පොලිස් නිළ ඇදුම – Kaakki Sattai

ආයෙත් පාරක් මං මංසලට ගොඩ වදින්නේ, සුපුරුදු පරිදි දෙමල චිත්‍රපටයක් ගැන ඔයාලට පොඩි දැනුවත් කිරිමක් කරන්නයි.

Kakki-Sattai
මෙදා සැරේ මං ඔයාලට දැනුවත් කරන්න යන චිත්‍රපටයෙහි නම “කාක්කි සට්ටෙයි”. එනම් එහි තේරුම, පොලිස් නිළ ඇදුම” යන්නයි.

Kakki_Sattai_Movie_Stills002
චිත්‍රපටයෙහි ප්‍රධාන නලුවා වන්නේ “සිව කාර්තිකයන්”. ඒ වගේම ප්‍රධාන නිලිය වන්නේ “ශ්‍රී දිව්‍යා”ය. මොවුන් දෙදෙනා ප්‍රධාන නලු නිලියන් ලෙස එකම චිත්‍රපටයකින් ප්‍රේක්ෂකයන් මුන ගැහෙන දෙවන අවස්ථාව මෙය වේ. මීට පෙර මොවුන් දෙදෙනා ප්‍රධාන චරිත නිරූපනය කල “වරුත්ත පඩාද වාලිබර් සංගම්” චිත්‍රපටය නොසිතූ අන්දමින් ජනප්‍රිය වීම නිසා, නැවතත් මොවුන් දෙදෙනාවම මෙ චිත්‍රපටයට තෝරා ගැනීමට හේතුවක් වී ඇත.
kakkisattai1
චිත්‍රපටය “ඇක්ෂන්-මසාලා” වර්ගයට තමා වර්ගීකරණය  වෙලා තියෙන්නේ. අධ්‍යක්ෂනය කරනුයේ, R. S. Durai Senthilkumar විසිනි. දනුශ්ගේ Wunderbar Films ආයතනය නිෂ්පාදන ආයතනය ලෙස කටයුතු කරයි.

kakki-sattai-stills-7
“එදිර්නීච්චල්” චිත්‍රපටයෙහි සිවකාර්තිකයන් එක්ව වැඩකල, අනිරුද්, මේ චිත්‍රපටයෙහිද සංගීත අධ්‍යක්ෂනය සිදු කරයි. මේ චිත්‍රපටයෙහි අඩංගු ගිත සියල්ලක්ම දැන් ජනප්‍රිය වෙමින් පවති.

චිත්‍රපටය නිකුත් වන්නේ, 2015 පෙබරවාරි 27 වැනිදාය.

සිරාජ් ප්‍රියන්ත (52 Posts)


3 thoughts on “පොලිස් නිළ ඇදුම – Kaakki Sattai

Leave a Reply

Your email address will not be published. Required fields are marked *