බයිස්කෝප් සිංහලෙන් 02 – The Hunger Games : Mockingjay Part 1 (2014) | විප්ලවයේ ආරම්භය….

අපේ මව් අඩවිය වන www.baiscopelk.com අඩවියේ උපසිරැසි සමඟ විවිධාකාරයේ ලිපි පලවෙනවා. ඉතින් මංසලේ මේ ලිපි පෙළට ලබාගන්නේ එම ලිපි අතරින් විවිධත්වයක් දක්වන ලිපි පමණයි. අද මේ අරගෙන එන්නේ මේ ලිපි පෙලේ දෙවන ලිපියයි. මෙහි උපසිරසි ලබා දුන්නේ කවිඳු ගිම්හාන් (පැතුම්) සොයුරායි.  එමෙන්ම ලිපිය සකසා දෙනු ලැබුවේ සමන් ප්‍රසාද් (පූසා) සොයුරායි.

The-Hunger-Games-Mockingjay-Part-1-

නානියා කතා මාලාව බලපු අය කියන්නෙ ” අනේ මටත් නානියා වලට යන්න ඕන” කියලා.

හැරී පොටර් කතා මාලාව බලපු අය කියන්නෙ “අනේ මටත් හොග්වර්ඩ්ස් වලට යන්න ඕනා” කියලා.

හැබැයි මෙතෙක් ආපු හංගර් ගේම්ස් කතා මාලාව බලපු අය නම් කියන්නෙ ” නෑ, අවුලක් නෑ.

මට මේ ඉන්න තැන හොඳයි” කියලා…. :v  :v  :v

ඕක අන්තර්ජාලයේ සැරිසරද්දි මම අහම්බෙන් දැක්ක පොඩි විහිළුවක්.

දැනටමත් ඔයාලා දන්නවා ඇතිනෙ මම මේ අද අරගෙන ඇවිල්ලා තියෙන චිත්‍රපටිය මොකද්ද කියලා. The Hunger Games: Mockingjay – Part 1. ඔන්න ඕක තමයි අද මම බයිස්කෝප් ප්‍රේක්ෂකයන් වෙනුවෙන් අරගෙන ආපු සිනමා සිතුවම. මම දන්නවා අපි හැමෝම The Hunger Games සහ Catching Fire සිනමා පට දෙක නැරඹුවාට පස්සෙ ඒකෙ තුන්වෙනි සිනමා පටය එනකම් නොඉවසිල්ලෙන් බලාගෙන හිටියේ කියලා. එහෙනම් අද ඒ ඉවසීමට තිත තියන්න වෙලාව ඇවිත්. මම හිතන්නෙ මෙතන ඉන්න හැමෝම වගේ මේ හංගර් ගේම්ස් කියන සිනමාපට මාලාව ගැන හොඳින්ම විස්තර දන්නවා. අවුලක් නෑ එහෙනම් ඔන්න මම ආයෙත් ඒ ගැන කියලා දාන්නම්කෝ…

ඔයාලා මෙතෙක් බලපු විවිධ සිනමාපට ගැන විස්තර හෙව්වා නම් ඔයාලා දකින්න ඇති ඒ ආපුහුඟක් සිනමාපට ලෝකප්‍රසිද්ද පොත් ආශ්‍රයෙන් නිර්මානය වෙච්ච ඒවා කියලා. The Maze Runner,Twilight Saga, Harry Potter, Narnia, Divergent, The Hobbit, The Lord of the Rings කියන්නෙ අපි හැමෝම වගේ දන්න, නවකතා ආශ්‍රයෙන් නිර්මාණය වෙච්ච සිනමාපට කිහිපයක්. මේ හංගර් ගේම්ස් කියන්නෙත් ඒ වගේම ඒ නමින්ම තියෙන නවකතා තුනක් ආශ්‍රයෙන් නිර්මාණය වෙච්ච සහ නිර්මාණය වෙමින් පවතින සිනමාපට තුනක්, නැත්නම් හතරක්. වීරක්‍රියා සහ විද්‍යා ප්‍රබන්ද ගණයට අයත්වෙන මේ පොත් තුන රචනා කරන්නෙ ඇමරිකානු ජාතික ලේඛිකාවක් වෙන සුසේන් කොලින්ස් විසින්. ඉතින් අපි මේ නවකතා තුනආසාවෙන් කියෙව්වා වගේම සිනමාපට ටිකත් ආසාවෙන් බලන නිසාම සුසේන් කොලින්ස් ගැනත් වචන කීපයක් කියවමු නේද… මෙතුමිය ඇමෙරිකානු ජාතික කාන්තාවක් කියලා මම මුලින්ම කිවුවනේ. දැනට මෙතුමියගේ වයස අවුරුදු 52ක්. ඉපදිලා තියෙන්නෙ 1962 වසරේ අගෝස්තු මාසේ 10 වෙනිදා. මෙතුමියගේ පියා හමුදාවේ හිටිය නිසා කුඩා කාලයේ මෙතුමියට නිරන්තරයෙන්ම පදිංචිය වෙනස් කරන්න සිද්ද වුනා. මෙතුමියට වසර1985දී ඉන්දියානා විශ්ව විද්‍යාලයෙන් එතුමියගේ ශාස්ත්‍රවේදී උපාධිය (B.a.) ( BA කිවුවාම නම් බයිස්කෝප් කෲ එකට වෙන දෙවලුත් මතක් වෙනවා ඇතිනේ නේද… :3 U know what I mean ;)  )ලබාගැනීමට හැකියාව ලැබුනා. ඉන්පසු වර්ෂ 1989දී එතුමිය නිව්යෝර්ක් විශ්ව විද්‍යාලයේ එතුමියගේ ලලිතකලා උපාධිය (MFA) ද ලබා ගත්තා. හංගර් ගේම්ස් වගේම The Underland Chronicles කියන්නෙත් මෙතුමිය අතින්ම ලියවුනු ඉතාමත් ජනප්‍රියත්වයට පත් වූ නවකතා පහක්. මෙච්චර ආසාවෙන් බලන මේ සිනමාපට මාලාවට මූලික වෙච්ච නවකතාවල නිර්මාණකාරිය ගැන දැන නොහිටියොත් ඒක නිකන් හරි නෑ වගේනෙ, නේද.

ඒකයි මෙතුමිය ගැන මේ වචන කිහිපය ලිවුවේ…. :) ආ…

ඉතින් අපි කතා කර කර හිටියේ හංගර් ගේම්ස් පොත් ගැනනේ නේද… හංගර් ගේම්ස් නවකතා මාලාවේ පළමු පොතේ තමයි The Hunger Games. මේ පොත පාඨකයින් අතට පත්වෙන්නේ 2008 වසරේ. ඊට පස්සෙ 2012 වසරේදී මේ නවකතාව පාදක කරගෙන මේ නමින්ම, ඒ කියන්නෙ The Hunger Games නමින්ම සිනමා පටයක් නිර්මානය වෙනවා. 2009 වසරේදී Catching Fire ලෙස හංගර් ගේම්ස් කතා මාලාවේ දෙවන පොත පාඨකයින් අතට පත්වෙනවා. ඔයාලට මතක ඇති 2013 වසරේ බලපු The Hunger Games: Catching Fire කියන සිනමා පටය. ඒක නිර්මාණය වෙන්නෙ මේ පොත පාදක කරගෙනයි. 2010 වසරේදී පාඨකයින්ට හංගර් ගේම්ස් කතා මාලාවේ තුන්වන පොත කියවීමට සුසේන් විසින් අවස්තාව සලසා දෙනවා. ඒ  Mockingjay ලෙසින්. මම අද ඔයාලට මේ උපසිරැසිය ලබා දෙන්නෙ මේ පොත ආශ්‍රයෙන් නිර්මාණය වෙන සිනමාපට දෙකෙන් දැනට නිර්මාණය වෙලා තියෙන මුල් සිනමා පටයටයි. ඒ කියන්නෙ The Hunger Games: Mockingjay – Part 1 කියන සිනමාපටයටයි. ඔයාලා හොඳට නිරීක්ෂණය කළා නම් ඔයාලා දකින්න ඇති අපි බලපු, මේ වගේ නවකතා ආශ්‍රයෙන් නිර්මාණය වෙච්ච සමහර සිනමාපටවලින් අවසාන නවකතාව පාදක කරගෙන නිර්මාණය වෙන සිනමාපටය බොහෝ දුරට සිනමාපට දෙකක් වශයෙනුයි නිර්මාණය වෙලා තියෙන්නෙ. උදාහරනෙකට The Twilight saga සිනමාපට මාලාවේ අවසාන පොතවන Breaking Dawn පාදක කරගෙන නිර්මාණය වෙච්ච The Twilight Saga: Breaking Dawn කියන සිනමාපටය Part 1 සහ Part 2 ලෙස කොටස් දෙකකිනුයි ආවේ. Harry Potter සිනමාපට මාලාවේ අවසාන සිනමාපටයත් ආවේ කොටස් දෙකක් වශයෙනුයි. ඒ වගේ මේ The Hunger Games: Mockingjay සිනමාපටයත් Part 01 සහ Part 02 කියලා කොටස් දෙකක් වශයෙනුයි එන්නේ. ( මම දන්න විදිහට The Maze Runner නවකතා මාලා 5ක් තියෙනවා. Divergent පොත් 3ක් තියෙනවා. ඒ කියන්නේ මගේ දොරලොක්හෝම්ස් තියරියට අනුව බොහෝ දුරට The Maze Runner ෆිල්ම් 6කුයි DIvergent ෆිල්ම් 4කුයි බලාපොරොත්තු වෙන්න පුළුවන්. :3 :D ) ඉතින් මේ Mockingjay සිනමාපටය අධ්‍යක්ෂණය කරන්නෙ  Francis Lawrence (ෆ්‍රැන්සිස් ලෝරන්ස්) කියන අධ්‍යක්ෂකවරයා විසිනුයි. I Am Legend, Constantine යන සිනමාපට වගේම හංගර් ගේම්ස් දෙවන සිනමාපටයත් අධ්‍යක්ෂණය වෙන්නෙ මොහු අතින්මයි. ( නමුත් හංගර් ගේම්ස් මුල් සිනමාපටය අධ්‍යක්ෂණය වෙන්නෙ නම් මට මතක විදිහට  Gary Ross කියන අධ්‍යක්ෂකවරයා අතින්.) ඉතින් මේ සිනමා සිතුවමට ලොවපුරා සිටින සිනමාලෝලීන් IMDb අගය 7.1ක් ලබාදීලා තියෙනවා. හැබැයි මුල් සිනමාපටයට නම් IMDb අගය 7.3ක් තිබුණා. දෙවන සිනමාපටයට නම් 7.7ක්. මේකට අඩුවුණේ ඇයි කියලා නම් හිතාගන්න අමාරුයි මට.

සුපුරුදු පරිදි මේ සිනමාපටයේත් කැට්නිස් එවර්ඩීන් විදිහට සම්මානලාබී නිළි ජෙනිෆර් ලෝරන්ස් (Jennifer Lawrence) ද, පීටා මෙලර්ක් විදිහට ජෝෂ් හට්චර්සන් (Josh Hutcherson) ද, ගේල් හෝතෝන් විදිහට ලියම් හෙම්ස්වර්ත් (Liam Hemsworth) ද [ මෙයා තමා අපි හැමෝම දන්න තෝ(Thor) විදිහට රඟපාන Chris Hemsworth ගේ මල්ලි. :D ] , හේමිච් ඇබර්නති විදිහට වූඩි හරල්සන් (Woody Harrelson) ද, ප්‍රසිඩන්ට් ස්නෝව් විදිහට ඩොනර්ල්ඩ් සතර්ලන්ඩ් (Donald Sutherland) ද, බීටී විදිහට ජෙෆ්රි රයිට් (Jeffrey Wright) ද, ප්ලූටාක් හෙවන්ස්බී විදිහට ෆිලිප් සීමෝ හොෆ්මන් (Philip Seymour Hoffman) ද, ජොහැනා මේසන් විදිහට ජේනා මෙලොන් (Jena Malone)ද, සීසර් ෆ්ලිකර්මන් විදිහට ස්ටැන්ලි ටූචී (Stanley Tucci)ද, සිනා විදිහට  ලෙනී ක්‍රාවිට්ස් (Lenny Kravitz)ද, එෆී ට්‍රින්කෙට් විදිහට එලිසබෙත් බෑන්ක්ස් (Elizabeth Banks)ද, ෆිනික් ඔඩයර් විදිහට සෑම් ක්ලැෆ්ලින් (Sam Claflin)ද, ප්රිම්රෝස් එවර්ඩීන් විදිහට විලෝ ශීල්ඩ්ස් (Willow Shields)ද, ක්ලෝඩියස් ටෙම්පල්ස්මිත් විදිහට ටොබී ජෝන්ස් (Toby Jones)ද රංගනයෙන් දායක වෙනවා… මං දන්නවා, මේ නම් ටික කියෙව්වාම නිකන් මඥ්ඥන් වගේ ඇති නේ… :v :v  ගණන් ගන්න එපා. ෆිල්ම් එක අවධානෙන් බලන්නකෝ. එතකොට මේ නම් ටික පැහැදිලිවෙයි. එහෙනම් ඉතින් දැන් කතාව පැත්තට හැරෙමුකෝ..

හන්ගර් ගේම්ස් මුල්ම කොටසේදි තමන්ගේ නංගි වෙනුවට හන්ගර් ගේම් වලට ගියපු කැට්නස් එවර් ඩින් පිටා එක්ක එකතු වෙලා අන්තිම දෙන්නා අතරට ආවා. මේ දෙන්නම මැරෙන්න ගියපු නිසා පිටා හා කැට්නස් ඒ තරගයේ ජයග්‍රාහකයෝ කලා. ඒ දෙන්නා කරපු වැඩේ නිසා තරගයේ නිති පවා වෙනස් කරන්න පවා සිද්ධ වුනා. දෙවෙනි කොටසේදි කේට්නසුයි පීටයි ආයෙත් හන්ගර් ගේම්ස් වලට ගියා. ඒකෙදි ඒ දෙන්නා කැපිටල් එකේ ඉලක්ක බවට පත්වුනානේ. කොහොමෙන් කොහොම හරි අන්තිමේට කැට්නස් ගේම් එක තිබුන තැන විනාශ කරලා තමයි ඒ කතාව අවසන් වුනේ. ඉතින් එතනින් එයාලට පැගන්න ලැබෙනවා. හැබැයි පිටයි කැට්නසුයි වෙනස් විදියකට තමයි බේරිලා තියෙන්නේ. ඉතින් එතින් පස්සේ මේ දෙන්නගේ ජිවිත මොනවා වෙයිද? එතකොට කැපිටල් එකට විරුද්ධව ගෙනියපු සටනට මොනවා නම් වෙයිද කියලා දැනගන්න මේ කොටසින් බලාගන්න පුලුවන් වේවි.

එහෙනම් ඉතින් බයිස්කෝප් කස්ටිය නොඉවසිල්ලෙන් බලාගෙන හිටපු මේ හංගර් ගේම්ස් සිනමා සිතුවම බාගෙන බලන්නකෝ… මම දැක්ක විදිහට අවසාන හංගර් ගේම්ස් සිනමාපටය, ඒ කියන්නෙ The Hunger Games: Catching Fire – Part 02 මේ අවුරුද්දේ නොවැම්බර් 20නිකුත්වෙනවා කියලයි අන්තර්ජාලයේ නම් තියෙන්නේ… (ටයිප් කරලා ඇඟිලි රිදෙනවා කමෙන්ටුවක් කොටාගෙනම යන්ඩෝ….)(අඩෝ විමෝ… මෙන්න මේවට තමා පඳුරු තලනවා කියන්නෙ… දන්නෙ නැත්නම් මගෙන් ඉගෙන ගනිං…  :P )

ලිපිය – සමන් ප්‍රසාද් (පූසා)

මව් අඩවියේ ලිපිය හා මෙතනින් සම්බන්ධ වන්න.

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.
තිසර නියෝ (397 Posts)

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.


තිසර නියෝ

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.

tisaran has 397 posts and counting.See all posts by tisaran

4 thoughts on “බයිස්කෝප් සිංහලෙන් 02 – The Hunger Games : Mockingjay Part 1 (2014) | විප්ලවයේ ආරම්භය….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *