Fantastic Four Trailer: Detailed Breakdown Part – 02

Marvel සමාගමේ Fantastic Four 2015 චිත්‍රපටියේ විස්තරාත්මක සලකාබැලීමකයි අපි මේ ඉන්නේ. පළවෙනි ලිපියේදී අපි trailer එකේ පළමු භාගය ගැන කතා කළා. Reed Richards, Dr. Doom, Susan Storm, Latveria ගැන අපි ටිකක් කථා කළා. අද එතන ඉදන් කථා කරමු. මුලින්ම කලින් ලිපිය කියවලා ආයෙත් මතකෙට අරන් මෙතැනට ආවොත් වැඩේට ලේසියි. කලින් ලිපියට link එක මෙන්න
https://www.facebook.com/slcomicscript/photos/a.1519017541714586.1073741827.1519015728381434/1574350462847960/?type=1&permPage=1

මීලඟට දිස්වන්නේ Ben Grimmගේ රූපයකුයි.(#1 රූපය) ඒ ඔහු baseball ක්‍රීඩාවේ නිරතවන අයුරුයි. comic වලට අනුව ඔහු Football වලට විශිෂ්ඨ දක්ෂතාවක් දක්වන නිසා ඔහුට උසස් පාසැලකට ශිෂ්‍යත්වයක් ලැබෙන බවයි. Comics වලට වඩා Cinematic storyline ටිකක් වෙනස් නිසා මෙතනදී Ben, baseballවලට ඇළුම්කරනවා වන්නටත් පිළිවන්. ඉන්පසුව දැක්වෙන්නේ Human Torch එහෙම නැත්නම් Johnny Stormගේ රූප පෙළකුයි. මේ වෙලාවේ Johnny කාර් එකක් repair කරමින් ඉන්න බවකුයි පේන්නේ.(#2 රූපය) මේ කලින් ආපු කාර් එකමද? Comic වලදි නම් Johnny පොඩ්ඩක් ජේත්තුකාර චරිතයක් නිසා මේ ජොනීගෙම කාර් එක වෙන්නත් පුළුවන්. මීලඟට දිස්වන්නේ පිරිසක් අර කලින් දිස්වුණු Reed විසින් නිර්මාණය කරන ලද යන්ත්‍රයට ඇතුළුවන ආකාරයයි.(#3 රූපය) නමුත් මෙතනදී පුදුමයට පත්වන කරුණ වන්නේ පස්දෙනෙකු නොව 6දෙනෙකු මේ යන්ත්‍රයේ පර්යේෂණයට සහභාගී වන බවයි. මේ කලින් දර්ශනවල තිබ්බ සුදු පැහැති ඇඳුම නෙවෙයි. මෙතන දිස්වෙන්නේ කළු පැහැති ඇඳුම් පෙළක්. එහෙනම් මේ පර්යේෂණය කලින් එකට වඩා වෙනස් එකක්ද? එහෙම නැත්නම් කලින් සුදු පැහැති ඇඳුම් හැඳ සිටි පිරිස වෙනුවෙන් කිසියම් ප්‍රතිකාරයක් උදෙසා කරන පරීක්ෂණයක්ද? Dr. Doom මේ ඇඳුම් හැඳගත් පිරිස අතර සිටිනවාද? මේ ප්‍රශ්න ටික මතක් වෙද්දී මට ඉක්මනට අගෝස්තු 7 වෙනිදා වෙනවනම් හොදයි කියලා හිතෙනවා. ඔන්න ඊලඟට පෙන්වන්නේ තවත් කළු ජාතිකයෙක්.(#4 රූපය) එහෙනම් මේ අනිවාර්යයෙන්ම Johnnyගේ තාත්තා විය යුතුයි. Comic වලදී Johnnyගේ තාත්තා තමයි Susanව හදාවඩාගන්නේ. ඒ කියන්නේ Johnnyගේයි Sueගේයි origin stories දෙකත් සම්පූර්ණයි.

මීලඟ රූපරාමු පෙළ ටිකක් පැටළිලි සහගතයි. හරියටම කථාවක් කියන්න අමාරුයි මෙතන ඉඳන්. නමුත් අනුමාන නම් ගොඩක් තියෙනවා මට මෙතනින් එහා කථාව ගැන. ඊලඟට අපිට Reed Richards අර කළු පැහැති ඇඳුම හැඳගෙන අර යන්ත්‍රය තුළ සිටින රූපයකුයි දිස්වන්නේ. එහෙනම් අර කළු පැහැති ඇඳුම් ඇඳන් යන්නේ FF හතරදෙනායි Doomයි වෙන්න ඕනෙ. ඒත් ඊලඟ රූපයේ Sueපරීක්ෂණ ඇදුම් වලින් තොරව සාමාන්‍ය විදියට හැඳපැළදගෙන ඒ දිහා පුදුමයෙන් බලාගෙන ඉන්නවා. ඒ කියන්නේ Sue ඒ වෙලාවේ යන්ත්‍රය තුළ ඉඳලා නැද්ද? එහෙනම් යන්ත්‍රය තුළ සිටි අනිත් අය කවුද? අනිත් අය ගැන පොඩි අදහසක් ඊලඟට අපිට ලැබෙනවා. තුවාල වූ / මියගිය පුද්ගලයන්ගේ ලේ සහ ගිණිජාලා වලින් සමන්විත පර්යේෂණ කාමරයයි මේ දිස්වන්නේ. ඒ අතුරින් කෙනෙකු අපහසුවෙන් මෙන් ඉදිරියට බඩගාමින් ඇදෙන බවක් පෙනෙනවා.(#5 රූපය) ඒ Reedද? නැත්නම් Doomද? නැත්නම් වෙන කවුරුහරිද? මීලඟට පෙන්වන රූපරාමු පෙළෙන් මේක ටිකක් පටලැවිල්ලක් බවට පත්වෙනවා. ඊලඟට දිස්වන්නේ ගුවන්යානයක්.(#6 රූපය) හරිහැටි විස්තරයක් නැති නිසා ඒ ගැනත් ලොකුවට යමක් කියන්න තවමත් අමාරුයි. ඉන්පසුව Reedව පෙන්නන විදිය කලින්ට වඩා වෙනස්. ඔහුගේ ඇස් කන්ණාඩිය නොමැතිව වෙනස් වූ ඇදුමක් සහිතව සිටින බවයි පෙනෙන්නේ. ඔහු සතුව තිබූ විද්‍යාත්මක පෙනුම සම්පූර්ණයෙන්ම මේ මොහොතේදී වෙනස්වෙලා. ඔන්න ඊලඟට තමයි අපේ වීරයොන්ටයි, දුෂ්ඨයාටයි බලයන් ලැබෙන්නේ. Ben, The Thing බවට පරිවර්ථනය වන රූප පෙළ තමයි trailer එකේ පට්ටම කොටස (#7 රූපය). කලින් film එකේ වගේ නැතිව ඇත්තම ගල් වලින් සැදුණු Comic වලට අනුරූපී Thingව බලාගන්න අපිට පුළුවන්.

ඔන්න ආයෙත් trailer එක සංකීර්ණ වේගනයි එන්නේ. මීලඟට Sue බිම වැතිර සිටින කෙනෙක්ව තම දෑත මත තබාගෙන යමක් මුමුණන ආකාරයක් පෙනෙනවා.(#8 රූපය) බොහෝ දුරට ඒ Johnny වන්නට පුළුවන්. ඔවුන්ගේ නෑකම මෙතනදී දෙදෙනාම දැනගන්නවා වන්නටත් පුළුවන්. නැතිනම් Johnny තුවාල ලබලා වන්නටත් පුළුවන්. පසුබිමෙන් දිස්වන තැන ගැනත් වචනයක් කියලම ඉන්න වෙනවා. ගොඩක් දුරට මේ Marvel Comics වල සටහන් වෙන Negative Zone එක වන්නටත් පුළුවන්. එහෙනම් මේ පිරිස යම් තැනකට teleport වෙලා විය යුතුයි. ඒ වගේම Sueගේ කොන්ඩේ පාට දැන් ගොඩක් රන්වන් පැහැයට හැරිලා තියෙනවා දැකගන්නත් පුළුවන්. සමහරවිට ඒ සිදුවුණු බලපෑමෙන් පස්සේ එහෙම වෙනවා වෙන්නට ඇති. ඒත් එක්කම Johnny සහ Human Torch flame on කරගන්න හැටි ගැන පෙන්වනවා.(#9 රූපය) මේ කතාවේදී කලින් film එකේ වගේ නැතුව Johnny කිසියම් containment suit එකකින් Flame on කරගන්න බවකුයි පෙන්වෙන්නේ. ඒ කියන්නේ johnny සම්පූර්ණයෙන්ම ගින්දරින් cover වෙන්නේ නැහැ කියන එකයි. ඊලඟට trailer එකේ 1:11දී පෙන්වන energy wave එක sueගේ power එකක් නෙවේ කියන එකයි මගේ මතය. ඒකෙන් මේ කට්ටිය Negative Zone එකට teleport වුණා කියලයි මට හිතෙන්නේ. Dr. Storm අර පර්යේෂණ උපකරණය ක්‍රියාත්මක කරන විටදීත් මේ වගේ කෙටි energy wave එකක් දිස්වෙනවා. පසුව දිස්වන්නේ ප්‍රපාත සහිත ස්ථානයක අර කලින් හිටපු සුදු පැහැති ඇඳුම් හැදගත් පිරිස ජීවිතය බේරාගන්නට දරන වෑයමකුයි. මින් පසුවයි කථාවේ ප්‍රධාන සතුරා එලියට එන්නේ. ඔව් අපි බලාපොරොත්තු උනා වගේම ඒ Dr. Doom තමයි. මීලඟ රූපපෙළේ සොල්දාදුවන් පිරිසක් ඉදිරියට යන පුද්ගලයෙක් දිස්වෙනවා.(#10 රූපය) ඔහුගේ මුහුණේ යම්කිසි කැළලක් හෝ දිලිසෙන පෘෂ්ඨයක් ආකාරයක් යන්තමට දැකගත හැකියි. එහෙනම් මේ Doom කියලා අපි confirm කරගත්තානේ. ඒත් එක්කම මේ සොල්දාදුවන් පිරිස බිම වැටෙනවා. මේක Doomගේ වැඩක් කියලායි තේරෙන්නේ. සමහරවිට Doomගේ powers වෙන්නත් පුළුවන්. ඊලඟට ප්‍රථම වතාවට Reed තමාගේ powers පාවිච්චි කරන ආකාරයයි.(#11 රූපය) ඔහුගේ අත ඇදී යන විදියට කට්ටියට තේරෙනවානේ වැඩේ. අන්තිමට trailer එකේ පෙන්වන්නේ මේසයකට තබා ගැටගසා තිබෙන යම් පුද්ගලයෙකුගේ දර්ශනයක් සමඟයි.(#12 රූපය) මේ Doom විය යුතුයි. ඒත් ඔහු කියන දෙයින් අදහස් වන්නේ කුමක්ද? “Be ready for what’s coming… the answers” ඒ කෙනා මෙහෙම කියන්නේ ඇයි? මොනවද ඉස්සරහට වෙන්න තියෙන්නේ? මොනවද මෙයා උත්තර කියලා අදහස් කලේ? තාමත් මටත් මේක ප්‍රශ්නාර්ථයක්. අන්තිමට අපිට දැකගන්න පුළුවන් Fantastic Four කට්ටිය ඔක්කොම එකට ඉන්න රූපරාමුවක්. මේ රූපරාමුවේ මැද plane චායාවක් පේනවා. මේ අර කලින් පෙන්නපු plane එකද? මොකද්ද මේ ආලෝක කදම්භය? මෙතනින් එහාට මොනවා වෙයිද? මේ ඔක්කොම ප්‍රශ්න දැනගන්න නම් 2015 අගෝස්තු 7 වෙනිදා වෙනකන් අමාරුවෙන් ඉවසන් ඉදලා Fantastic Four film එක බලලා ඉන්නම වෙනවා.

‪#‎SmAsHeR‬

(Comic Script)

11082663_1575646142718392_7370047403989918271_n

Comic Script (144 Posts)


Leave a Reply

Your email address will not be published. Required fields are marked *