‘The CW’ නාලිකාවේ අලුත්ම රූපවාහිනි කතා මාලාව – The Messengers (2015)

unnamed

The CW නාලිකාව කිවම ඔයාලට මොකක්ද මතක් වෙන්නේ?  වෙන මොනවද ඉතින්.. . .  Arrow, Flash, The 100, Supernatural වගේ සුපිරිම ටීවි සිරියස් නේද? එහෙනම් ඔයාලගේ සුපිරි ටිවි සිරියස් එකතුවට තවත් ටිවි සිරියස් එකක් එකතු කරගන්න ලෑස්තිවෙන්න.  අද මම කියන්න යන්නේ මේ 2015 අවුරුද්දේ The CW නාලිකාවේ අලුතින් විකාශය වෙන්න පටන් ගන්න ත්‍රාස්‍ය, භීතිය, කුතුහලය පිරුණු ලස්සන ටිවි සිරියස් එකක් ගැනයි. නමෙන් The Messengers (2015). 2015 අප්‍රේල් 10 වෙනිදා තමයි මේක විකාශය වෙන්න පටන්ගන්නේ. The CW නාලිකාවේ විකාශය වෙන අනිත් ටිවි සිරියස් ගැන බලද්දි මේ ටිවි සිරියස් එක කොයි තරම් නියමයිද කියලා අමුතුවෙන් කියන්න ඕනි නෑ වගේ. ඒත් ලිපිය පටන් ගත්ත නිසා විස්තර ටිකක් කියන්නම්කෝ 🙂

පදුර වටේ තැලුවා ඇති නේද? මම මේ කතාව ගලාගෙන යන්නේ කොහොමද කියලා ටිකක් කියන්නම්. ඒ වගේම අමතක කරන්න එපා මේ ලිපියත් එක්ක තියෙන සිංහල උපසිරැස ගැන්වූ ට්‍රේලර් එක මගහරින්නේ නැතිව බලන්න. ඒක බැලුවට පස්සේ තමයි මටත් මේ කතාව ගැන ලොකු ආසාවක් ඇති වුනේ. හරි කතාව මෙහෙමයි. මෙක්සිකෝවේ ඈත තියෙන කාන්තාරයක වේරා ඉවනෝව් (Vera Ivanov) කියන විද්‍යාඥයා එයාගේ සහයකයත් එක්ක පරික්ෂයක් කරමින් ඉන්නවා. ඔය අතරේ එකපාරටම අහසින් මොකක්දෝ දෙයක් වේගයෙන් ඇවිත් එයාලට ටිකක් ඈතින් තියෙන කන්දකට කඩා වැටෙනවා.

unnamed
ඒ අහසින් වැටුන දේ නිසා ලොකූ පිපිරීමක් වගේම ලොකූ ශක්තියකුත් තරංගයක් විදියට පිටවෙනවා. මේ තරංගය වැදුන නිසා මෙයාගේ හදවත පවා නවතිනවා. හැබැයි මෙයාට විතරක් නම් නෙවෙයි මේ තරංගයෙක් බලපෑමක් වෙන්නේ. තවත් හතර දෙනෙකුත් මෙයා වගේම එකපාරටම හදවත නැවතිලා වැටෙනවා. 
unnamed (1)
හැමෝම මේ අය මැරිලා කියලා දුක් වෙවී ඉද්දි එකපාරටම මෙයාලා හැමෝම නැගිටිනවා. හරියට මැරිලා ආපහු මරණයෙන් නැගිට්ටා වගේ වැඩක් තමයි මෙයාලට වුනේ. පුදුමයි නේද? ඒත් ඇත්තයි. 🙂කොහොමෙන් කොහොම හරි නොමැරී බේරුනු මෙයාලට තේරෙනවා ඒ සිද්දියෙන් පස්සේ එයාලට මොකක් හරි හිතා ගන්න බැරි ලොකු වෙනසක් වෙලා කියලා. නිකන් තටු ඇවිල්ලා වගේ දෙයක්(ද මන්දා) :p . ඔය අතරතුර කාටත් හොරෙන් තවත් කෙනෙක් මේ පස්දෙනා අතරේම ගැවසෙනවා.

(හැබැයි ඉතින් එයා ගැන වැඩි විස්තරයක් මම දන්නෙත් නෑ) 🙂

unnamed (2)
ඇත්තටම අර කඩාගෙන වැටුනේ මොකක්ද? පිටසක්වල ජීවියෝද ඒකෙන් ආවේ? එතකොට අර පස් දෙනාට එකපාරටම මොකද වුනේ? ඇයි එයාලා පස් දෙනාට විතරක් මේ වගේ දෙයක් වුනේ? මේ හැමදේම අහම්බයෙන් වුන දෙයක්ද? හිතලා කරපු දෙයක්ද? එතකොට අර කවුරුත් නොදන්න කෙනා මොකද මෙයාලා ගැන හොයලා බලන්නේ? එයාට මොනවද ‍ඕනි කියලා දැනගන්න නම් අපිට මේ අවුරුද්දේ අප්‍රේල් 10 වෙනිදා වෙනකන් ඉන්න වෙනවා.
 unnamed (3)
ඉතින් මේ වගේ සුපිරි කතා මාලවකට රගපාන්න ඒ වගේම සුපිරි චරිත ටිකක් එකතු කරගෙන තියෙනවා. නලු නිලියෝ නම් සියගානක් ඉන්නවා. මගේ ලේසියට ප්‍රධානම නලු නිලියෝ 6දෙනා ගැන විතරක් මෙතන දාන්නම්. 🙂·         Shantel VanSanten –  Vera Buckley  ලෙසින්

 unnamed (4)
·         Jon Fletcher – Joshua Silburn, ලෙසින්
 unnamed (5)

​​·         Sofia Black-D’Elia – Erin Calder ලෙසින්

 unnamed (6)

·         JD Pardo – Raul Garcia ලෙසින්

 unnamed (7)

·         Joel Courtney – Peter Moore ලෙසින්

 unnamed (8)

·         Diogo Morgado – The Man ලෙසින්

 unnamed (9)
කොහොම හරි CW එකේ යන ටිවි සිරියස් කන්දරාව නිසා ඔයාලට ඒවා තියෙන දවස් එහෙමත් දැන් පැටලිලා ඇති නේද? අනික නත්තල් නිවාඩුවට නවත්වලා තිබුන නිසා ‍ගොඩක් කාලයකින් ටිවි සිරිසයස් බලන්න බැරි වුනානේ. ඒ නිසාම CW නාලිකාවේ විකාශය වෙන ජනප්‍රියම ටිවි සිරියස්වල කාලසටහනත් පොඩ්ඩක් මතක් කරන්නම්.

unnamed (10)

ගොඩක් අය කියන විදියට මේ කතාවත් අනිත් කතා වගේම ලොකු ප්‍රසිද්ධියක් ලබාගනියි කියලා තමයි ආරංචිය තියෙන්නේ. ඒ වගේම මේ කතා මාලාව විකාශය වෙන්න පටන් ගත්තාම බයිස්කෝප් අඩවියෙන් සිංහල උපසිරස ඔයාලට ලැබේවි. හැබැයි ඉතින් මේක විකාශය වෙන්න පටන් ගන්න තුරු ටික කාලයක් බලාගෙන ඉන්න වෙන එක තමයි අමාරු. 🙁 එහෙනම් මේ කතා මාලාවත් ඔයාල‍ගේ ටිවි සිරියස් ලිස්ට් එකට එකතු කරගෙන තියාගන්නකෝ… . . ^_^

unnamed (11)

එහෙනම් අදට මම නවතින්නම්. තවත් ලිපියකින් හමුවෙනකන් ඔයාලා හැමෝටම ජය… . . !

කවිදු ගිම්හාන් (පැතුම්) (5 Posts)


11 thoughts on “‘The CW’ නාලිකාවේ අලුත්ම රූපවාහිනි කතා මාලාව – The Messengers (2015)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *