S.H.I.E.L.D. Part 01

අපිට අත පසු වෙලා තිබ්බ දෙයක් තමයි Agents of S.H.I.E.L.D. ගැන විග්‍රහයක් ගේන එක. ඒ ලිපිය කියවලාම ආවොත් හොදයි මුලින්ම,
http://info.baiscopelk.com/marvels-agents-of-s-h-i-e-l-d-intro/

පහුවෙලා හරි අපි ඔන්න වැඩේ පටන් ගත්තා. කතාව ගෙතෙන්නෙ මාවල් යුනිවර්ස් එකේ ශිල්ඩ් කියන ආයතනය වටා හින්දා අපි බැලුවා මුලින්ම ඒ ගැන ටිකක් කතා කරලා ඉන්න.
S.H.E.I.L.D. කියන්නේ දිග වචනයක් කෙටි කරලා නේ. කාලෙන් කාලෙට මේ නමේ තේරුම වෙනස් වෙනවා. මේ දක්වා Strategic Hazard Intervention Espionage Logistics Directorate, Supreme Headquarters International Espionage Law-Enforcement Division වගේ නම් භාවිතා කෙරුවට දැන් භාවිතා කරන්නේ Strategic Homeland Intervention, Enforcement and Logistics Division කියන නම. සිංහලෙන් ගත්තොත් දේශීය යුධමය කරුණු කෙරෙහි මැදිහත්වීම බලාත්මක කිරීමට පිහිටවූ කාර්යාංශය වගේ එකක් (වචනයෙන් වචනය ගත්ත හින්දා මේ වගේ විකාර තේරුමක් එන්නේ). මේක ගැන අපිට මුලින්ම අහන්න ලැබෙන්නේ 1965 දී Strange Tales #135 කොමික් එකෙන්. පුරුදු විදිහටම මේකත් ස්ටෑන් ලී මහත්තයාගේ නිර්මාණයක්. ලෝකය ඇතුලේ නිතිය සහ සාමය ආරක්ෂා කරන්න බිහි වුනු මේ සංවිධානයේ නිර්මාතෘ වෙන්නේ නික් ෆියුරි.
ආරම්භයේ ඉදන්ම ශිල්ඩ් ආයතනය රහස් වලින් පිරිලා තිබ්බේ. නික් ෆියුරි සංවිධානය ආරම්භ කෙරුවට Rick Stoner තමයි පලවෙනි අධ්‍යක්ෂක උනේ. හැබයි ශිල්ඩ් ආයතනයේ සමහරක් දේවල් ගැන එයා දැනගෙන හිටියෙත් නෑ. එදා ඉදන්ම මහා මොළ කාරයා විදිහට හිටියේ නික් ෆියුරි. හැබයි මුල්ම කාලයේ එලියට ආවේ නැති හින්දා මේක ටෝනි ස්ටාර්ක් හෙවත් අයන් මෑන් යටතේ ක්‍රියාතමක වෙනවා කියලයි ගොඩක් අය හිතුවේ. Hydra කුමන්ත්‍රණයකින් රික් ස්ටෝනර් මැරුණාට පස්සේ නික් ෆියුරි ම ශිල්ඩ් එකේ අධ්‍යක්ෂක තනතුරට පත්වෙනවා. අපි බලමු ආරම්භයේ ඉදලා මේ දක්වා ශිල්ඩ් ආයතනයේ අධ්‍යක්ෂක තනතුර දරපු කට්ටිය කවුද කියලා (මේක මාවල් සිනෙමැටික් එකත් එක්ක පටලවා ගන්න එපා. අපි ඒක ගැන පස්සේ කතා කරමු)
• Colonel Rick Stoner
• Colonel Nick Fury
• Timothy “Dum Dum” Dugan
• G. W. Bridge
• Capt. Jacob “Ski” Strzeszew
• Sharon Carter
• Maria Hill
• Tony Stark a.k.a. Iron Man
• Norman Osborn (Later Green Goblin)
• Commander Steve Rogers a.k.a. Captain America
• Daisy Johnson a.k.a. Quake
වර්තමනය වෙද්දී මාරියා හිල් ආයෙමත් සැරයක් අධ්‍යක්ෂක තනතුරට පත් වෙලා ඉන්නවා.
ශිල්ඩ් ආයතනයේ මුලස්ථානය නිව්යෝර්ක් නගරයේ පිහිටලා තිබබ්ට ලෝකය පුරාම මේකේ ශාඛා විසිරිලා තියනවා. හැබයි මේ සේරටම වැඩිය ගොඩක්ම ප්‍රසිද්ධ Helicarrier කියලා හඳුන්වන හැමවෙලාවෙම අහසේ රඳවලා තියන ජංගම ගුවන් යානය.
ශිල්ඩ් ආයතනය කියන්නේ පුළුල් පරාසයක විසිරලා කටයුතු කරන සංවිධානයක්. එකේ කොටස් සහ අනුබද්ධිත අංශත් ගොඩක් තියනවා. සම්පුර්ණ සංවිධාන ව්‍යුහය අපිට මේ විදිහට ගන්න පුළුවන් (අකාරාදී පිළිවෙලට තියන්නේ)
• Avengers
• Aviation
• Consultant
• Counter-Terrorism
• Deputy Director of S.H.I.E.L.D.
• Director of S.H.I.E.L.D.
• Field Ops
• Fixer
• Food Services
• Foreign Affairs
• Human Resources
• Intelligence Analysis
• Interrogation
• Intergalactic Relations
• Internal Affairs
• Inventory
• Janitorial
• Liaison
• Magic Anon Reversal and Cleanup (MARC)
• Mechanics
• Medical
• Mission Coordinator
• Psi
• Reconnaissance
• Records
• Recruitment
• Research and Development
• Secretarial
• Security
• Special Ops
• Strategic Combat
• Technological
• Temporal Mechanics
• Training
• Unassigned
• Undercover Ops
• Unnaturals
• Weapons
ඒ වගේම තමයි ශිල්ඩ් ආයතනයට සම්බන්ධ උණු, එක එක කාල වලදී ශිල්ඩ් ආයතනය පර්වර්තනය වුනු සහ ශිල්ඩ් එක යටතේ තියන සංවිධාන සහ උප සංවිධාන වගේම ශිල්ඩ් එක විදිහටම නිර්මාණය කරපු සංවිධානත් ගොඩක් තියනවා.
• A.R.M.O.R. (Altered-Reality Monitoring and Operational Response) – ප්‍රධාන යුනිවර්ස් එකේ යථාර්තය වෙනස් කල හැකි සිදුවීම් ගැන හොයන ශිල්ඩ් එකට සහ සම්බන්ධිත වෙනම සංවිධානයක්
• S.W.O.R.D. (Sentient World Observation and Response Department) – පිටසක්වල බල පෑම් ගැන හොයන ශිල්ඩ් එකට සහ සම්බන්ධිත වෙනම සංවිධානයක්
• H.A.M.M.E.R. – නෝමන් ඔස්බෝර්න් ශිල්ඩ් එකේ ඉන්න කොට එයා කරපු පරිවර්තනයක්. හැබයි කවුරුත් දන්නේ නෑ මේකේ තේරුම
• S.T.R.I.K.E. (Special Tactical Response for International Key Emergencies) – බ්‍රිතාන්‍ය රජය මඟින් ක්‍රියාතමක කරන ශිල්ඩ් එකට සමරුපි ආයතනය
• S.A.F.E. (Strategic Action For Emergencies) – ඇමරිකානු රජය මඟින් ක්‍රියාත්මක වන ඇමරිකාව තුල පමණක් ක්‍රියාතමක වන ශිල්ඩ් එකට සමරුපි ආයතනය
• EuroM.I.N.D. (European Monitoring Investigation and Enforcement Division) – යුරෝපය තුල ශිල්ඩ් හි උප ආයතනය. පස්සේ කාලේක මේක S.H.A.P.E. (Supreme Headquarters Allied Powers Europe) කියන සංවිධානය බවට පත් උනා
• W.A.N.D. (Wizardry, Alchemy and Necromancy Department) – මැජික් සම්බන්දව ක්‍රියා කරන උප ආයතනය
මීට අමතරව අපිට කොමික් වලදී T.I.M.E, S.P.E.A.R. වගේ සංවිධානත් දැක ගන්න පුළුවන්. මෙතන දී අපිට Hydra එක ගැනත් අමතක කරන්න බෑ.
අපිට ශිල්ඩ් එක ගැන ගොඩාක් දේවල් කතා කරන්න තියනවා. ඊලඟ ලිපියෙන් ඒ ගැන කතා කරමු.

‪#‎Amadues_chO‬

(Comic Script)

11089029_1578822059067467_1192015482544602670_n

Comic Script (144 Posts)


One thought on “S.H.I.E.L.D. Part 01

  • April 15, 2015 at 6:15 PM
    Permalink

    පට්ට ලිපිය සහෝ !
    දිගටම කරගෙන යමු .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *