බයිස්කෝප් සිංහලෙන් 05 – Marvels Daredevil [S01 : E01] | දෑස නොපෙනෙන යක්ෂයා

Marvels-DaredevilTV-2

ඉතින් ඔන්න අද අරගෙන ආවා කට්ටිය කෙල හල හල බලාගෙන හිටපු ටීවී සීරියස් එකක මුල්ම කොටස. විශේෂයෙන් ඉතින් මාවල් ලෝලීන් නම් මේක එනකම් ඇඟේ ලේ නැතිව නොවැ හිටියේ… :D  සුරේනි අක්කා කිවුවා අනේ මල්ලී මේකට ලිපිය කොහොම හරි ලිපියක් ලියලා දෙන්න කියලා. ඉතින් බෑ කියන්නයෑ.

අද නිවාඩු දවසක් නිසා ඔන්න ඔහේ හිමීට ලියුවා. කොහොමින් කොහොමින් හරි ඔන්න එහෙනම් අර විමාගේ භාෂාවෙන් කියන්නා වගේ පොඩ්ඩක් ලොකු පඳුරක් තලන්නයි යන්නේ… ලොකු කිවුවට එච්චරම ලොකුත් නෑ. කම්මැලි නැතිව මේ ලියන ආටිකල් එක කියවහල්ලා ඈ…. :3  ගිය දවස් ටිකේ මේක ගැන විස්තර හොයද්දි මේකට තිබ්බ රේටින්ග්ස් දැකලා DC ලෝලියෙක් වෙන මගේ කනෙන් දුම් දාන්න ගත්තා. :3 අපි මේ දවස් වල බලන DCලගේ ඇරෝ, ෆ්ලෑෂ් ට එරෙහිව මේ Daredevil (ඩෙයාඩෙවිල්)( සිංහලෙන් කිවුවොත් කිසිදේකට බය නැත්තා, එහෙමත් නැත්නම් “යකඩයා”) ට පුළුවන් වේවි කියලා හිතනවා. IMDb අගය 9.5ක්.  ඇරෝගේ සහ ෆ්ලෑෂ්ගේ අගය 8.2යි. ඉතින්  කනෙන් දුම් දාන එක අහන්නත් දෙයක්ද. ( ඔහොම කිවුවට DC ෆෑන්ලත් Marvel ලගේ ඒවා පැල් බැඳගෙන තමා බලන්නේ. :3 :D ) ඉතින් මේක අලුතෙන්ම පටන් ගන්න ටීවී සීරියස් එකක් නිසා අපි පොඩ්ඩක් ඩෙයාඩෙවිල් චරිතය ගැන හොයලා බැලුවොත් හොඳයි නේද???

අපේ කොමික් ලෝලීන් නම් ඉතින් ඩෙයාඩෙවිල් ගැන නොදන්නා විදිහක් නෑනේ.  ඩෙයාඩෙවිල් කියන්නේ මාවල් කොමික්වල ඉතාමත් ප්‍රබල චරිතයක්. මේ ඩේඩෙවිල් චරිතය මුල් වරට එලියට එන්නේ වර්ෂ 1964 අප්‍රේල් මාසයේ.  ඩේඩෙවිල්ව නිර්මාණය වෙන්නේ ස්ටෑන් ලී සහ බිල් එවරට් කියන කොමික් චරිත නිර්මාණකරුවන් අතිනුයි. ස්ටෑන් ලී ව නම් කට්ටිය නොදන්න විදිහක් නෑනේ. ඉතින් මේ ඩෙයාඩෙවිල්ගේ ඇත්ත නම තමා මැතිව් මයිකල් මර්ඩොක්, එහෙමත් නැත්නම් මැට් මර්ඩොක්.  මෙතැනදී මැට් මර්ඩොක් කියන්නේ ඒක අන්වර්ථ නාමයක් විතරයි. මෙයාට අන්වර්ථ නාම තව කීපයක්ම තියෙනවා. මැට් පොඩි කාලෙදිම එයාගේ අම්මා එයාව දාලා යනවා. ඉතින් ඊට පස්සේ තාත්තා තමයි හෙල්ස් කිචන්වල ඉඳන් මෙයාව බලාගන්නේ. හැබැයි තාත්තා කවදාවත් කියන්නේ නෑ අම්මා එයාව දාලා ගියා කියලා. එයා කියන්නේ අම්මා මැරුණා කියලයි. තාත්තා නමින් ජොනතන් “බැට්ලින් ජැක්” මර්ඩොක් හෙවත් ජැක් මර්ඩොක්. බොක්සිං ක්‍රීඩකයෙක්. තාත්තාට ඕනවුනේ මේ මැට්ව ඔහුට වඩා සාර්ථක පුද්ගලයෙක් කරන්න. ඉතින් ජැක් උත්සාහා කරේ මේ මැට්ව නිතරම වාගේ ඉගෙනුම පැත්තට යොමු කරන්නයි. ජැක් බලාපොරොත්තු වුනේ එයාගේ පුතා කවදා හරි දවසක් එයා වගේ නූගත් පුද්ගලයෙක් නොවී වෛද්‍යවරයෙක් හෝ නීතිඥයෙක් වෙයි කියලයි. ඉතින් මේ නිසා ඒ අහළ පහළ ඉන්න ළමයි මැට්ට විහිලුවටත් එක්ක ඩෙයාඩෙවිල් කියන්න ගත්තා. ඉතින් මේ දුක නැතිකරගන්නත් එක්ක මැට් කලේ හොරෙන්ම ගිහිල්ලා තාත්තාගේ ජිම් එකට වෙලා පුහුණුවීම වල නිරත වෙච්ච එකයි. ඉතින් දවසක් මේ මැට් දැක්කා වේගෙන් එන ට්‍රක් එක දිහාවට වයසක මනුස්සයෙක් ඇවිදගෙන එනවා. ඉතින් මෙයා මේ වයසක මනුස්සයාව බේරගන්න උත්සාහා කරනවා. එතනදී මේ ට්‍රක් එකේ තිබිච්ච විකිරණශීලී රසායනික ද්‍රව්‍යයක් මෙයාගේ ඇස් වලට ඉහෙනවා. ඒ නිසා මැට්ගේ පෙනීම සදහටම නැතිවෙලා යනවා.

හැබැයි 2003 ආපු ඩෙයාඩෙවිල් ෆිල්ම් එකේ නම්( මේ සිනමාපටයේදී ඩෙයාඩෙවිල් විදිහට රඟපාන්නේ 2016 වසරේ එන්න තියෙන BvS සිනමාපටයේ බැට් මෑන් විදිහට රංගනයෙන් දායක වෙන බෙන් ඇෆ්ලෙක්ට් කියන රංගදරයායි.) මේ අනතුර වෙන්නේ වෙනස් විදිහකට කියලා බලපු අය දන්නවා ඇතිනේ. ඒ මැට් ගේ තාත්තා වැඩකරන තැනට මැට් ගෙ විභාග ප්‍රතිපල පෙන්නන්න ගියාම එයා මාසගානක ඉඳලා එතන වැඩ නෑ කියන එක දැනගෙන දුකින් ගෙදර එන අතර මගදිනේ. එතැනදී එයා දකිනවා තාත්තා මනුස්සයෙක් එක්ක රණ්ඩු වෙනවා. එයාගේ තාත්තා එහෙම කෙනෙක් නෙව් නිසා එයාට ඒක දරාගන්න බැරුව එතනින් දුවලා යන අතර තුරේදී තමා මේ අනතුර වෙන්නේ. ඉතින් මේ අනතුර නිසා මැට් ගෙ පෙනීම සම්පූර්ණයෙන්ම නැතිවෙලා යනවා කියලා මම කිවුවනේ. නමුත් මැට්ට රෝහලේදී ආයෙත් සිහිය එනකොට මැට්ට තේරෙනවා එයාගේ ශ්‍රවන හැකියාව, ස්පර්ෂයෙන්යමක් හඳුනාගැනීමේ හැකියාව සාමාන්‍ය මිනිසෙකුගේ මට්ටමට වඩා ඉතාමත්ම ඉහල මට්ටමකට වර්ධනය වෙලා කියලා. මේ ස්පර්ශන හැකියාවෙන් තමා ඉස්සරහට මැට් තමාගේ කියවීම් කටයුතු කරගන්නේ. ඇස් පෙන්නේ නැති නිසා. මීට අමතරව ඔහුට රේඩාර් සන්නිවේදන හැකියාවක්ද මේ අනතුරෙන් මූණට විසිවෙච්ච රසායනික ද්‍රව්‍යය නිසා ලැබිලා තියෙනවා. ඒ කියන්නේ මෙයාගේ කනට ඇහෙන ශබ්ධ ආධාරයෙන් මෙයාට පුළුවන් එයා අවට තියෙන වස්තූන්ගේ රූප හා හැඩය මනසින් මවාගන්න. ඉතින් මෙයා ඉස්සරහට නීතීඥයෙක් විදිහට වැඩ කරද්දි මිනිස්සු ඇත්ත කියනවද කියලා බලන්නත් මේ රේඩාර් හැකියාව පාවිච්චි කරනවා. බොරු කියනකොට හදවතේ හාට් බීට් එක වෙනස් වෙනවනේ. අන්න ඒ වෙනස් වෙන රේට් එක බලන්න තමා  මෙයා මේ බලය පාවිච්චි කරන්නේ…

ඉතින් මාස කීපයකට පස්සේ මෙයාට ස්ටික් කියන නින්ජා ගුරුවරයාගෙන් එයාගේ හැකියාවන් පාලනය කරගන්න පුහුණුවක් ලැබෙනවා. මේ අතරතුරේ ෆ්ලෙක්ස් කියන තරඟ අනුග්‍රාහකයා විසින් පොඩි ආරවුලක් නිසා මැට් ගෙ තාත්තව වෙඩි තියලා මරනවා. පස්සේ මැට් මේ ෆ්ලෙක්ස්ව හොයාගෙන යනවා. පස්සේ මේ මැට් තාත්තගේ පලිය ගන්න කරන ක්‍රියාවන් ගැන එයාම බයට පත්වෙලා ආපහු මාස්ටර් ස්ටික්ව හොයාගෙන යනවා. නමුත් මාස්ටර් ස්ටික් මැට් මේ කරපුදේවල් නිසා එයාව ආපහු බාරගන්නේ නෑ. ඊට පස්සේ මැට් දිගටම එයාගේ අධයාපන කටයුතු කරගෙන ගිහිල්ලා කොලොම්බියා නීති විද්‍යාලයට ඇතුලත් වෙනවා. එතැනදී තමයි මෙයා ඉලෙක්ට්‍රා නැචියොස් එක්කප්‍රේම සම්බන්ධයක් ඇති කරගන්නේ. මං මෙතනදී ඉලෙක්ට්‍රා ගැන නොකියා ඉන්නම්. මාවල් අය නම් ඉලෙක්ට්‍රා කවුද කියලා දන්නවා ඇතිනේ. පස්සේ දවසක එයා ගැන කියන්නම්. ඉතින් පස්සේ මෙයා මෙයාගේ නීති උපාධිය අරගෙන නීතීඥයෙක් විදිහට රැකියාවට එලබෙනවා. ඉති මෙයා ආයෙමත් එයා හැදී වැඩිච්ච කිචන්ස් හෙල්වලට එනවා. ඊට පස්සේ තමා මෙයා ඩෙයාඩෙවිල් නමින් වැඩ පටන් ගන්නේ. මුලින්ම මෙයාගේ ඇඳුම කහ පාටයි කලුපාටයි මිශ්‍ර වෙච්ච ඇඳුමක්. ඒක හදාගන්නේ එයාගේ තාත්තා බොක්සිං වලට පාවිච්චි කරපු ඇඳුම් පාවිච්චි කරලා. පස්සේ තමා ඉතින් අඳුරු රතුපාට ඇඳුමට බහින්නේ. ඉතින් දැනට මේ ඇති කියලා හිතනවා. :v :v කියනවා නම් තවත් තියේ… :3 ඕක තමයි ඉතින් සරලවම ඩෙයාඩෙවිල් කොමික් චරිතයේ බිහිවීම. මෙයා ඉතින් ශීල්ඩ් ( S.H.I.E.L.D.) එකත් එක්කත් වැඩ කරලා තියෙනවා.  ;) චරිතය ගැන මම කියපුවාගේ  අඩුපාඩු තියේ නම් පෙන්නලා දෙන්න කියලත් ඉල්ලනවා… :D හරි එහෙනම් අපි හැරෙමුකො දැන් මේ ඩෙයාඩෙවිල් ටීවී සීරියස් එක දිහාවට. අද කතාවේ නම Into The Ring (ඉන් ටු ද රින්).

කතාවේ ප්‍රධාන චරිතය වෙන මැට් මර්ඩොක් (Matt Murdock), නැත්නම් ඩයාඩෙවිල් (Daredevil) විදිහට චාලි කොක්ස් (Charlie Cox) ද, මැට්ගේ ලේකම් වෙන කැරන් පේජ් (Karen Page) විදිහට ඩෙබොරා ඈන් වොල් (Deborah Ann Woll)ද, මැට්ගේ ළඟම යාළුවා වෙන ෆොගී නෙල්සන් (Foggy Nelson) විදිහට එල්ඩන් හෙන්සන් (Elden Henson )ද, විල්සන් ෆික් එහෙමත් නැත්නම් කින්පින් ( Wilson Fisk / Kingpin) විදිහට වින්සන්ට් ඩිනොෆ්රියෝ (Vincent D’Onofrio) ද,ක්ලෙයා ටෙම්ප්ල් (Claire Temple) විදිහට රොසාරියෝ ඩෝසන් (Rosario Dawson) ද අපිට මේ කතා මාලාව හරහා දැකගන්න පුළුවන්. මේ කතා මාලාව කතාංග, එහෙමත් නැත්නම් එපිසෝඩ් 13කින් සමන්විත වෙනවා.

ඉතින් බයිස්කෝප් ප්‍රේක්ෂකයන් වෙනුවෙන් ඒ කතාංග සියල්ලම ඉදිරියේදී ඔබවෙත අරගෙන එන්න බයිස්කෝප් අපි බලාපොරොත්තු වෙනවා. මම හිතන්නේ බොහෝ දුරට මේක ටීවී සීරියස් එකකින් නවතින එකක් නම් නෑ. සිනමාවෙනුත් ආයෙමත් ඩෙයාඩෙවිල් එයි කියලා බලාපොරොත්තු වෙන්න පුළුවන්. ;)  මාවල් ෆෑන්ලට මේ පාර අවුරුදු සරුවෙයි කියලා හිතනවා. :D ;) අද තියෙන්නේ මැට් සහ ෆොගී දෙන්නා අලුතින් වැඩ පටන්ගන්න දවසේ කතාව. එයාලා අලුතින් තැනක් එහෙම අරගෙන පොලිස්කාරයෙකුට අල්ලසක්  එහෙම දීලා ඔන්න විත්තියේ නීතිඥයින් විදයට වැඩ ආරම්භකරනවා. අද කතාවෙදි ඔයාලට දැකගන්න පුළුවන් කැරන් පේජ් කොහොමද මැට් මර්ඩොක්ගේ ලේකම් හැටියට සම්බන්ධ වෙන්නේ කියලා. ඒ වගේම මැට් ඩෙයාඩෙවිල් විදියට මේ වෙනකොටත් වැඩ පටන් අරන්  ඉවරයි. ඒ වැඩටිකකුත් බලාගන්න පුළුවන්වෙයි. හරි එහෙමනම් බලන්නකෝ මේ තරුන නීතිඥයින් දෙන්නා එයාලගේ පළවෙනි නඩුව විසදන්නේ කොහොමද කියලා. දෙවන කොටසින් හමුවනතුරු එහෙනම් හැමෝටම සුභ දවසක්…!!!

ආ… කියන්නම ඕනා. මේ තොරතුරු ගත්තේ අන්තර්ජාලය හරහා. සිංහලෙන් කොමික් ගැන කියවන්න ආස නම් මූණු පොතේ Comic Script කියලා ටයිප් කොරලා එන පේජ් එකට ලයික් එකක් දාන්න කියලත් ඉල්ලනවා… ;) මේ ලිපිය ලියන්න අද දින කොමික් ස්ක්‍රිප්ට් පේජ් එකේ පල වුන Daredevil ලිපියත් උපයෝගී වුනා කියලා මතක් කරන්නම ඕනා…

ලිපිය –සමන් ප්‍රසාද් (පූසා)

මව් අඩවියේ ලිපිය හා මෙතනින් සම්බන්ධ වන්න.

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.
තිසර නියෝ (397 Posts)

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.


තිසර නියෝ

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.

tisaran has 397 posts and counting.See all posts by tisaran

2 thoughts on “බයිස්කෝප් සිංහලෙන් 05 – Marvels Daredevil [S01 : E01] | දෑස නොපෙනෙන යක්ෂයා

  • July 11, 2015 at 11:58 PM
    Permalink

    බොහොම ස්තුතියි සහො

  • May 12, 2015 at 10:54 PM
    Permalink

    හොඳට ලියල තියෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *