S.H.I.E.L.D. Part 02

මතකනේ අපි මීට කලින් ශිල්ඩ් එක ගැන කතා කෙරුවා.
https://www.facebook.com/slcomicscript/photos/a.1519017541714586.1073741827.1519015728381434/1578822059067467/?type=1&permPage=1
අද අපි කතා කරන්නේ ඉතුරු විස්තර මොනවාද කියලා.
ශිල්ඩ් සංවිධානයේ සාමාජිකයෝ වර්ගීකරණය කරනවා මට්ටම අනුව. මේකට කියන්නේ නිෂ්කාෂණ මට්ටම් එහෙමත් නැතිනම් Clearance Level කියලා. ශිල්ඩ් ආයතනය ඇතුලේ අපිට හම්බෙන තනතුරු මේ මට්ටම් වලට වැටෙනවා. (Technician, Administrator, Field Agent, Regional Officer, Special Officer, Regional Director, Special Director, Executive Director තමයි තනතුරු)

• Level 01 – අළුත බඳවා ගත් සාමාජිකයින්
• Level 02 – අධීක්ෂණය යටතේ කටයුතු කල නවක සමාජිකයින්
• Level 03 – ස්වයං (ආයතනය ඇතුළත) රාජකාරි කල හැකි සාමාජිකයන්.
මේ අයට පාලනය කරන ලද රහසිගත නොවන තොරතුරු වලට පිවිසෙන්න පුළුවන් (Controlled Unclassified Information)

• Level 04 – පරිභාහිර කටයුතු වල නිරත වන සාමාජිකයන්. මේ මට්ටම සහ මෙතනින් එහාට යන්න නම් එයාට සටන් පුහුණුවක් වැදගත් වෙනවා. මේ අයට අවුරන ලද (Confidential) තොරතුරු වලට පිවිසෙන්න පුළුවන්.
• Level 05 – විද්‍යාඥවරු, පර්යේෂක වරු, ප්‍රධාන කාර්මික වරු මේ මට්ටමට අයිති වෙනවා. ශිල්ඩ් ඒකට සම්බන්ද වෙලා පර්යේෂණ කරන අයට සාමන්‍යයෙන් යන්න පුළුවන් උපරිම මට්ටම තමයි මේ. මේ අයට රහසිගත (Secret) තොරතුරු වලට පිවිසෙන්න පුළුවන්.

• Level 06 – ඔත්තු බැලීමේ සහ සටන් හැකියාවෙන් සමන්විත (Ability to do Espionage and Combat) සමාජිකයන්. මෙහෙයුමකට යනකොට සේරම තොරතුරු දැන ගන්නේ නැතුව යන්න සිද්ද වෙනවා. ඉහල නිලධාරියාගේ අණ පිළිපදින්න ඕන.
• Level 07 – ඔත්තු බැලීමේ සහ සටන් හැකියාවෙන් පරිණත (Specialized in Espionage and Combat). මෙහෙයුමකට යනකොට නායකයා විදිහට වැඩ කරනවා. මෙහෙයුම ගැන සම්පුර්ණයෙන්ම හෝ වැඩිපුර හෝ තොර තුරු දන්නවා.
මේ මට්ටම් දෙකේම අයට අධි රහසිගත තොරතුරු (Top Secret) වලට පිවිසෙන්න පුළුවන්.

• Level 08 – පහල මට්ටටමේ සාමාජිකයන් ගේ ජිවිත අවධානමට හේතු වෙන්න පුළුවන් තොරතුරු සහ අධි සංවේදී තොරතුරු වලට පිවිසෙන්න පුළුවන්
• Level 09 – ශිල්ඩ් ආයතනය තුල සියලුම තොරතුරැ වලට වගේ ඇතුල් වෙන්න පුළුවන්. ඒ වගේම ලෝකයේ ආරක්ෂාව පිලිබඳ තොරතුරු වලට පවා පිවිසෙන්න පුළුවන්. ශිල්ඩ් එක තුල ප්‍රධාන තනතුර දරන නිලධාරියා වෙන්න පුළුවන් ගොඩක් වෙලාවට
මේ මට්ටම් දෙකේම අයට වර්ගීකරණය කරන ලද තොරතුරු (Compartmented Information) වලට පිවිසෙන්න පුළුවන්.

• Level 10 – මේක සුවිශේෂී මට්ටමක්. මේ මට්ටමේ අයට පිවිසෙන්න පුළුවන් තොරතුරැ වල සීමාවක් නෑ. දැනට අර්ත් 616 මේ ලෙවල් එක දරන කවුරුවත් නෑ. කලින් නික් ෆියුරි මේ ලෙවල් එකේ හිටියා. හැබයි ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති මේ මට්ටමට සමාන වෙනවා.
අර්ත් 616 එක එක අයගේ මට්ටම් කියන්න ගියොත් ගොඩක් විස්තර කරන්න වෙනවා වගේම සමහර කරුණු පරස්පර විරෝධී යි. අපි ඒ හින්දා සිනෙමැටික් යුනිවර්ස් එකට අදාලව මේ අයගේ විස්තර කතා කරමු.

ඊට කලින් කියන්න ඕනේ සිනෙ මැටික් යුනිවර්ස් එකේ දී ශිල්ඩ් එක ටිකක් වෙනස් වෙනවා. එතන දී ශිල්ඩ් එක පිහිටවන්නේ SSR කියන ආයතනය පදනම් කරගෙන. ඒ හොවාර්ඩ් ස්ටාර්ක් සහ පෙගී කාටර් මුල් වෙලා. ඒ වගේම ආරම්භයේ ඉදලා මේ දක්වා අධ්‍යක්ෂක තනතුර දරපු කට්ටිය තමයි,
• Peggy Carter
• Alexander Goodwin Pierce
• Nicholas J. “Nick” Fury (සිනෙමැටික් යුනිවර්ස් එකේ ඉන්න ෆියුරි කියන්නේ කොමික් වල ඉන්න ෆියුරි සහ එයාගේ පුතා ගේ දෙන්නා ගේම එකතුවක්)
• Phillip “Phil” Coulson

මෙතන තියන විශේෂ කරුණ තමයි කොමික් වල අධ්‍යක්ෂක තනතුර දරපු පස් දෙනෙක් සිනෙමැටික් යුනිවර්ස් එකේ දැනටමත් ඉන්න එක. ඒ අය තමයි Sharon Carter, Maria Hill, Tony Stark, Captain America සහ Daisy Johnson හෙවත් අපි හැමෝම ආදරය කරන “ස්කයි”. මේ අයගෙන් ටෝනි ස්ටාර්ක් (සිවිල් වෝර් එකේ දී ගොඩක් දුරට) සහ කැප් ට (ෂුවර් කරන්න බැරි උනත් ලැබෙනවා නම් හොදයි) ශිල්ඩ් එකේ අධ්‍යක්ෂක තනතුර භාර වෙන්න ඉඩ තියනවා. ඒ වගේම ස්කයි ශිල්ඩ් එකට සම්බන්ධ කෙරුවෙත් නිකම්ම වෙන්න බෑ. අපිට ඉන්හියුමන්ස් එන කාලෙට ස්කයි ශිල්ඩ් එකේ අධ්‍යක්ෂක විදිහට ඉන්නවා දැක ගන්නත් පුළුවන් වෙයි.

මේ ලිපිය ගොඩාක් දිග උනා. ඒත් ලිපිය ඉවර කරන්න කලින් අපි දන්න කියන අයගේ සිනෙමැටික් යුනිවර්ස් එකේ අයගේ ශිල්ඩ් මට්ටම් ගැන කියලා ඉන්න වෙනවා.
• Level 01 – Skye
• Level 03 – Melinda May (තාවකාලිකව)
• Level 04 – Katherine Shane
• Level 05 – Leo Fitz, Jemma Simmons
• Level 06 – Antoine Triplett, Rebecca Stevens, Eric & Billy Koenig
• Level 07 – Hawkeye, Black Widow, Melinda May, Grant Ward, John Garrett, Felix Blake, Jasper Sitwell
• Level 08 – Victoria Hand, Captain America
• Level 09 – Commander Maria Hill (දැන් මෙයා ශිල්ඩ් එකෙන් අයින් වෙලා Stark Industries එකේ ඉන්නේ. දැන් මේ ලෙවල් එක නෑ)
• Level 10 – Phil Coulson (ටාහිටි ප්‍රොජෙක්ට් එකෙන් පස්සේ)
• Level 10, Alpha – Alexander Pierce
• Level 10, Alpha, Omega – Nick Fury

මේ අවසානෙට තියන ඇල්පා සහ ඔමේගා කියන්නේ ලෙවල් 10 මට්ටම් තව ඉස්සරහට ගෙනියන්න සිනෙමැටික් යුනිවර්ස් එකේ කරපු උපක්‍රමයක්.
ලිපිය නම් ටිකක් දිගයි. ඒත් ශිල්ඩ් කතා මාලාව බලන්න කලින් මේවා දැන ගෙන ඉන්න එක වටිනවා ගොඩාක්
‪#‎Amadues_chO‬

(Comic Script)

11078183_1579919182291088_8716389885765817437_n

Comic Script (144 Posts)


2 thoughts on “S.H.I.E.L.D. Part 02

  • April 16, 2015 at 1:26 AM
    Permalink

    what about hydra?

    (long live hydra)

  • April 15, 2015 at 6:21 PM
    Permalink

    නියමයි සහෝ ! නිකම්ම කතාව බලනවට වඩා පොඩ්ඩක් දැනගෙන බලන එක හොඳයිනේ .ඒ නිසා මේ ලිපි ටික ගොඩක් වටිනවා . දිගටම දෙන්න .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *