Roy – අද්භූත චෞරයකුගේ කතාව

Tu-Hai-Ki-Nahi-Video-Song-Mp3-Roy-Movie-Ranbir-Kapoor-Arjun
ගොඩකාලෙකින් මෙන්න චිත්‍රපටියක් ගැන විස්තරයක් දෙන්න යන්නේ. ඔයාලා බලන්න ඇති අපේ බයිස්කෝප් සිංහලෙන් සයිට් එකෙන් ඔයාලට ROY චිත්‍රපටිය සිංහල උපසිරැසිත් එක්ක දුන්නා. අද මේ ලිපියෙන් කියවෙන්නේ ඒ චිත්‍රපටිය ගැනයි.

කබීර් තාවකාලික පෙම් සබඳතා පවත්වාගෙ යාම පිළිබඳ ප්‍රකට වූ සිනමාකරුවෙකි. තිර රචකයෙකි. ඔහු තුන් ඈඳුතු චිත්‍රපට පෙළක් ‘ගන්ස්’ යන නමින් නිර්මාණය කරන අතර එයට පසුබිම් වන්නේ චෞරයකුගේ ක්‍රියා හා ඔහුගේ ප්‍රේමයයි. චිත්‍රපට පෙළේ තෙවන හා අවසාන කොටස තිර රචනය කරමින් මලයාසියාවට යන ඔහුට එහිදී මුණ ගැසෙන්නේ ලන්ඩනයේ වෙසෙන සිනමා කාරියක වූ අයේෂා අමීර් ය. දෙදෙනා පෙමින් බැඳුණ ද තාවකාලික පෙම් සබඳතාවන් පිළිබඳ කබීර්ට ඇති ප්‍රසිද්ධිය පිළිබඳ කන වැකුණු වහා අයේෂා කබීර්ගෙන් වෙන් වෙයි. මිත බිද ගත් කබීර් යළි මුම්බාය වෙත පැමිණෙන්නේ චිත්‍රපටයේ කටයුතු සම්පූර්ණ නොකරය. කබීර්ට දැනෙන්නේ තෙවෙනි කොටසේ අවසානය නිවැරැදි ආකාරයට නිර්මාණය නොවන බවය.
17ps57ba3sjo7wdb.D.0.Jacqueline-Fernandez-Arjun-Rampal-Movie-ROY-Still

ජාත්‍යන්තර චිත්‍රපට උලෙළක ජූරියට කබීර් පත් කෙරෙන අතර එම උලෙළේ අයේෂාගේ නවතම චිත්‍රපටය ද ප්‍රදර්ශනය වෙයි. කබීර් හමුවට එන අයේෂා පවසන්නේ තම ජීවිතයෙන් හැකි තරම් ඈත්ව සිටින ලෙසිනි. කබීර්ගේ පියා මිය යන අතර, චිත්‍රපටයේ නිෂ්පාදකයන් කබීර්ට නඩු පවරන්නේ ගිවිසුමට අනුව නියමිත දිනට ‘ගන්ස් – 3’ චිත්‍රපටය නිම නොකිරීම පිළිබඳය.

මේ සමාන්තරව තවත් කතාවක් අඳී යයි. රෝයි අද්භූත ජාත්‍යන්තර සොරකු වන අතර නිතර ඔහු සොරකම් කරන්නේ අගනා හා ප්‍රකට කතා කෘතීන් ය. ඔහු පසුපස ලුහුබඳින රහස් පරීක්ෂක වාඩියාට කිසි විටෙක රෝයි අත්අඩංගුවට ගන්නට ඉඩ ලැබෙන්නේ නැත. තවත් රටකට යන රෝයි කිසියම් අගනා කලා කෘතියක් සොරකම් කිරීමට සැලසුම් කරද්දී වටහා ගන්නේ එම කලා කෘතිය අයත් වන්නේ ටියා නමැති රූමතියකට බවයි. ටියා විශාල මන්දිරයක හුදෙකලාව වෙසෙන අතර රෝයි ටියාට ළංවී ඇය හා පෙම් සබඳතාවක් ගොඩනඟ ගනියි. එම ප්‍රේමය හරහා ඇගේ මන්දිරයට පිවිසෙන ඔහු අගනා කලා කෘතිය ටියාට රහසේ සොරකම් කරගෙන පලා යයි. ටියා හදවත බිඳ ගනියි.
maxresdefault

ටියාගෙන් ඈත්වූ රෝයිට වැටහෙන්නේ තමා සැබැවින්ම ටියාට ප්‍රේම කර ඇති බවද? එනිසාම ඔහු ඇයට තමන් සොරකම් කර ගත් කලා කෘතිය ආපසු ටියාට බාර දෙනු ඇතිද? එසේ කළ පමණින් ඔහුට යළි ටියාගේ ප්‍රේමය දිනා ගත හැකි වේවි ද? එම කතාව කබීර්ට වැදගත් වන්නේ කෙබඳු ආකාරයකට ද? මේ සමාන්තර කතා දෙක ‘රෝයි’ චිත්‍රපටය ඇතුළත එකම කතාවක් බවට පත්වන්නේ කෙසේද?

ගීත හතක් සහිතව රෝයි චිත්‍රපටය නිපැයී ඇත්තේ ඉන්දීය රුපියල් කෝටි අසූවක් වැය කරමිනි. නවක අධ්‍යක්ෂවරයකු වූ වික්‍රම් ජිත් සිං ‘රෝයි’ නිර්මාණය කරමින් බොලිවුඩයට සිනමාකරුවකු ලෙස පිවිස තිබේ.
Ranbir-and-Jacqueline-Roy-Movie

අර්ජුන් රාම්පාල්, ජැකලයින් ෆර්නැන්ඩෙස්, රන්බීර් කපූර්, ෂෙර්නාස් පටෙල්, අනූපම් කර්, රජිත් කපූර්, ෂිබානි දන්දේෆර්, බරුන් චන්දා සහ සයිරස් බොර්ඩා රඟපාන ‘රෝයි’ හි පසුබිම් සංගීත අධ්‍යක්ෂණය සන්ජෝයි චෞර්ගියේ.

මේ වන විට ඉතා හොද ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබමින් ප්‍රදර්ශනය වන ‘රෝයි’ කෙරේ විචාරකයන් දක්වන ආකල්ප ද යහපත්ය. අහමද් රෂාද් අරෆා නමැති විචාරකයා පවසා ඇත්තේ නවක අධ්‍යක්ෂකවවරයකු වූවත් වික්‍රම් ජිත් සිං ‘රෝයි’ නිර්මාණයේදී පළ කර ඇති දක්ෂතා ලඝු කළ නොහැකි බවය. මෙම චිත්‍රපටයේ ඇතුළත් ගීත හතට රසිකයන්ගෙන් ලැබී ඇති ප්‍රතිචාර ඉහළ මට්ටමක පවතී. මේ වන විට භාරතයේ බොහෝ ජංගම දුරකථන ග්‍රාහකයින් සිය ‘රිඟිං ටෝන්’ සදහා භාවිතා කරමින් සිටින්නේ ‘රෝයි’ හී ගීත බව අව්තර්ජාලයේ සඳහන් ය.
roy3
චලිදු දේශන් (10 Posts)


2 thoughts on “Roy – අද්භූත චෞරයකුගේ කතාව

  • March 26, 2015 at 9:56 AM
    Permalink

    එළකිරි මචං. දිගටම මෙහෙම ලියමු.

  • March 25, 2015 at 9:53 AM
    Permalink

    Ela ela ,niyamai.
    digatama mewani lipi demu.
    Obata jaya

Leave a Reply

Your email address will not be published. Required fields are marked *