Arrow S03E16 – The Offer ************ Spoilers************

ඇරෝ කතාව නැවතුනේ Ra’s al Ghul ඔලිවර් ට එයාගෙන් පස්සේ ලීග් එකේ නායකකම ගන්න කියපු තැන ඉදන් නේ. මේ සතිය පුරාම කතාව ගොඩ නැගුනේ ඒ පිළිගැන්වීම මත. අපි බලමු කතාව ඇතුලේ දී අපිට දකින්න පුළුවන් මොනවාද කියලා.

1. Wing ta lao wo chey – A tale to be told begins thus
Ra’s al Ghul ඔලිවර්ට එයාගෙන් පස්සේ නායකකම ගන්න කියපු වෙලාවේ කියන කතාවක් තමයි මේ. දල වශයෙන් මේකේ තේරුම යම්කිසි සිද්දියක් ඇතිවෙන්න පාදක වුනු කතාවක් කියන අර්ථය තියෙන්නේ. මෙතන දී නම් අදහස් වෙන්නේ Ra’s al Ghul කියන චරිතය බිහිවුනේ කොහොමද කියන සිද්දිය. මතක ඇති අපි Ra’s al Ghul ගැන එක පාරක් කතා කෙරුවා,
(https://www.facebook.com/1519015728381434/photos/a.1519017541714586.1073741827.1519015728381434/1538166986466308/?type=1)
මෙයාගේ අතීතය සහ කොහොමද මෙයා විලන් කෙනෙක් උනේ කියන එක.
Ra’s al Ghul කරන යෝජනාව ඔලිවර් පිළිගන්නේ නෑ. ඔලිවර් ඒක ප්‍රතික්ෂේප කෙරුවා උනත් එයාට තියනවා ඒ ගැන දෙගිඩියාවක්. සමහරක් විට කතාව පුරාම අපි දැක්ක ඔලිවර් ගේ චරිතය, අරමුණ හින්දා වෙන්න ඉඩ තියනවා. (ඇත්තටම කොමික් වල ඉන්න ග්‍රීන් ඇරෝ චරිතය සහ අපේ ඇරෝ අතර වෙනස හිතා ගන්නවත් බැරි තරම්). හැබයි ඔලිවර්ට තේරුම් යනවා Ra’s al Ghul එන් පස්සේ නායක කම ගන්නවාට වඩා තමන් ඉන්න තත්ත්වය හොදයි කියලා. එයා ඒ ගැටලුව ඉවරයි කියලා හිතුවට ඒක එහෙම ලේසියෙන් ඉවර වෙන්නේ නෑ. අපි තව ටිකකින් එතනට යමු.

2. සටන් පුහුණු වුනු කණ්ඩායම අතර හිටියා කාන්තාවක්. මෙයා තාලියා උනා නම් කියලා තමයි මට හිතුනේ. එත් තාම පුහුණු වෙන අවධියේ ඉන්න හින්දා මෙයා Mesi Natifah එහෙමත් නැතිනම් Talibah වෙන්න තියන ඉඩ කඩ වැඩියි. මෙයා ගැන ඇරෝ 2.5 කොමික් කතාවේ සඳහන් වෙනවා

3. මෙච්චර දවසක් අපි සැක කරපු දේ හරි. අපිට ලාසරස් ෆිට් එක දැක ගන්න පුළුවන් උනා.

4. Michael Christian Amar හෙවත් Murmur, මෙයා ෆ්ලෑෂ් ගේ සතුරෙක් විදිහට තමයි අපිට හම්බෙන්නේ. සුපිරි බලයක් නෑ. කොමික් වල හැටියට නම් එයා දක්ෂ ශෛලය වෛද්‍යවරයෙක්. එයාගේ ඔලුව ඇතුලෙන් ඇහෙන සද්ද හින්දා මිනිස්සු මරනවා. මෙයා අයන් හයිට්ස් හිර ගෙදර ඉන්නකොට තමයි දිව කපාගෙන එයාම කට මහගෙන තියෙන්නේ

5. Murmur ගේ කණ්ඩායම දියමන්ති හොයා ගෙන යනකොට ඒවා ආරක්ෂාවට හිටිය දෙන්නා ගාව තිබ්බේ Blackhawk කියලා සඳහන් කරපු වාහනයක්. මේ නිව් 52 වල සඳහන් වෙන Blackhawk Program එකේ අය වෙන්න ඉඩ තියනවා. මේ අයගේ වගකීම තමයි නවීන තාක්ෂනය අවභාවිත වෙන එක වලක්වා ගැනීම.

6. ඇරෝ ස්ටාර්ලින් නගරයේ නිදහසේ හැසිරුනේ ලාන්ස් හින්දා. ලාන්ස් ඇරෝ ට විරුද්දව යන්නේ නැති උනත් මීට පස්සේ උදව් කරයි කියලා නම් කියන්න අමාරුයි.

7. ඇරෝ ගේ අතීත කතාවට ආපහු Shado එනවා. ඇරෝ කතාව ඇතුලේ කෙනෙක් ට මැරිලා ඉන්න බැරි හැටියක් නිදහසේ. හැබයි අපි තාම දන්නේ නෑ මෙතන මොකද වෙන්නේ කියලා

8. තියා සහ රෝයි. ඇත්තටම මම කැමතියි මේ දෙන්නා එකතු වෙන එකට

9. CW ආයතනය නම් ඕනාවට වැඩි. ඊයේ ෆ්ලෑෂ් එකේ දී භයක් නැතුව සමලිංගිකත්වය ගැන කතා කෙරුවා. අදත් ඒ ගැන් ඉඟියක් දුන්නා. ඒ තමයි නිසා, ලෝරල් එක්ක එකතු වෙන්න දරන උත්සාහය. හැබයි ඇරෝ කතාව ඇතුලේ නම් මේ විදිහේ සම්බන්දයක් පවතින්න ඉඩ කඩ අඩුයි. මොකද ග්‍රීන් ඇරෝ සහ බ්ලැක් කැනරි අතර තියන ආදරය ගොඩක් ශක්තිමත් එකක්

10. කතාව ඉවර වෙන්නේ Ra’s al Ghul ඇරෝ විදිහට වෙස් වලාගෙන එන සිද්දියෙන්. ඒ කියන්නේ ඔලිවර් ඉවරයි කියලා හිතුවට ඉවර නෑ මේ සටන

අපිට මේ කතාව අවසානයේ දී පොඩි ගැටළු කිහිපයක් ඉතුරු උනා. ඒ තමයි,
• ඔලිවර් තමන්ගේ මතයට අවනත කරන්න Ra’s al Ghul මොකක්ද කරන්න යන්නේ
• නිසා සහ ලෝරල් අතර ඇතිවෙන්න යන්නේ ආදරයක් ද නැතිනම් දීර්ඝ කාලින සැලසුමක කොටසක් ද
• Shado ආපහු ආවේ කොහොමද? එයා ඇත්තටම ආවා නම් ඇයි අපිට එයා ස්ලෙඩ් විල්සන් එක්ක ගැටුම තිබ්බ වෙලාවේ අහන්න හම්බුනේ නැත්තේ?
මේවට උත්තර හොයා ගන්න නම් අපිට ඊලඟ කොටස එනකල්ම ඉන්න වෙනවා බලාගෙන.
‪#‎Attila_THE_hun‬

(Comic Script)

11016111_1568969666719373_5400289503798516956_o

Comic Script (144 Posts)


Leave a Reply

Your email address will not be published. Required fields are marked *