Avengers Age of Ultron Trailer #2 : Breakdown – ‪#‎plot‬-1

ඔන්න අපි හැමෝම බලන් හිටියා වගේම Marvel Cinematic Universe එක 2015 ජනවාරි 12වෙනිදා Avengers Age of Ultron එකේ 2වෙනි tralier එක එළි දැක්වූවා. කලින් හිතුවේ මේ ට්‍රේලර් එකෙන් කලින් trailer එකේ තිබ්බ ප්‍රශ්න ටික ටිකක් අඩු වෙයි කියලා. ඒත් එහෙම නෑ තිබ්බ ප්‍රශ්න ටිකත් වැඩි උනාද මන්දා. මේක බැලුවාම film එක එනකන් ඉන්න බැරිවෙනවා ශුවර් grin emoticon ඔක්කොටම කලින් පලවෙනි trailer එක සම්බන්ධව අපි දාපු ලිපි දෙක කියවලා ඒකෙ trailer එකත් බලලා ඉන්න කියලා කට්ටියටගෙන්ම ඉල්ලනවා. මොකද මේකෙ මේකෙ නැති ගොඩක් ඒවා ඒකෙත් තියෙන නිසා wink emoticon

පළමු ලිපිය :
http://info.baiscopelk.com/avengers-2-age-of-ultron-trailer-review-part-01
දෙවන ලිපිය :
http://info.baiscopelk.com/?p=8103

එහෙනම් අපි දෙවෙනි tralier එක නරඹලාම ඉමු
https://www.youtube.com/watch?v=MZoO8QVMxkk

Trailer එක පටන් ගන්නේ Hawkeye මිනිසුන් පිරිසක් ආරක්ෂිත ස්ථානයක් කරා රැගෙන යන දසුන් පෙළක් සමඟයි. (#1 රූපය) ඒ කියන්නේ කුමක් හෝ දරුණු ආකාරයේ ගැටුමකට පෘථිවිය මැදිහත් වෙලා කියන එකයි. කැඩුණු බිඳුණු ගොඩනැගිලි සහ දිව යන පුද්ගලයන්ගෙන් ඒ බව මනාව පැහැදිලි වෙනවා. ඔය අතරින් පසුබිමේ රතු පැහැති දුමාරයක් පැතිරෙමින් පවතිනවා. බොහෝ දුරට Hawkeye මෙයින් මිනිසුන් බේරාගන්නට උත්සහ කරනවාත් වන්නට පුලුවන්. පළවෙනි trailer එකේදි අපිට Scarlet Witch (Wanda Maximoff) සහ Quicksilver (pietro Maximoff) Ultron සමඟ එකතු වී වැඩ කරන ආකාරය දකින්නට පුලුවන් වුණා. ඒ ව්අගේම Hawkeye මෙම දුමාරයෙන් පිරිස බේරාගන්නට තැත් කරද්දි රතු කෙස් ඇති කාන්තාවක් බිම ඇදවැටෙන දර්ශනයක් දැක ගත හැකියි. (#2 රූපය) බොහෝ දුරට ඇය Wanda Maximoff වන්නට පුලුවන් බවත් ඒ නිසා ඔවුන් ලෙහෙසියෙන්ම Ultron සමඟ එකතුවන්නට පෙළඹවීමක් වන්නටත් පුලුවන්. ඒ වගේම පහුගිය කාලයේ Agents of the S.H.I.E.L.D. කතාමාලාව මගින් මෙවන්වූ රතු දුමාර සහිත T-Bombs ගැන විස්තරයක් කෙරෙනවා. (#3 රූපය) මෙවන්වූ ආයුධ තාක්ෂණයක් ගැන කියවෙන්නේ Inhumans Comics ආශ්‍රිතවයි. එහෙනම් Marvel Inhumansලා ගැනත් මේකෙන් පොඩි ඉඟියක් දීලා තියෙනවා.

ඔය අතරේ පසුබිම් කථනයෙන් Tony පවසන්නේ ”මේ කඩා බිඳ දමා විනාශකළ හැකි ලෝකයට අපිට වඩා ශක්ති සම්පන්න දෙයක් අවශ්‍යයි (this vulnarable world needs something more powerful than any of us)” ලෙසයි. එනම් Tonyට ඉතාමත් සුවිශේෂී නිමැවුමක් ගැන සිහිනයක් යථාර්ථයක් කිරීමට උවමනාවක් ඇති බවයි. ඒ කියන්නේ Ultronව ස්ථිර ලෙසම නිපදවන්නේ Tony Stark ලෙසටයි. සමහර විට අපි කලින් දැක්ක Avengers fight scene වලට හේතුවත් මේක වෙන්න පුලුවන්.

ඊළඟට Hawkeye කැලෑවක ඉන්න දර්ශනයක් සහ ඈතින් යම් දෙයක පිපිරීමක් දිස්වෙනවා. (#4 රූපය) අපි පළවෙනි trailer එකේදි දැක්කා Bruce Banner (Hulk) මෙවන්ම වූ කැලෑවක සිටින රූප පෙළක්. ඒ ව්අගේම අපිට trailer එකේදි දැකගන්න පුලුවන් වුනා Hulkව පාලනය කරගත නොහැකි තත්වයක්. සමහර විට මේ පිපිරවීම Hulkව විනාශ කරන්නද? එහෙමත් නැත්තම් Hulkව අඩපණකරන්නද? Film එක එනකන් ඉන්න වෙනවා ඉතින් wink emoticon

ඔන්න ඊළඟටයි අපි හැමෝම බලාගෙන හිටපු කොටස එලියට එන්නේ. Tony සහ අනෙක් පිරිස ගොඩනැගිල්ලකට වී යමක් සමාලෝචනය කරමින් සිටිනා මොහොතක් දර්ශන පෙළේ සටහන් වන අතර පසුබිම් කඨනයෙන් Ultronගේ වැකියක් පැවසෙනවා. ඒ ”අපි හැමවෙලේම අපිව තැතිගන්වපු දේ නිර්මාණය කරනවා (we always create what we dread)” යන්නයි. ඒ අතරම කැඩී බිදී ගිය Ultronට යළි පණ ඒමක් දැකගත හැකියි. (#8 රූපය) ඉතාමත් අබලන්වූ අකාරයෙන් Tony සහ පිරිස දෙසට Ultron පැමිණෙනවා දුටු විගසම Banner විසින් ”Ultron” ලෙසින් පුදුමයට පත්වූ ආකාරයෙන් පැවසීමත් සමඟම කතාවේ කුතුහලය දෙගුණ තෙගුණ වනවා. ඒ කියන්නෙ Ultron සම්පූර්ණයෙන්ම විනාශ වෙලා නැහැ කියන එක. එහෙනම් අපි දැක්කේ කතාවේ අවසාන කොටස නෙවෙයි. ඒ කියන්නෙ Tony, Ultronව නිපදවලා තියෙන්නෙ විනාශ කරන්න බැරි විදියටද? Banner අර විදියට කියද්දි අපිට තේරෙන්නේ Ultron මෙයාලට ඇදි වෙන්න වද දීලා තිබිච්ච බවකුයි. Ultron ඇවිද ඒමත් සමඟම පෙන්වන්නේ Pietro සහ Wondaගේ රූපයක්. (#5 රූපය) එහෙනම් මේ දෙන්නා Ultronගේ යළි පැමිණිමට සම්බන්ධයිද? සමහර විට Ultronව අල්ලගන්න දීලා මෙයාලා තමන්ගේ මොකක් හරි සැලැස්මකට කල් ගන්නවා වෙන්නත් පුලුවන්.

Trailer එක ඇතුළේ හැමෝටම පුදුම වෙන්න පුලුවන් තැන් දෙකක් තියෙනවා. ඒ නිෂ්පාදකයන් විසින් Black Widow (Natasha Romanoff) සහ Bruce Bannerව එක ළඟින් තියන්න උත්සහා කරලා තියෙන එක. Ultron ගොඩනැගිල්ලට ඇවිද එන අවස්ථාවේත් දෙන්නා එක ළඟින් ඉන්නෙ grin emoticon (#6 රූපය) ඒ වගේම Widow විසින් Hulkව සන්සුන් කරන්නටත්, තමන් සතුරෙකු නොවන බව පෙන්වන්නටත් මෙන් අත්ල දිගු කරන රූපරාමු පෙළකුත් trailer එකේ සඳහන්. (#7 රූපය) Ultron ‍යළි පැමිණෙන්නේ තනිවම නොවේ. තමන් වැනිම වූ ඩ්‍රෝන (drones) සකසාගෙනයි ඔහු යළි පැමිණෙන්නේ. (#9 රූපය) පේන විදියට නම් කට්ටියට දැන් වැඩේ අමාරු වෙයි වගේ. ඒත් එක්කම අපි මෙච්චර කල් බලාගෙන හිටපු Bruce Banner Hulk බවට පරිවර්ථනය වන කොටස ඉදිරිපත් කරන්නේ. (#10 රූපය) Bruceගේ ඇස් දෙක කොළ පාට වෙලා එහෙම එන්නේ ඉතින් වෙන මොකකටවත් නෙවේනේ tongue emoticon ඒත් එක්කම ගොඩනැගිල්ලේ පිපිරවීමක් දැකගත හැකි වෙනවා. (#11 රූපය) මේක Ultronගේ වැඩක්ද නැත්තම් කථාවේ තැනින් තැන මතු කරවපු අප්‍රිකානු කළු ජාතිකයන්ගේ වැඩක්ද කියලනම් හරියටම මටත් හිතාගන්න අමාරුයි.
(to be continued…)

‎SmAsHeR‬

https://www.facebook.com/pages/Comic-Script/1519015728381434

10645266_1531455360470804_8726475564637152445_n

Comic Script (144 Posts)


2 thoughts on “Avengers Age of Ultron Trailer #2 : Breakdown – ‪#‎plot‬-1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *