Arrow_Season 03 _ Plot 01 *Spoilers*

මේ වෙද්දී ඇරෝ කතා මාලවේ සීසන් 3 භාගයකට වඩා ඇවිත් තියන හින්දා අපිට ඉක්මනටම පහුගිය කොටස් ගැන කතා කරන්න වෙනවා. සීසන් 03 ගත්තාම ගොඩක් අයට තාමත් මතකයි නේ මොකක්ද උනේ කියලා. ඒ හින්දා අපි කතාව ගැන ලොකු අවධානයක් යොමු නොකර වැදගත් කරුණු ගැන කතා කරන්න හිතුවා. මේ ලිපියෙන් 01 සහ කොටස් ගැන කතා කරනවා.

1. ඇරෝ කතාවේ හැම වෙලාවෙම අතීත සහ වර්තමාන කියලා කොටස් දෙකක් යනවානේ. සීසන් 3 එකට පාදක වෙන්නේ Amanda Waller යටතේ හොංකොං වල ගත කරන යුගය ගැන. අපිට හම්බෙන වැදගත් චරිත දෙකක් තමයි Maseo Yamashiro සහ එයාගේ බිරිඳ Tatsu Yamashiro එහෙමත් නැතිනම් Katana. කටානා කියන්නේ දක්ෂ කඩු සටන් ශිල්පිනියක්.

2. ඇරෝ – ෆ්ලෑෂ් සහ ප්‍රිසන් බ්‍රේක් කතාව අතර නළුවන්ගේ සම්බන්දය ගැන ගොඩක් අය කතා කලානේ. අපිට හම්බෙනවා දෙවෙනි Count Vertigo. මේ කරන John Abruzzi ගේ චරිතය රඟ පෑව කෙනා. කොමික් වල මෙයා ග්‍රීන් ඇරෝ ගේ විලන් කෙනෙක්. මෙයාට පුළුවන් “වර්ටිගෝ ආචරණය” මඟින් එයාගේ සතුරා අඩපණ කරන්න. ඒ කියන්නේ අපිට දැන් ඉන්නේ කලින් දැකපු දුෂ්ටයාගේ වැඩි දියුණු අවස්ථාවක්. තව දෙයක් මෙතන ඉන්නේ නිව් 52 වල කවුන්ට් වර්ටිගෝ. ඒ කියන්නේWerner Zytle මිසක් Werner Vertigo නෙවේ. කොහොමත් ඇරෝ කතා මාලාවට නිව් 52 රී බූට් එක මත ගොඩ නැගෙන චරිතත් භාවිතා කරනවා හම්බුනු පලවෙනි වතාව නෙවේ මේ.

3. අනාගත ඇටෝම්, එහෙමත් නැතිනම් Ray Palmer කතාවට හඳුන්වා දෙනවා. මේ වෙද්දී මෙයාගෙම කතාවක් අලුතෙන් නිකුත් වෙන්න නියමිත හින්දා ඉස්සරහට ගොඩක් කතා කරන්න පුළුවන්. අමුතුවෙන් කියන්න ඕනේ නැනේ මේ ඉන්නේ කලින් සුපර් මෑන් චරිතය රඟ පෑව කෙනා කියලා.

4. ඔලිවර් ක්වින් ජිවත් වෙන්නේ ස්ටාර්ලින් සිටි වල කියලා තමයි මෙච්චර කාලයක් කතා මාලවේ තිබ්බේ. ඒත් රේ පාමර් ඒක ට අලුත් අර්ථ කථනයක් දෙනවා අපි දන්න කොමික් වල එන ස්ටාර් සිටි කියන නම

5. Ferris Air è Hal Jordan. ෆ්ලෑෂ් කතාවේ වගේම ඇරෝ සීසන් 3 එකෙත් ග්‍රීන් ලැන්ටන් ගැන හෝඩුවාවක් දෙනවා. ඒ විතරක් නෙවේ ලෝරල් සහභාගී වෙන රැස්වීමේ දී කතා කරන එරිකා ගේ පෙම්වතා ගැන කියද්දී එයා ට විරුද්දව කෝස්ට් සිටි වල පැමිණිලි තියනවා කියලා සඳහන් වුනා. කෝස්ට් සිටි කියන්නේ ග්‍රීන් ලැන්ටර්න් වරුන්ගේ නගරය.

6. ෆ්ලෑෂ්

7. Sara හෙවත් කැනරි කතාවට ගෙන්වනවා. හැබැයි ඒ එයාගේ මල ගෙදරට. මේක ට දෙන්න පුළුවන් එකම පැහැදිලි කිරීම තමයි කොමික් වල කැනරි කියන්නේ Dinah Laurel Lance. ඒ කියන්නේ ලෝරල් ට කැනරි වෙන්න ඉඩ දෙන්න නම් සාරා ට කතාවෙන් අයින් වෙන්න සිද්ද වෙනවා. හැබැයි මේ මරණයත් එක්ක අපිට ලොකු අභිරහසක් ඇති කරනවා. කවුද වග කිව යුතු පුද්ගලයා කියලා. ලෝරල් ගේ චරිතය වෙනස් වෙන්න බලපෑව ලොකුම හේතුව තමයි මේ.

8. Ted Grant හෙවත් Wild Cat කියන්නේ බ්ලැක් කැනරි ගේ සටන් උපදේශක වරයෙක්. කොමික් වලත් මෙයා දක්ෂ බොක්සින් ක්‍රීඩකයෙක්. කොමික් වල වගේම කතා වේදී ත් ලෝරල් ටෙඩ්ගෙන් පුහුණු වෙනවා

9. ස්ටාලින් සිටි වලට ආපු අලුත්ම දුනුවායා “කොමොඩෝ” හෙවත් Smon Lacroix. මෙයා ඇරෝ ගේ සතුරෙක් විදිහට තමයි කොමික් වල දී හදුන්වා දෙන්නේ

10. අපිට ටොම් මර්ලින් ගේ චරිතය ආපහු දකින්න පුළුවන්. ඒ ඔලිවර් ගේ අතීත කතාවේ කොටසක් විදිහට.

11. ඇරෝ කතා මාලවේ අපිට මුලින්ම චරිත හදුන්වා දෙනකොට ඒවා කොමික් වල හම්බුනු නම් වලට සහ අදාළ පුද්ගලයින්ට වඩා වෙනස්. හොඳම උදාහරනයක් තමයි Thea. අපි දන්න ස්පීඩි ගේ නම Mia Dearden. ඒත් කතාවේ හම්බුනේ Thea Dearden Queen කියන නම. හැබයි මේ කොටසේ දී ඒ ගැටලුව විසදුනා විතරක් නෙවෙයි. තවදුරටත් කලින් හිටපු කෙල්ල දැන් නෑ කියන එක පැහැදිලියි.

12. තියා හම්බෙන්න යන ගමන අතරේ දී හම්බෙන Mark Shaw කියන්නේ කොමික් වලට අනුව නම් කලින් සීසන් එකේ හම්බුනු කේට් ස්පෙන්සර් වගේම Manhunter කෙනෙක්.

13. රේ පාමර්, ෆෙලිසිටි ට කියනවා “Any luck raising our digital Lazarus from the dead”. අපි DC යුනිවර්ස් එකේ ලාසරස් කියන වචනය ගැන සමීප එක පුද්ගලයෙකුට. ඒ තමයි රාස් අල් ගුල්. ඒ වගේම රේ කියන විදිහටම එයා මරණයෙන් නැගිටපු කෙනෙක්.

14. මාර්ක් ෂෝ මුණ ගැහෙන්න බලා පොරොත්තු වෙන ආයුධ ගනුදෙනු කාරයාගේ නම Milo Armitage. මෙයා අපිට එක වතාවක් පොඩි කොටසකට හම්බුනා. ඒත් වැදගත්ම කාරණය ඒක නෙවේ. කොමික් වලට අනුව නම් මෙයා තමයි ඇරෝ කතාවේ කලින් කොටසක පෙන්නපු ඔලිවර්ගේ පෙම්වතියක් උණු Sandra Hawke ගේ ස්වාමි පුරුෂයා. පස්සේ දවසක අපිට මෙයාව ආපහු දකින්න ඉඩ තියනවා

15. රේ බල බලා හිටපු සැලසුම් පිටපත් වල තිබ්බ නමක් තමයි O.M.A.C. කියන්නේ. මුලින්ම ම මේක One Man Army Corps කියන නම කෙටි කරලා භාවිතා කිරීමක්. ඒත් පස්සේ Observational Metahuman Activity Construct කියන ව්‍යාපෘතියට තමයි යොදා ගත්තේ. මේ O.M.A.C. ගැන වෙනම ලිපියකින් කතා කරනවා ඉස්සරහට. එතකල් අපිට වැදගත් වෙන්නේ මේ ව්‍යාපෘතිය Checkmate සංවිධානයෙන් සුපිරි වීරයන් ගැන සෙවිල්ලෙන් ඉන්න ඇති කරපු එකක් කියන එක. කලින් කතා කරපු මාර්ක් ෂෝ මේ Checkmate සංවිධානයේ හිටපු සාමාජිකයෙක්.

16. නිසා අල් ගුල් සේරා හොයා ගෙන එනවා. හැබයි ඊට පස්සේ මොකද උනේ කියලා කතා කරන්න නම් වෙන්නේ ඊලඟ කොටස් වලින්

‪#‎Attila_THE_hun‬

https://www.facebook.com/pages/Comic-Script/1519015728381434

10420122_1563290737287266_5983845096648370047_n

Comic Script (144 Posts)


3 thoughts on “Arrow_Season 03 _ Plot 01 *Spoilers*

  • March 27, 2015 at 7:21 PM
    Permalink

    නියමයි

  • March 15, 2015 at 7:19 PM
    Permalink

    නියමයි.මරු ලිපිය.ඒ කියන්නේ Atom tv series එකක් එනවද?කවද වගේද එන්නේ?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *