Daredevil – ‪#‎spoiler_warning‬ !! Episode 1: Into The Ring – Recap

ඔන්න අද Comic Script එකේ කොමික් පිස්සොන්ට සුභ ආරංචි සහිත දවසක් කියලා අපි කලින්ම කිව්වා කට්ටියට මතක ඇතිනේ. Marvel සමාගම අපිට ඔන්න කලින්ම අවුරුදු තෑගි දීලා grin emoticon හිතුවෙවත් නැති විදියට Daredevil tv series එකේ season 1 වල සම්පූර්ණ episode 13ම ඊයෙ නිකුත් කළා. මේ හැම episode එකක්ම අඩුම විනාඩි 50ක් පමණ වත් වනවා. Torrents නිකුත් වෙන්න නම් ටිකක් කාලයක් ගතවෙන නිසාම ඔන්න මම පොරොන්දු වුණා වගේම Storyline, Spoilers, reviews ඔක්කොම ලියන්න සූදානම්. එහෙනම් හා හාපුරා කියලා පළවෙනි episode එකෙන්ම වැඩේ පටන් ගනිමු.

Episode එක පටන් ගන්නේ වසර ගණනාවක් අතීතයකින්. හරියටම කිව්වොත් අපේ කථානායකයා එහෙමත් නැත්නම් Matt Murdockට වයස අවුරුදු 9ක්වන කාලයේදීයි. උපතින්ම Matt අන්ධ පුද්ගලයෙකු නෙවෙයි. නමුත් ඔහුට වයස 9ක් වන විටදී සිදුවන කාර් අනතුරකින් තමා මේ හැමදේම පටන් ගන්නේ. ඒ කාර් රථ අනතුරේදී ගැටුණු එක් ලොරියක තිබූ රසායන ද්‍රව්‍ය අඩංගු බැරල් වගයක් මේ නිසා ඉවතට විසිවෙනවා. ඒ අසල සිටි වයසක පුද්ගලයෙකු බේරාගන්නට යෑමේදී තමයි කුඩා Mattට මේ සිදුවීමට මුහුණ දෙන්නට සිදුවෙන්නේ. ඒ බැරල් වලින් විසිවුණු රසායනික ද්‍රව්‍ය Mattගේ ඇස් වලට විසිවෙනවා. (#1 රූපය) ඒ සිදුවීමෙන් පස්සේ තමයි ඔහු අන්ධ වන්නේ. එතැන් සිටන් තමයි කථාව හරියටම ගොඩ නැගෙන්නේ. ඒ නිසාම මේක Daredevil Origin storyline එක පදනම් කරගත්ත කථාමාලාවක් බව පැහැදිලිවම කියන්න පුළුවන්. මෙතැනදී තව විශේෂ දෙයක් කියන්න තියෙනවා. ඒ තමයි Mattගේ තාත්තා Jack Murdock ගැන කියැවෙන හැඳින්වීම. මෙතනදීත් Jackගේ ogigin එක එහෙම නැත්නම් Jack කියන්නේ කවුද, ඔහු කොහොම කෙනෙක්ද, ඔහුගේ රැකියාව යනාදී කරුණු ගැන කරුණු පවසෙනවා. ඇත්තටම Jack Murdock කියන්නේ වෘතීමය boxing ක්‍රීඩකයෙක්. දැඩි තරඟකරුවෙක්. නමුත් ඔහුගේ තරඟ දිනීමේ ප්‍රමාණය 24-31ක්. අනෙක් තරඟකරුවාගෙන් දැඩි පහරක් එල්ල වුවත් යළි නැගී සිටීමට තරම් වීර්යයක් ඇති පුද්ගලයෙක්. ගොඩක් දුරට Mattට පොඩිකාලයේදීම වෙච්ච මේ අනතුරෙන් පසුව ඔහුට ශක්තිමත් මනසක් සහ ජවසම්පන්නව සිටීමට හැකියාව ලැබෙන්නේ සිය පියාගේ ඒ විශිෂ්ඨත්වය නිසා බවද මෙහිදී මනාව කියවෙනවා. හරියට ඕනෑම පුංචි ළමයෙක්ගේ ලෝකේ වීරයා එයාගේ තාත්තා කියන හැඟීම ඒකෙන් ඉස්මතු කෙරෙනවා. මේ බව episode එකේ මැද කොටසේදිත් අපිට දැනගන්නට පුළුවන්.

අර වෙච්ච අනතුරෙන් පස්සේ Mattගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් වනවා. ඔහුගේ ඇස් පෙනීම අහිමි වුවත් ඒ රසායන ද්‍රව්‍ය මගින් Mattගේ ශ්‍රවණ ඉන්ද්‍රියන් සහ sensors ඉතාමත් තියුණු වනවා. මේ නිසාම ඔහුට ශබ්දය තුළින් පුද්ගලයන් සොයාගැනීමටත්. ඔවුන්ගේ ක්‍රියා විධි තේරුම්ගන්නටත් පුළුවන්. මේ නිසාම Matt දක්ෂ සටන් කරුවෙක් බවටත් පත්වනවා. ඒ නිසාම ඔහු තමන්ගේ නගරය වන Hell’s Kitchenහි සිදුවන අපරාධයන් මැඩලීමට ඉදිරිපත් වනවා. පළමු වරට අපිට Daredevilගේ pre costume එක දැකගන්නට ලැබෙන්නේ මෙතැනදීයි. (#2 රූපය) ඒ වගේම ඔහු සතු විශිෂ්ඨ සටන් හැකියාවත් මෙහිදී මනාව ඉස්මතු වනවා. මෙහිදී Matt Murdockට රඟපාන Charlie Cox විසින් Matt Murdock/Daredevil චරිතයට ගැලපෙන ලෙස සුපිරි රංගනයකින් දායක වෙනවා. Matt Murdock කියන්නේ දෙබිඩි චරිතයක්. ඒ කියන්නේ දහවල් කාලයේ ඔහු වෘතිමය නීතිවේදියෙක්. නමුත් රාත්‍රී කාලයේදී ඔහු Hell’s Kitchen නීතියට පිටින් වැඩකරන පිරිස නතර කරවන කෙනෙක්. Mattගේ හොඳම යහලුවා සහ හවුල්කරුවා වන්නේ Foggy Nelsonයි. Foggyත් නීතිවේදියෙක්. මේ දෙන්නාම තමන්ගේ වැඩරාජකාරි කරන්නේ එකට හවුල් වෙලා. (#3 රූපය) මේ නිසාම මේ දෙන්නා ඔවුන්ටම කියලා රාජකාරි සඳහා කාර්යාලයක් සොයා ගෙන එය මිළට ගන්නවා. Foggy Nelson කියන්නෙත් කථාවේ එක්තරා ප්‍රධාන චරිතයක්. ඔවුන් මිළදී ගන්නා ගොඩනැගිල්ල Avengersලා සහ Chitauriසොල්දාදුවන්ගේ ආක්‍රමණයේදී තරමක් විනාශ වූ ගොඩනැගිල්ලක්. මේ නිසාම අපිට Daredevilව Avengers චිත්‍රපටියක දැකගන්නටත් හැකියාව ලැබෙන්නට පුළුවන් කියලා මට හිතෙනවා. ඒ වගේම තමයි මෙතැනදී පෙනවන නගරයේ thug bossලා පිරිස ගැනත් යමක් කිව යුතුයි. ඔවුන් සියල්ලන්ම එකතු වෙලා ලොකු වැඩකට අර අඳින බවයි මටනම් පේන්නේ. (#4 රූපය) Hell’s Kitchen එක ඔවුන්ගේ අතට ගන්න පිරිස එකතු වෙලා වැඩ කරන බව පෙනෙනවා. ඒ අතරම ඔවුන් මෙතැනදී කිසියම් පුද්ගලයෙකුගේ ආගමනයක් බලාපොරොත්තුවෙන් සිටිනා බවකුත් අදහස් වෙනවා. එහෙනම් ඒ කවුද? මෙයා නගරේ ලොක්කෙක්ද? තාම ඒ ගැන නම් අදහසක් අපිට ලබලා දීලා නැහැ.

ඔය අතරෙදි තමයි ඔවුන්ට Karen Pageව හමුවන්නේ. වෙනත් පුද්ගලයෙකු විසින් කරන ලද මිනීමැරීමකට ඇයව සම්බන්ධයි යැයි හසුවනවා. (#5 රූපය) ඒ අනුව ඇයව පොලීසිය භාරයට ගන්නවා. නමුත් මේ අවස්ථාවේදී ඇයගේ නීතිවේදීන් ලෙස ඉදිරිපත්වන්නේ Nelson සහ Murdock යන නවක නීතිවේදීන් දෙදෙනායි. මෙහිදී අපිට Matt සතු සන්නිවේදන ඉන්ද්‍රියන්ගේ ප්‍රබල හැකියාව දැකගන්නට පුළුවන්. ඔහු අනෙක් කෙනා කථා කරන විට ඔහුගේ/ඇයගේ හදගැස්මට සවන් දෙනවා. ඒ පුද්ගලයා පවසන්නේ බොරුවක්ද නැත්ද යන්න එමගින් ඔහුට තේරුම්ගත හැකිවීම මනාව ඔවුන් ඉදිරිපත්කොට තිබෙනවා. ඒ වගේම Daredevil සතු තවත් හැකියාවක් වන radar sense ගැනත් කිසියම් අදහසක් ලබාදී තිබෙනවා. පොලීසිය භාරයේ සිටිනා විටදී පවා Karenව මරණයට පත්කරන්නට කෙනෙක් උත්සහ දරනවා. නමුත් ඉන් බේරෙන ඇයව Matt සහ Foggy එක්ව ඇයව පොලීසියෙන් නිදහස් කරගෙන Mattගේ නිවසේ තබාගන්නවා. Karenව මරණයට පත්කරන්නට තරම් ඇය දන්නා රහස කුමක්ද? මේ ගැන Matt Karenගෙන් විමසුවත් ඇය ඒ අවස්ථාවේදී බොරුවක් පවසා ඒ නිවසෙන් පලා යන්නේ ඇය සැඟවූ සාක්ෂිය රැගෙන යන්නටයි. මේ අවස්ථාවේදී එතැනට පැමිණෙන තවත් මැරයෙක් ඇයව මරා දමන්නට සැරසුණත් ක්ෂණයකින් එතැනට පැමිණෙන හිස් වැස්මක් පැළදි Daredevil ඔහුට පහර දෙනවා. දරුණු ගැටුමකින් අනතුරුව Daredevil අර පුද්ගලයා Karenගෙන් ලබාගත් USB drive එක රැගෙන ගොස් එය පුවත්පත් හරහා ප්‍රචාරය කරවනවා.ඒත් එක්කම අවසානයේ ඔවුන්ගේ කාර්යාලයේ දොරේ අලවා තියෙන Nelson and Murdock කියන පුවරුව හොඳට මතක තියාගන්න. (#6 රූපය) ඉස්සරහට ඕකේ ගොඩක් වෙනස්කම් වේවි wink emoticon ඒ විතරක් නෙවෙයි අන්තිමට Karen තමා වෙනුවෙන් කළ උදව්වට හිලව් වෙන්න Foggy සහ Matt දෙදෙනා සමඟ එක්ව එකට වැඩ කරන්නට එකතු වනවා. ඒ කියන්නේ Karen සහ Foggy දෙදෙනා Mattගේ මේ හැමදේම දැනගනීවිද? නැතිනම් Matt මේ හැමදේම හොරෙන් රහසක්ව තියාගෙන ඉදීවිද? නගරයේ පැතිරයන මත් කුඩු ජාවාරම සහ මිනීමැරීම් නවතාලන්නට Mattට තනිවම පුළුවන්වෙයිද? කියන ප්‍රශ්නාර්ථ රාශියක් තබමිනුයි පළමු episode එක අවසන් වෙන්නේ.

අඳුරු තේමාවකින් සමන්විත වන Daredevil series එක දැනට ප්‍රචාරය වුණු සහ වන action comic series වලින් පළවෙනි තැනට පත්වෙන බවයි මගේ මතය වන්නේ. ගොඩාක් stunts සහ තීරණාත්මක සටන් වලින් සමන්විත නිසාම කථාවේ තේමාව Daredevilට නියමෙටම ගැලපෙනවා. අනික කථාව පටන්ගන්න නාමාවලිය යන වෙලාවේ යන animation එකෙනුත් අපිට Daredevil චරිතය ගැන හොඳ වැටහීමක් ලබාදෙනවා. ඇස්දෙක රෙදි කඩකින් වැසූ නීතියේ කාන්තාවගේ රූපයෙන් Matt Murdockගේ රැකියාවත්, පෙන්වන ගොඩනැගිලි වලින් Hell’s Kitchen එකත්, New York නගරයත්, පල්ලියක රූපරාමුවෙන් Devil යන අර්ථය සඟවා ප්‍රකාශ කරනවාය කියලයි මට නම් හිතෙන්නේ. පටන් ගන්නකොට තියෙන ඒ motion art එකත් සුපිරි.

‪#‎SmAsHeR‬

(Comic Script)

21330_1579637182319288_3929972138014080241_n

Comic Script (144 Posts)


4 thoughts on “Daredevil – ‪#‎spoiler_warning‬ !! Episode 1: Into The Ring – Recap

Leave a Reply

Your email address will not be published. Required fields are marked *