Arrow_Season 03 _ Plot 02 **Spoilers**

ඇරෝ කතා මාලාවේ අපි අද කතා කරන්නේ 04,05,06 සහ 07 කොටස. කලින් වතාවක දී කිව්වා වගේ අපි ගොඩක්ම අවධානය යොමු කරන්නේ කතාවේ ඇතුලේ සිද්ද වෙන දෙයටත් වඩා අපිට මඟ හැරුණු සියුම් තැන් ගැන.
1. සේරා ගේ සපත්තුවේ තිබිලා හම්බුන කොලේ පේන්නේ නැති තීන්ත වලින් ලියලා තිබ්බා නමක්. ඒ “Jansen” කියලා. කෝනර් හෝක් ඒ කියන්නේ ඔලිවර් ගේ පුතාගේ සටන් උපදේශකයා තමයි මාස්ටර් ජන්සන් කියන්නේ.
2. ඇරෝ කතාව පුරාම Dark Archer එහෙමත් නැතිනම් Al Sa-Her (මායාකරු) කියන නම මැල්කම් මර්ලින් ට ආවේ කියන එක ගැටලුවක්. මොකද නිව් 52 එකේ Magician විදිහට ඉන්නේ ටොමි මර්ලින්. ඊට කලින් කතාවල මෙයාගේ නම තියෙන්නේ මර්ලින් කතාවේ එන මායාකාරයාගේ නම විදිහට.
3. ඇරෝ කතා මාලාවේ මෙච්චර දවසකට ආපු ලොකුම දුෂ්ඨ චරිතය එලියට එනවා. ඒ තමයි බැට් මෑන් ගේ චරිතයත් එක්ක බද්ධ වෙලා තියන Ra’s Al Ghul. හැබයි මෙතන තියන ලොකුම අවධානම තමයි නිසා සේරා ගේ මරණය වෙනුවෙන් පලිගන්න යන සටනට බාධාවක් කියලා ඇරෝ කියන්නේ අයින් කලයුතු චරිතයක් කියලා තීරණය කරන එක.
4. ෆෙලිසිටි ගේ අතීත කතාව ඇරෝ කතා මාලාවට අමුතුම දෙයක් ගෙනාවා. මේ දෙන්නා ගෙන් කාටද කැමති ? කළු කොන්ඩේ ද රත්තරන් පාට කොන්ඩේ ද?
5. Brother Eye කියන සංවිධානය පරිඝනක තාක්ෂනය භාවිතා කරලා බලය අතට ගන්න හදපු එකක් විදිහට තමයි එලියට ආවේ. කොමික් වල දී නම් මේ නම තියෙන්නේ ජස්ටිස් ලීග් එකේ අනිත් සමාජිකයින් වගේම මේ ලෝකේ ඉන්න මෙටාහියුමන් ලා ගැන තොරතුරු එකතු කරන්න බැට් මෑන් ඇති කරපු එකක්. පස්සේ මේක ගැන දැන ගත්තු රාස් අල් ගුල් ඒ තොරතුරු හොරෙන් අරගෙන ලොකු විනාශයක් කරනවා. මේ හින්දා තමයි ජස්ටිස් ලීග් එකේ අයට බැටා දිරවන්නේ නැති උනේ. අන්තිමේ දී මේක චෙක්මේට් කියන (අපි කලින් ලිපියේ මේක ගැන සඳහනක් කරා) සංවිධානය අතට ගියා. අපිට තවම තේරුනේ නැති උණාට ඇරෝ කතා මාලාව ඇතුලේ ලොකු දෙයක් සිද්ද වෙන්න සැලසුම් සකස් කරලා ඉවරයි. සමහරක් වෙලාවට ඇටෝම් එලියට එන්නේ මෙතන දී වෙන්න පුළුවන්.
6. ෆෙලිසිටි ගේ කලින් පෙම්වතා ඇඳගෙන හිටපු කමිසේ ඉන්නේ ජස්ටිස් ලීග් එකට ලොකු තර්ජනයක් උණු Starro the Conqueror කියන යෝධ තාරකා මාළුවාගේ රුපයක්.
7. ෆෙලිසිටි ගේ පෙම්වතා ගැන නම් අපිට කොමික් වල දී දකින්න හම්බුනේ නැති උණාට එයාගේ රූමා Myron Forest නම් කොමික් වල ඉන්න විද්‍යාඥයෙක්.
8. තවමත් සේරා ගේ මරණය අභිරහසක්. ඒකෙ අලුත්ම සිදුවීම තමයි රෝයි හිතනවා සේරා මැරෙන්නේ එයාගේ අතින් කියලා. අවසානේ ඔලිවර් ගේ මතකය ගෙන්වන එකෙන් තමයි මේ අවුල ටිකක් හරි ලිහා ගන්නේ. ඇරෝ කතා මාලාවේ නාමකරනය පිළිවෙලකට හදනවා වගේ දැන්නම්, මොකද රෝයි ට ආර්සනල් කියන නම දෙනවා ආපහු.
9. ග්‍රීන් ඇරෝ ගේ තවත් විලන් කෙනෙක් කතාවට ගේනවා. ඒ තමයි Cupid හෙවත් Carrie Cutter. මෙයා ඇරෝ ගැන පිස්සු වැටිලා ඉන්නේ. කොමික් වල නම් ඒ හින්දාම බ්ලැක් කැනරි ගේ ලොකුම තරහාකාරියක් මෙයා
10. රේ පාමර් ලෝගෝ එක මුල් වතාවට එලියට දානවා. පරමාණුවක සන්ඛෙතයකුත් එක්කම
11. මුලින්ම ඔලිවර්, පස්සේ සේරා දැන් රේ පාමර්. ඇරෝ කතාවේ දී සලමොන් ලැඩර් එක මාකට් කරනවා වගේ හොදට
12. කටානා ගේ Soultaker කඩුවෙන් දාන වැඩ කෑල්ල. මෙයා අති දක්ෂ සටන් ශිල්පිනියක් කිව්වා මතකයි නේ අපි
13. අනාගත ඇටෝම් ගේ ඇඳුම ගැන අපිට මුලින්ම හෝඩුවාවක් හම්බෙනවා. ඒත් එකක්ම සුදු වාමන තාරකා පාෂාණ හොයන්න ගන්න උත්සාහය කොමික් වල ඇටෝම් ගේ කතාවමයි.
අපිට ඊලඟට කතා කරන්න තියෙන්නේ ෆ්ලෑෂ් ඇරෝ කතා මලාවට එන කොටස ගැන. කැප්ටන් බූමරන්ග් ගැන කතා කරන එකත් එකක්ම කතා කරමු අපි.

Attila_THE_hun

https://www.facebook.com/pages/Comic-Script/1519015728381434

11042996_1564626507153689_964833195880807802_n

Comic Script (144 Posts)


Leave a Reply

Your email address will not be published. Required fields are marked *