Marvel’s Agents of S.H.I.E.L.D. Intro

කලින් කිව්වා වගේම ටිකක් පරක්කු වුණත් වැඩරාජකාරි අස්සෙම ඔන්න Marvel’s Agents of S.H.I.E.L.D. tv series එකේත් reviews, easter-eggs, spoilers ගේන්න අපි තීරණය කළා. හිතුවටත් වඩා කථාමාලාව එන්න එන්නම ජනප්‍රිය වෙන නිසාත්, කථාව නියමෙට ගොඩනැගෙන නිසාත්, දැනටමත් season 2 එකේ සෑහෙන කොටස් ප්‍රමාණයක් ඇවිත් තියෙන නිසාත් ඔන්න අද ඉඳලා Agents of S.H.I.E.L.D. එකේ review එක කියවන්න Comic Script page එකේ පාඨක ඔයාලට ඉඩකඩ ලැබෙනවා. Season 2 එකේ episode වලට ඉක්මනට එන්න ඕනෙ නිසා මේ දක්වා ආපු episode වල වැදගත් කොටස් ඉස්මතු කරලා කථාව කියන්නයි අපි හිතුවේ. කළින් Tv series review වලට වඩා ටිකක් වෙනස්ව අලුත් විදියකටයි වැඩේ කරන්න අපි බලාපොරොත්තු වෙන්නේ. ඒ කිව්වේ කථාව අතරේ හමුවෙන අලුත්/වැදගත් චරිත වලට වෙන වෙනම ලිපියක් ගානේ වෙන්කරනවා. Comic වලදී මේ චරිත අපිට හොයාගන්න නොලැබෙන නිසාත් කථාව තේරුම්ගන්න ඒකෙන් ලොකු පිටිවහලක් ලැබෙන නිසාත් තමා අපි මේ දේ කරන්නේ. එහෙනම් මුලින්ම අපි Marvel’s Agents of S.H.I.E.L.D. Tv series එකේ ආරම්භය සහ ඒගැන කථා කරමු.

Marvel’s Agents of S.H.I.E.L.D. ටෙලිකථාමාලාව 2013 වසරේදී ABC නාලිකාව ඔස්සේ විකාශය වන්නට පටන්ගත්තා. එහි පළමු කොටස මිලියන 12.12ක පිරිසක් නැරඹීමෙන්ම කොච්චර දෙනෙක් මේක බලන්න උනන්දුවක් දැක්වූවාද කියලා අපිට හිතාගන්න පුළුවන්.Marvel සමාගමේ සුපිරි රචකයන් කිහිපදෙනෙක් වන Joss Whedon,Jed Whedon සහ Maurissa Tancharoen යන තිදෙනා විසින් ලියන ලද Joss Whedon විසින් අධ්‍යක්ෂණය කරන ලද, Stan Lee මහත්මයාගේ ප්‍රධානත්වයෙන් නිෂ්පාදනය කරන ලද මේ කථාමාලාව පදනම් කොටගෙනෙ තියෙන්නේ අපි කවුරුත් හොදට දන්න S.H.I.E.L.D. (Strategic Homeland Intervention, Enforcement and Logistics Division)කියන Marvel Comicsවල ජනප්‍රිය; ලෝක සාමය ආරක්ෂා කිරීම සඳහා පිහිටුවාගත් සංවිධානය, එහි සාමාජිකයන් සහ එහි ක්‍රියාමාර්ග සම්බන්ධවයි. මේ tv series එකේ විශේෂම දේ වන්නේ Marvel Cinematic Universe එකේ moviesවල අපිට අපැහැදිලි තැන් කිහිපයක්ම ඉස්මතු කරලා ඒ ඒ තැන් වලට Agents of S.H.I.E.L.D. කථාමාලාව සම්බන්ධ කරවීමයි. Marvel සමාගමට විතරක් අනන්‍ය වූ මේ කාරණාව අපිට දිගටම මේ tv series එකේදීත් දැකගන්නට පුළුවන්.

විශේෂයෙන්ම S.H.I.E.L.D. එකේ වර්තමාන ස්වභාවය, එහි බල පෙරෙළිය, HYDRA නොහොත් S.H.I.E.L.D.හි එදිරිවාදී පිළේ නැගී සිටීම, එහි නායකයන් සහ පාවාදීම් පමණක් නෙවෙයි අපි කවුරුත් නොහිතපු Alien Technologies, Alien Biographies සහ Scientific methods බොහොමයක් යොදාගෙන තිබීම නිසා කථාව ගොඩක් හරවත් වෙලා තිබෙනවා. ඒ පමණක් නෙවෙයි Marvel සමාගම දැනටමත් මේ කථාමාලාවට Inhumans concept එක පදනම් කරගෙන තිබීම නිසාත්, Asgardians සහ Kree යන පිටසක්වල ජීවී දෙකොටසත් විවිධ බලයන් සහිත වූ Inhumansලා සම්බන්ධ කරවීමත් නිසා එන්න එන්නම Agents of S.H.I.E.L.D. කථාමාලාව ප්‍රේක්ෂකයන් අතරට ගොස් හමාරයි. ඒ වගේම මේ සඳහා යොදාගෙන තිබෙන කථා තේමාව මින් පෙර තිබූ රූපවාහිනී කථාමාලාවන්ට වඩා වෙනස් නිසාම නවමු මානයක් සහ නවමු දේවල් සිතන්නට අපිව පොළඹවනවා. මේ series එක බලපු නැති අය ඉන්නවා නම් ඒ අයට පහසු වෙන්න අපි Download links ලබාදෙන්නටත් තීරණය කළා. එහෙනම් අපි පොඩ්ඩක් කථාවේ පෙළගැස්ම සහ අන්තර්ගතය ගැන දැනගෙනම ඉමු.

Iron Man (2008), Iron Man 2 (2010), Thor (2011) සහ The Avengers (2012) චිත්‍රපටවල හිටපු Phil Coulson කියන චරිතය ඔයාලට මතක ඇතිනේ. Avengers film එකේදී S.H.I.E.L.D. එකේ Director Nick Fury කිහිපවතාවකම ඔහුට දැඩිලෙස විශ්වාසකළ හැකි එකම පුද්ගලයා ලෙස පවසන්නේද Phil Coulsonවයි. නමුත් Avengers film එකේදී Lokiගේ තමාගේ Chitauri Scepter එකෙන් ඇන ඔහුව මරා දමනවා. නමුත් Fury කිසියම් ක්‍රියාවලියක් හරහා මොහුට නැවත පණදෙනවා. නමුත් ඒ ක්‍රමය දැඩිලෙස වේදනාකාරී ක්‍රියාවලියක්. ඉන්පසු යථාතත්වයට පත්වන Philහට S.H.I.E.L.D. එකේ කුඩා කණ්ඩායමක් ලැබෙනවා. ඔවුන් සමඟ එක්ව විවිධාකාර වූ සිද්ධීන් වලට මුහුණ දෙමින් ඔවුන් සමඟ ඒවා ජයගනිමින් ඉදිරියට ගමන් කරන ආකාරයයි මේ කථාමාලාවේදී ප්‍රමුඛව ඉස්මතු වන්නේ. ඒ අතරම පළමු season එකේදී ඔවුන් කණ්ඩායමට එකතුකරගන්නා Skyeගේ ජීවිතකථාවත්, ඇයගේ නියම දෙමව්පියන් සහ අනන්‍යතාවය හෙළිදරව් කරගැනීමත් සමඟම මුහුණපාන්නට සිදුවන සිදුවීම් සම්බන්ධවත් මෙහිදී වඩාත් කැපීපෙනෙන සිදුවීම් ලෙස දක්වන්නට පුළුවන්. ඒ වගේම HYDRA සහ Inhumansලා සමඟ ඇතිවන ගැටුම් සහ අරගල ඔස්සේ කථාව දෙපසට දෝලනය වෙමින් ඉදිරියට ඇදෙන ආකාරයෙන් එහි ආකර්ෂණිය බව වැඩිවනවා. ඒ වගේම Deathlok, Mockingbird, Lance Hunter, John Garrett, Glenn Talbot වගේ comics වල ප්‍රකට චරිත රැසක් කථාවට එකතු වන නිසාම Agents of S.H.I.E.L.D. කථාමාලාවේ ජනප්‍රියතාව ඉහළ තත්වයකට පත්ව තිබෙනවා.

Main Cast:

Clark Gregg … Phil Coulson
Ming-Na Wen … Melinda May
Chloe Bennet … Skye
Brett Dalton … Grant Ward
Nick Blood … Lance Hunter
Henry Simmons … Alphonso ‘Mack’ Mackenzie
Ruth Negga … Raina
Bill Paxton … John Garrett
Iain De Caestecker … Leo Fitz
Elizabeth Henstridge … Jemma Simmons
Adrianne Palicki … Bobbi Morse
J. August Richards … Mike Peterson

#SmAsHeR

(Comic Script)

10461943_1578050659144607_7792568670428283218_n

Comic Script (144 Posts)


One thought on “Marvel’s Agents of S.H.I.E.L.D. Intro

Leave a Reply

Your email address will not be published. Required fields are marked *