Gotham – 01×20 – Under the Knife **Spoilers**

ගෝතම් කතා මාලාවේ අවසානය ට අපි ටිකෙන් ටික ලංවෙලා තියෙන්නේ. අදින් පස්සේ අපිට තව කොටස් දෙකක් විතරයි දැක ගන්න පුළුවන් වෙන්නේ. විය යුතු පරිද්දෙන්ම අවසානය විශාල පෙරළියක් ඇති කරනවා කියන ලකුණු දැන්ම ඉදන්ම මතුවෙලා තියනවා. ඒ මොකද කියනවා නම් මෙච්චර දවසක් වටින් පිටින් කරුණු ගෙනාපු චරිත තමන්ගේ සත්‍ය භූමිකා වලට අවතීර්ණ වෙලා. අපි බලමු අද කතාවේ ඇතුලේ අපිට දකින්න හම්බුනු දේවල් මොනවාද කියලා.

1. ගිය සතියේ කතාවේ ප්‍රධාන දුෂ්ටයා Ogre පාදක කරගෙන තමයි මේ සතියේ කතාවත් ගලා ගෙන යන්නේ. Jason Lennon භාවිතා කරන තවත් නම් අපිට හම්බෙනවා. ඒ තමයි Van Groot සහ Skolimski. ඒත් මේ නම් දෙකත් dc යුනිවර්ස් එකේ Ogre අතර සම්බන්ධයක් නම් හොයා ගන්න බැරි උනා. ඒ වගේම මේ චරිතය කොමික් වලට සම්බන්ධ වෙන්නේ කොහොමද කියන ගැටලුවත් තියනවා. අතීතයේ මෙයා විරූපී මුහුණ දැක්කාම ටූ ෆේස් මතක් වෙන එක නම් වලක්වන්න බෑ.

2. මෙච්චර දවසක් පැත්තකට කරලා තිබ්බ බාර්බරා ආපහු කතාවට එනවා ප්‍රධාන භූමිකාවක් විදිහට. ඒ බාර්බරා කියන්නේ ගෝර්ඩන් ගේ පෙම්වතිය කියලා වටහා ගන්න ජේසන් එයාව ගොදුරු කරගන්න උත්සාහ කිරීමෙන්. කොමික් වල කතාවට ඉඩ දෙනවා නම් බාර්බරා, ගෝර්ඩන් ගේ බිරිඳ වෙන්න ඕන. හැබයි ඒ විදිහට කතාව ගලා යන්න නම් ඩොක්ටර් ලෙස්ලි එක්ක තියන සම්බන්ධය නතර වෙන්න ඕනේ. බාර්බරා අනතුරකින් බේරා ගැනීම ඒකට හොඳ ප්‍රවේශයක් උනාට ඩොක්ටර් ලෙස්ලි අතර සම්බන්ධය ට වඩා ප්‍රබල වෙයිද කියන ගැටලුව තියනවා. අපි මෙහෙම වෙනවා කියලා උපකල්පනය කරන්නේ කොමික් වල අපිට හම්බෙන Barbara Eileen-Gordon නැතිනම් Barbara Kean-Gordon චරිතය ම දකින්න ලැබෙයි කියලා හිතාගෙන. ඒත් පොඩි ගැටලුවකට තියෙන්නේ බාර්බරා කියනවා එයාගේ අභ්‍යන්තරය දැක්කොත් කට්ටිය භය වෙනවා කියලා. මේ කියන්නේ මොකක් ගැනද කියලා නම් පැහැදිලි නෑ. එතකොට කතාව අවසානයට එයා ජේසන් ගේ රහස් කාමරය දැකපු වෙලාවේ භය උණු ගතියක් පෙන්නුවේ නෑ. ඒ වෙනුවට සතුටු වෙනවා වගේ තිබ්බේ. මේක හින්දා තත්ත්වය තවත් සංකීර්ණ වෙනවා (බාර්බරා BDSM වලට කැමති ද දන්නෙත් නෑ හැබයි)

3. කතාවේ දී අපිට ඇහුනා නමක් විනිසුරු Harkness කියලා. අපිට කොමික් වල දී හම්බෙනවා Fremont Harkness කියලා විනිසුරු වරයෙක්.

4. කතාවේ දී දැකපු ලස්සනම අවස්තාවක් තමයි සෙලිනා සහ බ්රුස් දෙන්නා ගේ නැටුම. මේ දෙන්නා ගේ ආදරය ඇත්තටම අද ඊයේ තියන එකක් නෙවේනේ. නර්තනය ගැන කතා කරන්න වැඩි දෙයක් නැති උණාට ගිය සතියේ සිදු වුනු දේත් එක්ක ලොකු කතාවක් මේ සතියේ සිද්ද වෙනවා. ඒ තමයි මිනි මැරීම සහ වැලකීම කියන ගැටලුව. අපි දන්නවා ගොඩක් සුපිරි වීරයන් ට No Kill ප්‍රතිපත්තියක් තියනවා. බැට් මෑන් මේක තදින්ම අනුගමනය කරනවා. (හැබයි මුල්ම කාලයේ ආපු කොමික් වල දී නම් මේ කාරණය ගැන වැඩිය සැලකිල්ලක් දක්වලා නෑ). මිනි මරනවා කියන්නේ සීමාවක්. එතනින් එහාට අඩිය තිබ්බොත් ආපහු ගැලවීමක් නෑ. හැබයි සෙලිනා දකින විදිහට නම් මේක දුර්වල තාවයක්. මේ තර්කය අපිට ගොඩක් අවස්තා වල දකින්න හම්බෙන දෙයක්. මොනවා උනත් අනාගත බැට් මෑන් තමන්ගේ ප්‍රතිපත්ති ගොඩ නගා ගෙන ඉවරයි. තව දෙයක් තමයි සෙලිනා එයාගේ හැකියාව පෙන්නුවා තව පාරක් සුක්ෂම හොරකමක් කරලා.

5. අපි මුලින්ම කිව්වා විදිහටම මේ සතියේ චරිත වල පෙරලිකාර සිදුවීම් කිහිපයක් ම උනා. පෙන්ගුවින් සහ සැල් මැරෝනි අතරේ ගැටුමේ තව පැත්තක් අපිට දකින්න පුළුවන් උනා. තමන් කොච්චර වැරදි වැඩ කලත් අම්මා ඉස්සරහා හොඳ ළමයෙක් වගේ ඉන්න පෙන්ගුවින් වග බලා ගත්තා. හැබයි මැරෝනි කරපු දේ හින්දා ඒ ප්‍රති රූපය විනාශ වෙලා ගියා. මෙච්චර දවසක් කල්පනා කාරීව වැඩ කරපු පෙන්ගුවින් අමානුෂික අන්දමේ දේවල් පවා කරන්න පටන් ගන්නවා. ශිෂ්ට විදිහට ඇඳගෙන හිටියට ඇතුලාන්තය විනාශ වුනු කොමික් වල දී අපිට දකින්න හම්බෙන පෙන්ගුවින් චරිතය තමයි මේ. ඉස්සරහට නිකුත් වෙන්න තියන කොටස් දෙකේ දී මීටත් වඩා දේවල් දකින්න පුළුවන් වෙයි අපිට.

6. මේ සතියේ කතාවේ නම තමයි Under the Knife. විශේෂයෙන්ම කතාවේ අඟ කොටසේ දී අපිට පිහි සහ ඇනිමකින් මරණයට පත් කරන දේවල් දකින්න හම්බුනා. හැබයි ඒ අතරින් විශේෂම සිද්දිය උනේ රිඩ්ලර් බිහි වුනු එක. කාලයක් තිස්සේ වර්ධනය වේවි ආපු නිග්මා ගේ චරිතය අවසානයේ දී පරිසමාප්ත උනා. අපිට කොමික් වල දී නිතරම රිඩ්ලර් ව දකින්න හම්බෙනවා වැරදි මාර්ගයෙන් හොඳ දෙයක් කරන්න උත්සාහ කරන කෙනෙක් හැටියට. ගෝතම් කතාව ඇතුලේ දීත් අපිට දකින්න හම්බුන්නේ ඒ වගේ චරිතයක්. කතාව අවසානයට කොටස් දෙකක් තියෙද්දී මේ චරිතය එලියට ආවා කියන්නේ අපිට මෙයා ගේ විශේෂ සිදුවීම් දැක ගන්න අව්ස්තාවකුත් තියනවා ඉස්සරහට.

ඉදිරි කොටස් දෙක කියන්නේ ගොඩක් තිර්නාත්මකයි. පෙන්ගුවින් සහ රිඩ්ලර් දෙන්නාම පෙරළිකාර විදිහට මතු වෙලා ආවා. ඒ එක්කම ෆිෂ් මුනි තමන්ගේ අවසාන ජවනිකාව නිරුපනය කරන්න ගෝතම් වලට එනවා. ගෝර්ඩන් සහ Ogre අතර ගැටුම වගේම බ්රුස් සහ සෙලිනාගේ වික්‍රමාන්විත සිද්ද වෙන්නෙත් මේ කොටස් දෙකේ. දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න මේ ගැන කතා කරන්න.

#attila_THE_hun

https://www.facebook.com/slcomicscript

11102977_1584814195134920_109722976714684432_n

Comic Script (144 Posts)


Leave a Reply

Your email address will not be published. Required fields are marked *