*** —— Arrow —— *** Season 1 _ Plot 5

සුපුරුදු පරිදිම අදත් ඔන්න Arrow Tv series එකේ reviews, spoilers, easter-eggs අරගෙන ආවා. අද කතාවේ අවසාන කොටස් කිහිපය ගැන කතා කරන්නයි තියෙන්නේ. එහෙනම් ඉතින් පරක්කු නොකර කෙලින්ම කතාව දිහාවට හැරෙමු

#1 – Deep into the Island..
කලින් කිව්වා වගේම Oliver, Slade එක්ක එකතුවෙලා දූපතෙන් පැනගන්න විදියක් ගැන හොයන්න උත්සහා කරනවා. ඔවුන් Fyersගේ මීලඟ කූට උපාය ගැන දැනගන්නේ ඔය අතරෙදියි. ඒ චීනයේ සිට ගමන් ගන්නා මගී ගුවන් යානාවක් දිගු දුර මිසයිල යොදා විනාශ කිරීමටයි. කෙසේ හෝ Oliver සහ Slade දෙන්නා ගුවන් යානා මිසයිල පද්ධතියේ circuit board එක සොරාගෙන තමන්ට දූපතෙන් පිටවීමට මගක් ලබා දුනහොත් ඒ circuit board එක ලබාදෙන්නට කටයුතු සලස්වන බව Fyersට පවසනවා. නමුත් Fyers ඔවුන්ව මුලාවට ලක් කරමින් එම circuit board එක සඟවා තිබූ තැනින් සොයාගන්නවා. ඒ අවස්ථාවේ ඇතිවන ගැටුම අතරේදී Oliver සහ Slade, Yao Feiගේ දියණිය වන Shadoව බේරාගෙන එතනින් පැනගන්නවා. ඔය සැඟවී සිටින කාල වකවානුව අතරේදී Shado, Oliverට දුනු ශිල්පය පුරුදු කරනවා. Comic වලට අනුවත් ඇය දක්ෂ දුනුවායෙක්. කොහොමහරි Fyers Yao Fei ලවා මොවුන් සැඟව සිටින තැන සොයාගන්නවා. යළිත් ඔවුන් සියල්ලන්වම සිරභාරයට ගෙන Fyersගේ කෑම්ප් එකට රැගෙන යනවා. Camp එකේදි Fyers ගුවන් යානය විනාශ කිරීමට සම්පූර්ණ වැරදිකරු තමන් යැයි පිළිගන්නා බව පවසමින් Yaoට video එකකට පෙනීසිටින ලෙසට තර්ජනය කරනවා. Video එක අවසාන වනවාත් සමඟම Fyers Yaoව වෙඩි තබා මරා දමනවා. ඒ අතර ක්‍රියාත්මක වන Oliver තම බැමි කපාගෙන Slade සහ Shado සමඟ එක්ව එතැන සිටින පිරිස සමඟ සටන් කරනවා. ඒත් එක්කම Fyers මිසයිලය දියත්කිරීමට අණ දෙනවා. Oliver, Shado සමඟ එක්ව circuit board එකෙන් මිසයිලයේ ගමන් මඟ වෙනස් කොට ගුවන්යානය බේරා ගන්නවා. නමුත් මිසයිලය ආපසු කඳවුරට පැමිණ කඳවුර විනාශ වී යනවා. සුළු මොහොතකින් Oliver Slade සහ Shado ව සොයා නැවත කඳවුරට යනවා. ඔහුට Sladeව පළමුව හමුවනවා. ඒ අතර ඔවුන්ට පිටුපසින් Fyers පැමිණෙන්නේ Shadoවත් ප්‍රාණ ඇපයට තබාගෙනයි. දූපතෙන් පිටව යාම හෝ Shado යන දෙකෙන් එකක් තෝරා ගන්නා ලෙස ඔහු Oliverට පවසනවා. එසැණින්ම Oliver තමන් අත තිබූ Yaoගේ දුන්නෙන් හීයක් විද Fyersව මරා දමනවා.

#2 – Fyers’s Boss
අපි හැමෝම දන්නවා Fyers කියන්නේ කාගෙ හරි වචන ව්අලට වැඩ කරන කෙනෙක් කියලා. ඒක Fyers සෙබලුන්ට අණ දීමට කලින් දුරකථන ඇමතුමකින් එය කාගෙන් හෝ විමසා බැලීමක් සිදු කිරීමෙන්ම පැහැදිලි වෙනවා. Season එක ඉවර වෙන්න ඔන්න මෙන්න තියලා ඒ කෙනාව පෙන්නනවා. ඒත් ඒ කෙනාගේ සම්පූර්ණ රූපය නෙවෙයි. ඒ කාන්තාවක්. එහෙනම් හරියටම කවුද මේ කෙනා? ඒක දැනගන්න නම් ඉතින් season 2 එනකන් ඉන්න වෙයි හොඳේ

#3 – Old memories and the friendship
Oliverගේ තාත්තා Robert විසින් Satrling නගරයේ දියුණුව උදෙසා වැඩකටයුතු කළ කෙනෙක් බව කතාවේ සඳහන් වෙනවා. ඔහුත් සමඟ එකට වැඩ කළ යහලුවන් අතරට Malcom Merlin සහ Walter Steleeත් ඇතුළත්. Walter Robertගේ කාර්යාලීය සගයා වුවත් Malcom ඔහුගේ කණ්ඩායමේ සගයා වනවා. Robert, Malcom ඇතුළු ඔවුන්ගේ කණ්ඩායමේ සගයන්ට Glades සම්බන්ධව තිබෙන්නේ අඳුරු මතකයන්. ඔවුන් සියලුදෙනාට Glades නිසා කුමක් හෝ යමක් තමන්ගේ ජීවිතවලට අහිමිව තිබුණා. Malcomට ඔහුගේ බිරිඳව අහිමි වුණේ Glades වල පාතාල කරුවෙක්ගේ වෙඩි පහරකට ලක්ව ඇය මියගිය නිසායි. දිගින් දිගටම Malcom කණ්ඩායමේ පිරිසට පවසන්නේ Glades විනාශ කළ යුතු බවත් ඒ සඳහා තමන් සූදානම් වන බවත්ය. මෙයට Robertගේ දැඩි විරෝධයක් තිබුණු නිසා Malcom Queens Gambit එකට බෝම්බයක් සවිකර එය පුපුරවා දමනවා.

#4 – Walter’s freedom
කතාවේ plot 2 එකේදී Walterව Malcom Merlyn විසින් පැහැරගත්තා කියලා ඔයාලා හැමෝටම මතක ඇති. ඔන්න අද Oliver, Moiraගැන සැක සිතී දුනුවායා ලෙස ඇය පසුපස හඹාගොස් ඇය මුණ ගැසෙන පුද්ගලයන් සහ ඇය ඔවුන් සමඟ කරන කතාබහ හොරෙන් අසා සිටිනවා. ඇය Malcomව හමුවීමට ගිය අවස්ථාවේ Malcom විසින් Walter තමන් ළඟ බවට සාක්ෂි Moiraට පෙන්වනවා. එසැනින්ම ක්‍රියාත්මක වන Oliver, Felicityගේ උදව්වෙන් Walterව සොයාගෙන නිදහස් කරගන්නවා. අන්තිමට Moiraගේ හොර වැඩ ඉවසා ඇතිවන Walter, Moiraගෙන් devorce වෙන්න තීරණය කරනවා.

#5 – Malcom Merlyn
දැන් අපි හොඳටම දන්නවා Malcom, Glades විනාශ කරලා දාන්න සූදානම් වෙනවා කියලා. ඒත් ඒ කොහොමද? Unidac සමාගම විසින් නිපදවන ලද ක්ෂණික භූ කම්පන ඇතිකරවිය හැකි උපකරණයක් යොදාගෙන Glades සහමුලින්ම පොළොවට සමතලා කරන්නයි Malcomට ඕනෙ වෙලා තියෙන්නෙ. ඔය අතරේ Oliver දුනුවායා ලෙසින් හැඳ යළිත් වරක් Merlinව හඹා ගියත් එවරත් ඔහුට හිමිවන්නේ පරාජයක්. නමුත් ඒ අවස්ථාවේදී දෙදෙනා දෙදෙනාගේම අනන්‍යතාවයන් සොයා ගනු ලබනවා. ඔය අතරේ Malcom තමන්ගේ සැලැස්ම ඉක්මන් කරලා භූ කම්පන යන්ත්‍රය එදින රාත්‍රියේදීම සක්‍රිය කරවන්නට ලැහැස්ති කරනවා. Oliver යළිත් Merlyn සොයා ගොස් ඔහු සමඟ අවසන් සටනට මුහුණ දෙනවා. මැල්කම්ට මුලින් වාසි තිබුණත් අවසන Oliver ඊතලයකින් ඔහුව පසාරු වන්නට ඇන දරුණු ලෙස තුවාල කරනවා. නමුත් ඒ අවස්ථාවේදී Malcom තමන් දක්ෂ ව්‍යාපාරිකයෙකු ලෙස එක් අනුරුවකින් කවරදාක්වත් නොනවතින බව පවසමින් මිය යනවා. ඒ කියන්නෙ මර්ලින් ආයෙ එනවා කියන එකද?

#6 – Moira Queen
මෙච්චර කල් Merlyn එක්ක එකට වැඩ කරපු Moira Oliver දැන් හැමදේම දන්න බව තේරුම් අරගෙන මේ ව්‍යසනය සිදුවන්නට පැය කිහිපයකට පෙර මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා Merlynගේ සැලැසුම හෙළි කරනවා. Malcom Merlynගේ තර්ජන මත තමන්ටද ඒ සැලැසුමට උදව් කිරීමට සිදුවූ බවද ඇය පවසනවා. එවන්වූ බරපතල දෙයකට සම්බන්ධ වීම හේතුවෙන් ඇයව පොලීසියෙන් අත් අඩංගුවට ගන්නවා.

#7 – Detective Lance
Oliver දුනුවායා ලෙස Malcom Merlyn සමඟ ගැටුම ඇතිවන අවස්ථාවේදී පරීක්ෂක Lance, Felicityගේ සහයත් ඇතිව කෘතීම භූකම්පන ඇති කරවන යන්ත්‍රය තිබෙන තැන සොයාගෙන එය නිෂ්ක්‍රීය කරන්නට සමත් වෙනවා. නමුත් Merlyn යන්ත්‍ර 1ක් නොව 2ක්සූදානම් කර තිබූ නිසා අනෙක් යන්ත්‍රය මගින් භූකම්පනය ඇතිවී Glades වලින් කොටසක් විනාශ වී යනවා.

#8 – Tommy’s Sacrifice
මේ දේවල් සිදුවන අතරතුර Laurel තමාගේ බඩුබාහිරාදිය ගෙන එන්නට CNRI එකට ගොස් සිටිනවා. භූකම්පනයෙන් ඔවුන්ගේ ගොඩනැගිල්ලද කැබලිවන්නට පටන් ගන්නා අතර සිවිලිම කඩා වැටීමෙන් Laurel සුන්බුන් අතරට සිර වෙනවා. මේ අවස්ථාවේදී Tommy එතැනට පැමිණ Laurelව බේරා ගැනීමට සමත් වුවත් ඔහුට බේරෙන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ. භූකම්පනයේ ප්‍රබලත්වයට ගොඩනැගිල්ලේ කොටසක් ඔහු මතට කඩා වැටෙනවා. ඔලිවර් ඒ මොහොතේ එහි පැමිණියත්ගොඩනැගිල්ලේ තිබූ යකඩ කූරක් ඇනීමෙන් Tommy මිය යනවා.

මේත් සමඟම Arrow Season 1 අවසාන වනවා. Arrow Season 2 සමඟින් යළිත් හමුවෙමු. පාඨක ඔයාලාගේ අදහස් අපිට දැනුම් දෙනවා නම් ඉතාමත් වටිනවා

https://www.facebook.com/pages/Comic-Script/1519015728381434

SmAsHeR

10887659_1530565603893113_2929060375548744315_o

Comic Script (144 Posts)


One thought on “*** —— Arrow —— *** Season 1 _ Plot 5

  • January 26, 2015 at 6:00 PM
    Permalink

    TFS

Leave a Reply

Your email address will not be published. Required fields are marked *