ආදරය කරන්න දන්නෙම නැති සමාජයක් Equilibrium (2002)

Equilibrium-2002

BMB-BadMovieBeatdownEquilibrium750

මිනිසාගේ ස්වාභාවය හා මිනිස් දුර්වලතා බොහොමයකට හැඟීම් හේතු වේ. අනෙකා පරයා යෑමේ හා තම බලය තර කර ගැනීමේ හැඟම නිසාම නූතන ධනනේෂ්වර සමාජය මෙන්ම පෙර පැවති වැඩවසම් ක්‍රමයටද හේතු වූ බව නොරහසකි. පාසල්වල පන්ති පන්ති ගහගන්නේත්, පාසල් පාසල් ගහගන්නේත් අප තුල පවත්නා ජාතිවාදී, වර්ගවාදී ආකල්ප හා හැඟීම් නිසාමය. අපේ ගම, අපේ ටවුන් එක, අපේ පළාත, අපේ රට, අපේ ජාතිය, අපේ භාෂාව, අපේ ආගම වැනි ඕනෑම දෙයකට අපේ අය ඔය වර්ගවාදී හැඟීම් අවුස්සන එක නොරහසකි. දේශප්‍රේමයද වර්ගවාදී හැඟීම් ඝනයටම වැටේ. ඇඩෝල්ෆ් හිට්ලර් විසින් ජාතිවාදී හැඟීම් අවුස්සා නාසි බලය තර කරගත් හැටි අපි දනිමු. සමාජවාදී සමාජය අපේ කොමිනිස්ට්කාරයන් හිතාගෙන සිටින තරමට සරල නැත. එය පවත්වාගැනීමද පහසු නැත. එයට හේතුව සමාජවාදී සමාජය මෙන්ම කොමියුනිස්ට් සමාජයද මිනිස් හැඟීම් හා බද්ධව නොපැවතීමයි. එය ස්ථාවර වීමට පරම්පරා 4ක් 5ක් වත් ගතවනු ඇත.

ඉතිං මේ මිනිස් ආකල්ප හා හැඟීම්  නිසා ගැටුම් ඇතිවූවා කියා මෙහි හොද පැත්ත දෙස අප නොබලා සිටීම නිවරදි නොවේ. මිනිසා මෙතරම් දියුණුවකට පැමිණියේද මේ හැඟීමි හා ආකල්ප නිසාවෙනි.

291_0_screenshot

ඇත්තටම හැඟීම් දැනීම් නැති කරන්න පුලුවන්ද?

විවිධ ඖෂධ හා මත්ද්‍රව්‍ය වලට මොළයේ රසායනික සංයුතිය වෙනස් කළ හැකි සේම වැඩි දියුණු කරන ලද ඖෂධ භාවිතයෙන් මොළයේ විෂේශ හැඟීම් පාලනය කරීමට හැකි විය යුතුය. නමුත් මෙහි අතුරු ආබාද බොහොමයක් පැවතිය හැකිය. එයට හේතුව රසායන ද්‍රව්‍ය දිගින් දිගටම ශරීරයට ගැනීමෙන් ශරීරය එයට ඇබ්බැහිවන බැවිනි. උදාහරණයක් ලෙස දිගින් දිගටම යම් රෝග සදහා බෙහෙත් ගන්නා තැනැත්තාද, දිගින් දිගටම මත්ද්‍රව්‍ය ගන්නා තැනැත්තාද එයට ඇබ්බැහි වේ. Equilibriumහී ඉන්ජෙක්ෂන් එකක් ආදාරයෙන් මෙය සිදුකරනු ලබයි.

186132

දක්ෂ වෙඩික්කරුවෙක්

හැඟීම් දැනීම් නැතිකරගත් පමණන් සුපිරි වීරයන් බිහිකරන්නට නම් අපිට හැකිවන්නේ නැත. බිය නොවන හැ මරණයට පවා කිසිම තැතිගැන්මක් නැති මිනිසුන් බිහිකළ හැකිවුවත් එතරම් දක්ෂ වෙඩික්කරුවෙකුවීම නම් එතරම් තාත්වික කරුණක් නොවේ.

equilibrium

හැඟීම් පාලනය

මිනිස් ඉතිහාසයේ පැවති හා පවතින යුද්ධ වලදී සිදුවුන මිනිස් සංහාරය ලෝකයට නොරහසකි. කපාකොටා මිනිසුන් මරාදමා, පුලුස්සා කළ ඝාතනයන් මෙන්ම සිදුකළ දූශණයන්ද සිදුකලේ හැඟීම් දැනීම් නැති මිනිසුන් නොව ඇති මිනිසුන් විසින්මය. එයට හේතුවද හැඟීම් දැනීම් බව පැහැදිලිය. නමුත් චිත්‍රපටයේදී ඔහුට හැඟීම් දැනීම් ප්‍රභල බලපෑමක් කරන බව පෙන්වයි. යුද සෙබලකුගෙන් ඇසුවොත් යුද බිමේදී තවකකුගේ ජීවිතය අහිමි කිරීම කෙබදු හැඟීමක්ද කියා එය එතරම් දෙයක් නොවන බව ඔහු පවසනු ඇත. චිත්‍රපටයේ ප්‍රධාන නලුවාට සටනක් අතරතුර හැඟීම් පාලනය කරගත නොහැකි වන්නේ ඔහු හැඟීම් දැනීම් වලට අලුත් නිසා විය යුතුය.

equilibrium-unpopular-city

හැඟීම් සහ ආගම ගැන සටහනන් 

අයින්ස්ටයින් කීවේ ආගම මිනිස් දුර්වලතාවල එකතුවක් බයිබලය බොලද කතාවක් කියාය.

කාල් මාක්ස් කීවේ ආගම අබිං කියාය.

මේ කතා දෙක පට්ටපල් බොරු යැයි ඔබ විශ්වාස නොකරන්නේ නම් ආගම ගොඩනැගී තිබෙන්නේද මේ හැඟීම් මතින් කියා තේරුම් ගත හැකිය. (කිසිදු ආගමකට අපහාස කිරීමට නොව ලිපියේ සංතතික බව උදේසාය. අපහාසයක් වූවා නම් සමාව ඉල්ලා සිටිමි. )

equilibrium-wallpaper-11598

හැඟීම් තියන අයට දිනන්න පුලුවන්ද?

මෙයට පිළිතුරක් සෘජුව දිය නොහැක. චිත්‍රපටයේ හැටියට එය ව්‍යාප්තව තිබුනොත් නම් එය එතරම් පහසු නොවනු ඇත.

Wallpaper5ClericBally

ස්තූතියි අදහස්, චෝදනා, යෝජනා තියනව නං කියන්න.

Shakila Praveen (6 Posts)

4 thoughts on “ආදරය කරන්න දන්නෙම නැති සමාජයක් Equilibrium (2002)

  • January 9, 2015 at 3:50 PM
    Permalink

    ඔය තද අකුරින් කමෙන්ට් කරන්නෙ කොහොමද බං.???????????????????????????
    ??????????????????????????????????????????????????????????????????

  • January 8, 2015 at 9:08 PM
    Permalink

    සුපිරි ෆිල්ම් එකක් වගේ… ඒ වගේම මේ ලියල තියෙන ලිපියත් සුපිරි.. ෆිල්ම් එක ගැන අලුත් අර්ථකතනයක් දීල තියෙනවා, එකෙන් ෆිල්ම් එක බලන හැමෝටම උදවුවක් වෙනවා ඒ වගේම බලල සමහර තැන් තේරුනේ නැති අයටත් මේ ලිපියෙන් හොද අදහසක් අරගන්න පුළුවන්.බලපු නැති අයට බලන්නත් හිතෙනවා…වැදගත් වගේම හොද ලිපියක්.. සිත ගැන කියනවනම් මන් හිතන විදියට සිත දිවුණු කරගතහොත් අපිට මේ සමාජයේ වෙන දේවල් ගැන හොද අවබෝදයක් අරගන්න පුළුවන් වගේම හැම දෙයක් දිහාම අලුත් විදියකින් බලන්න පුළුවන් වෙයි… සුපිරි ෆිල්ම් එකක්…:D

  • January 7, 2015 at 9:44 AM
    Permalink

    ඒකම කියලා කියන්න බෑ. අපි විතරක් නෙමේ ඒ අයත් මේවයෙ වැරදි දකිනවා. විද්‍යා ප්‍රභන්දයක වැරදි කියන්නෙ අමුතු දෙයක් නෙම්. ඒවට වැරදි කියන්නත් අමාරුයි. මම ඒවට කියන්නෙ අතාත්වික දෑ ලෙසයි.

    සිත ගැන විද්‍යාත්මකව හොයපු ගොඩක් අය යුරෝපය ඇමරිකාව වගේ රටවල තමයි ඉන්නෙ. ආසියාතික අපේ රටවල හරියට විද්‍යා ප්‍රභන්ද ගොඩනොනැගෙන එක ලොකු අවුලක්. අපේ අය නොදන්නා අධ්‍යාත්මයන් සොයා ගියාට දන්නා විද්‍යාව දෙස බලන්න හදන්නෙත් නෑ. දෙමළ චිත්‍රපටි බලපුවහම තේරෙනවනෙ ආසියාතික අපි කොච්චර පහළ මට්මක චින්තනයකද ඉන්නෙ කියලා.

    මං හිතන විදිහට අපේ කළාපයේ මිනිස්සු වැඩිය විද්‍යාත්මකව සිත ගැන හිතන්නෙ නෑ.

  • January 7, 2015 at 8:42 AM
    Permalink

    මටනම් හිතෙන්නෙ බන් ඇමෙරිකාවෙ උන් සිත ගැන් විශ්වාස කරන්නෙ නෑ. නමුත් අපිට බුද්දාගමේ ආභාශය නිසා සිත පාලනය කිරිමෙ අපහසුතාව අපි දන්නව. ඒකයි අපිට චිත්‍රපටියේ වැරදි පේන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *