Arrow S03E19 – Broken Arrow ** Spoilers**

ඇත්තටම ඇරෝ කතා මාලාව ඇතුලේ මොකක්ද මේ වෙන්නේ. දැන් නම් කතාවේ මතුවෙලා තියන තත්ත්වයට සරල විසදුමක් දෙන්න පුළුවන් කමක් නෑ. ෆ්ලෑෂ් කාලය හරහා ගිහිල්ලා මුළු යුනිවර්ස් එකම ආපහු හරවනවා කියන අදහසට මම නම් කැමති. මොකද දැන් ඒ තරමට ප්‍රශ්නය දුර දිග ගිහිල්ලා. Ra’s ගේ තර්ජනය නිකන්ම නිකන් වචන ගොඩක් නෙවේ කියන එක දැන් අපිට හොදටම තේරෙනවා. කතාව මැදදී ෆෙලිසිටි ඔලිවර් ට කියනවා වගේ මෙතනින් එහාට ආපහු ඇරෝ කියන චරිතයක් අපිට පවත්වාගෙන යන්න බෑ. ඒ හින්දා අපිට වැඩි ඉඩ කඩක් තියනවා ඔලිවර් Ra’s ගේ යෝජනාව ට කැමති වෙන එක බලා ගන්න.

හැබයි ඒ මොනවා උනත් මේ සතියේ කතාව විශාල පෙරලියක් ඇති කරපු එකක්. තුන්වෙනි සීසන් එකේ මේ දක්වා විකාශනය උණු හොදම කතාව කියලා කියන්න පුළුවන්. මෙතනින් එහාටත් පෙරලිකාර සිදුවීම් රැසක් වෙන්න ඉඩ තියනවා. කතාවේ විරාමයක් ලබා ගන්නත් ඒක හේතු වෙන්න ඇති. හැබයි පෙරලිකාර සිදුවීම් වෙනවා කියන්නේ ඊස්ටර් එග් දැක ගන්න තියන අවස්තාව අඩුයි කියන එක. මේ දක්වා ගොඩ නගපු සැකිල්ල ඇතුලේ කතා කිරීමක් වෙන්නේ.

1. ඇරෝ කතාව පටන් ගන්නේ මෙටා හියුමන් කෙනෙක් ස්ටාලින් සිටි වලට පැමිණීමත් එක්ක. සාමන්‍යයෙන් මෙටා හියුමන් ලා සෙන්ට්‍රල් සිටි වලට සුපුරුදු දර්ශනයක් උනාට ස්ටාලින් සිටි වල දී අපිට කලාතුරකින් දැක ගන්න හම්බුනේ. පස්සේ රේ පාමර් මෙයාට “Deathbolt” කියන නම දැම්මා (සිස්කෝ නිල වශයෙන් රේට භාර දීලා තියෙන්නේ නම් තැබීමේ වග කීම). මෙයාගේ ඇත්ත නම් විදිහට Jake Simmons තමයි අපිට දැක ගන්න හම්බුනේ. මෙයාට පුළුවන් විද්‍යුත් ශක්තිය උරාගෙන ප්ලස්මා ධාරාවන් විදිහට මුදා හරින්න. අපිට කොමික් වල දී ත් මෙයා හම්බෙනවා. එතන දී නම් ප්ලස්මා ධාරාවන් නිකුත් කිරීමකට වඩා බැටරියක් විදිහට මෙයා ගේ සම්පුර්ණ ඇඟ ක්‍රියා කරනවා කියලා සඳහන් වෙන්නේ. ඔය කට්ටිය අවධානයෙන් අහගෙන හිටියා නම් කතාව අන්තිම හරියේ දී සිස්කෝ කියන විදිහට මෙයා ට බලය හම්බුනේ අනිත් අයට බලය හම්බුනු Particle Accelerator එකෙන් නෙවේ. මොකද ඒ වෙද්දී එයා වෙන තැනක හිටියේ. එහෙනම් එයා මෙටා හියුමන් කෙනෙක් උනේ කොහොමද? මේකට පිළිතුර අපිට බලා ගන්න වෙන්නේ මම හිතන විදිහට ෆ්ලෑෂ් කතාව ඇතුලෙන්

2. Particle Accelerator එක අත්හදා බලපු දවසේ ජේක් හිටියා කියලා කිව්වේ Opal City වල. ඇත්තටම ඕපල් සිටි කියන්නේ DC යුනිවර්ස් එකේ තවත් සුපිරි වීරයෙක් ගේ නගරය. ඒ තමයි Theodore “Ted” Knight හෙවත් Starman ගේ නගරය. අපිට ඕපල් සිටි වැදගත් වෙනවා තවත් හේතුවක් හින්දා. ඒ තමයි Ralph Dibny හෙවත් Elongated Man සහ එයාගේ බිරිඳ Susan Dearbon (Sue Dibny) වැඩි කාලයක් හිටියෙත් ඕපල් සිටි වල. Atom චරිතය ප්‍රධාන කරගෙන කතා මාලාවක් ඉස්සරහට එන හින්දා අපිට මේ දෙන්නා ගොඩක් වැදගත්. මොකද කොමික් වල හැටියට නම් Sue මැරෙන්නේ රේ ගේ බිරිඳ වෙලා හිටිය Jean Loring අතින්.

3. මෙච්චර දවසක් කතාව ඇතුලේ කොටු වෙලා හිටිය රෝයි ගේ චරිතය අපිට ප්‍රබලව ඉස්මතු වෙනවා දකින්න පුළුවන් උනා. ඇත්තම කියනවා රෝයි ගේ කෝණයෙන් බලද්දී එයා මේ දේ කරන්නේ එයාගේ අතින් මැරෙන පොලිස් නිලධාරියාගේ මරණය ට දඩුවමක් විදිහට වෙන්නත් පුළුවන්. හැබයි රෝයි හාපර්, ඇරෝ විදිහට එලියට එන එකේ පොඩි ගැටළු සහගත තැන් නැත්තේ මත් නෑ. උදාහරනයක් විදිහට පලවෙනි සීසන් එකේ රෝයි පැහැරගෙන ගිය වෙලාවේ ඇරෝ රෝයි බේරා ගන්න සිද්දියත් එක්ක බලන කොට එයාට තමන්ගේ කතාව තහවුරු කරන්න ටිකක් කරදර වෙන්න තිබ්බා. හැබයි ඒක ගැටලුවක් නොවන්නේ කැප්ටන් ලාන්ස් ඇත්ත ඇරෝ කවුද කියලා දන්න හින්දා. හැබයි අනිත් කාරණා ඒ කියන්නේ ඇරෝ කේව් එක තමන්ගේ පෙම්වතියගේ ක්ලබ් එක යට පවත්වාගෙන යෑම, අතීතයේ කලහ කාරී හැසිරීම් වගේ දේවල් රෝයි කියන්නේ ඇරෝ කියන එක තහවුරු කරනවා. ඒත් එක්කම ෆෙලිසිටි සහ ඩිගල්ස් අනිත් අයගේ ඇඟිලි සලකුණු මකලා දාන හින්දා ඒ කාරණයත් උදව්වක් වෙනවා රෝයි ගේ කතාව ඇත්ත කියලා තහවුරු කරන්න

4. අපිට අතීත කතාවේ දී ආපහු Amanda මුණ ගැහෙනවා. මෙච්චර දවසක් Amanda වැරදි කියලා හිතාගෙන හිටියට ජෙනරල් ශ්‍රිව් මේ සේරම දේවල් කරනවා කියලා තමයි දැන ගන්න හම්බුනේ. මේ Amanda අපිට දැක ගන්න හම්බෙන අවසාන අවස්ථාව ද කියන්න ත් බෑ. හැබයි මෙතන දී Amanda ගැන තියන ආකල්පය යහපත් වෙනස් වෙන හින්දා ඔලිවර් එයා යටතේ A.R.G.U.S. එකේ වැඩ කරනවා වෙන්නත් පුළුවන්.

5. මෙච්චර වෙලා සුළු සුළු සිද්දි කතා කෙරුවා. ඔන්න දැන් කතා කරන්න යන්න ප්‍රධාන කාරණා ටික. රේ පාමර් සුපිරි වීරයෙක් විදිහට තව අඩියක් තිබ්බා. ෆ්ලෑෂ් එකේ දී දැක ගත්තාට වඩා දෙයක් කරන්න පුළුවන් කියන කාරණය එයා අපිට පෙන්නුවා. හැබයි කතා මාලාව ඇතුලේ රේ පාමර් ඉදිරිපත් කරන විදිහ නම් ටිකක් ගැටළු සහගතයි. මොකද වෙලාවකට රේ කියන්නේ විහිළු කාරයෙක් කියලා හිතෙන්නේ. සුපිරි වීරයෙක් විදිහට ඉස්සරහට යන්න නම් තව කාරණා ටිකක් ඉෂ්ට වෙන්න ඕනේ. ඔලිවර් දීපු උපදෙස් ටික ගොඩක් වටිනවා එක අතකින්.

6. මේ සීසන් එකේ දී ප්‍රධාන චරිතයක් මිය යනවා කියලා කලින් ඉදන්ම අනාවැකි ඉදිරිපත් වෙලා තිබ්බේ. හැබයි ඒ පුද්ගලයා රෝයි උනා කියද්දී ඇත්තටම අවුල් ගියා. මොකද ඇරෝ කතාවේ ෆෑන්ස් ලා ගොඩක් ආස කරන චරිතයක් තමයි රෝයි. මේකට ගොඩක් ම හේතුව ඇරෝ ඇතුලෙන් බැට් මෑන් චරිතය එලියට එද්දී නිරායාසයෙන්ම අපි රෝයි ව ඩික් ග්‍රේසන් ට සමාන කරන එක. කතාව අවසාන යේ දී රෝයි ආපහු එනවා. හැබයි එතන දී කතාව ගොඩ නැගුනු විදිහ නම් මට හිතුනේ එච්චර සාර්ථක නෑ කියලා. හැබයි එහෙම හරි රෝයි ජිවත් වුනු එක වටිනවා. ඒත් ඇරෝ කතාව ඇතුලේ දී නිත්‍ය නළුවෙක් විදිහට රෝයි එහෙමත් නැතිනම් Colton Haynes කියන කෙනා අපිට දකින්න ලැබෙන්නේ නෑ. මොකද කෝල්ටන් එක්ක තිබ්බ ගිවිසුම අවසන් වෙනවා. ඒ කෝල්ටන් ගේ නික්ම යෑම ඉතාම තාත්වික විදිහට කතාවට යොදා ගන්න නිෂ්පාදක වරු සමත් වෙනවා. මොකද පොලිසිය දන්න හැටියට නම් ඇරෝ සහ රෝයි මැරෙනවා. ඒ කියන්නේ රෝයි නගරයෙන් ඉවත් වෙලා යනවා. රෝයි කියන විදිහටම අලුත් ආරම්භයක්. අපිට සුළු සුළු අවස්ථා වල දී රෝයි ව දකින්න නම් පුළුවන් වෙයි. හැබයි මේ කියන්නේ රෝයි ගේ අවසානය ද? මගේ නම් අදහස නෑ කියලා. මොකද රෝයි හාපර් කියන්නේ DC යුනිවර්ස් එකේ සයිඩ්කික් එකකට වඩා ලොකු කෙනෙක්. ටයිටන් කණ්ඩාමේ සාමජික්යෙකුත් වෙනවා. ඊටත් වඩා dc ලගේ අලුත්ම Convergence ක්‍රොස් ඕවර් එකේ උප කතාවක් මෙයාට වෙන් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ රෝයි කියන චරිතය අපිට ඉස්සරහට හම්බෙන්න තියන අවස්තාව වැඩියි.

7. එතකොට ඔලිවර් ගේ අවසානය මොකක්ද? මේ ප්‍රශ්නයට පිළිතුර තියෙන්නේ අන්තිම විනාඩි කිහිපයේ දකින්න හම්බුනු තියා ගේ මරණයත් එක්ක. මෙතන දී මරණය කියලා කිව්වට අපිට ඇත්තටම පැහැදිලි නෑ තියා මැරෙන වාද කියලා. මොනවා උනත් එක දෙයක් පැහැදිලියි. Ra’s කියන විදිහට ඔලිවර්ට සිද්ද වෙනවා තියා බේරලා දෙන්න කියලා ආයාචනා කරන්න. තියා බේරන්න පුළුවන් කොහොමද? ඒ තමයි මෙච්චර කාලයක් නම ඉදිරිපත් කෙරුවේ නැති උණාට ක්‍රියාවෙන් පෙන්නපු ලාසරස් ෆිට් එක. ඔලිවර්ට ඉතිරි වෙලා තියන එකම විසදුම තමයි ඒ. ඒ වෙනුවට එයාට Ra’s ගේ යෝජනවාට එකඟ වෙන්න වෙනවා.

හැබයි අපි හිතන තරම් දේවල් සරල නෑ. මොකද මේ වෙද්දී 20 වෙනි කොටසේ පුර්ව ප්‍රචාරක පටිය ඇවිත් තියෙන්නේ. එකේ තියන විදිහට අපි නොහිතන දේවල් වෙන්න ඉඩ කඩ වැඩියි. මොකද ලාසරස් ෆිට් එක කියන්නේ හැම වෙලාවෙම අපි බලාපොරොත්තු වෙන දේවල් දෙන තැනක් නෙවේ. හොදටම පැහැදිලියි ඉතිරි කතා කිහිපය ගොඩක් තීරණාත්මකයි කියන එක නම්.

මීට පෙර ලිපිය
https://www.facebook.com/slcomicscript/photos/a.1519017541714586.1073741827.1519015728381434/1575811036035236/?type=1&permPage=1

#attila_THE_hun

https://www.facebook.com/slcomicscript

11112955_1582765265339813_1394029466226222921_o

Comic Script (144 Posts)


Leave a Reply

Your email address will not be published. Required fields are marked *