The flash Episode 18/19

1.1- it’s a bird, it’s a plane. No it’s my boyfriend
Dc ගැන දන්න ඕනම කෙනෙක් දන්නව ඇතිනෙ මේක superman easter egg එකක් කියලා. කොහොමහරි මේ episode ටිකක් හරි හොද උනේ Ray නිසා.

1.2- Bug-Eyed Bandit
Comic වල Bug-Eyed Bandit කියන්නෙ පිරිමි චරිතයක්. කොහොමහරි Emily Kinney තමයි bug-eyed bandit එහෙමත් නැත්තන් brie larvan. මෙයා ගැන Flash එකේ පෙන්න්පු දේවල් ඇරෙන්න වැඩි විස්තරයක් නෑ. හැබැයි comic වල bug-eyed bandit කියන්නෙ Bertram Larvan, ඒකනිසා සමහර විට මෙයා Bertramගෙ දුව වෙන්න පුලුවන්. එහෙමත් නැත්තන් bertramගෙ Female version එකක් තමයි මෙයා.

Episode 19- Who is Harrison Wells?
ඇත්තටම මේ episode එකේ අපිට ගොඩක් දේවල් වලට උත්තර හම්බුනා, විශේෂයෙන්ම trailer එකේ පෙන්න්පු දේවල් වලට.

1- Coast city කියන්නෙ අපි දන්න කියන Hal jordan එහෙමත් නැත්තන් green lanternගෙ නගරය. ඒවගේම මෙතන green lantern වෙනුවට Home of Ferris airlines කියල දාලා තියෙන්නෙ එක්කො ඒගොල්ලන්ට අයිතියක් නෑ green lanternව නම් කරන්න එහෙමත් නැත්තන් මේ කාලය අතර තුර coast city වල ඉන්න අය green lantern ගැන තාම දන්නැ. එහෙමත් නැත්තන් තාමත් Halට ring එක හම්බෙලා නෑ. කොහොමහරි මේකෙන් කියන්නෙ අපිට කවදාවත්ම Green lanternව දකින්න හම්බෙන්නෙ නෑ කියන එකද ? මන් හිතන විදිහට ඔව් මොකද Dc ආයතනයට ඕන මුලින්ම GLව movie universe එකට ගේන්න. Films වලින් තමයි එයාලා ගොඩක් සල්ලි හම්බ කරන්නෙ, විශේෂයෙන්ම Ryan reynoldsගෙ Gl film එකට fansල එච්චරටම කැමැත්තක් නොදැක්වූ නිසා එයාලට ඕන ඉස්සරහට එන Green lantern film එක සුපිරියටම කරන්න. Tv එකට ගෙනාවොත් Flashට උන දේම අනිත් අයටත් වෙනවා, ඒකියන්නෙ හැමකෙනාම කැමති grant gustin (tv) flashට මිසක් Ezra miller (movie ) flashට නෙවේ. ඒකනිසා තමයි මෙයාලට ඕන Tv එකේ පෙන්නන චරිත සීමා කරන්නෙ. විශේෂයෙන්ම ඉස්සරහට film වලින් එන අයව.

2- පිලිගන්න Canaryව
ගොඩක් දෙනා මෙයාට අකමැතිම උනත් පේන විදිහටනන් cisco තමයි මෙයාගෙ ලොකුම fan. කැනරි ත් එක්ක ගත්ත ෆොටෝ එකම මදි ද ඒ ගැන කියන්න.

3- Canary cry
ගොඩ දෙනෙක්ට තිබුන ප්‍රශ්නයක් තමයි canaryට කොහොමද එයාගෙ canary cry power එක ලැබෙන්නෙ කියලා. මොකද කැනරි කියන චරිතය පවතින්න නම් කැනරි ක්‍රයි එක ඕනේ. මීට කලින් මතයක් තිබ්බා වර්ටිගෝ ඉෆෙක්ට් එක හින්දා මේ බලය ලැබෙන්න පුළුවන් කියලා. මොනවා උනත් සිස්කෝ මේ වැඩේ ඉවරයක් කෙරුවා එයාගේ නම් ලිස්ට් එකට තව එකක් එකතු කරගෙනම.

4 – Again Vibe
ආපහු සැරයක් මතුවෙලා ආවා සිස්කෝ සහ Vibe. සිස්කෝ කියන්නේ කවදා හරි දවසක vibe කියන එක දැන් රහසක් නෙවේනේ. මෙතන දී සිස්කෝ කියනවා එයාට ළඟක දී මේ සම්බන්ධයෙන් පොඩි පුහුණුවක් හම්බුනා කියලා. මේ කියන්නේ Pied Piper ගැනද නැතිනම් සිස්කෝ vibe වෙනවා කියන එකට ඉඟියක් ද? ඔයාලා ගේ අදහස මොකක්ද මේ ගැන?

5 – Fathers and daughters
කැප්ටන් ලාන්ස් සහ රහස් පරීක්ෂක වෙස්ට් ගේ හමුවීම. මේ දෙන්නාම තමන්ගේ දුවලා ගැන අසීමිතව හිතන දෙන්නෙක්. දෙන්නටම පොදු ලක්ෂණ කිහිපයක්ම තියනවා. වැදගත්ම දේ තමයි කතා මාලා දෙකේ නිතිය වෙනුවෙන් පෙනී ඉන්න දෙන්නා එක තැනකට එකතු කරන එක.

6 – Eddie & Barry
එඩි සහ බැරී දෙන්නා අතර තිබ්බ මත ගැටුම පොඩ්ඩක් වෙනස් වෙලා. දැනට නම් හොඳ යාලුවෝ දෙන්නෙක් බවට පත් උණා. හැබයි ඉතින් ඉස්සරහට මොනවා වෙයිද කියන්න නම් බෑ

7,8,9 – අපි කිව්වනේ ට්‍රේලර් එකේ තිබ්බ ගොඩක් දේවල් පැහැදිලි වුනා කියලා මේකෙන්. කේට්ලින් සහ බැරී සිප ගන්න අවස්තාව, ෆ්ලෑෂ් vs ෆ්ලෑෂ් සටන, එඩි වෙඩි තියන දර්ශනය ඒවා ට හේතු හම්බුනා. කේට්ලින් ටිකක් ඇරෝ එකේ ෆෙලිස්ටි වගේ උනා ද මන්දා මේ සතියේ.

10 – Everyman
මේ සතියේ දුෂ්ටයා තමයි එවරිමෑන් නැතිනම් Hannibal Bates. මෙයාට පුළුවන් කෙනෙක් ව ස්පර්ශ කරලා එයාගේ ස්වරූපය ගන්න. මෙයාට තියන බලය තමයි ශේප් ශිප්ටින්. කොමික් වල දී නම් මෙයා ලෙක්ස් ලුතර් ගේ Everyman Project කියන හින්දා පවර්ස් හම්බෙන කෙනෙක්. මෙයාට වෙන කෙනෙක් ගේ ස්වරූපය ගන්න නම් එයාගේ සිරුරෙන් කොටසක් කන්න ඕනේ. (Hannibal the Cannibal?)

11 – ඇත්ත වෙල්ස් ගේ ශරීරය හම්බුනා. මේකෙන් පස්සේ තමයි ඇත්තටම වෙල්ස් ට මොකද උනේ කියන කාරණය කට්ටියට පැහැදිලි වෙන්නේ.

12 – කතාවේ වැදගත්ම අවස්තාව. සිස්කෝ ගොඩ නැගිල්ලේ තියන රහස් කාමරය හොයා ගන්නවා. මෙතන දී තමයි රිවර්ස් ෆ්ලෑෂ් කියන්නේ ඩොක්ටර් වෙල්ස් කියන මතය හේතු සහිතව සනාථ වෙන්නේ. ඊටත් වඩා අනාගත කාලය ගැන, අනාගතයේ සිද්ද වෙන දෙයක් ගැන මේ අය දැන ගන්නේ. ඒ තමයි Flash missing, vanishes in crisis කියන අපිට හුරු පුරුදු ප්‍රවෘත්තිය. ෆ්ලෑෂ් කතා මාලාව Infinite Crisis කතාවට හැරෙන්න ඉඩ තියනවා කියන මතයත්, වසර 2024 වෙනකල් ෆ්ලෑෂ් කතාව විකාශය වෙනවා කියන මතයත් ඇති වුනේ මේක හින්දා.

#kyle_rayner & #attila_THE_hun

https://www.facebook.com/slcomicscript

13525_1585480128401660_1178912633226090682_n

Comic Script (144 Posts)


Leave a Reply

Your email address will not be published. Required fields are marked *