Marvel’s Agent Carter – Season 01 Plot 01 **********Spoilers*************

මතකනේ අපි මීට කලින් ඒජන්ට් කාටර් ගැන ලිපි දෙකක් ගෙනවා. ඒත් අපි පොරොන්දු වුනු විදිහට නම් අපිට බැරි වුනා ඉක්මනටම කතාව ගැන ලිපි පෙළක් ගේන්න. මේ වෙද්දී කොටස් 8 ක් තියන සීසන් 01 ඉවර වෙලා තියෙන්නේ. ඒත් ඒ පොඩි කාලේට ලොකු දේවල් කිහිපයක්ම ඒජන්ට් කාටර් කතාව ඇතුලේ කතා උණා. අපි කලින් කිව්වා වගේ මාවෙල් සිනමෙට්‍රික් යුනිවර්ස් එකට සම්බන්ද දේවල් කිහිපයක් ම ඒ අතරේ තිබ්බා. සමහර අය කියනවා මේ කතාව රසිකයන් අතරට ගියේ නෑ කියලා. ඒත් මාවෙල් සමාගම කොටස් 08 ක් තියන මේ කතාව එලියට දැම්මේ ලාභය ගැන විතරක් හිතලා නෙවේ කියන එක අපි මතක තියා ගන්න ඕනේ. එකින් එකට සම්බන්ද යුනිවර්ස් එකේ වැදගත් තැනක් මේකට අයිති වෙලා තියන හින්දා. අපි එහෙනම් බලමු කතාවේ ඇතුලේ සිද්ද වුනේ මොකක්ද කියලා.

ඒජන්ට් කාටර් හැඳින්වීමේ ලිපිය –https://www.facebook.com/1519015728381434/photos/a.1519017541714586.1073741827.1519015728381434/1533092413640432/?type=1

ඒජන්ට් කාටර් දෙවෙනි ලිපිය –https://www.facebook.com/1519015728381434/photos/a.1519017541714586.1073741827.1519015728381434/1544681015814905/?type=1

අපි කාටර් ගැන කතා කරපු හින්දා ආයේම විශේෂයෙන් කතා කරන්න යන්නේ නෑ. ඒ වගේම කැප් ගැනත් කතා කරන්න බලා පොරොත්තු වෙන්නේ නෑ. අපි බලමු අනිත් චරිත ගැන.
1. Howard Stark – ටෝනි ස්ටාර්ක් ගේ තාත්තා (හැබයි ඇත්තටම ටෝනි කියන්නේ හොවාර්ඩ් ගේ හදා ගත්තු පුතා). අපරාදේ කියන්න බෑ තාත්තාගේම පුතා නොවුනත් ටෝනි ගේ සේරම ගතිගුණ හොවාර්ඩ් ගෙන් ආපු ඒවා. ශිල්ඩ් පිහිටවන්න මූලික වෙලා කටයුතු කරන්නේ මෙයා
2. Edwin Jarvis – හොවාර්ඩ් ගේ විශ්වාසවන්ත සේවකයා. පස්සේ කාලේක ටෝනි එයාගේ පරිඝනක සහයකයා J.A.R.V.I.S. එහෙමත් නැතිනම් Just A Rather Very Intelligent System කියලා නම් කෙරුවේ මෙයා මතක් වෙන්න.
3. Anton Vanko – ජාවිස් සහ කාටර් හම්බෙන්න යන විද්‍යාඥයා. මෙයා හොවාර්ඩ් ගේ යාලුවෙක්. අයන් මෑන් 2 ෆිල්ම් එකේ ඉන්න Whiplash ගේ Earth-616 නමත් මේකමයි. හැබයි Earth-1999999 එහෙමත් නැතිනම් සිනමෙට්‍රික් යුනිවර්ස් එක අනුව නම් එයාගේ තාත්තා තමයි Anton Vanko කියන්නේ.
4. Chief Roger Dooley – S.S.R. ආයතනයේ ප්‍රධානියා. කොමික් වල දී නම් මෙයා ලෙවල් 4 මට්ටමේ ශිල්ඩ් ඒජන්ට් කෙනෙක්.
5. Agent Daniel Sousa – මෙයා නම් කොමික් වල දී හම්බෙන චරිතයක් නෙවේ. ඒත් ඇවෙන්ජර් 01 ෆිල්ම් එකේ පොඩි චරිතයකට ඉන්නවා
6. Agent Jack Thompson සහ Agent Ray Krzeminski මේ දෙන්නත් අපිට කොමික් වල දී දැක ගන්න හම්බෙන්නේ නෑ. කතාවටම නිර්මාණය කරපු චරිත
7. Hugh Jones – Roxxon Corporation සමාගමේ ප්‍රධානියා. මෙයා අපිට කොමික් වලදී හම්බෙන දුෂ්ට චරිතයක්
8. Leet Brannis – Leviathan සංවිධානයේ නියෝජිතයෙක්. දෙවෙනි ලෝක යුද්ධය කාලේ හිටපු කෙනෙක්
අපි දැන් බලමු කතාව ඇතුලේ අපිට හම්බෙන වැදගත් දේවල් මොනවාද කියලා.
9. Roxxon Corporation – Earth-616 දී වගේම Earth-1999999 දීත් අපිට හම්බෙන ආයතනයක්. ගොඩක් වෙලාවට රහසිගත පර්යේෂණ වලට සහයෝගය දෙන සංවිධානයක්. අපිට කතාවේ දී හම්බෙන ඔයිල් සමාගම අයිති වෙන්නෙත් මේ මව් සමාගමට.
10. Strategic Scientific Reserve – අපි මේක ගැන කතා කෙරුවා පලවෙනි ලිපියෙන්. කාටර් වැඩ කරන්නේ මෙතන
11. Vita Rays සහ Operation Rebirth – කැප්ටන් ඇමරිකා බිහිකරන්න මුල් වුනු Super-Soldier Serum එකේ ක්‍රියාකාරිත්වය වැඩි කරන්න යොදා ගත්තේ මේ Vita-Rays කියන ද්‍රව්‍ය. මේ ව්‍යාපෘතිය හඳුන්වන නම තමයි Operation Rebirth කියන්නේ.
12. Leviathan – අපිට ශිල්ඩ් කතාව ඇතුලේ දීත් මේ සංවිධානය ගැන ඇහුනා. සෝවියට් රුසියාව නිර්මාණය කරපු මේ සංවිධානය ගැන අපිට කාටර් කතා මාලාව පුරාම කතා කරන්න සිද්ද වෙනවා.
13. Stark Tower – ස්ටාර්ක් ටවර් එක තමයි පස්සේ කාලේක ශිල්ඩ් මාධ්‍යස්ථානය උනේ. අපිට ආරම්භ කාලයේ මේ ගොඩනැගිල්ලේ දර්ශනයක් දකින්න හම්බෙනවා.
පලවෙනි කොටස් දෙක ඇතුලේ දී අපේ අවධානය යොමු කරන්න ඕන තැන් කිහිපයක් තමයි අපි මේ කතා කෙරුවේ. අපි ඊලඟ ලිපියෙන් බලමු කතාවේ ඉතුරු කොටස් වලින් හෙළිවෙන කරුණු මොනවාද කියලා.
attila_THE_hun

11041723_1555172134765793_2528347152787443138_n

Comic Script (144 Posts)


Leave a Reply

Your email address will not be published. Required fields are marked *