*** —— Arrow —— *** Season 1

කලින් පොරොන්දු වුනා වගේම Arrow Season 1 ඉඳලා කතාවේ තියෙන‪#‎Easter_eggs‬‪#‎Spoilers‬‪#‎Reviews‬ පුලුවන් උපරිමෙන්ම කියන්න ඔන්න අපි පටන් ගන්නවා. ගොඩක් දෙනෙක් Arrow Season 1, Arrow Season 2 බලලා තියෙන නිසා මුළු කතාවම මම කියන්න යන්නෙ නෑ. එතකොට ඒක කතාව බලපු අයට අසාධාරණයක් නේ ඒත් කතාවේ තියෙන විශේෂ සිද්ධි ටික ගැන අනිවාර්යයෙන්ම කතා කරනවා. මුලින්ම කියන්න ඕනෙ Arrow කොමික් පොතේ තියෙන කතාවම නෙවෙයි TV series එකේ තියෙන්නෙ. ඒකත් මතකයේ තියාගත්තොත් වැඩේ ලේසියි එහෙනම් අපි කෙලින්ම කතාවට යමු.

කතාව බැලුවනම් හැමෝම දන්නවා ඔලිවර් ක්වීන් කියන්නෙ කවුද කියලා. ඔලිවර් ක්වීන් කියන්නෙ තරුණ බිලියනපතියෙක්. ඒ උනාට ඔහු වගකීම් විරහිත, සෙල්ලක්කාර චරිතයක්. සල්ලි වලින් ඕනෙම දෙයක් කරන්න පුලුවන් කියලා හිතන කෙනෙක්. මේ නිසාම කාන්තාවන් රැසකගේම ඇසුරට වැටෙන්නටත් මොහු පෙලඹවෙනවා. ඒ නිසාම ඔලිවර් තමන්ට කැමති ඕනෙම කෙල්ලෙක් එක්ක ඇවිදින්න යන්න, එකට ඉන්න පටන් ගන්නවා. ඔලිවර්ගෙ පෙම්වතිය වන ලෝරල් ලාන්ස්ගේ නංගී සේරා ලාන්ස් ඔලිවර්ගෙ අනියම් පෙම්වතිය වෙන්නේ ඒ නිසායි. ඔලිවර් තමන්ගේ තාත්තා වන රොබට් ක්වීන් සමඟ යන බෝට්ටු ගමනට ලෝරල්ට හොරෙන් සේරාව එකතු කරගන්නෙත් ඒ නිසායි. නමුත් ඔවුන්ගේ බෝට්ටුව එක් වරම අනතුරට පත්වනවා. මේ අනතුරෙන් සේරා දියේ ගිලෙනවා. ඇය මියගිය හැටියටයි හැමෝම සලකන්නේ. අනතුරෙන් පසු රොබට්, ඔලිවර් සහ ඔවුන්ගේ බෝට්ටු සහායකයෙක් පමණක් ජීවිතාරක්ෂක බෝට්ටුවට ගොඩවන්නට වාසනාවන්ත වෙනවා. නමුත් තුන් දෙනෙක්ට ප්‍රමාණවත් තරම් ආහාරපාන නොමැති නිසා රොබට් තමාගේ සහායකයාට වෙඩි තබා තමන්ටද වෙඩි තබා ගන්නවා. ඊට කලින් රොබට් තමා නගරය සෑදීමට අසමත් වූ බව පවසා ඒ අඩුපාඩු යලි සකසන ලෙස ඔලිවර්ට කියනවා.

කාත් කවුරුවත් නැති දූපතක ඔලිවර්ට තනිවන්නට වෙනවා. එහිදී හමුවන චීන ජාතිකයෙකු වන Yao Fei විසින් ඔලිවර්ට ජීවිතය රැකගැනීමට ඔහුගේ ජීවිතයට අරමුණක් ලබාදෙනවා. ඒ සියල්ල අමතක කොට ගැලවී යාමටයි. දූපතේදි ඔලිවර්ට තම පියාගේ දිනපොතක් හමුවනවා. එය පරීක්ෂා කර බැලීමේදි එහි එක් එක පුද්ගලයන්ගේ නම් සඳහන් කර ඇති බව ඔලිවර් හොයාගන්නවා. අවුරුදු 5ක් ඇතුලේ විවිධාකාර සිද්ධි වලට මුහුණ දීපු ඔලිවර්ට දක්ෂ දුනුවායෙක් වී වසර 5කට පසු සිය නගරයට පැමිණෙන්නට හැකියාව ලැබෙනවා.

නැවත නගරයට පැමිණෙන ඔහු නගරයේ හිස එසවෙන තර්ජනයන්ට හේතුව තමන්ගේ පියාගේ දිනපොතේ සටහන්වන නම් සඳහන් පුද්ගලයන් බව සොයාගන්නවා. ඒ නම් සඳහන් අයගෙන් සිදුවූ වැරදි, වංචා ඔවුන් ලවාම නිවැරදි කරවීමට ඔලිවර් වගබලාගන්නේ හිස් ආවරණය කළ රොබින් හුඩ් වැනි වූ පරීක්ෂාරීයෙකු ලෙසින් පෙනීසිටිමිනුයි.
මේ අතරේ ඔලිවර්ගේ හොදම යාලුවා ටොමී මර්ලින් ඔලිවර්ගේ කලින් පෙම්වතිය වන ලෝරල් සමඟ ආදර සම්බන්ධයක් පටන් ගන්නවා. එමෙන්ම ඔලිවර් සුපුරුදු ලෙසම දිනපොතේ නම් සඳහන් පුද්ගලයන් හඹා යනවා. සුදු කොන්ඩයක් සහිත චීන සටන්කාමී කාන්තාවක් කතාවට එන්නේ මේ මොහොතේදීයි. ඔලිවර් සමඟ සටනේදී ඇය පලා යෑමෙන් ඇගේ නැවත් ආගමනයක් නැවත් බලාගන්නට හැකියාවක් ලැබේවි. මේත් එක්කම ඔලුවර්ගේ අම්මා; මොයිරා ක්වීන් මොකක් හරි හොර වැඩකට ලෑස්ති වෙන බවක් කතාවේ එහෙන් මෙහෙන් පෙන්නනවා. ඔය අතරේ තමයි ඔලිවර්ට ෆෙලිසිටිත් එක්ක එකට වැඩ කරන්න වෙන්නේ. (දන්නවනේ ෆෙලිසිටි කියන්නෙ IT side එකට පට්ට දක්ශ හුරුබුහුටි කෙල්ලෙක් කියලා ) ඒ ඩෙඩ්ශොට් එක්ක වෙච්ච රණ්ඩුවකදී ඩෙඩ්ශොට්ගේ කැඩිච්ච ලැප්ටොප් එකේ තියෙන ඩේටා ටික රිකවර් කරගන්නයි. අන්තිමට ඩෙඩ්ශොට්ව අල්ලගන්න යද්දි ඩෙඩ්ශොට් තියපු විෂ කවපු උණ්ඩයක් ඔලිවර්ගේ ආරක්ෂකයා වන ජෝන් ඩිගල්ට වදිනවා. ඒ අතරේ ඔලිවර් තියන ඊතලයක් ඩෙඩ්ශොට්ගේ ඇහැ පසාරු කරගෙන යනවා. ඔලිවර් එයා දූපතෙන් ගෙනාපු පැලෑටියක් ඩිගල්ට කන්න ඩ්හීලා ඔහුව සනීප කරනවා. එතැනදියි ඔලිවර් ඩිගල්ට තමා හිස්වැස්මක් පැලඳි පරීක්ෂකයා බව පවසන්නේ.

ඒ කතාවත් එක්කම ඔලිවර්ගේ පහුගිය අවුරුදු 5දී සිද්ධ වෙච්ච දේවල් එකිනෙක සම්බන්ධ වෙනවා. දූපතේදී ඔලිවර්ට තමාගේ ජීවිතය රැකගන්න Yao Fei උදව් කරනවා. ජීවත්වීම සඳහා මේ දූපතේදී කළයුතු ඕනෑම දෙයක් කරන්න ඕනෑ බවත් ඔහු පවසනවා. මේ අතරේ තමයි ඔලිවර්ගේ සුළුපියා වන වෝල්ටර් ට (ඔලිවර්ගේ අම්මා ඊලඟට කසාද බැඳපු කෙනා) කම්පැනියේ (Queen Consolidated) වංචාවක් අහු වෙන්නේ. මේ ගැන මොයිරාට කිව්වාම ඇය මේ කතාව මඟ හරිනවා. මේ සම්බන්ද සිදුවීම් වැඩිය හිතන්න ඕනෙ නෑ කියලයි ඇය කියන්නෙ. නමුත් වෝල්ටර්ට මේ ගැන සැක නිසා ඔහු ෆෙලිසිටිට මේ ගැන හොයන්න බාර දෙනවා. අපේ මේ හුරුබුහුටි කෙල්ල හොයාගන්නවා මේ සල්ලි වලින් කොටසකින් නගරයේ එක් ගබඩාවක් මිළට ගෙන තිබෙනවා කියලා. වෝල්ටර් මේ තැනට ගිහින් බලද්දි ඔහුට හමුවෙනවා ඔලිවර්ලා එදා මුහුදු ගිය බෝට්ටුව (Queens Gambit) යළි ගොඩගෙන ඇති බව. කතාවේ හතරවෙනි කොටස අන්තිමට ඩිගල් ඔලිවර්ට උදව් කරන්න එකතුවෙනවා. ඒත් එක්කම එතෙන්ට පරීක්ෂක ලාන්ස් (ලෝරල්ගෙයි, සාරාගෙයි තාත්තා) එතැන්ට කඩා වැදිලා මිනීමැරුම්, පරහදීම් වලට ඔලිවර්ව සැකසහිතව අත් අඩංගුවට ගන්නවා.
To be continued…….

Easter Eggs and Spoilers

#1 – Oliver වසර 5ක් දූපතේ විවිධාකාර සිද්ධිවලට මුහුණ දෙමින් ගත කිරීම
#2 – කතාව ආරම්භයේදීම Deathstrokeගේ වෙස්මුහුණ පෙන්වීමෙන් Deathstrokeගේ ආගමනය ගැන ඉඟියක් ලබා දී ඇත.
#3 – Oliver ගේ පියා වන Robert ඔලිවර්ව ජීවත්කිරීමට තමන්ටම වෙඩිතබා ගැනීම
#4 – Oliver රොබින් හුඩ් මෙන් හිස්වැස්මක් පැලඳ නගර ආරක්ෂකයෙකු මෙන් සැරි සැරීම
#5 – Yao Fei විසින් ඔලිවර්ව දූපතේ පරිසරයට හැඩගැස්වීම
#6 – Oliver පියාගේ ලැයිස්තුවට අනුව යමින් නගරයේ අසාර්ථකත්වයට වගකිවයුත්තන් හඹා යෑම
#7 – China Whiteගේ පලමු ආගමනය. මැය ඇරෝ පලමු කොමික් පොත් කතාමාලාවේ ඔහුට හමුවන villain කෙනෙකි. තවත් කතාමාලා වලට ඇය සම්බන්දවිය හැකි බවට ඉඟියක් එමගින් පල වීම
#8- Deadshotගේ ආගමනය. Deadshot කියන්නේ Suicide Squad එකේ member කෙනෙක්. මේ නිසා කතාව තුලට තව Suicide Squad membersලා එක් වෙන්නටත් Suicide Squad Mission එකක් එකතු වෙන්නටත් පුලුවන් බවට ඉඟි ලබා දීම
#9 – Felicity Smoke සහ Oliverගේ ප්‍රථම හමුවීම (පස්සෙ ෆෙලිසිටි ටීම් එකට එකතු වෙනවානෙ )
#10 – Oliverගේ තාත්තාගේ ඩයරියේ සහ Moiraට වාහනය තුළදී හමුවූ පුද්ගලයා දුන් පොතේ එකම රූපය සටහන්ව තිබීම (මෙතන මොකක් හරි යටිකූට්ටු වැඩක් වෙනවා ඒකට මොයිරා සම්බන්ධයි කියලා කෙලින්ම ප්‍රකාශ වීම)
#11 – වෝල්ටර් Queens Gambit එක නැවත් ගොඩගෙන ඇති බව සොයා ගැනීම
#12 – Moira එකට හවුල් වී වැඩකරන පුද්ගලයා ගැන ප්‍රේක්ෂකයාට වඩා හොද පිලිඹිඹුවක් ලබා දීම

10891436_1524756547807352_399120497592858295_n

(https://www.facebook.com/pages/Comic-Script/1519015728381434)

Comic Script (144 Posts)


Leave a Reply

Your email address will not be published. Required fields are marked *