Marvel’s Agent Carter – Season 01 Plot 02 **Spoilers**

ඒජන්ට් කාටර් කතා මාලාවේ පලවෙනි කොටස් දෙක ගැන අපි මීට කලින් කතා කළා. අපි බලමු අද එතන ඉදන් කොටස් වලින් අපිට දකින්න හම්බෙන දේවල් ගැන. මෙතන දී පොඩි දෙයක් කියන්න ඕනේ. කාටර් කතාව සහ ගෝතම් කතාව දෙකම වර්තමාන කාලයේ නෙවේ තියෙන්නේ. එතකොට අපිට බලාපොරොත්තු වෙන්න බෑ අනිත් කතා වලදී වගේ කොමික් චරිත. ගොඩක් වෙලාවට අනාගතයේ දුෂ්ටයෙක් වෙන අය ගැන ඉඟි තමයි හමෙබෙන්නේ. මේක කාටර් කතාවේ ගොඩාක් ම බරපතල විදිහට බලපානවා. මොකද මේක මීට අවුරුදු 70 කට කලින් වගේ කාලයක් ගැන කතා කරන්නේ. ඒ සීමිත තත්ත්ව යටතේ අපි බලමු 3,4 සහ 5 කොටස් වල දී අපිට දකින්න හම්බෙන දේවල් ගැන.
1. කාටර් සහ ජාවිස් පරික්ෂා කරද්දී හම්බෙනවා Constrictor කියලා ස්ටාර්ක් ගේ නිර්මානයක්. ඒක විදුලි සැරයක් නිකුත් කරන්න පුළුවන් ආයුධයක්. අපිට මාවල් යුනිවර්ස් එකේ හම්බෙනවා මේ නම තියන චරිතයක්. ඒ තමයි Frank Payne හෙවත් Constrictor. විශේෂත්වය තමයි මෙයා ගාව තියන ආයුධේ හැඩයෙන් වෙනස් උණාට මේ දේ ම තමයි කරන්නේ.
2. කාටර් සහ ජාවිස් ට පහර දෙන්න එන පුද්ගලයා ගේ නම පස්සේ කියවෙන්නේ Jerome Zandow කියලා. කැප්ටන් ඇමරිකා ගේ මුල්ම කාලයේ හිටපු දුෂ්ටයෙක් තමයි Zandow the Strong Man කියන්නේ. (පොඩි කාලේ සර්කස් වල දී සැන්ඩෝ කියලා ඩයල් එකක් වැඩ දානවා අහලා තියනවා. මේ පොර ගේ චරිතය ද දන්නේ නෑ)
3. Blitzkrieg Button කියලා හොවාර්ඩ් හදුන්වා දෙනවා ගෝලාකාර වස්තුවක්. Blitzkrieg කියන්ලා නාසි හමුදාවේ නිලධාරියෙකුත් හම්බෙනවා අපිට කැප්ටන් ඇමරිකා කොමික් වල දී. ඒ වගේම Blitzkrieg Squad කියලා Baron von Strucker යටතේ හමුදාවකුත් තිබ්බා
4. ස්ටිව් රොජර්ස් ගේ ලේ. ස්ටිව් රොජර්ස් සුපිරි සොල්දාදුවා උනේ ප්‍රොජෙක්ට් රිබර්ත් එක හින්දා නේ. ඒත් කැප් ගෙන් පස්සේ ඒ ක්‍රියාමාර්ගය සාර්ථක උනේ නෑ ප්‍රොජෙක්ට් එක භාරව හිටපු Abraham Erskine කියන විද්‍යාඥයා ඝාතනය කරනවා. ඊට පස්සේ මේ ව්‍යාපෘතිය ඉස්සරහට ගෙනියන්න නම් තියන එකම උදව්ව ස්ටිව් ගේ රුධිරය යොදාගෙන කරන පරීක්ෂණ විතරයි, කතාවේ හැටියට නම් මේ දැනට ඉතුරු වෙලා තියන එකම රුධිර සාම්පලය
5. Stan Lee
6. Ernst Mueller කියන නිලධාරියා හම්බෙන්න තමයි චීෆ් ඩුලී ජර්මනියට ගියේ. කොමික් වල හැටියට නම් මෙයා Blitzkrieg Squad එකේ සාමාජිකයෙක්
7. අපි මේ සිද්දිය ගැන කතා කෙරුවා මීට කලින් ලිපියකින්. කොහොමද “Black Widow Ops” Program එක මාවල් සිනෙමැටික් යුනිවර්ස් එකට කාටර් කතාව මඟින් හදුන්වා දුන්නේ කියලා.
8. Dottie Underwood මෙච්චර දවසක් ගැටලුවක් වෙලා තිබ්බේ මෙයා ගැන. ඒත් අන්තිමේ දී මෙයාත් බ්ලැක් විඩෝ බලකායේ කෙනක් කියලා තහවුරු උණා.
9. කාටර් කතාවට අනිත් කතා වගේ වර්තමාන චරිත සම්බන්ද කරගන්න බැ. ඒ වෙනුවට පරණ කැප්ටන් ඇමරිකා කොමික් වල චරිත තමයි ගොඩක් භාවිතා කෙරුවේ. ඒත් අපිට දැක ගන්න හම්බෙනවා කැප්ටන් ඇමරිකා යුගයේ විතරක් නෙවේ ඊට පස්සේ ත් ගොඩක් ජනප්‍රිය චරිතයක්. ඒ තමයි Dum-Dum Dugan නැතිනම් Timothy Dugan. මෙයා මුල් කාලේ කැප්ටන් ඇමරිකා කොමික් වල ජනප්‍රිය චරිතයක් උණා වගේම නික් ෆියුරිට පස්සේ ශිල්ඩ් එකේ ඩිරෙක්ටර් තනතුරත් දැරුවා
10. Howling Commandos කියන්නේ Dum-Dum Dugan අයිති වෙන බල ඇණියට. මේ කට්ටිය දෙවෙනි ලෝක යුද්ධ කලේ දී කැප්ටන් ඇමරිකා එක්ක එකට යුද්ධ කරපු අය. මේකේ හිටපු සමාජිකයින් අතරින් අපිට Jonathan “Junior”Juniper, Percival “Pinky”Pinkerton දකින්න හම්බුනා. මේ බල ඇණිය කොමික් වල දී නම් භාරව තිබ්බේ Samuel “Happy Sam”Sawyer ට. අපිට කතාවේ දී මෙයා දකින්න හම්බුනේ බල ඇණියේ ම සාමාජිකයෙක් විදිහට
11. අපේ බල ඇණියට හම්බෙනවා හිර කාරයෝ දෙන්නෙක් එක්කෙනෙක් ගේ නම කිව්වේ Nikola. මාවල් යුනිවර්ස් එකේ ඉන්න චරිත ගත්තාම අපිට ඉන්නවා Nikola Tesla කියලා කෙනෙක් (මේ ලෝක ප්‍රසිද්ද විද්‍යාඥයා නෙවේ). මෙයාට තියනවා ක්වොන්ටම් ශක්ති ප්‍රභවයක් ඇඟ ඇතුලේ. ඒක භාවිතා කරලා ශක්තිය මුදා හරින්න පුළුවන් මෙයාට.
12. නිකෝලා එක්ක හිටපු අනිත් එක්කෙනා ගේ නම තමයි Doctor Ivchenko නැතිනම් Johann Fennhoff. හැබයි අර්ත්-616 දී නම් මෙයාට කියන්නේ Doctor Faustus කියලා. මෙයා අති දක්ෂ මානසික වෛද්‍ය වරයෙක්. අපිට තව පස්සට මෙයාගේ වැඩ බාලා ගන්න පුළුවන්.
13. කාටර් ගේ අමුතුම ලස්සනක් පේන්නේ මට විතරද?
කාටර් අවසාන කොටසින් අපි ඊලඟ කොටස් ටික ගැන කතා කරමු.
#attila_THE_hun

997034_1562366707379669_4956045472519591540_n

Comic Script (144 Posts)


2 thoughts on “Marvel’s Agent Carter – Season 01 Plot 02 **Spoilers**

Leave a Reply

Your email address will not be published. Required fields are marked *