Valiyavan

Valiyavan-Tamil-Movie-Mp3-Songs-Free-Download

අද මම කියන්න යන දෙමල චිත්‍රපටයෙහි නම, “වලියවන්”. එහි තේරුම “පුලුවන් කාරයා, හැකි කෙනා, ශක්ති වන්තයා” කියන එකයි.

valiyavan_06115M (1)
ප්‍රධාන චරිතය “ජෙයි” රග දක්වයි. මොහු සිනමාවට සම්බන්ධ වූ චරිත දිහා බැලූ කල, මේ චිත්‍රපටයෙහි මොහුට හිමිවී තියෙන චරිතය ටිකක් වෙනස්. මොකද මුල් කාලයේ එක් වූ චරිත වූයේ බහුල වශයෙන්ම කොමඩි චරිතය. සටන් වලට බර, ගාම්බීර, ජව සම්පන්න, ශක්තිමත් යන දේවල් පෙන්වා දෙන චරිතයක් මේ චිත්‍රපටය තුලින් මොහුට ලැබී තිබෙනවා. ඒ ලැබුනු අවස්ථාවෙන් කොපමණ ප්‍රයෝජනයක් ලබා ගෙන තිබේද යන්න, චිත්‍රපටය නිකුත් වූ පසු අපට දැනගත හැකිය. ඒ වගේම ජෙයිගෙන් මෙවැනි චරිතයක් දැකගන්න ලැබීම, ජෙයිගේ සිනමා  ප්‍රේක්ෂකයන්ට නුහුරු අත්දැකීමක් වනවාට නොවනුමානය.
valiyavan-first-look-poster_141404716010
ප්‍රධාන නිළි චරිතයට පණ පොවන්නේ “ඇන්ඩ්‍රියා ජෙරමියා”ය. චිත්‍රපට පසුබිම් ගායිකාවක්ව සිටි ඇය දැන් නිළියක් වශයෙන් ක්‍රම ක්‍රමයෙන් ශක්තිමත් ස්ථාවර තත්වයකට පත්වෙමින් සිටිනවා. ඒ බවට සාක්ෂියක් ලෙස මෑත කාලයේ ඇය රංගනයෙන් එක් වූ චිත්‍රපට චරිත දිහා හා දැන් රංගනයෙන් එක්වන චරිත එනම් එහි වැදගත් කම දිහා බැලුවාම පෙනේ.
Valiyavan-Movie-Stills
චිත්‍රපටය අධ්‍යක්ෂනය කරන්නේ, M. Saravanan. නිෂ්පාදනය K. Sampath. සංගීත අධ්‍යක්ෂනය, D. Imman විසිනි.
චිත්‍රපටය නිකුත් වන්නේ: 2015 මාර්තු 27ය.

සිරාජ් ප්‍රියන්ත (52 Posts)


Leave a Reply

Your email address will not be published. Required fields are marked *