“Skyfall” එංගලන්තයේ දෙවෙනියට හොඳම ආදායම් ලැබූ චිත්‍රපටිය බවට පත්වෙයි….

අලුත්ම ජෙම්ස් බොන්ඩ් චිත්‍රපටය වූ Daniel Craig රඟන Skyfall එක්සත් රාජධානියේ දෙවෙනියට වැඩිම ආදයම් වාර්තා පිහිටවූ චිත්‍රපටිය බවට ඊයේ (13) පත්වුණා.

පවුම් මිලියන 73.8(රුපියල් බිලියන 15.24 ක්) ලබා සිටි Toy story 3 චිත්‍රපටය පසුකරමින් පවුම් මිලියන 74.3ක් ( රුපියල් බිලියන 15.37) ලබාගන්නට මෙම චිත්‍රපටය සති හතරකටත් වඩා අඩු ඉතා කෙටි කාලයක් තුළ සමත් වෙලා තියෙනවා.

ස්ටර්ලින් පවුම් මිලියන 94 ක් ලබමින් මුල් ස්ථානයේ සිටින Avatar චිත්‍රපටය පසු කිරීමට ඉදිරි කාලයේදී Skyyfall සමත් වේ යැයි බොහෝ දෙනා මත පළකොට තිබෙනවා. Skyfall 3D චිත්‍රපටයක් නොවන නිසා එක්සත් රාජධානිය තුළ 2D චිත්‍රපටියක් ලබාගත් වැඩිම අදායම දැනටම එය ලබාගෙන අවසානයි. ඉදිරියේ අපි බලමු එක්සත් රාජධානිය තුළ පමණක් නොව ලොව තුළ කොපමණ ඉදිරියට Skyfall ගමන් කරාවිද කියා….

රොයිලි (36 Posts)


Leave a Reply

Your email address will not be published. Required fields are marked *