Ant man Trailer 02 – Break Down

https://www.facebook.com/slcomicscript/photos/a.1519017541714586.1073741827.1519015728381434/1581630415453298/?type=1&permPage=1
ට්‍රේලර් එක කලින් ලිපියත් එක්ක දුන්න හින්දා ආයේ මෙතන දාන්නේ නෑ.

01. ට්‍රේලර් එක පටන් ගන්නේ ඇමරිකාවේ සැන් ෆ්‍රැන්සිස්කෝ නගරයේ දර්ශනයකින්. හැබයි කොමික් වල දී නම් ඈන්ට් මෑන් ජිවත් වුනේ නෙබ්‍රස්කා ප්‍රාන්තයේ මිසක් කැලිෆෝනියා ප්‍රාන්තයේ නෙවේ.
02. ඊළඟ අපිට දකින්න හම්බෙන්නේ පුද්ගයෙක් තව කණ්ඩාමක් එක්ක හදුන්වාදීමේ චාරිකාවක් යන ආකාරය. මේ වෙද්දී අපි දන්න තොරතුරු අනුව මේ ඉන්නේ Darren Cross කියන පුද්ගලයා. මේ ආයතනය Cross Technological Enterprises වෙන්න ඕනේ. අපිට පසුබිමේ දකින්න තියන තොරතුරු අනුව හෑන්ක් පිම් ගේ ලොකු සම්බන්ධයක් මේ ආයතනයට තියනවා. හැබයි ඒ අවස්ථාවේ හෑන්ක් පිම් එතන ඉන්නවා උනත් එයා කැමති නෑ වගේ සිද්ද වෙන දේකට. ඒ මොකක් හින්දා ද කියන කාරණයට අපි පස්සේ එමු. කොමික් වල දී නම් ඩැරන් ක්‍රොස් කියන්නේ ස්ව උත්සාහයෙන් දියුණු වුනු පුද්ගලයෙක්. මෙයාට තියනවා අති දුර්ලභ හදවත් රෝගයක්. එයා කරන්නේ එයාගේ තාක්ෂණ ක්‍රමයක් භාවිතා කරලා nucleorganic pacemaker එකක් හදනවා. මේකෙන් එයාට සුපිරි බලයක් හම්බුනත් ඉක්මනටම හදවත විනාශ වෙන්න බලනවා. එයා කරන්නේ Dr. Erica Sondheim කියන හදවත් සැත්කම් වෛද්‍ය වරිය පැහරගෙන ගෙන ඇවිත් වෙන හදවතක් බද්ද කරන්න උත්සහ කරන එක. ඒත් අවසානවකට වගේ මේ වෛද්‍ය වරිය තමයි ස්කොට් ලෑන්ගේ දුවගේ හදවතට ප්‍රතිකාර කරන්නේ. මේ ගැන හොයන්න යද්දී තමයි ස්කොට් ඈන්ට් මෑන් වෙන්නෙත් පස්සේ කාලේක ගැටුමක් අතර තුරේදී ඩැරන් මැරෙන්නෙත්. මේ කතාවේ වැඩි කොටසක් අපිට ෆිල්ම් ඇතුලේ දීත් බලන්න හම්බෙන්න පුළුවන්. එතකොට මෙයාගේ ආයතනය ටෝනි ගේ ස්ටාක් එන්ටර්ෆ්‍රයිසස් එකට විරුද්ධ වාදීයෙක් විදිහට තමයි කොමික් වල තියෙන්නේ. සිනෙමැටික් යුනිවර්ස් එකේ දීත් මේ තත්ත්වය වෙනස් වෙන්නේ නැතිවෙයි.
03. අපි කලින් ට්‍රේලර් එකේ දී කතා කරපු දේවල් වෙන ස්කොට් ලෑන් කොහොමද ඈන්ට් මෑන් වෙන්නේ, එයා ඒ කිට් එකට පුරුදු වෙන්නේ, හෑන්ක් පිම් ගේ දුව Hope Van Dyne එක්ක සටන් පුරුදු වෙන ආකරය ගැන අයෙමත් කතා කරන්න අදහසක් නෑ.
04. ඒත් හෝප් ගැන පොඩි සඳහනක් නොකරම බෑ මේ වෙලාවේ. කොමික් වල දී නම් හෝප් රෙඩ් ක්වින් කියලා ඇවෙන්ජර් ස් ලාට එරෙහිව වැඩ කරන කෙනෙක් බවට පත් වෙනවා. ඒත් සිනෙමැටික් යුනිවර්ස් එකේ ඉස්සරහට යනකොට දැනට ඉන්න ඇවෙන්ජර්ස්ලා 6 දෙනාම ඉතුරු වෙන්නේ නෑ කියන එකට පැහැදිලි ඉඟි දීලා තියනවා. එක්කෙනෙක් හෝ වැඩි ගණනක් හරි අවාසනාවන්ත සිදු වීමකට මුහුණ දේවි. එතකොට ඉන්ෆිනිට් වෝර් වගේ වෙනකොට අලුත් වීරයෝ ඕන වෙනවා. ස්පයිඩි ආපහු එකතු වෙනවා කියන එකෙන් පොඩි හරි සහනයක් තියනවා. ඒත් ෆැන්ටාස්ටික් ෆෝර්, එක්ස් මෙන් නැතුව (ඉදිරි කාලයේ මොනවා වෙයිද දන්නේ නෑ) මාවල් ලාට ඉස්සරහට යන්න වෙනවා නම් අලුත් කට්ටිය ඕන වෙනවා. කොමික් වල දී ඇවෙන්ජර්ස්ලා අතර හිටිය ආකර්ශනිය චරිතයක් තමයි වාස්ප් කියන්නේ. එහෙමත් නැතිනම් හෝප් ගේ අම්මා Janet van Dyne. මෙයා කොමික් වල දී නම් ඇවෙන්ජර්ස් පිටුවන්න මුලික වුනු කෙනෙක්. පැහැදිලිවම සිනෙමැටික් යුනිවර්ස් එක ඇතුල් සිද්ද වුනු තවත් අසාධාරණයක් මේ චරිතය ගැන සඳහනක් නැතී එක. මේ වෙද්දී පොඩි ප්‍රවනාතාවයක් තියනවා හෝප් අනාගතයේ රෙඩ් ක්වින් කරන්නේ නැතුව වාස්ප් කරන්න කියලා. සමහරක් විට සිවිල් වෝර් ෆිල්ම් එකේ දී අපිට දැක ගන්නත් ඉඩ තියනවා. තව දෙයක් තමයි ඇයි හෝප් ගේ නම හෝප් පිම් විදිහට අපිට දකින්න බැරි. ඒ වෙනුවට එයාගේ අම්මගේ නම තමයි භාවිතා කරන්නේ. තාත්තාගේ නම භාවිතා කරන්නේ නැති වෙන්න තරම් හෝප් ඉන්නේ හෑන්ක් එක්ක තරහින්ද? සමහරක් විට ජැනට් ගේ මරණයත් එක්ක සමබන්ධ දෙයක් වෙන්න ඉඩ තියනවා මේක.
05. මාවල් ඈන්ට් සයිස් ලෝගෝ
06. හෑන්ක්, ස්කොට් ගෙන් උදව් ඉල්ලන්නේ එයාගේ ඈන්ට් මෑන් කිට් එක ආපහු ලබා ගන්න. හේතුව පැහැදිලි නැති උනත් මේක දැනට තියෙන්නේ ක්‍රොස් ගේ ආයතනය ඇතුලේ. කලින් ලිපියේ සඳහන් කරපු කොමික් ප්‍රකාශන දෙක කියෙව්වා නම් ඔයාලට මතක ඇති හෑන්ක් පිම් වෙන කාගේවත් අතට මේ “පිම් අංශු” පිලිබඳ තාක්ෂනය දෙන්න කැමති නෑ කියන කාරණය. මොකද එකේ අනතුර එයා දන්නවා. හඬක් මෙතන දී උත්සාහ කරන්නේ ඩැරන් විනාශ කාරී දෙයකට යොදා ගන්න හදන මේ තාක්ෂණය ආපහු ලබා ගන්න.
07. කලින් ට්‍රේලර් එකේ දැක්කා අපි ස්කොට් කුහුබුවන් ගෙන් වැඩ ගන්නවා. ඒ හැකියාව ගැන දැන ගත්තු වෙලාව සහ එයා ඒකෙන් ප්‍රයෝජනය ගන්න හදපු අවස්තාව අපිට දකින්න පුළුවන්. කොමික් වල හැටියට නම් සැතපුම් එක හමාරක් දුර ඉන්න කුඹි එක්ක ගනු දෙනු කරන්න පුළුවන්.
08. සිරුරෙන් කුඩා උණාට ස්කොට් ලෑන්ගේ ශක්තිය ඒ විදිහටම තියනවා. මෙතන දී අපි පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඕනේ. ඈන්ට් – මෑන් කිට් එකට හැකියාව තියනවා ඒක ඇඳගෙන ඉන්න කෙනාගේ ශරීර ප්‍රමානය අඩු කරන්න. ඒ වගේම කොමික් ප්‍රකාශනයේ දී අපිට දැක ගන්න පුළුවන් හෑන්ක් ගේ ශක්තිය වෙනසක් වෙලා නෑ. ස්කන්ධය කුඩා වීමක් විතරයි වෙන්නේ කියලා. කොමික් වල දී නම් හෑන්ක් පිම් ට උස අඟල් භාගයක් දක්වා ඕනම උසකට කුඩා වෙන්න පුළුවන්. සිනෙමැටික් යුනිවර්ස් එකේ දී නම් මීටත් වඩා කුඩා වෙනවා වගේ පෙන්නේ. ඒත් දල වශයෙන් ගත්තොත් අඩි 6ක් උස මිනිහෙක් අඟල් භාගයක් දක්වා වෙනවා කියන්නේ එයාගේ සිරුරේ උස 50 ගුණයකින් වගේ අඩුවෙලා. උස විතරක් නෙවේ, දිග පළල හැම දෙයක්ම අඩු වෙන හින්දා කලින් හිටපු මනුස්සයා 125,000 ගුණයකින් වගේ අඩු වෙන්න ඕනේ. පැහැදිලිවම ස්ක්න්දය මේ ප්‍රමානයකින් අඩු වෙන්න නැති හින්දා සෛද්ධාන්තිකව ගත්තාම කුඩා උනාට පස්සේ ඝනත්වය වැඩි වෙන්න ඕනේ. හැබයි අධික ඝනත්වයක් තිබ්බොත් අපිට සාමාන්‍ය විදිහට හැසිරෙන්න බෑ. එක අතකින් ගණිතමය පැත්තෙන් මේ ගැන හිතන්න ඕනේ නැත්තේ අපි පිම් අංශු ගැන හරියටම දන්නේ නැති හින්දා. මේ ගණනය කිරීම් මගේ පුද්ගලික අදහසක්. සමහරක් විට වැරදීමක් වෙන්නත් පුළුවන්. ඒත් මේ කතාව කිව්වේ කොමික් වල දී ගොඩක් වෙලාවට හෑන්ක් පිම් කෙරුවේ සිරුරේ ප්‍රමානය අඩු කිරීමට වඩා ඒ ස්කන්දය අන්තර් මානයකට යොමු කරපු එක. ඒත් මේක යොදා ගනීවි කියලා හිතන්න අමාරුයි ෆිල්ම් එක ඇතුලේ දී. එතකොට එකපාරටම කෙනෙක් මේ සංකල්පය සහ DC යුනිවර්ස් එකේ ඇටෝම් ගේ චරිතය එක්ක ගැටුම් ඇති කරගන්න පුළුවන්. (ඈන්ට් මෑන් එන කාලේ වෙද්දී රේ පාමර් කුඩා වෙන්න පටන් අරගෙන තියෙන්න ඉඩ තියනවා). තව දෙයක් කොමික් ප්‍රකාශන යේ දී හෑන්ක් පිම් ඉඟියක් දුන්නා අපිට එයාට ඕනේ නම් පුළුවන් භාහිර වස්තුවක් උනත් කුඩා කරන්න කියලා.
09. පලවෙනි වතාවට Yellowjacket Suit එක දකින්න හම්බෙනවා. අපි වගේම් හෝප් මේ කිට් එක දකින්නෙත් පලවෙනි වතාවට වගේ. මේක ඇත්තටම ඈන්ට් මෑන් ආමර් එකට වඩා ටිකක් දියුණු එකක්. කොමික් වල දී අපිට හම්බෙන G.I. Ant-Man Suit එහෙමත් නැතිනම් තුන්වෙනි ඈන්ට් මෑන් වෙන Eric O’Grady ගේ කිට් එක ආශ්‍රයෙන් හදලා තියනවා වගේ පෙන්නේ. මොකද සාමන්‍ය ඈන්ට් මෑන් ආමර් එකට නැති උණත් කොමික් වල දී GI කිට් එකට වගේම ෆිල්ම් එකේ යෙලෝජැකට් ආමර් එකට ජෙට් එන්ජින් තියනවා. හෝප් කොහොමද මේක දකින්නේ කියන එක ප්‍රශ්නයක්. සමහරක් විට එයා රහසින් ඩැරන් ගේ ඔත්තු බලනවා වෙන්න ඉඩ තියනවා.
10. ෆිල්ම් එකේ දී යෙලෝජැකට් විදිහට ඉන්නේ ඩැරන් ක්‍රොස්. මේක තවත් ගැටළු සහගත තත්ත්වයක්. මොකද කොමික් වල දී යෙලෝජැකට් වෙන්නේ හෑන්ක් පිම් මයි. අපි මේ ගැන පැහැදිලි කිරීමක් කෙරුවා හෑන්ක් පිම් ගැන ලිපියෙන්.
https://www.facebook.com/1519015728381434/photos/a.1519017541714586.1073741827.1519015728381434/1555580351391638/?type=1
එයාගෙන් පස්සේ Rita DeMara කියන කාන්තාවක් මේ ආමර් එක හොරකම් කරලා යෙලෝජැකට් වෙනවා. ඒත් අපිට ඩැරන් ක්‍රොස් යෙලෝ ජැකට් උනා කියලා සඳහනක් නෑ. ඒ කියන්නේ සිනෙමැටික් යුනිවර්ස් එකටම කරපු වෙනස් කිරීමක් මේ.
11. මෙතනින් එහාට අපිට දකින්න පුළුවන් වෙන්නේ ඈන්ට් මෑන් සහ යෙලෝ ජැකට් අතර ගැටුම ගැන දර්ශන කිහිපයක්. ඒ ගැන විශේෂ දෙයක් කියන්න අදහසක් නෑ. ඒත් ස්කොට් තමන් ව ඈන්ට් මෑන් විදිහට හඳුන්වා දීපු අවස්තාව ගොඩක් විශේෂයි. මොකද එයාගේ ඕල්ටර් ඊගෝ එක ඈන්ට් මෑන් වීම ගැන සතුටක් නම් නෑ. බලෙන් පටවපු හින්දා ඔන්න ඔහේ ඉන්නවා වගේ.

සාමන්‍යයෙන් ට්‍රේලර් එකක් බ්‍රේක් ඩවුන් කරද්දී දර්ශනයෙන් දර්ශනයට විස්තර කෙරුවත් මේකේ කතා කෙරුවේ වැදගත් කාරනා විතරයි. මඟ හැරුණු දෙයක් තියනවා නම් පෙන්නලා දෙන්න කියලා යාලුවෝ හැමෝගෙන්ම ඉල්ලනවා.

#attila_THE_hun

https://www.facebook.com/slcomicscript

11072196_1582196292063377_7607565988371471206_n

Comic Script (144 Posts)


Leave a Reply

Your email address will not be published. Required fields are marked *