Arrow S03E20 – The Fallen ** Spoilers**

අන්තිමේ දී ඒක උණා.
== > ඔලිවර් සහ ෆෙලිසිටි අන්තිමේ දී එකතු උණා
== > මෙච්චර කාලයක් බලාගෙන හිටපු ලාසරස් පිට් එක අන්තිමේ දී එලියට ආවා
== > ඔලිවර් Ra’s al Ghul වෙන්න අන්තිමේ දී කැමති වෙනවා.

යම්කිසි දෙයක් ගොඩ නගා ගෙන එනකොට හරි වෙහෙස කරයි, ගොඩක් දේවල් ගැන හිතන්න වෙනවා. හැලහැප්පීම් වැඩියි. ඒත් දවසක් එනවා මේ සේරම ඉවර වෙලා තමන්ගේ වැඩේ සමතයකට පත් වෙන. එදාට කලබලයක් නෑ. හරිම නිදහස්. හරියට මේ සතියේ ඇරෝ කතාව වගේ. වෙනදා තිබ්බ කලබල ගතිය ඇරෝ වල මේ සතියේ නෑ. වෙනදා තිබ්බ අඳුරු ගතිය ඉක්මවලා ගියපු හැඟීම් මත ගලා ගෙන ගිය කොටසක්. විවාදයක් නැතුවම මේ දක්වා විකාශය වුනු හොඳම කොටස. ඒ වගේම ඇරෝ කතාවේ ඉහලම ස්ථානය. (කතාව අවසානයේ දී ලොකු සිදුවීම් දකින්න පුළුවන් වෙයි. ඒත් මේ සීසන් එක පුරාවට තිබ්බ ගැටුමේ උච්චතම අවස්තාව මේ සතියේ කොටස). අපි බලමු මොකද වෙන්නේ කියලා මේ සතියේ කොටසින්.

1. ගිය සතියේ කතාව ඉවර උනේ Ra’s al Ghul අතින් තියා මාරන්තික පහරක් වැදිලා බිම ඇද වැටෙන එකෙන්. ඔලිවර් Ra’s al Ghul ගේ යෝජනවාට කැමති වෙනවාද නැද්ද කියන කාරණය තීරණය උනේ මෙතනින්. තමන් වෙනුවෙන් තීරණ ගන්නේ නැති උණාට ඔලිවර් තියා වෙනුවෙන් තීරණ ගන්නවා. ඒ තියාව ආපහු ගේන්න තියන එකම ක්‍රමය මේක හින්දා. මේ සතියේ කතාව ඔලිවර් ගේ චරිතය කොච්චර ප්‍රභල ද කියලා පැහැදිලි කරන කොටසක්. මුලින්ම ඔලිවර් තමන්ගේ නංගිට කොච්චර ආදරේ ද කියන එක පැහැදිලි කරලා තමයි පටන් ගන්නේ. තියා ගේ ඇඳ ගාව ඉදගෙන ඉන්න කොට ඔලිවර් හැසිරුණ විදිහෙන් ඒ ආදරය වගේම ඔලිවර් ගේ අසරණ කම පැහැදිලි උනා.

2. අනාගත නායකයා ඉදිරියේ League of Assassins දණින් වැටෙනවා. මෙතන දී Ra’s al Ghul ඔලිවර් ට කතා කරන්නේ ලීග් එකේ දී එයාට දෙන නිල නාමයෙන්. ඒ තමයි Al Sah-him (السهم). මේ ඇරෝ කියන එක අරාබි බාශාවෙන් කියන විදිහ

3. මේ සතියේ කතාව සාර්ථක වෙන්න ලොකු හේතුවක් උනා වෙනදා ඇරෝ කතාවේ දකින්න නොලැබෙන චරිත අතරේ අන්‍යෝන්‍ය අවබෝධය සහ අදහස් ප්‍රකාශ කර ගැනීම. මේ අතරින් වටිනාම අවස්තාව ඩිගල්ස් සහ මෙසයෝ අතර වෙනවා. මෙතන දී කතාවේ අතීත මතකයන් වල ට අදාලව අපි සැක කරපු දෙයක් වෙලා තියනවා. ඒ තමයි අකියෝ ගේ මරණය. කොහොමත් ඇරෝ කතාවේ දී ප්‍රධාන චරිතයක් මැරෙනවා කියලා කලින් ඉදන්ම කියලා තිබ්බේ. රෝයි හාපර් සහ තියා දෙන්නා ම ඒකට ගොදුරු වෙලා පුදුමාකාර අන්දමින් බේරුනා. එතකොට මැරෙන්නේ කව්ද ඇත්තටම? අපිට වර්තමාන කතාවේ කෙනෙක් මිය යනවා බලන්න බැරි නම් ඒක සිද්ද වෙන්න ඕනේ අතීත කතා වේදී. මෙසායෝ කියන දේත් එක්ක ඒ අනුමානය නිවැරදි කියලා ඔප්පු උනා

4. මෙච්චර දවසක් හැංගිලා තිබුණු එලියට දාන්නේ කවදද කියලා බලාගෙන හිටපු ලාසරස් පිට් එක නිල වශයෙන් දකින්න පුළුවන් උනා. මර්ලින් භය වෙනවා තියාව හොඳ කරන්න පුළුවන් උනත් අතුරු ප්‍රතිපල තියෙන්න පුළුවන් කියලා. මොකද කොමික් වල තියන විදිහට ගොඩක් අය ගේ සිහිය තාවකාලිකව වෙනස් වෙනවා. (හැබයි එකපාරක් ජෝකර් මේකෙන් නානවා. පොරගේ පිස්සුව හොඳ වෙනවා ටික වෙලාවකට). අපිට තියා සම්බන්දයෙන් දකින්න පුළුවන් උනේ තාවකාලික අමතක වීමක් විතරයි. හැබයි පසු කාලින ප්‍රතිපල තියෙන්න පුළුවන්. හැබයි කොමික් වල නම් කෙටි කාලින ඒවා විතරයි තියෙන්නේ. මෙතන දී පුජාව කරන පුජක වරිය ට ලොකු අවධානයක් දීලා තිබ්බා. මේ චරිතය ගැන අදහසක් නැති උනත් ඉස්සරහට දකින්න නම් පුළුවන් වෙයි වගේ.

5. මේ සතියේ ඔලිවර් ට අමතරව ෆෙලිසිටි තමයි ගොඩක් විශේෂ වෙන්නේ. මෙච්චර දවසක් රේ පාමර් එක්ක සම්බන්දය නතර වෙනවා. (ආපහු සැරයක් ඔලිසිටි). ඒ වගේම භය නැතුව Ra’s al Ghul ගෙන් ගේම ඉල්ලනවා. මර්ලින් ට තර්ජනය කරනවා. කලින් හිටිය අහිංසක කෙල්ල සම්පුර්ණයෙන්ම වෙනස් වෙලා. ඊටත් වඩා ඔලිවර් වත් රවටලා එයාව අරගෙන යන්න උත්සාහ කරනවා. හැබයි වැදගත්ම කාරණය උනේ ෆෙලිසිටි සහ ඔලිවර් දෙන්නා එකතු වුනු එක. (එකතු වෙනවා තමයි කියන්නේ, වෙන මොකක් කියන්නද?). මේක ඔලිවර්, ෆෙලිසිටි දෙන්නාගේ විතරක් නෙවේ කතාව බලන අපෙත් තිබ්බ හීනයක්. ඇත්තටම ඒක ලොකු සැනසීමක් උනා.

6. Ra’s al Ghul එයාගේ බිරිඳ සහ දුවයි පුතයි ගැන කියනවා. මේ අපි දන්නා නිසා නම් නෙවේ. මෙතන කියන්නේ Ra’s al Ghul සහ Melisande ට හම්බෙන Talia al Ghul සහ Dusan al Ghul හෙවත් White Ghost ගැන.

7. ඔලිවර් ට සිහිය නැතිකරලා Nanda Parbat වලින් අරගෙන යන්න ෆෙලිසිටි උත්සාහ කලත් ඔලිවර් කැමති වෙන්නේ නෑ. එයා දන්නවා මේක තමයි ඉරණම කියලා. ඔලිවර් එයාගේ ටීම් එකෙන් සමුගත්ත විදිහ, විශේෂයෙන්ම ඩිගල්ස් ගෙන් සමු ගත්ත විදිහ ගොඩක් සංවේදී එකක්. හැබයි මෙතනට ලෝර්ල් හිටියා නම් තවත් හොඳයි.

8. ඔලිවර් ඇතුළු පිරිසට පැනලා යන්න මෙසයෝ උදව් කරනවා. එයා අන්තිමේ දේ වරද පිළිගත්තත් Ra’s al Ghul එයාට සමාව දෙනවා. එතන දී කියන්නේ ඔලිවර් ට උදව් කරන්න මෙසයෝ ඉන්න ඕනේ කියලා.

9. කතාවේ අතීත සිදුවීම් වර්තමාන කතාවට අදාළ නැති උනත් (අඩු තරමින් දැනට) අපි දන්නවා මේ වෙද්දී අකියෝ මරණයට පත් වෙන්න නියමිතයි කියලා. අතීත කතාව ගොඩක් දුරට මේ සිද්දිය විස්තර කරන්න යොදා ගනී.

10. අන්තිමේ දී ඔලිවර් Ra’s al Ghul ගේ තනතුර භාරගන්නවා. ඒ කියන්නේ Heir to the Demon තනතුර (යක්ෂයාට උරුමකම් කියන්නා, යක්ෂයාගෙන් පැවතගෙන එන කෙනා වගේ අර්ථයක්). හැබයි දැනට ඔලිවර් කියන්නේ Al Sah-him විතරයි. ඒ කියන්නේ දැනටත් ඇරෝ කියන නමමයි තියෙන්නේ. මෙතන දී Assassin කියන වචනයේ අදහස අර්ථ කථනය කරපු විදිහ නම් වටිනවා.

11. අවසානෙට දාන මේ සලකුණ මොකක්ද කියලා ඇත්තටම මට හිතා ගන්න බැරිව හිටියේ. ඒක ලීග් එක නියෝජනය කරන සංඛේතයක් වගේ

ඇරෝ කතාවේ තීරණාත්මක කොටස් කිහිපයක් තමයි ඉස්සරහටත් එන්න තියෙන්නේ. එහෙනම් ලබන සතියේ අපි ආයෙමත් හම්බෙමු.
#attila_THE_hun

https://www.facebook.com/slcomicscript

11156341_1585599945056345_2151800680977496487_n

Comic Script (144 Posts)


Leave a Reply

Your email address will not be published. Required fields are marked *