Marvel’s Agents of S.H.I.E.L.D. characters – o3 | Skye

ශිල්ඩ් කතා මාලාව විකාශය උණු මුල්ම දවස් වල කතාවේ තේමාව ගැන ලොකු අවබෝධයක් තිබ්බේ නෑ. ඒ වගේම කොමික් චරිත ආශ්‍රය කරගෙන නිපදවන කතා මාලාවකට මොන තරම් ගැඹුරකට යන්න පුළුවන් ද කියන එක තේරීලා තිබ්බේ නෑ. ශිල්ඩ් කතාව බලන්න හිතුනු එකම හේතුව කතාවේ දකින්න ලැබෙන සුන්දර නිළිය Skye හින්දා. පස්සේ කතාව රහ වැටිලා බලන්න ගත්තා උනත් Skye කියන චරිතයට තිබුණු ආකර්ශනය පොඩ්ඩක් වත් අඩු උනේ නෑ.Mary Sue Poots කියන්නේ තමන්ගේ දෙමව්පියන් කවුද කියලා දන්නේ නැතුව ළමා නිවාස, භාරකාර නිවාස වල ඇති දැඩි උණු කෙනෙක්. තමන්ගේ පෙනුමේ ආසියාතික සම්භවයක් තිබ්බත් ඒ ඇයි කියන හේතුව වත් මෙයා දැනගෙන හිටියේ නෑ. තමන්ගේ ම ජිවන රටාවක් ගොඩ නගා ගන්න මෙයා නිල වශයෙන් ලබා දීලා තියන Mary Sue Poots නම වෙනුවට Skye කියන නම භාවිතා කරන්න ගන්නවා. නිව්යෝර්ක් නගරයේ සිද්ද වුනු මහා සටනින් පස්සේ රහසිගතව ක්‍රියාත්මක වන ශිල්ඩ් ආයතනයේ ස්වභාවය ලෝකයට හෙළි කරන අරමුණෙන් බිහිවුණු Rising Tide කියන වෙබ් අඩවිය පිහිටුවා ගන්න Skye තමන්ගේ පෙම්වතා එක්ක ශිල්ඩ් නියෝජිතවරුන් පිටිපස්සේ ගිහිල්ලා කරුණු හොයනවා.මෙහෙම කරුණු හොයන අතර තුරේ දී ෆිල් කෝල්සන් ඇතුළු ශිල්ඩ් කණ්ඩායම යටතට පත් වෙන Skye ට ශිල්ඩ් ආයතනය එක්ක වැඩ කරන්න අවස්තාව හම්බෙනවා. තමන්ගේ ම යටි අරමුණක් තියන Skye, ශිල්ඩ් එකත් එක්ක එකතු වෙන්නේ එයාගේ දෙමව්පියන් ගැන ඇත්ත දැන ගන්න. ඇත්තටම එයාගේ දෙමව්පියන් ගැන සිද්දිය ලොකුම ලොකු අභිරහසක්. කතාව ක්‍රමයෙන් ගොඩ නැගෙද්දී Skye තමන්ගේ රහස ට ලං වෙනවා උනත් එයා දන්නෙම නැතුව ශිල්ඩ් එකට ඊට වඩා සමීප වෙලා. පරිඝනක ආශ්‍රිත ව දක්ෂතා දක්වපු Skye ඒ හැකියාවෙන් ශිල්ඩ් ආයතනයේ මෙහෙයුම් වලට විශාල මෙහෙයක් ඉෂ්ට කරනවා. ඒ ඉහල මට්ටමේ හැකර් කෙනෙක් විදිහට. අන්තිමේ දී Skye ශිල්ඩ් ආයතනයේ නිත්‍ය සමාජිකයෙක් විදිහට නිෂ්කාශන පලවෙනි මට්ටමට ඇතුල් වෙනවා. පුංචි කාලයේ ඉදලම නැති වුනු ආදරය ශිල්ඩ් සාමාජිකයන්ගෙන් ලැබෙන හින්දා Skye ශිල්ඩ් එක තමන්ගේ පවුල විදිහට හිතන්න පටන් ගන්නවා. ශිල්ඩ් ආයතනයට එකතු උනාට පස්සේ එයාට තමන්ගේ කලින් ආදරය අත්හරින්න උනත් වෙනත් කෙනෙක් ගෙන් ඒ ආදරය ලැබෙනවා. හැබයි ඒ ආදර කතාවත් Skye ගේ දෙමව්පියන් ගැන රහස වගේම සංකීර්ණයි. කතාවේ කොටස් ගැන විග්‍රහ කරද්දී ඒ ගැන අපි කතා කරමු විස්තර වශයෙන්.Skye ගේ චරිතය නිරුපනය කරන්නේ රූමත් නිලියක් වෙන Chloe Bennet. දැනට අවුරුදු 23 ක් වෙන මෙයාගේ මුල් නම Chloe Wang. මෙයාගේ තාත්තා චීන ජාතිකයෙක්. මෙයාගේ අම්මා නම් ඇමරිකානු ජාතික කාන්තාවක්. මෙයාගේ ලස්සන හින්දාම කතාව ඇතුලේ දී Angel-Eyes කියලාත් කියන Skye කියන්නේ ශිල්ඩ් කතා මාලාවේ ප්‍රබෝධජනක භාවය ඉස්සරහට ගෙනියන ප්‍රධානම සාධකය.

#attila_THE_hun

https://www.facebook.com/slcomicscript

1004556_1584184848531188_7308218018245950573_n

Comic Script (144 Posts)


One thought on “Marvel’s Agents of S.H.I.E.L.D. characters – o3 | Skye

Leave a Reply

Your email address will not be published. Required fields are marked *