*** —— Arrow —— *** Season 1 _ Plot 4

සුපුරුදු පරිදිම ඔන්න Arrow Season 1 එකේ Easter eggs, Spilers අරගෙන ආවා. අද මං කතා කරන්නේ episode 16- 20 අතරේ සිදුවුණු වැදගත් සිදුවීම් එක්කයි. එහෙනම් පරක්කු නොකරම කතාවට යමු kiki emoticon

#1 – Deadshot
අපි හැමෝම දන්නවා Deadshot කියන්නෙ Floyd Lawtonට කියලා. ඒ වගේම මං plot 1 එකේදි කිව්වා වගේම Oliver, Lawton එක්ක ඇතිවුණු රණ්ඩුවේදි තියන ඊතලයකින් Lawtonගේ ඇසක් අන්ධ වෙනවා. එනිසා ඔහු තමාගේ කුලියට මිනීමැරුම් කටයුතු තාවකාලිකව නවතා දමායි සිටින්නේ. නමුත් Moira තමන්ට Malcom Merlinව මරන්න ඕනෑ බව China Whiteට පැවසුවාම China White මුණගැසෙන්නට එන්නේ Lawtonවයි. හැමෝම දන්නවනේ Lawtonට Deadshot කියලා නම වැටුනේ ඔහු ලෝකයේ ඉන්න අංක 1 වෙඩික්කරුවෙකු නිසා කියලා. ඔන්න China White, Lawtonට අධෝරක්ත කිරණ වලින් සමන්විත බොරු ඇසක් ලබා දෙනවා. ඒ මර්ලින්ව මරලා දාන්න. Deadshotගේ උණ්ඩය සාර්ථක වුවත් දුනුවායා එතැනට ඇවිත් Malcomව බේර ගන්නවා.

#2 – China White
සුපුරුදු පරිදිම ඔන්න China White මේකෙදිත් Arrow එක්ක face to face රණ්ඩුවක් යනවා. මට හිතෙන හැටියට කතාව නූල් බෝලයක් නම් ඒකෙ කොනක මෙයාත් සම්බන්ධ වෙනවා කියලා. ඒකනේ මේ episode එකේදිත් කලින් ඒවා වල වගේම මෙයා පොලීසියට අහු නොවී පැනගන්නෙ tongue emoticon

#3 – The Arrow Cave
ඔලිවර් තමාගේ රහසිගත වැඩසටහන මෙහෙයවන්නට යොදාගන්නේ සිය පියාගේ අත්හැර දැමූ පරණ ගබඩාවේ බිම් මහලයි. තමාගේ පුද්ගලික ජීවිතයත් දුනුවායාගේ ජීවිතයත් දෙක සම්බන්ධකිරීමට ඔහු තීරණය කරන්නේ ගබඩාවේ උඩු මහල Night Club එකක් බවට පත්කරමිනුයි. කතාවේ Felicity සහ Diggle තැනක දෙකක බිම් මහලට ”Cave” ලෙස යොදාගන්නේ comic වලට යොදා ගන්නේ Arrow Cave යන නම වන නිසා විය හැක.

#4 – Tommy Merlyn
Tommy කියන්නෙ Malcomගෙ පුතා. තාත්තයි පුතයි අතරේ පහුගිය ටිකේ එච්චර හොඳ වාතාවරණයක් නම් නෙවෙයි තිබුණේ. නමුත් Malcomට වසරේ විශිෂ්ඨතම පුද්ගලයාට හිමි සම්මාන හිමිවීමෙන් පසුව Tommyට තාත්තා ගැන යම් කිසි පැහැදීමක් ඇති වෙනවා. ඔහුත් මෙම උත්සවයට සහභාගී වන අතරතුරේ තමයි Deadshot, Triad එකේ උදව්වත් ඇතිව Merlynව මරන්න උත්සහා කරන්නේ. ඒ අවස්ථාවේ දුනුවායා එතැනට ඇවිල්ලා Malcomගේ ජීවිතය බේරාගන්න Tommyගේ රුධිරයෙන් රුධිර පාරවිලයනයක් කරන්නෙ. මේ වෙලාවෙදි ඔලිවර්ට ටොමීට තමන්ගේ ඇත්ත හෙළිකරන්න වෙනවා. ඔය අතරෙදි Laurel Oliverටත්, Oliver Laurelටත් තවමත් ආදරෙයි කියා ටොමීට තේරෙනවා. ඒ නිසා ඔහු තමන්ගේ හා Laurelගේ අතර ඇති affair එක නවතා දැමීමට තීරණය කරනවා.

#5 – Malcom Merlyn
උත්සවයේ මේ කලබලය අස්සේ Malcom, Tommyව පරිස්සම් කරන්න තමාගේ office එකේ උඩුමහලට රැගෙන යනවා. එහි යන අතරමගදී හමුවන මැරයන් දෙදෙනෙකු මැල්කම් විසින් මරා දමනවා. ටොමී තමන්ගේ පියාගෙන් මෙලෙස සටන්කලාව ප්‍රගුණ කලේ කෙලෙසදැයි විමසන නමුත් ඔහුට පිලිතුරක් ලබාදීමට ප්‍රථමයෙන් මැල්කම් Deadshotගේ විෂ කවන ලද උණ්ඩයකට ගොදුරු වෙනවා. පසුව රෝහල්ගතකරන ලද Malcomව හමුවීමට පැමිණෙන Moira හට ඔහු පවසන්නේ තමන්ගේ පිලේ පාවාදෙන්නෙකු සිටිනා බවත්, ඒ කෙනාව සොයා දෙන ලෙසත්ය. Moira තමන් හැමදේටම හසුවන්නට කලින් තමාගේ සගයෙකු මේ සඳහා අල්ලා දෙන අතර Malcom කළු දුනුවායා ලෙස ඔහුව මරා දමනවා.

#6 – Sarah and the Canary
කතාවේදී පරීක්ෂක Lance තමාගේ බාල දියණිය වන Sarah ඇති කළ කළු Canary කුරුල්ලෙකු අතැතිව සිටින ඡායාරූපයක් දැක්වෙනවා. අපි හැමෝම Black Canary ගැන කලින් ලිපියෙන් කියවපු නිසා මේක ලෝරල් Black Canary වීමට ඇති ප්‍රධානතම හෝඩුවාවක් වෙනවා

#7 – Laurel’s Mom
Laurelගේ මව හිටිහැටියේම Starling නගරයට පැමිණෙන්නේ Central City එකේ සිටයි. ඒ Sarah බෝට්ටු අනතුරින් මියගොස් නැති බවට වන සාක්ෂි කිහිපයක් රැගෙන එමිනුයි. DC comics වල Central City වල ඉන්න සුපිරි වීරයා තමයි Flash. ඒ කියන්නෙ Flash, Arrow එක්ක team up වෙන්නද හදන්නේ? මෙහෙම වෙනවා නම් ඉතින් ආයෙ කියලා වැඩක් නෑ. මරේ මරු grin emoticon grin emoticon කොහොම හරි Laurel, Quinten සහ Laurel ගේ මව වන Dianah Lance එකතු වෙලා Sarah ගැන හෙව්වත් ඔවුන්ට සාර්ථක හෝඩුවාවක් හමුවෙන්නේ නැහැ.

#8 – The Huntress Ruturns
කලින් plot 2 එකේදි මං ඔයාලට Huntress හෙවත් Helena Bertinelli ගැන හොඳ විස්තරයක් දුන්නා මතකයිනේ. අන්තිමට Helena අපේ Oliverටත් පිටුපාලා නගරයෙන් පලාගියා. ඔන්න ඉතින් මෙයා ආයෙමත් නගරයට එනවා තමන්ට අවසන් කරන්නට බැරිවුණු වැඩකොටස සම්පූර්ණ කරලා යන්න. ඒ FBI එකෙන් තමන්ගේ තාත්තාව රඳවලා තියෙන තැන හොයාගෙන තාත්තව මරලා දාන්න. ඇය Frankව මරන්න යද්දි ෆ්‍රෑන්ක් එතනින් පැනගන්නවා. ඒත් එතැනදි ඇතිවුණු රණ්ඩුවේදි Helena තබන වෙඩිල්ලෙන් Oliverගේ පොලිස් පෙම්වතිය වන McKenna දරුණු ලෙස තුවාල ලබනවා.

#9 – Coast City
McKenna තුවාල වීමත් සමඟම ඇය රෝහල් ගතකරනවා. ඒ මොහොතේ Oliver ඇයව බලන්නට පැමිණි විට දෙදෙනාගේම ජීවිත ගැන සලකා ඔවුන් අතර පැවතුණු ආදර සම්බන්ධය නවතා දැමීමට තීරණය කරනවා. එමෙන්ම ඇය වැඩිදුර ප්‍රතිකාර සඳහා තම නැගණිය වෙසෙන Coast City එකට පදිංචියට යන බව පවසනවා. ඔන්න කොමික් පිස්සො වන අපිට ඕනෙම කරන අනිත් තැන grin emoticon Coast City කියන්නෙ අපි හැමෝම දන්න Green Lantern කෙනෙක් වන Hal Jordan ජීවත්වන තැන. එහෙනම් Arrow TV series එකත් එක්කම Green Lantern TV series එකකුත් හැදෙන්න වගේ යන්නෙ wink emoticon

#10 – Roy Harper and Thea
අපේ පුංචි කෙල්ල Theaත් ඔන්න ඉතින් පෙම් පලහිලව්වකට පැටලෙනවා. ඒ වෙන කවුරුවත් නෙවෙයි අර Theaගෙ hand bag එක හොරකම් කරපු Royත් එක්ක. ඔය අතරේ කිසියම් පුද්ගලයෙක් තමාගේ බිරිඳගේ ඝාතනයට පලිගන්න Glades වල එක් එක් තරාතිරම් වල පුද්ගලයන් මරා දමන්නට පටන් ගන්නවා. ඒකට ඒ මිනිහා Royවත් අල්ල ගන්නවා. ඒත් අපේ Oliver කොහොම හරි Felicityගේ උදව්වෙන් ඒ කෙනා ඉන්න තැනට ගිහින් Royව බේරගන්නවා. පස්සෙ Royට මේ දුනුවායා වගේ වෙන්න උවමනාවක් දැඩිව ඇතිවෙනවා. ඒ කියන්නෙ අනාගත Red Arrowගේ බිහිවීමට කථාවේ මේ විදියට පසුබිම සකස් වෙනවා.

#11 – Glades Symbol
අපි දන්නවා Oliver ගාව තියෙන ඩයරියෙයි, Malcom Moiraට දීපු පොතෙයි දෙකේම එකම සංකේතයක් සටහන් වෙන බව. Royව අර පිස්සු මනුස්සයා මරන්න පැහැරගත්ත වෙලාවේ Felicity, Glades වල තියෙන පරණ උමං දුම්රිය මාර්ගවල සිතියමක් හොයාගන්නවා. ඒ සිතියමයි මේ සංකේතෙයි දෙකම එක සමානයි. ඒ කියන්නේ Malcomගේ ප්ලෑන් එක සම්පූර්ණයෙන්ම Glades වලට සම්බන්ධ වෙනවා කියන එකයි.

#‎Harry‬

https://www.facebook.com/pages/Comic-Script/1519015728381434

10926326_1530058927277114_3683719259917664236_o

Comic Script (144 Posts)


Leave a Reply

Your email address will not be published. Required fields are marked *