරුපනය කරපු එක.

ලබන සතිය කියන්නේ ගෝතම් කතා මාලාවේ අවසාන කොටස. මෙච්චර දවසක් පුරාවට කරුණු සකස් වුනු දේවල් අවසාන රංගනයේ යෙදෙන දවස. මේ සතියේ පටන් ගත්ත සටන ලබන සතියේ දී තීරණාත්මක වෙනවා වගේම ෆිෂ් මුනි ගේ ආගමනය වෙන්නත් ඕනේ ඒ හින්දා ඒ සුවිශේසි දවසේ ආපහු හම්බෙමු.

#attila_THE_hun

https://www.facebook.com/slcomicscript

11170360_1587507168198956_3128501299959364038_n

Comic Script (144 Posts)


Leave a Reply

Your email address will not be published. Required fields are marked *