Avengers Age of Ultron Trailer #2 : Breakdown – ‪#‎plot‬-2

Trailer #2 සම්බන්ධ කලින් ලිපිය අවසන් උනේ Ultronගේ යළි ආගමනයත් සමඟනේ අද එතනින් එහා ටික බලමු. කලින් ලිපිය කියවපු නැති අයට පහසු වෙන්න මම ලින්ක් එක දාන්නම්.

>>>http://info.baiscopelk.com/?p=8105<<<

Marvel නිෂ්පාදකයන් අපිව හැමතිස්සෙම හැම කතාවෙදිම පුදුම කරවනවා වගේම මේකෙදිත් කුතුහලය වැඩිකරවලා අපිට ඉවසුමක් නැති කරලයි අන්තිමට නවතින්නේ. ඔන්න ආයෙත් අප්‍රිකානු කාන්තාවකගේ දර්ශනයකුයි trailer එකේ පෙන්වන්නේ. (#1 රූපය) ඒ කිසියම් ගුහාවක් තුළ වූ පොකුණක් අසල ඇඳුම් උනා දමන දර්ශනයක්. අපි කලින් ට්‍රේලර් එකේදිත් මේ වගේම scene එකක් දැක්කා. ඒ Thor පවා මේ ලෙසට ඇඳුම් රහිතව මේ පොකුණේ බැස සිටින අවස්ථාවක්. මොකද්ද මේ පොකුණ? මේ පොකුණට බැස්සාම මොකද වෙන්නේ? ඔය ඔක්කොම ඔයාලට විතරක් නෙවෙයි මටත් තියෙන ප්‍රශ්න තමා wink emoticon දැනට ආකාර දෙකකට මේ අවස්ථාව අනුමාන කරන්නට පුලුවන්. එකක් තමයි මේ කාන්තාව Black Pantherගේ සහෝදරිය වන Shuri ලෙසට හෝ Black Pantherගේ ආරක්ෂිකාවක් වන Dora Milage විය හැකිය යන බව. අනෙක් අවස්ථාව නම් මේ පොකුණක් නොව තමන්ගේ ඉරණම සඳහන් වන ලිඳක් (Well of Wyrd) බවය. Thor මෙම ලිඳට බසින්නේ Ultronව විනාශ කරන්නට ක්‍රමයක් සොයන්නට බවටත් අනුමානයක් තියෙනවා. නමුත් එහිදී Thorට ලැබෙන්නේ Ultron නැවත්වීමට මගක් නොව Thor 3 චිත්‍රපටියේදී එහෙම නැත්තම් Ragnarok වලදී සිදු වෙන විනාශය පිලිබඳ දර්ශන බවයි අපේ අදහස..මේ චිත්‍රපටය තුළින් ඒ සඳහා ප්‍රේක්ෂකයන් ආකර්ෂණය කරගන්නටත් හැකියාවක් ඇති බවටත් අනුමානයක් තියෙනවා. දැනට මේ film එකෙන් Black Panther movie එක ගැන rumors කියවෙන නිසා Black Panther, Avengersලා එක්ක එකතු වෙයි කියලත් හිතන්න පුලුවන්.

ඊළඟට අපිට දැකගන්න හම්බෙන්නේ Scarlet Witch එයාගේ powers පාවිච්චි කරන අවස්ථා පෙළක්. හැමෝම හොඳින් බලන්න එයාගෙ powers රතු පැහැතියි. මේ නිසා කතාවේ ඉස්සරහට තියෙන අපහැදිලි තැන් කිහිපයක් පැහැදිලි කරගන්නත් ලැබේවි. ඇය Marvel Comics සතු සුවිශේෂී විශිෂ්ඨ චරිතයක් බවට දැක්වෙන හොඳම උදාහරණය ඇගේ පහරකින් Iron Man දරුණු ලෙස විසිසී ඇදවැටෙන දර්ශනයක් මගිනුයි. (#2 රූපය) ඒත් එක්කම අපි හැමෝටම අද දක්වා රහසක්ව තිබූ Black Widow හා සම්බන්ධ රූපරාමු පෙළකුයි දිස්වන්නේ. බොහෝදුරට මේ දර්ශන ඇගේ අතීතය හා සම්බන්ධ විය හැකි බවට අපිට අනුමාන කරන්න පුලුවන්. මෙහිදී අබිරහස් කාන්තාවක් තරුණ Natashaව සැත්කම් මේසයක් මතදී දැඩිව අල්ලාගෙන යම් ද්‍රාවණයක් ඇයට එන්නත් කරන රූප රාමුවකුයි ඊළඟට දිස් වන්නේ.(#3 රූපය) මේ හරියටම ඇයගේ සිතිවිලිද නැතිනම් ඇයගේ මතකයන්ද කියලා සැකයකුත් තියෙනවා. රූප පෙළට අනුව ඒ ඇත්තටම Natashaම තමයි. මේක කාගෙ හරි ජාන පරීක්ෂණයක් සඳහා ඇයව යොදාගැනීමක්ද? එහෙම හිතෙන්නට හේතුව trailer එකේ ඉස්සරහට පෙන්වන Widow ආයුධ වලින් දැඩි ලෙස සන්නද්ධවසිටීමත් අපි දන්නා Widow සටන් ක්‍රම වලට වැඩි කැමැත්තක් දක්වන නිසාත්ය. (#4 රූපය)

ඔන්න ඊලඟට අපිට දැකගන්නට ලැබෙන්නේ comic වලට අනුව Black Pantherට ඉන්න ප්‍රධානම සතුරෙක් වන Ulysses Klawවයි. (#5 රූපය) යම් කෙනෙකුට පිස්තෝලයක් දිගු කර සිටිනා මොහුගේ බෙල්ලේ තිබෙන්නා වූ Black Pnatherගේ නියපොත්තක හැඩය ගන්නා වූ මාලය මෙහි කැපී පෙනෙනම සිදුවීමයි. (#6 රූපය) ඒක ඇත්තටම Black Pnatherගේ නියක් වන්නට විශාල ඉඩක් තිබෙනවා. ඒත් Pantherගේ නියක් Klawට ලැබුණේ කොහොමද? Comic වලට අනුව නම් Klaw සමඟ Black Pnather කෙනෙක් මරණීය සටනක් කරනවා. එහෙනම් Klaw, Black Pnatherව මරනවාද? මරලා ඒක සිහිවටනයක් හැටියට බෙල්ලේ එල්ලා ගන්නවාද?

මීළඟට අපි දකිනවා සම්පූර්ණ වූ කොටස් සියල්ලම සහිත Ultronගේ රුවක්. ඒ වාගේම Ultronගේ අත් වලින් Laser ප්‍රහාර නිකුත් කරන දර්ශනයකුත් මෙහි ඇතුළත්වෙනවා. (#7 රූපය) Laser Beams යවන්න තරම් ප්‍රභල ප්‍රභවයක් Ultron තුළට පිවිසෙන්නේ කොහොමද? දැනටමත් Marvel Comics තුළ ප්‍රචලිත වෙලා තියෙන Infinity Gems ගැන අපිට මතකයට එන්නේ එතකොටයි. කලින් තිබ්බ Marvel Films වලින් Infinity Gems 6න් 4ක් ගැන සටහන් එළිදැක්වුණා. දැනට 2018 මැයි 04 වැනි දින Avengers: Infinity War 1 චිත්‍රපටය සඳහා දින නියම කර ඇති නිසා අනිවාර්යයෙන්ම අනිත් Infinity Gems 2 ළඟදීම හදුන්වලා දෙන්න වෙනවා. එහෙම Infinity Gem එකක් හඳුන්වා දෙන්න Avengers චිත්‍රපටය හැරෙන්නට වෙන තෝතැන්නක් කොහෙන්ද? grin emoticon ඒ නිසා ගොඩක් දුරට Ultronට Infinity Gem එකක් සම්බන්ධ වේවි. මං හිතන්නෙ Soul Gem එක Ultronට ලැබේවි. නැත්නම් Ultronව නිපදවද්දි ඒක Ultron තුළ අන්තර්ගත කරාවි. කොහොම හරි Ultron මෙච්චර ප්‍රබල චරිතයක් වෙන්නෙ ඒක නිසා කියලා ඔයාලට හිතෙන්නේ නැද්ද? kiki emoticon

ඔන්න ඊළඟට ආයෙත් අපි දකින්නේ Thorගේ රූපරාමු පෙළක්. කුමක් හෝ විදුලිය සම්බන්ධ දෙයකින් Thorට පහර වදින බවකුයි දක්නට ලැබෙන්නේ. (#8 රූපය) ඒත් එක්කම පසෙකින් අපිට කාන්තාවක් සිටිනා දර්ශනයක් දැකගන්නට පුලුවන්. මැය Thor comics වල එන Karnilla හෝ Moon-dragon ලෙස අනුමානයක් තියෙනවා. මේ සමඟම Captain America, Ultronගේ ඩ්‍රෝන සමඟ සටන් කරන රූප පෙළකුත් දිස් වෙනවා. (#9 රූපය) Thor තනිවමත් Captain America තනිවමත් සටන් කිරීමට හේතුව කුමක්ද? Team එක Breakup වෙනවාවත්ද? මේ අදහස දෙගුණ තෙගුණ කරමින් පසු දර්ශනයේ පෙන්වන්නේ Iron Man සහ Hulk අතර ඇතිවන ගැටුමයි. (#10 රූපය) Iron Man තම Hulk-Buster armor එක භාවිතා කරන්නේ Hulkව නවතන්නට අවශ්‍ය තමා සතු අවසන් තුරුම්පුවද යොදාගෙනයි. මොකද්ද මේ රණ්ඩුවට හේතුව කියලා අවධානයෙන් බැලුවොත් අපිට දැකගන්න පුලුවන් Hulkගේ ඇස් දෙකේ වෙනසක්. Hulkගේ ඇස් දෙකම රතු පාටයි. (#11 රූපය) රතු පාටත් එක්ක අපිට දැන් මතක් වෙන්නෙ කවුද? grin emoticon එතනින් එහා වෙන දේ ගැන ඔයාලට හිතාගන්න පුලුවන් නේද?

කතාවේ අපි හිතපු සමහරක් කොටස් tralier එකෙන් එලියට ආවෙ නැහැ. සමහර විට මේවා suprises හැටියට එක පාර film එකේම අතාරින්න පුලුවන්. Ultron Comics එක්ක යන ප්‍රධානම චරිතේ වන Vison ගැන තවමත් කිසිම සඳහනක් ආවෙ නැහැ. තවත් එකක් තමයි කතාවේ රචක Joss Whedon සමඟ සිදුවූ මාධ්‍ය සාකච්ඡාවකදී Avengers Age of Ultron එකේදි ප්‍රේක්ෂකයන්ට බලාගන්න හම්බෙන වැදගත් දේවල් මොනවද කියලා ඇහුවාම ඔහු පවසලා තියෙන්නේ ”මරණය.. මරණය.. සහ මරණය..(Death, death & death)” කියලායි. ඒ කියන්නෙ බොහෝ විට දෙපැත්තෙන්ම කට්ටිය මැරෙයි කියලයි මට හිතෙන්නේ.තව අලුත් චරිත කිහිපයකුත් එකතු වන්නට පුලුවන්. අන්තිමට Thanosගේ ending scene එකක් වැටේවි කියලත් හිතන්න පුලුවන්..

SmAsHeR‬

https://www.facebook.com/pages/Comic-Script/1519015728381434

10914713_1532047727078234_4949611169209132187_o

Comic Script (144 Posts)


2 thoughts on “Avengers Age of Ultron Trailer #2 : Breakdown – ‪#‎plot‬-2

  • January 22, 2015 at 9:13 PM
    Permalink

    ^_^ අනිවා මචෝ අපේ පේජ් එක පැත්තෙත් ඇවිල්ලා යන්න එන්න 😉

  • January 22, 2015 at 7:38 PM
    Permalink

    niyama lipiyak.
    bohoma stuti saho me gena denuwath karata.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *