Hate Story 3

hate-story-3

“හේට් ස්ටෝරි” කියන නම ඇසූ පමනින් ඔයාලා දන්නවා නේ, මොන වගේ චිත්‍රපට මාලාවක්ද කියලා. ඒ තමයි erotic thriller වර්ගයේ චිත්‍රපට මාලාවක්. මෙහි පලමු චිත්‍රපටය, එනම් “හේට් ස්ටෝරි” චිත්‍රපටය 2012 වසරේ අප්‍රේල් 20 වැනිදා නිකුත් විය. එහි ප්‍රධාන නිළි චරිතය, එනම් මේ චිත්‍රපටය ගෙතෙන්නේ ප්‍රධාන නිළිය වටා නිසය. ප්‍රධාන නිළිය ලෙස Paoli Dam රංගනයෙන් එක් වනවා. ඊට අමතරව Nikhil Dwivedi, Gulshan Devaiya ද රංගනයෙන් ධායක වනවා. චිත්‍රපටය අධ්‍යක්ෂනය කරේ Vivek Agnihotri විසිනි. නිෂ්පාදනය Vikram Bhatt විසිනි.
Hate_Story_Wallpaperjpg_12_lgbrh_Indya101(dot)com_1024x1024
මෙහි කතාව වන්නේ Kavya Krishna නම් තැනැත්තියට වන අසාධාරණයක් නිසා, ඊට පලිගැනීම සදහා ගනිකාවක් වශයෙන් සේවය කර, තමන් පලි ගන්න අවශ්‍ය පුද්ගලයා ගාවට ලං වී ඔහුව විනාශ කිරීමයි.

Hate Story 2
මෙය 2014 වසරේදී නිකුත් විය. මෙය පලමු චිත්‍රපටයේ කතාවට කිසි සම්බන්ධයක් නැත.  නමුත් පලමු එකේ වගේ ප්‍රධාන නිළිය වටා තමා මෙහි කතාව ගෙතෙන්නේ. මේ සැරේ ප්‍රධාන නිළිය වන්නේ Surveen Chawla ය. ඊට අමතරව Sushant Singh, Jay Bhanushali යන අය රංගනයෙන් ධායක වී තිබෙනවා. අධ්‍යක්ෂනය Vishal Pandya විසිනි. නිෂ්පාදනය Bhushan Kumar, Vikram Bhatt අය විසිනි.
266481-hate-story-2
මෙහි කතාවද පළිගැනීමේ සිද්ධියක් වටා තමා ගෙතෙන්නේ. Sonika Prasad කියන තරුණියව Mandar Mhatre නම් බලවත් දේෂපාලකයා විසින් තියාගෙන ඉන්නවා තමන්ගේ කාම ආශාවන් සංසිදුවා ගැනීමට. නමුත් ඇය ජායාරූප කරනය ඉගෙන ගන්න ශිෂ්‍යයාවක්. මේ අතර තවත් ජායාරූප කරනය ඉගෙන ගන්න කෙනෙක් වන kshay Bedi මැයට ආදරය කරනවා. පසු දෙදෙනාම ආදරයෙන් වෙලී මන්දාර්ගෙන් බේරිලා ඈත පෙදෙසකට ගිහින් ජිවත් වෙද්දි මන්දාර් සොයන් ඇවිත් සෝනිකාගේ පෙම්වතාව මරා දාලා ඇයව පන පිටින් වලලා යනවා. ඇය ඉන් බේරී මන්දාර්ගෙන් පලිගැනීම තමා කතාවේ අවසානය.
Hate-Story-3 (1)
Hate Story 3
මෙයත් කලින් කතා දෙක වගේම පලිගැනීම්  සිද්ධියක් වටා ගෙතෙනු ඇතැයි අපට නිමානය කල හැකියි. මෙය මොන ආකාරයේ කතාවක් වටා ගෙතෙනවාද කියා තාම ප්‍රකාශ කර නොමැත. නමුත් ප්‍රධාන නිළි චරිත දෙකක් හදුන්වා දී තිබෙනවා. ඒ ප්‍රධාන නිළියන් දෙදෙනාගේ විශේෂත්වය වන්නේ, ඒ අය සිනමාවට පිවිසියේ සල්මාන් ඛාන්ගේ චිත්‍රපට තුලින් ඔහුගේ පෙම්වතියන් ලෙස රග පාමින් ය. ඒ දෙදෙනා වන්නේ Zarine Khan හා Daisy Shah යන අයය. ෂරීනි ඛාන් 2010 වසරේ නිකුත් වූ වීර් චිත්‍රපටය තුලින්ද, දේෂි ෂාහ් 2014 වසරේ නිකුත් වූ ජයි හෝ චිත්‍රපටය තුලින්ද සිනමාවට පිවිසිය. ෂරිනි ඛාන් එතරම් චිත්‍රපට තුලින් දක්නට නොලැබුනු අතර දේෂි ෂාහ් ගේ දෙවැනි චිත්‍රපටයද වන මෙය, මොවුන් දෙදෙනාගේ ඉදිරි සිනමා රංගන ජීවිතයට ඉතා වැදගත් සංදිස්ථානයක් බවට මේ චිත්‍රපටය ඔවුන්ට පත් වනවා නොවනුමානය. ඒ වගේම මේ චිත්‍රපටයෙහි මොවුන් දෙදෙනගේ සරාගී දර්ශන රැසක් ඇති බව ආරංචි වනවා.

චිත්‍රපටය අධ්‍යක්ෂනය කරන්නේ Vishal Pandya විසිනි. නිෂ්පාදනය Bhushan Kumar විසිනි. චිත්‍රපටය 2015 දෙසැම්බර් 11 වැනිදා නිකුත් කිරීමට නියමිතයි.

සිරාජ් ප්‍රියන්ත (52 Posts)


Leave a Reply

Your email address will not be published. Required fields are marked *