Gotham – 01×04 – Arkham ***Spoilers***

අද කතා කරන්න යන්නේ ගෝතම් කතා මාලවේ හතර වෙනි කොටස. ඒක තමයි ආර්කම් කියන්නේ. මුලින්ම කතාවේ උනේ මොකක්ද කියලා කතා කරලා ඉමු. වෙනදා වගේ එකින් එක කතා කරන්නේ නැතුව ඒ ඒ සිද්ධි වලින් කියවෙන්නේ මොකක්ද කියන එක ගැන තමයි වැඩි අවධානයක් යොමු කරන්නේ.

• කතාව ආරම්භයේ දීම අපිට හම්බෙනවා ඔස්වල්ඩ් සහ ගෝර්ඩන් අතර ඉතාම ප්‍රබල රංගනයක්. ඔස්වල්ඩ් ගේ චරිතය ගෝතම් නගරයේ විතරක් නෙවේ කතා මාලාවේත් ඉතාම ඉක්මනින් උඩට එනවා. ඒක හින්දාම තමයි ගෝතම් කතා මාලවේ චරිත වලින් කැමතිම චරිතය ඔස්වල්ඩ් වෙන්නේ.
• බැට් මෑන් කතා මාලාවට ඉතිහාසය පුරාම හම්බෙලා තියන්නේ අඳුරු වටපිටාවක්. ඒක රාත්‍රී කාලයම නෙවේ සමාජය උනත් අඳුරුයි. අපිට ගෝතම් කතාව ඇතුලෙත් ඒ අඳුරු සෙවනැල්ල එලියට ගෙන්වා සතියේ දුෂ්ට චරිතයත් එක්ක. වැඩි දියුණු කරපු යකඩ කුරක් භාවිතා කරලා තමන්ගේ ඉලක්කයන් ඝාතනය කරන එක වගේම බැරල් එකක දාලා පණ පිටින් පුච්චන්න තරම් අපරාධකාරයෝ ගෝතම් නගරයේ ඉන්නවා.
• මේ සතියේ අපිට දැක ගන්න හම්බුනු තවත් එක ක්‍රියා වලියක් තමයි ෆිෂ් මුනිගේ සැලැස්ම ක්‍රියත්තමක වෙන එක. ෆිෂ් මුනිගේ වේදිකාවේ විවිධ නිරුපන ශිල්පියෝ ඉන්න පුළුවන් හින්දා තවත් එක ගෑනු ළමයෙක් අපිට විශේෂයක් වෙන්නේ නෑ. ඒත් ඒ චරිතය තවත් එක කාන්තාවක් විතරක් වෙන්නේ නැතුව අන්තිමේ දී ෆිෂ් මුනි කියන විදිහටම ආයුධයක් කරගන්න හදන එකෙන් ගෝතම් කතා මාලාව ඇතුලේ මුනිගේ චරිතය තවත් සංකීර්ණ වෙනවා. කලින් කිව්වා වගේ තමන්ගේ අරමුණ ඉෂ්ට කරගන්න ගෑනූ කම බාධාවක් කරගත්තේ නැති උණාට ගෑනු මායම් තමන්ගේ වාසියට හරවා ගන්න නම් ෆිෂ් මුනි හොදටම දන්නවා
• ඒ අතරම අපිට දැක ගන්න පුළුවන් ඔස්වල්ඩ් තමන්ගේ පඩි පෙලේ ඉහලට නගින විදිහ. මුලින්ම හිටිය පිගන් හෝදන සේවකයා කතාව මැදක් යද්දී ආපනශාලාවේ කලමනා කරු. ඒත් ඔස්වල්ඩ් කියන්නේ අහම්බයෙන් ලැබෙන අවස්තා ගැන බලාගෙන ඉන්නම් මිනිහෙක් නෙවේ කියලා තේරෙන්නේ ආපානශාලාවට පහර දීම ඔස්වල්ඩ් ගේම සැලැස්මක් කියලා හෙළිවෙද්දී. ඊටත් වඩා ඒකට උපකාර කරපු කට්ටියවත් මරන්න උණත් ඔස්වල්ඩ් පසුබට වෙන්නේ නෑ.
• අද කතාවේ නම වගේම කතාව පුරාම ඇහුනු වචනයක් තමයි ආර්කම් කියන්නේ. ආර්කම් කියන ප්‍රදේශයේ තියන රැඳවුම් කදවුර ගැන පොඩි පැහැදිලි කිරීමක් මීට කලින් කෙරුවා. ඒකට අමතරව මේ ආර්කම් කියන ප්‍රදේශය වෙනත් සාධක හින්දාත් ගොඩක් වටිනවා කියලා අපිට තේරුම් යන්නේ ඒක හේතුවෙන් නගරයේ අපරාධ කල්ලි දෙක අතර යුද්ධයක් පවා ඇතිවෙන්න ගියපු හින්දා. අන්තිමේ දී මේක සමතයකට පත් කරන්න ආර්කම් කොටස් දෙකකට බෙදලා දෙන්න පවා සිද්ද වෙනවා.
• අපි හොදටම දන්නවා මේ වෙද්දී නිෂ්පාදක වරු බ්රුස් වේන් ගෙන් බැට් මෑන් චරිතය කලින්ම එලියට ගන්න හදනවා. ඒක හින්දාම බ්රුස්ට පුළුවන් පරණ ලිපි ගොනු අවුස්සලා කරුණු හොයන්න. ගෝර්ඩන් උදව් ඉල්ලගෙන ආපුවාම අවශ්‍ය විස්තර හොයලා දෙන්න. ඇත්තමට මට තියන කණගාටුව තමයි ඒ පොඩි එකාට ළමා කාලයක් ගත කරන්න ඉඩ දීලා නැති එක.
• කොමික් කතා පුරාවටම ගෝර්ඩන් සහ පලවෙනි බිරිද අතර තියන ගැටුම් ගැන හෝඩුවාන් දෙනවා. ඒක ට මඟ පෙන්වීමක් විදිහට ගෝතම් කතා මාලාවේත් මේ දෙන්නා අතර ප්‍රශ්න ඇතිවෙනවා. කොහොමත් ගෝර්ඩන් කියන්නේ රාජකාරියට හොදටම කැපවෙලා වැඩ කරන කෙනෙක්. ඒ වගේම අවංක කෙනෙක්. ගෝර්ඩන් ගේ කාර්ය බහුල කම හින්දාම බාර්බරාට අවශ්‍ය ආදරය ලැබෙන්නේ නෑ වගේම බාර්බරා ඇත්ත වසන් කරපු සිද්දිය හින්දා මේ සම්බන්දය තවත් දෙදරලා යනවා අපිට දකින්න පුළුවන්. මේ වෙන්වීම සඳහටම වෙන එකක් නොවුනත් දෙන්නා අතර තියන නොගැලපීම හොදටම පැහැදිලියි.
• මම ගෝතම් කතා මාලාවේ කතා නොකරනම කොටස තමයි දුෂ්ටයා පස්සේ ගිහිල්ලා අපරාධය විසදන එක. මොකද බුලොක් සහ ගෝර්ඩන් දෙන්නා ඒක හොදටම කරනවා. දෙන්නා අතර මොන විදිහේ ගැටළු තිබ්බත් බුලොක්ට තමන්ගේ තක්කඩි ගතිය භාවිතා කරන්න උනත්, පුරුද්දට වගේ ෆිෂ් මුනි හම්බෙලා කරනු එකතු කර ගත්තත් අන්තිමේ දී අපරාදය සාර්ථකව විසදලා. ඒ හින්දා ඒක ගැන වැඩිය කතා කරන්න ඕනේ නෑ.

ඒක හින්දා මම අද කතාවේ අපිට හම්බුන චරිත වල කොමික් පසුබිම කතා කරන්න යනවා
• කාර්ලොස් අල්වාරෙස් (#1 සහ #2 පින්තුර) – ගිය පාර අපි කතාවේ හැංගිලා තියන දෙයක් විදිහට මතු කරපු චරිතය මේ වෙද්දී එලියටම ඇවිල්ලා හින්දා ඒ ගැන කතා කරන්න වෙනවා අපිට. අල්වාරෙස් කියන්නේ ගෝතම් නගරයේ ඉන්න කෙනෙක් උණාට අපිට වැඩි පුරම හම්බෙන්නේ කැට් වුමන් කතා මාලාවේ. ඉස්සරහට අපිට සෙලීනා සහ මෙයා අතර ගැටුමක් තිබ්බත් පුදුම වෙන්න දෙයක් නෑ
• ෆ්රෑන්කි කාර්බෝන් (#3 පින්තුරය) – කොමික් වල හැටියට නම් මෙයා ඒන්ජල් කියලත් හදුන්වනවා. මෙයා සැල් මැරෝනි ගේ හොද ගෝලයෙක්
අපිට මේ දෙන්නා ගැන තමයි අමුතුවෙන් කතා කරන්න තියෙන්නේ.

ඊලඟට අපිට කතා කරන්න තියෙන්නේ ගෝතම් කතා මාලවේ චරිත අපි දන්න කියන කොමික් චරිත වෙන්නේ කොහොමද කියන එක ගැන.

• බ්රුස් වේන් – කතාව අන්තිමේ දී ගෝර්ඩන් සහ බ්රුස් අතර කතාවක් යනවා. එතන දී ගෝර්ඩන් කියනවා තවමත් ගෝතම් නගරය බේරා ගන්න පුලුවන් කියලා. බැට් මෑන් කතා මාලා පුරාවටම බැට් මෑන් විශ්වාස කරන දෙයක් තමයි ගෝතම් නගරය වඩා හොඳ තැනක් බවට පත් කරන්න පුළුවන් කියලා. අනාගතයේ දවසක වෙස්වලාගෙන ගෝතම් නගරය ආරක්ෂා කරන්න බ්රුස් යන්නේ පොඩි කාලේ මේ අදහස ඔළුවට ගියපු හින්ද.
• ඔස්වල්ඩ් – ඇවිදින විදිහ හින්දා බැට් මෑන් කතාවේ දී ඔස්වල්ඩ් ට පෙන්ගුවින් කියන නම වැටුනාට කොමික් වල ඊට වඩා සමාන කම් තියනවා පෙන්ගුවින් කෙනෙක් සහ ඔස්වල්ඩ් අතර. එකක් තමයි සිතල පරිසරයට කැමති ගතිය. ආපනශාලාව මන්කොල්ල කන වෙලාවේ පෙන්ගුවින් ගිහිල්ලා හැන්ගෙන්නේ (හදිස්සියේ හැංගෙන්න තෝරා ගත්තු තැනක් නෙවේ. මොකද මේක ඔස්වල්ඩ් ගේම සැලැස්මක්) ශීතකරණයක් ඇතුලේ.

අවසානයට අපිට කතා කරන්න තියෙන්නේ කතාව ඇතුලේ හැංගිලා තියන පුංචි පුංචි දේවල් ගැන.
• Gotham State Penitentiary – මානසික විකෘතිතා තියන අය රදවලා තියන්න තමයි ආර්කම් ඇසයිලම් එක තියන්නේ. ඊට අමතරව අනිත් හිරකාරයෝ රදවලා තියෙන්නේ ගෝතම් ශෝදානාගාරයේ. බුලොක් ග්ලැඩ් වෙල් ගැන අහන්න යන සිරකාරයාගේ ජැකට් එකේ ගහලා තියනවා මේ නම (#4 පින්තුරය)
• අවසානයට පුරුදු විදිහට කතාවේ ජෝකර් ඊස්ටර් එග් එක. අපි දන්නවා ජෝකර් ගේ මුණ සුදු පාට පවුඩර් ගාලා රතු පාට ලිප්ස්ටික් ගාලා තියෙන්නේ. මේ ලක්ෂණය තියන කෙනෙක් අපිට හම්බෙනවා. එයා තමයි ෆිෂ් මුනිගේ පලවෙනි ගායිකාව. ජෝකර් ගේ මේකප් සෙට් එක ණයට අරගෙන ආව කෙනෙක් වගේ මෙයා (#5 පින්තුරය)
එහෙනම් මේ සේරමත් එක්ක ඊලඟ කතාවෙන් හම්බෙන බලාපොරොත්තුවෙන් මම සමුගන්නවා.

1901187_1525258284423845_8738339035271203355_n

(https://www.facebook.com/pages/Comic-Script/1519015728381434)

Comic Script (144 Posts)


Leave a Reply

Your email address will not be published. Required fields are marked *